ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් වෙන්න ශක්තියක් තියෙනවා. ප්‍රතිපත්තියක් තියෙනවා. දැක්මක් තියෙනවා.
Posted on June 19th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (19) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා

ශ්‍රීලනීප, පොදුජන පෙරමුණ දිගය කඩන්න මහ ලෙකම්වරයා උත්සාහ කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා
අද අපි ඉන්නෙ ජනාධිපතිවරණය ගැන විවිධ කතා බහ කෙරෙන  වැදගත් කාලයකයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියල තියෙනවා රාජපක්ශවරු ආන්ඩුවක් පිහිටෙව්වොත් ඇමතිකම් අටක් රාජපක්ශවරුන්ට  දෙන්න වෙනවා කියලා. එතුමට අමතක වෙලා තියෙනවා මහ ඇමතිකමට ඉල්ලන්න එතුමා එනකොට අපේ ආන්ඩුව කොහොමද තිබුනෙ කියලා. එතකොටත් මහින්ද රාජපක්ශ මහතා රටේ ජනාධිපතිවරයා. චමල් රාජපක්ශ මැතිතුමා කතා නායකවරයා. ඝෝඨාභය රාජපක්ශ මැතිතුමා ආරක්ෂක ලේකම්තුමා.බැසිල් රාජපක්ශ මැතිතුමා ආරථිික කටයුතු පිලිබඳ ඇමති. නාමල් රාජපක්ශ මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රි. ශශින්ද රාජපක්ශ මැතිතුමා ඌව පලාත් මහ ඇමති. එතකොට මේ තත්වය දන්නේ නැතුවද එතුමා අපේ පැත්තට ආවේ. එදත් ඔය ඔක්කොම හිටියා. එක්කෙනෙක්වත් අඩු නැහැ.මට බොහොම කණගාටුයි කියන්න මහින්ද මහත්තයා පරාජය වු වෙලාවේ කතානායක නිළ නිවාසේ මම ඉන්දෙද්දි කිව්වා මොනවා වුනත් අපි මහින්ද රාජපක්ශව අතහරින්නෙ නෑ කියලා. හැබැයි ඇමති කෑල්ලක් හම්බුන ගමන් ඒක අමතක වුනා .දැන් ලේකම්කම හම්බුනහම තවත් අමතක වුනා. මැතිවරනෙකට ගිහින් ශ්‍රි ලංකා නිදහස් පක්ශයයි පොදුජන පෙරමුනයි එකතු වෙලා කටයුතු කරන්න අපි කැමැත්තෙන් ඉන්නේ.මොකද අපි එකම පවුලේ සහෝදරයො දෙදෙනෙක් වගේ. එහෙම අවස්ථාවක ඒ දීගෙ කඩන්න කටයුතු කරනවා නම් අපි ඒ ගැන කනගාටු වෙනවා. මේ අය පුංචි වාසියකට ඒ එකතුව නැති කරන්න කටයුතු කරනවා නම් අපි එ ගැන කණගාටු වෙනවා. මහින්ද රාජපක්ශ මැතිතුමත් ඒ පවුලත් විවේචනය කරනවා කියන්නේ ඒ එකතුව කඩන්න කටයුතු කරනවා කියන එකයි. අපේ ජනාධිපති අපේක්ශකයා කවුද කියලා අපි කියලා තියෙනවා .පක්ෂෙ සම්මේලනයේදී අපි ඒක නිළ වශයෙන් කියනවා.එක්සත් ජාතික පක්ශයට මොකද වෙලා තියෙන්නෙ.දැන් එක එක රැස්වීමෙදි එක එක්කෙනා යෝජනා කරනවා.මේ අය දැන් අපේ අපේක්ෂකයත් නම් කරනවා. මයන්ත දිසානායක මහතා  ගිය සුමානෙ චමල් රාජපක්ශ මහතාව ජනාධිපති අපේක්ශකයා කලා. තවත් එක්කෙනෙක් රාජපක්ශ මැතිනියව අපේක්ශකයා කලා. අපි ප්‍රාදේශීය මැතිවරනය දිනලා  ජයග්‍රහනය පෙන්නුම් කරපු දේශපාලන පක්ෂයක්. ඒ හින්දා අපි ඔය කතා ගනන් ගන්නෙ නැහැ. අද එක්සත් ජාතික පක්ෂය වගේ ප්‍රබල දේශපාලන පක්ශයකට ජනාධිපති අපේක්ශකයා නම් කරගන්න බැහැ.එක්සත් ජාතික පක්ශය හැමදාම පක්ෂෙ නායකයා, අපේක්ෂකයා  විදිහට නම් කලා. ඩී. එස්. සේනානායක මහත්තයා ඩඞ්ලි සේනානායක මහත්තයා සර් ජෝන් කොතලාවල මහත්තයා ජේ ආර් ජයවර්දන මහත්තයා ඕන තරම් පක්ශත් එක්ක එකතු වුනා. හැබැයි තරඟෙට එන්නෙ පක්ශ  නායකයා. නමුත් අද මේ පක්ශය තරඟෙට එන නායකයා තෝරගන්න බැරි පක්ශයක් වෙලා. ජෙ ආර් ජයවර්දන මහත්තයා විශ්‍රාම යනකොට තීරනය කලා ඊලඟ අපේක්ශකයා ප්‍රේමදාස මහත්තයා කියලා. දැන් වාරදෙකක් එක්සත් ජාතික පක්ෂයට බැරි වුනා තමන්ගෙ නායකයා අපේක්ශකයා හැටියට ඉදිරිපත් කරන්න. දැන් බන්ඩාරගම මන්ත්‍රීතුමා කියනවා අපි අලුත් නායකයෙක් ගේනවා  කියලා. තවත් කට්ටියක් කියනවා පෙරමුණකින් එනවා කියලා. ශ්‍රි ලංකා පොදු ජන පෙරමුන ඒ වගේ පක්ශයක් නොවෙයි. අපිට ශක්තියක් තියෙනවා ප්‍රතිපත්තියක් තියෙනවා වැඩපිලිවෙලක් තියෙනවා අපේ නායකයා කවුද  කියලා.
අද පාර්ලිමේන්තුවේ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා ඉතිහාසයේ පලවෙනි වතාවට ඇමරිකානු සමාගමකින් පඩි ගෙවන නිලදාරියෙක් කතානායක කාර්යාලයට පත්කරලා කියෙනවා. ඇයි අපිට බැරි ඒ වැටුප ගෙවන්න.අපේ රටේ ස්වාදීනත්වයට මොකද වෙන්නෙ.මේ කතානායක වරයා පාර්ලිමේන්තුවේ ස්වාදීනත්වය විකුණපු  කතානායක වරයා බවට පත්වෙනවා.ඉතිහාසයේ කවදාවත් ලෝකෙ මොනම පාර්ලාමේන්තුවකවත් විදේශ රටකින් පඩිගෙවන නියොජිතයෙක් පාරලිමේන්තුවකට උපදේශකයෙක් හැටියට ඇතුල් කරන්නෙ නැහැ.හැබැයි කතාිනායක වරයා කතාකරන්නේ නම් බුදුවෙච්ච කතානායක වරයෙක් වගේ.යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතාකරනවා. ප්‍රසාද් කාරියවසම් මැතිතුමාව ඇමරිකාවෙන් පඩි ගෙවලා කතානායක කාර්්‍යාලයට පත්කරගෙන තියෙනවා.එතකොට අපේ ස්වාදීනත්වයට මොකද වෙන්නේ. අපේ කතානායකවරයා තමයි මේ රටේ පාර්ලිමේන්තුවේ නායකයා. එයා එක එක රට වලට කත් අදින කතානායකවරයෙක් වුනොත් මොකද වෙන්නේ. පහුගිය කාලෙත් විදේශීය තානාපතිවරු ගෙන්න ගන්න මෙතුමා කටයුතු කලා.
අද මේ රටට තව ප්‍රශ්නයක් තියෙනවා. මෙරටට ඉන්නවා විදේශ ඇමති වරයෙක්. මාරපන මහත්තයා. එතුමා තානාපතිවරු එක්ක සාකච්චා කරන්නෙ නෑ. ජනාධිපතිවරයා අගමැතිවරයා අරුනම ඊලඟට කතාකරන්නෙ විදේශ ඇමති වරයානේ. හැබැයි දැන් කතාකරන්නෙ කතානායක. මෙහෙම විහිලුකාර පාර්ලිමෙන්තුවක් බවට අපේ පාර්ලිමේන්තුව පත්වෙලා. අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය කව්රුවත් කතාකරන්නේ නෑ. දැන් පාස්කු ඉරිදා සිද්දියෙන් තුන්සිය ගනනක් මැරුනා. තව දහස් ගනනක් තුවාල වුනා. ඒ අය ගැන කවුද කතා කරන්නේ. තානාපතිවරු ගෙනල්ලා රට සංවර්දනය කරන්න කතාකරනවා. නමුත් මේ අහිංසක මිනිස්සු ගැන කතාකරන එක නායකයෙක්වත් නෑනෙ. කාදිනල්තුමා විතරයි ඒ ගැන කතාකරන්නෙ
සමහර දරුවො අද විදේශ රටවලට ගිහිල්ලා බෙහෙත් ගන්න තත්වයට පත්වෙලා තියෙනවා. ඒ ගැන ජනාධිපතිතුමා අගමැතිතුමා හෝ සෞඛ්‍ය ඇමැතිවරයා කතා කරන්නේ නැහැ.
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවෙදි පොලිස් නිලධාරීන්ගෙන් අහනවා හෙල්මට් දාගෙන යන්නේ නැති අය එහෙ ඉන්නවාද අහනවා. රාජිත සේනාරත්න කියනවා අපේ පැත්තෙත් ඉන්නවා කියලා. ඒ කියන්නේ බේරුවලත් නිතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නිලධාරීන් ගෙන්වලා බාල්දු කරවනවා. මේ වෙද්දි සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා හෝටල් 75%ක් විතර පාලනය කර ගන්න බැහැ. තාවකාලික සේවකයෝ අයින් කරනවා. රියදුරන්ට, මග පෙන්වන්නන්ට රුකියා නැහැ. වක්‍ර ආදායම් ලැබූවන්ට රැකියා නැහැ. ආන්ඩුව ණය නතර කළාට හරි යන්නේ නැහැ. හෝටලේ පඩි ගෙවන්න, නඩත්තු කරන්න ඕනේ. ජෝන් අමරතුංගට නම් නයිට් ක්ලබ් දැම්මාම ඇති. මැතිවරණ කොමිෂමක් පත්කළාට ඡන්දය පවත්වන්න විදියක් නැහැ. අගමැතිවරයා උත්තර දෙන්නේ නැහැ. ජනාධිපතිඋත්තරයක් දෙන්නේ නැහැ. හැබැයි කතානායකවරයා කියන්නේ යහපාලනය ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙන යන බවයි. අපි කණගාටු වෙනවා මේ ආන්ඩුව ගැන. වහාම මැතිවරණයක් පවත්වන්න. ජනතාවට මේ ප්‍රශ්නය විසදා ගන්න අවස්ථාව දෙන්න. ජනතාවයි පාලකයෝ පත්කරන්නෙත් පාලකයෝ ගෙදර යවන්නෙත්.
■ ජනාධිපතිවරණය ළගයි. නමුත් දේශපාලන පක්ෂ ව්‍යාකූලයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන්නේ ජයග්‍රාහී මානසිකත්වයකයි.
■ මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමාට අගමැතිවරයාත් නැහැ කැබිනට් මණ්ඩලයත් නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා
නිතරම අහන්න ලැබෙන්නේ රටේ රටේ අරාජික තත්ත්වය ගැනමයි.ජනාධිපතිවරණයට තව තිබෙන්නේ තව දින එකසිය විස්සක් පමණ කාලයක්. නමුත් රටේ ප්‍රධාන දේශපාලන ධාරාවන් ව්‍යාකූල වෙලා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේ පක්ෂයේ සිටින්නේ තැන්පත් තැන්පත් ජයග්‍රාහී ජයග්‍රාහි මානසිකත්වයක. ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇතිවෙලා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ඇතුළු පසු පෙළ  මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා විදියට සජිත් ප්‍රේමදාස මහතාව යෝජනා කරනවා. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයා ගැන කතා කරන්න එපා යි තමන්ගෙ මන්ත්‍රිවරුන්ට පවසා තිබෙනවා.
පහුගිය දවස් ටිකේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කරමින් කෑගහපු නීති විශාරද අජිත් පි පෙරේරාට පිට කොන්දක් තිබෙනවානම්  තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා විදිහට  සජිත් ප්‍රේමදාස  මහතා නම් කරන්නයි කියන කතාව දැන් කියලා පෙන්නන්න.
මෙතෙක් පත් කෙරුණු ජනාධිපතිවරු අතරින් ඉතා අසරණම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. එතුමාට අගමැතිවරයාත් නැහැ කැබිනට් මණ්ඩලයත් නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාවට ආරක්ෂක අංශ නිලධාරීන් යවන්නේ නැති බව සඳහන් කළා.නමුත් වත්මන් කතානායක කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපතිවරයාව තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ.මේ දවස් වල ආරක්ෂක අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවට ගෙන්වමින් තිබෙනවා. මේ තේරීම් කාරක සභාව උත්සාහ කරමින් සිටින්නේ පසුව ඉරිදා සිද්ධියෙන් සියලු වගකීම් ජනාධිපතිවරයා පිට පැටවීමටයි. තේරීම් කාරක සභාවේ සංයුතිය සම්බන්ධයෙනුත් අපට ගැටළුවක් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ තේරීම් කාරක සභාවට පත් වෙලා ඉන්න නලින්ද ජයතිස්ස මන්ත්‍රීවරයා තමන්ගේ පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර අපේක්ෂක ඊබ්‍රාහිම් ආරක්ෂා කළ යුතුයි. ඊබ්‍රාහිම්ගේ  ළමයි දෙන්නෙක් බෝම්බ පුපුරුවා ගත්තා.තේරීම් කාරක සභාවේ තවත් විනිසුරුවරයෙක් වෙන රවි කරුණානායක මහතා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන චූදිතයෙක්.ඒ වගේම එම සිද්ධියට අදාළව ඇමතිධූරයෙන් ඉල්ලා අස්වූවෙක්. රාජිත සේනාරත්න ඇමතිවරයාගේ නම අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් කියවෙනවා. ඒ වගේම ඔහු රජයට වංචා කිරීමේ සිද්ධියකට අදාළව මන්ත්‍රී ධූරය අහිමි වුවෙක්.
පාස්කු සිද්ධියට පසු දින හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හෝටලයකට යන දර්ශනයක් හැම මාධ්‍යයකම ප්‍රචාරය වුණා. නමුත් හිස්බුල්ලා හිටපු ආණ්ඩුකාරවරයාගෙන් තේරීම් කාරක සභාවේ කිසිම කෙනෙක් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේ නැහැ.තේරීම් කාරක සභාව කරන්නේ පරිදි සිද්ධිය ජනාධිපතිවරයා පිට පටවා ඉදිරි මැතිවරණයකදී තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩිකර ගැනීමේ උපක්‍රමයක්.ජනතා විමුක්ති පෙරමුණ පෙරමුණත් මේ කට්ටියට දුම්මල අල්ලන කෙනා වගේ ඉන්නවා. මේ තේරීම් කාරක සභාවෙන් අසාධාරණයට පත් වුණු පත්වූ ජනතාවට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.
ළමා ආරක්ෂණ අධිකාරිය පාස්කු ඉරිදා සිද්ධියෙන් හිස්කබල් වලට හානි උණු දරුවන්ගේ සැත්කම් සඳහා මුදල් පරිත්‍යාග කල හැකි අය ගෙන් පරිත්‍යාග ඉල්ලා දැන්වීමක් පළ කරනවා. මේ පුංචි දරුව ගේ සැත්කම් කරගන්නවත් බැරි ආණ්ඩුවක් තියෙන්නෙ. ලැජ්ජා වෙන්න ඕනේ. හරිනම් ඇමතිවරිය ඉල්ලා වෙන්න ඕන.මේ දරුවො ටික සුවපත් කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට.
දරුවන්ගේ සැත්කම් වලට මුදල් නැති වුණාට ආණ්ඩුව මිලියන 1000 ක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.ඒ කන්ද උඩරට ඇමතිවරයාගේ ගේ හදාගන්නයි තවත් අයට වාහන ගන්න. අපි පාර්ලිමේන්තුවේදී මේ ගැන ප්‍රශ්න කරාම ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා අපෙන් අහනවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයට වෙඩි නොවදින වාහනයක් අවශ්‍ය නැද්ද කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයට අලුතින් වාහනයක් ඉල්ලන්නේ නැහැ.නිල බලයෙන් විපක්ෂ නායක ධූරයට හිමි වාහන ඉල්ලන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට විපක්ෂ නායක වරයා විදිහට නිලබලයෙන් හිමි වෙලා තියෙන  වාහන විශේෂ කැබිනට්වෙ මණ්ඩල පනත කින්ලා පනතකින් හිටපු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ට දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්තයා පාවිච්චි කරන වාහනය යන යන තැන කැඩෙන නිසයි වාහනයක් ඉල්ලූවේ.
සජිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති අපේක්ෂක ඇඳුම ඇඳන් හිටියා .ජනාධිපති වරණයට මුහුණදෙන්න හැමතැනම ගෙවල් හදාගෙන ගියා. පාර්ලිමේන්තු පැත්තේ එන්නෙත් නැහැ. හැබැයි හම්බන්තොට තිස්සමහාරාමයේ මාස  එකොළහක දරුවෙක් කන්න නැතුව මැරුණා. තිස්සමහාරාමය එතුමගෙ ආසනයයි .කිව්වේ නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ හම්බන්තොටට වැසිකිළියක්වත් හැදුවේ නෑ කියලා . එයා ජනාධිපතිවරණය සඳහා සූදානම් වෙන්න රට වටේ යද්දි එතුමාගේ ආසනේ දරුවෝ කන්න නැතුව මැරෙනවා. දැන් පුළුවන් සදා ලෝක පූජිත කන්න නැතුව දරුවා මලගම කියලා ගමන් හදන්න. මේ වන විට මව්වරු අතර නීරක්තිය, අඩු බර දරු උපත්, මළ දරු උපත් වැඩි වැඩිවෙමින් තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයගෙ ආසනය වෙන තිස්සමහාරාමයෙන් කන්න නැති මිනිස්සු ඉන්න බව ඔප්පු වුණා. ජනතාවගේ තියන එකම විමුක්ති මාර්ගය මැතිවරණයයි. මැතිවරණයෙන් තමන්ට කැමති, තමන් පාලනය කළ හැකි පාලකයින් පිරිසක් පත්කර පත් කර ගැනීමේ අවස්ථාව ජනතාවට හිමි විය යුතුයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් සඳහා අපි සූදානම්. නොවැම්බර් මාසයේ  අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

මාධ්‍ය -ඉල්ලා අස්වනු ආණ්ඩුවේ ඇමතිවරු මේ වෙනකොට නැවතත් හිටපු ඇමති ධුර වල දිවුරුම් දෙන්න පටන් අරන්  
ගාමිණී ලොකුගේ මහතා – ඒ වෙලාවේ වෙලාවෙ ජනතා විරෝධය මගඇරලා තමන්ගේ ඇමතිවරයා බේරගන්න රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කරපු මගඩියක් පමණයි ඒ සිද්ධිය. හරිනම් මේ වෙනකොට රිෂාද් බදුර්දීන් ඇමතිවරයාට විරුද්ධව ගෙනාපු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙලා. ඇමැතිවරයා පැරදිලා. ඇමැතිවරයා පරදින එක වලක්වා ගන්නයි මේක කළේ. කබීර් හකීම් වගේ ඇමතිවරුන්ට කිසිම චෝදනාවක් එල්ල උනේ නැහැ. රවි කරුණානායක මහතාට විශ්වාසභංගය ගෙන ආපු වෙලාවෙත් මේ වගේ දෙයක් වුනේ .රවි කරුණානායක ඇමති ධූරයෙන් අයින් වුණා. ඊට පස්සේ නැවත ඇමති ධුරයක දිවුරුම් දුන්නා. නමුත් චෝදනාවෙන් සුද්ද වුණේ නැහැ.
මාධ්‍ය – මුස්ලිම් ඇමතිවරු ආණ්ඩුවට කල් දුන්නෙ මාසයයි නේද
ගාමිණි ලොකුගේ මහතා – ඔව් මාසයක් දුන්න. ආන්ඩුවම ආණ්ඩුවට කල් දුන්නා. ් මේ බොරුව කපටකම් ගැන ජනතාව තේරුම් අරන් ඉන්නේ.
මාධ්‍ය- ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී නැවතත් ජනාධිපතිවරනයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීමක් කළා
ගාමිණි ලොකුගේ මහතා -කාට උනත් ඉල්ලන්න පුළුවන්. සිද්ධාලේප වෙද  මහත්තයත් ඉල්ලුවේ. අපි අපේ අපේක්ෂකයා දන්නවා.අපේ ජනාධිපති ධූර අපේක්ෂකයා කවුද කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරියේදී සඳහන් කරයි .අපි මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කරන අපේ අපේක්ෂකයා වෙනුවෙන් වැඩ කරන්නේ.අපි තීරණ ගන්න ඕනේ ජනමතය එක්කයි .
මාධ්‍ය-ඉදිරියේදී ජනාධිපතිවරයා ගෙන් ආරක්ෂක අමාත්‍යාංශය ඉවත් කරන බවට කතාවක් තිබෙනවා
ගාමිණිී ලොකුගේ මහතා -ඒක කරන්න වෙන්නේ ඊළඟට පත්වන ජනාධිපතිවරයාගේ කාලයේ දී .දහනම වැනි සංශෝධනයෙන් වෙච්ච දෙයක්. දහනව වැනි සංශෝධනය කියන්නේ මහා අවුලක් බව දැන් ඔප්පු වෙලා අවසන්. අපේ ආණ්ඩුවක් බලයට පත් වුනාම අපි 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා නැවත සංශෝධනය කරනවා.රටට ගැලපෙන විදියට වෙනස් කරනවා.
රංජිත් සොයිසා – ඒ දරුවාගේ පීතෘත්වය තියෙන්නෙ ආණ්ඩුවට.ඒ අය සූදානම් නැහැ දහනවය සංශෝධනය කරන්න .අපේ රජයක දී දහනවය වෙනස් කරන්න අපි සූදානම්.
මාධ්‍ය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පක්ෂයත් එක්ක කෙරෙන සාකච්ඡා සාර්ථකයි ද
ගාමිණි ලොකුගේ -අපි උත්සාහ කරන්නේ සාර්ථක කරගන්න.
මාධ්‍ය – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරයාගේ කථා බාධාවක්ද
රංජිත් සොයිසා – දයාසිරි ජයසේකර හිතින් හදාගත්තු කතාවක්.දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතු වෙනකොට තිබුණේ අද තියෙන තත්ත්වයම තමයි.දයාසිරි ජයසේකර  එක්සත් ජාතික පක්ෂය  පේන්නෙ නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහගේ බෑනා රුවන් විජේවර්ධන ඉන්නවා. දයා ගමගේ ඇමතිවරයාගේ නෝනා  අනෝමා ගමගේ ඉන්නවා. රාජිත සේනාරත්න චතුර සේනාරත්න ඉන්නවා. මයන්ත දිසානායක නවින් දිසානායක ඉන්නවා .හැබැයි දයාසිරි ජයසේකරට පේන්නේ  රාජපක්ෂවරු විතරයි
මාධ්‍ය -ඇමරිකාවේ වැටුප් ගන්න කෙනෙක් පාර්ලිමේන්තුවට පත් කරගන්න පුලුවන්ද
ගාමිණි ලොකුගේ මහතා – ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේවත් ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේවත් මෙහෙම දෙයක් සිද්ධ වෙලා නෑ. කරූ ජයසූරිය කථානායකවරයා ඇමරිකාව ඉස්සරහා දණ ගහලා ඉන්නේ .ඒකට අපි විරුද්ධ. රටක් විදියට අපේ ස්වාධීනත්වය රැක ගන්න ඕන.

One Response to “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැතිවරණයට ඉදිරිපත් වෙන්න ශක්තියක් තියෙනවා. ප්‍රතිපත්තියක් තියෙනවා. දැක්මක් තියෙනවා.”

  1. Randeniyage Says:

    ෂරියා විශ්වවිද්‍යාලයේ සියලු වැඩ නීති විරෝධීයි…හිස්‌බුල්ලාට නීතිය තදින්ම

    * ආයතනය හැදීමේ අරමුණ ෂරියා උගන්වන උලමාවරුන් බිහි කිරීම

    * 2013 ගිවිසුම අත්සන් කළේ හිස්‌බුල්ලා සහ ඩලස්‌

    * සියලු වත්කම් රජයට පවරා ගන්න තීරණ

    ෂරියා විශ්වවිද්‍යාලය ගැන නිරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහාචාර්ය ආශු මාරසිංහ කියයි

    අජිත් අලහකෝන් – අකිත පෙරේරා

    මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය හෙවත් බැටික්‌ලෝ කැම්පස්‌ (ප්‍රයිවට්‌) ලිමිටඩ් ආයතනයට මුදල් ලැබීම්, ඉඩම් අත්පත් කර ගැනීම් හා ඉදිකිරීම් සියල්ල නීති විරෝධීව සිදු කර ඇති නිසා ඊට වගකිවයුතු හිටපු ආණ්‌ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා ඇතුළු වැරදිකරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගත යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‌ෂණ කාරක සභාවේ සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ඊයේ (21 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව එම අධීක්‌ෂණ කාරක සභාව විසින් සිදු කරන ලද නිරීක්‌ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මහාචාර්ය මාරසිංහ මහතා මේ බව කීවේය.

    මෙම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අදාළ වැරදිකරුවන් මේ වනවිට සිටිය යුත්තේ සිරභාරයේ බව කී හෙතෙම 2015.07.17 දින හිරා පදනම විසින් උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ලෙස ආයෝජන ව්‍යාපෘතියක්‌ හඳුන්වා දෙන බව පවසමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයට පළමුව අයෑදුම්පත් ඉදිරිපත් කරමින් මෙම ෂරියා විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව ද කීය.

    මෙම ෂරියා විශ්වවිද්‍යාලයේ සභාපති සහ එවක ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති එම්. එල්. ඒ. එම්. හිස්‌බුල්ලා මහතා විසින් 2015.07.03 දා අධ්‍යාපන ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් මෙය උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ලෙස සැලකීමේ අනුමැතිය ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ දැක්‌වේ.

    මෙම ආයතනය පිහිටුවීමට ප්‍රදානයක්‌ හෝ ණයක්‌ වශයෙන් අවස්‌ථා හතරකදී රුපියල් බිලියන 3.6 ක විදේශ මුදලක්‌ ලැබී ඇතැයි ද මෙකී ආයතනය ස්‌ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණක්‌a වී ඇත්තේ ඒ හරහා ෂරියා නීතිය හෝ ඉස්‌ලාම් ධර්මයට අදාළ උලමාවරුන් බිහිකිරීම බවට සැකයක්‌ මතුවන බවද වාර්තාවේ දැක්‌වේ.

    මෙම විශ්වවිද්‍යාලයේ සියලු ගොඩනැඟිලි ඉස්‌ලාම් ආගමට සහ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අංගයන්ගෙන් යුක්‌ත බව ද භූමි අලංකරණය මගින් ප්‍රදේශයට ආගන්තුක වූ අරාබි පරිසරයක්‌ නිර්මාණය කර ඇතැයි ද ඒ අනුව මෙම ආයතනය වෙනත් අධ්‍යාපන පාඨමාලා පවත්වන මුවාවෙන් ෂරියා නීතිය හෝ ඉස්‌ලාම් ආගම හා සම්බන්ධ මූලධර්මවාදීන් බිහි කරන ආයතනයක්‌ බවට කාරක සභාව විශ්වාස කරන බව ද සඳහන් කර තිබේ.

    මෙම විශ්වවිද්‍යාලය සඳහා ශ්‍රී ලංකා හිරා පදනම සහ තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය අතර ගිවිසුම 2013 වසරේදී අත්සන් කරන්නේ එම පදනමේ සභාපති සහ එවක පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්‌බුල්ලා මහතා සහ විෂය භාර ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා බවත් මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් රජය සමඟ ගිවිසුම් අත්සන් කිරීම වරදක්‌ බවත් වාර්තාවේ දැක්‌වේ.

    හිස්‌බුල්ලා මහතා නියෝජ්‍ය ඇමැතිවරයකුව සිටිමින් මෙතෙක්‌ සමාගම් රෙජිස්‌ට්‍රාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ සමාගමකට අවසර ඉල්ලා ඇත්තේ වංචාකාරී ලිපියක්‌ මගින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය නොමඟ යවමින් බව ද වාර්තාවේ දැක්‌වෙයි.

    මෙම ආයතනයට රුපියල් බිලියන 3.6 ක මුදලක්‌ අරාබියෙන්a බැර කර තිබෙන්නේ ප්‍රදානයක්‌ ලෙස බව එහි වර්තමාන සභාපති හිරාස්‌ හිස්‌බුල්ලා මහතා (හිස්‌බුල්ලා මහතාගේ පුත්‍රයා) ප්‍රකාශ කර ඇතත් හිටපු නැගෙනහිර ආණ්‌ඩුකාර හිස්‌බුල්ලා මහතා ප්‍රකාශ කර තිබෙන්නේ මෙය ණයක්‌ ලෙස ලද මුදලක්‌ බව යෑයි ද වාර්තාවේ දැක්‌වෙයි. අදාළ ණය ගිවිසුම් පරීක්‌ෂා කරද්දී ඒ පිළිබඳ බරපතළ සැක සංකා උපදවන බව ද සඳහන් කරන වාර්තාවේ මෙසේ දැක්‌වෙයි.

    මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා මහවැලි අධිකාරියට අයත් අසේලපුර ප්‍රදේශයෙන් අක්‌කර 35 ක ඉඩමක්‌ අවුරුදු තිහක බද්දට ලබාගෙන ඇතත් ඊට වඩා වැඩි බිම් ප්‍රමාණයක්‌ විශ්වවිද්‍යාලය විසින් පාරිභෝජනය සිදුකරන බව බැලූ බැල්මට පෙනේ. ඒ අනුව අක්‌කර අටක ඉඩම් කොටසක විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි අනවසර ලෙස ඉදිකර ඇත. ඒ පිළිබඳව වැරදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බව කාරක සභාව නිර්දේශ කර තිබේ.

    විශ්වවිද්‍යාලයේ අදාළ ගොඩනැඟිලි ඉදිකිරීම සඳහා උතුරු වාකරේ ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබාගෙන නැත. මෙවන් ෂරියා ධර්මය හෝ මූලධර්මවාදී ආගම් උගන්වන ආයතන බිහිවීම රටේ ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ බව ද පවසන වාර්තාව මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයට නීත්‍යානුකූලව ලබාදුන් ඉඩම් සහ අනවසර ඉදිකිරීම් ද සමගින් සියලු වත්කම් රජයට පවරා ගත යුතු බව ද නිර්දේශ කර තිබේ.

    මෙම ආයතනයේ මුදල් ලැබීම, අනවසර ඉදිකිරීම්, බලහත්කාරයෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම් ආදී සියල්ල නීති විරෝධීව කර ඇති බව තහවුරු වන නිසා හදිසි නීතිය යටතේ වහා මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරාගෙන වැරදිකරුවන්ට තරාතිරම නොබලා කඩිනමින් නීතිමය පියවර ගත යුතු බව ද නිර්දේශ කරන කාරක සභාව සති හයක්‌ තුළ ඇමැති මණ්‌ඩලය විසින්a මෙම වාර්තාව නිරීක්‌ෂණය කර පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බව ද දක්‌වා සිටී.

    ආශු මාරසිංහ මහතා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පසු අදහස්‌ දැක්‌වූ ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක මහතා මෙම වාර්තාව සම්බන්ධව ඉතා ඉක්‌මනින් විවාදයක්‌ අවශ්‍ය බව කීය. ඒ අනුව විවාදයක්‌ ලබා දීමට ආණ්‌ඩුව සූදානම් බව සභානායක ලක්‌ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress