මේ ආණ්ඩුව යටතේ කන්න නැතුව දරුවො මැරෙන තත්ත්වයක් ඇතිවෙලා
Posted on June 20th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

   අද (20) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්
■ පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
■ පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
■ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙහාන් සේමසිංහ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී තේණුක විදානගමගේ මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩි. වී. චානක මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය
මේ ආණ්ඩුව යටතේ කන්න නැතුව දරුවො මැරෙන තත්ත්වයක් ඇතිවෙලා .මහින්ද රාජපක්ෂ මහතාගේ පැවති රජය යටතේ දරුවා ආරක්ෂා කරගැනීම කර ගැනීම සම්බන්ධයෙන් විවිධ වැඩ පිළිවෙළවල් දියත් කළා. ඒ විතරක් නෙමෙයි බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික කටයුතු අමාත්‍යවරයා විදිහට තමන්ගේ නිවස ආශ්‍රිතව එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර වර්ග වගා කිරිමේ වැඩ පිළිවෙලක් දියත් කළා. මධ්‍යකාලීන කෙටිකාලීන දීර්ඝකාලීන වශයෙන් ගෘහාශ්‍රිතව වගාව සඳහා අවශ්‍ය පැල වර්ග ලබා දුන්නා. හැම ගෙවත්තකම පෝෂණයෙන් පිරුණු වගාවන් සඳහා ජනතාව යොමු කරා. ඒ කාලේ අපේ රජය යටතේ දුන්නු පැළවල වල  පලදාව සමහර නිවෙස්වල අදටත් ප්‍රයෝජනයට ගන්නවා. මේ වැඩපිළිවෙළ නිසා අපේ කාලයේදී කාලයේ දී කන්න නැතුව දරුවෝ මැරුණා කියලා අහන්න ලැබෙන්නෙ නැහැ. වත්මන් ආණ්ඩුවට රටේ දරුවො ටික වත් බලාගන්න බැරි තත්වයක් තියෙන්නේ.
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියන්නේ තමන් බාරගත්තේ බංකොලොත් රටක් කියලයි. ඒ කාලයේ පොලී ප්‍රතිශතය සියයට 10 යි. අද පොලි ප්‍රතිශතය සියයට දහ අටයි. අපි කාලයේ ඩොලරය 130යි. අද ඩොලර් එකක්  180යි. එදා වගේ දෙගුණයක් බදු අයකරනවා. අද ජනතාවට ව්‍යාපාර කරගෙන යන්න විදිහක් නෑ. උද්ධමනය වැඩිය. අපේ කාලේ සියයට 6.6 කුණු කුණු ආර්ථික වර්ධන වේගයේ අද වෙනකොට සියයට 3.3 ක් වෙලා. 2014 වර්ෂයේ දී ඩොලර් බිලියන බිලියන 8.4 තිබුන විදේශ සංචිත අද වෙද්දි 6. 4 ට බැහැලා.
ඒ කාලයේ  මිලියන 84ක රැකියාවල නිරත වුණා. අද වෙනවිට රැකියාවල නිරත වන්නේ මිලියන 80. හැබැයි බලයට එනකොට කිව්වේ කිව්වේ රැකියාවල නිරත වන ප්‍රමාණය මිලියන 94ක් කරනවා කියලයි. සියයට හැත්තෑ එකක් වුන ණය ප්‍රතිශතය මේ වෙනකොට 90% එකක් වෙලා.
2014 ජීවත් වන විදිහට අද ජීවත් වෙන්න බැහැ. එදා මාසයක් ජීවත් වෙන්න සරිලන වැටුපක් ලැබුණා. අද ලැබෙන වැටුපෙන් ජීවත්වෙන්න ලැබෙන්නේ සති දෙකයි. රට බංකොලොත් කළේ අපේ ආණ්ඩුව නෙවෙයි.මේ විදිහට රට බංකලොත් උනේ වත්මන් යහපාලන ආණ්ඩුව මහ බැංකුව කොල්ල කාපු නිසයි. රටේ ප්‍රධානියෝ දෙන්නා වෙන අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර තියෙන විරසක යයි. එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රීවරයෙක් දවසක් විවාදයට එක්වෙමින් කිව්වා අගමැති ජනපති ඉන්නේ හරියට දික්කසාද වුණු දෙන්නෙක් වගේ කියලා. මේක හදන කොටම අපි කිව්වා මේ හදන්න කැඳහැළියක් කියලා. අද අපේ දරුවන්ට බඩගින්නෙ මැරෙන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ තත්ත්වය නිසයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තාවන් අමතමිනි කියනවා ඔවුන්ට අසරණ වෙන්න අතරමං වෙන්න ඉඩ දෙන්නේ නැති බව.ඔවුන්ට ගෞරවාන්විත තත්ත්වයක් තත්ත්වයක් ඇති කරනවාලු. මම මෙතෙක් විද්‍යාලයක ඉගෙන ගත්ත විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ජනතාවගේ ඡන්ද බලය ආරක්ෂා කිරීම ජනතාවට නියමිත අවස්ථාව ඡන්ද අයිතිය ලබා දීම. ඒ උනාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා එතුමාගේ රාජ්‍ය පාලන සමයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ බව. එතුමගේ කාලේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළේ පළාත් පාලන මැතිවරණය කල් දාලා. අද වෙනකම් පළාත් සභා මැතිවරණය තියෙන්නෙත් නෑ .දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු දාගන්නත් විදිහක් නැතුව ඉන්නෙ. ඒ තරමට පක්ෂය බංකොලොත් .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය කිව්වාම හීන් දාඩිය දානවා.  ඒ තත්ත්වය පක්ෂයට උදාකලේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. අපි මේ ගැන එක්සත් ජනතා නිදහස් සන්ධාන මධ්‍යම කාරක සභාවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දීත් කතා කරා. ප්‍රතිඵලය වුණේ අපිව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීමයි .ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කිරීම .ඒ වගේම එතෙක් දැරූ සංවිධායක ධූර වලිනුත් අපි ඉවත් කළා .
අපේ අපේ පවුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් කාලයේ සිටම පක්ෂය සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරපු අය. මේ විදියට තමයි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කලේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට ජනාධිපතිතුමා වෙනත් නිර්වචනයක් දීලාද කියන්න දන්නේ නැහැ. එහෙම නැත්තං සහරාන් බෝම්බයක් පුපුරපු තත්ත්වයක් ඇති කිරීම, දෙමව්පියෝ පාසල් මුර කරන තත්ත්වයක් ඇති කිරීම, මහ පාරේ යන්න එන්න බැරි තත්ත්වයක් ඇති කිරීම ආරක්ෂාව අවිනිශ්චිත තත්ත්වයක් ඇති කිරීම ප්‍රජාතන්ත්‍රවාදය විදිහට එතුමා දකිනවා ද දන්නෙත් නැහැ. අපි එතුමාගෙන් ඉල්ලා මේ රටේ නියමිත කාලයට නියමිත මැතිවරණ පවත්වලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට ලබා දෙන්න කියලයි.

පාර්ලිමේන්තු  මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය
පාස්කු ප්‍රහාරය සිදු වෙලා හෙට හරියටම මාස දෙකයි. තවමත් ජනතාවට ආරක්ෂාව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ආරක්ෂාව ගැන බිය වෙන්න එපා කියනවා. අධ්‍යාපන ඇමැතිවරයා පාසල් හොර කිරීමේ අවශ්‍යතාවක් නැතැයි කියනවා. නමුත් දෙමව්පියන්ට ඒ සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නෑ ඔවුන් තාමත් පාසල් මුර කරන්න යනවා. ආරක්ෂක අංශ තවමත් පාසල් වලට ආරක්ෂාව සපයනවා. මේ අතරේ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියන්නේ තත්ත්වය  සමනය වෙන්නේ  තව අවුරුදු දෙකක්වත් ගියාට පස්සේ ලූ.
පාස්කු  සිද්ධියට මාස දෙකක් ගතවන තැන ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් සමහර ඇමැතිවරු සමහර ආණ්ඩුකාරවරු සම්බන්ධයෙන් ජනතාවට සැකයක් ඇතිවුනා. පැමිණිලි කලා. ඒ පැමිණිලි විමර්ශනය කර විමර්ශන වාර්තා රටට හෙළි කළ යුතුයි.
විශාල සංඛ්‍යාවක් මිය ගිහින් තවත් විශාල සංඛ්‍යාවක් තුවාල ලැබුවා. මම නියෝජනය කරන ප්‍රදේශයේ කටුවාපිටියේ විතරක් 114 මියගිය.261 එකක් තුවාල ලැබුවා .මිය ගිය අයට ලක්ෂ දහයක 10 ක ගෙවීමක් කරලා තියෙනවා. නමුත් තුවාල වුණු අයට අසාධාරණයක් වෙලා.
මේ සිද්ධිය  සම්බන්ධයෙන් සොයා බලන හානි පූර්ණ කාර්යාලයේ  වෛද්‍යවරයෙක් නැහැ. මේ ලඟදි ලඟදි දවස් 50ක්  අයි.සී.යු  එකේ ඉඳලා තරුණ පිරිමි ළමයෙක් මියගියා. එ තරුණයාට  ලැබුණේ රුපියල් ලක්ෂයක් විතරයි.
වෛද්‍ය වාර්තා කියවන්න පුළුවන් වෛද්‍ය දැනුමැති කෙනෙක් හානිපූර්ණ කාර්යාලය ට පත් කරන්න. ජනතාවට විහිළු කරන්න එපා.තවත් කාන්තාවක් සිටිනවා ඒ කාන්තාවට මුළු ජීවිත කාලය පුරාම මේ සිද්ධිය නිසා ඇතිවුණු අනිසි බලපෑම පවතිනවා.තුවාල ලැබූවන්ගේ සැබෑ  ගේ සැබෑ තත්වය තේරුම් අරගෙන ජීවිත කාලය පුරාවටම ගෙවීමක් කරන ක්‍රමයක් සකස් කළ යුතුය. ඒ වගේම වගේ ම සිද්දිය නිසා දුක් දුක්විඳින දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.
තිස්සමහාරාමය උග්‍ර මන්දපෝෂණ තත්ත්වයෙන් දරුවෙක් මේ ගිහින් තියෙනවා. මේ දරුවා උග්‍ර තීව්‍ර මන්ද පෝෂණ තත්ත්වයට පත් පත්වෙන කල් රජයේ නිලධාරීන් මොකද කළේ. මුල් ළමාවිය සංවර්ධන, ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පත්කළ නිලධාරීන් ඉන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉන්නවා. ඒ වගේම ගමේ ග්‍රාම නිලධාරී සමෘද්ධි නිලධාරී කෘෂිකර්ම නිලධාරීන් වගේ අයත් ඉන්නවා. නිලධාරීන්ට ඇයි ආර්ථික අපහසුවෙන් පෙළෙන පවුල හඳුනාගන්න නොලැබුනේ. මහියංගනේ කෑම වේලක් කන්න නැති පාසල් යන්නේ නැති දරුවො ඉන්න බව මේ වෙනකොට හෙළිවෙනවා. බලයට ඇවිත් රැකියා ලක්ෂ දහයක් දෙනව කියල තිබුන රැකියා නැති කරා. රටේ මානව සම්පත් නිරෝගී වුණොත් විතරයි රටක් ගොඩගන්න පුළුවන් වෙන්නේ.
ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ යටියන්තොට ආසන සංවිධායක රාධිකා වික්‍රමසිංහ මහත්මිය
කාන්තාවක් විදියට මේ රට යන පැත්ත ගැන බියක් ඇති වෙනවා.අපේ දරුවෝ මන්දපෝෂණයෙන් මියයන බව අහන්න ලැබෙනවා. දරුවෝ මන්දපෝෂණයෙන් මියයන කොට සමෘද්ධිය ලක්ෂ හයකට දෙනවා. නමුත් සමෘද්ධි දිය යුතු   අයට දෙන්නේ නැහැ .  
අනිත් පැත්තෙන් වෛද්‍ය සාෆි අපේ අනාගත පරම්පරාවක් නැති කරනවා .මේ වෙද්දි මව්වරු දාහකට වැඩි ප්‍රමාණයක් මේ වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි කරලා තියෙනවා. එවැනි වෛද්‍යවරු පවා ආරක්ෂා කරන සෞඛ්‍ය ඇමැති වරයෙක් අපිට ඉන්නේ. ආසියාවේ ආශ්චර්යය කරන්න තිබුණු රට අද ආපස්සට යමින් තිබෙනවා.


පාර්ලිමේන්තු මන්ත්‍රී  සෙහාන් සේමසිංහ මහතා
අපේ රටේ තවත් වංචාවකට මුලපුරන සංශෝධනයක්  අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙනවා. ඌණ  ක්‍රියාකාරී ව්‍යවසායකයන්ට හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත ඉවත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධන අද  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ හරහා 2011 අංක 43 දරණ පනත අක්‍රිය වෙනවා. ඒ හරහා රජයට අයත් ආයතන  36ක ක්‍රියාකාරීත්වය පිළිබඳ බරපතළ සැකයක් ඇති වෙනවා .මේ පනත අක්‍රිය කිරීම සඳහා නැවත රජය උත්සහ කරන්නේ ආයතන දෙකක් ප්‍රධාන ඉලක්ක කරගෙනයි. එකක් තමයි පැලවත්ත සීනි සමාගම. ඊළඟට සෙවනගල සීනි සමාගම. ඒ දේපල රජයේ ඇමතිවරයෙකු වූ දයා ගමගේ ඇමතිතුමාට නැවත පැවරීම සඳහා වූ   උත්සාහයක්  ද යන්න සැකයක් අප තුළ තියෙනවා. ඒ අනුව අද පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අපි විශ්වාස කරනවා  මේ රටේ රාජ්‍ය සම්පත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් තමන්ට හිතවත් ඇමතිවරුන්ට ඒ වගේම ඔවුන්ගේ අනිත් ගෝලබාලයන්ට පැවරීම සඳහා දරන උත්සාහයට විරුද්ධව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් නැගී සිටි කියා. මේ පනත පරාජය කිරීමට හැකි සෑම උත්සාහයක්ම අපි අද පාර්ලිමේන්තුව තුළ ගන්නවා. එක පැත්තකින් මේ රාජ්‍ය සම්පත් කුණුකොල්ලයට එහෙම නැතත් තම තමන්ගේ හිතවතුන්ට ලබා දෙන්න උත්සාහ කරනවා. පසුගිය අවුරුදු හතර හමාරක කාලය තුළ අපි දැක්කා මේ රටේ ආර්ථික මර්මස්ථාන අපේ රටේ වත්කම් එකිනෙක එකඟතාවන්ට අනුව වෙනත් පාර්ශවයන්ට පවරනවා. ඒක රාජතාන්ත්‍රික වශයෙන් ඇතිවන එකඟතාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රික  වශයෙන් පෙන්වලා පෞද්ගලික මට්ටමේ එකඟතාවයක් ඇතිකර ගන්නවා වෙන්න පුළුවන්. මේවා ඇමතිවරුන්ට අත යට ගනුදෙනුව පදනම් කරගෙන සිදුවන දේවල් වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව දිගින් දිගටම උත්සාහ කරනවා අපේ රටේ වත්කම් අපේ රටේ දේපළ මේ කාලපරිච්ඡේදය තුළ තමන්ගේ හිතවතුන්ට ලබා දීම සඳහා. ඒක  ඉතාම ඛේදනීය තත්ත්වයක්. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් සහ විවිධ රජයන් විසින් පෞද්ගලීකරණය කරනු ලැබූ ආයතන නැවත පවරා ගැනීම් සිදු වුණා. වර්තමාන ආණ්ඩුව යටතේ ඒ පවරාගත් ආයතන නැවත තමන්ගේ හිතවතුන්ට ලබා දීම සිදු වෙනවා වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අපේ රටට එකතු වෙච්ච වත්කම් සහ අළුතෙන් එකතු වු වත්කම් භූමියත් වෙනත් කණ්ඩායම්වලට ලබාදීමට රජය කටයුතු කරනවා.  ඒක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම රජය විවිධ අවස්ථාවන්වලදී විවිධ නාටක ඉදිරිපත් කරනවා අපි දැක්කා.
අද වෙද්දි  මුස්ලිම් ඇමතිවරු කලින්  තමන් කටයුතු කළ අමාත්‍යාංශවල ම වැඩ භාරගැනීම සිදුවෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නය ආවේ රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට විරුද්ධව චෝදනාවක් එල්ල වෙලා තිබියදී ඒ ගැන රජය පරීක්ෂණ කරන්නේ නැතුව ඒ පරීක්ෂන රජය දිගින් දිගටම මේ මොහොත දක්වාත් යට  ගහමින් සාධාරණයක් ඉටු කරන්නේ නැතුව කටයුතු කරද්දීයි. එකම ඇමතිවරයකුට එල්ල වෙච්ච චෝදනාවන් හමුවේ ආණ්ඩුව අනිත් සියළුම මුස්ලිම් නියෝජිතයන් ඇමතිවරු ඇමතිධුර දරපු අය ඉල්ලා අස්වෙන්න වැඩකටයුතු කලා. අපි මුලදිම මේ තත්ත්වය ඇති වෙද්දී කිව්වා මේ පිටුපස අදිසි බලවේගයක් තියෙනවා කියලා. හැබැයි අද ඔප්පු වෙලා තියෙනවා මේ පිටුපස ඉන්නෙ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියලා. එතුමා විසින් එතුමාගේ රජය ආරක්ෂා කර ගැනීම සඳහා රිෂාඞ්  බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉවත්කර ගැනීම සඳහා මෙ නාටකය රඟ දැක්වුවා. මෙි විශ්වාසභංගය රජය අනිවාර්යෙන්ම පරාජයට පත්වෙලා අපහසුතාවයකට පත්වීම වළක්වා ගැනීම සඳහා කෙටි කාලයකට චෝදනාවට ලක් නොවූ ඇමැතිවරු  පවා ඉල්ලා අස්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරලා තිබ්බා. ඒ හින්ද අපිට දැන් තියෙන තොරතුරු අනුව රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමා හැර අනෙකුත් මුස්ලිම් ඇමැතිවරුන් සියලුම දෙනා ඇමතිධුර බාර ගැනීමට සූදානමින් සිටිනවා. අපි ඒකට කිසිම විරෝධතාවයක් නැහැ. ඔවුන් අමාත්‍ය ධුරවල කටයුතු කරන කාලයේ දී පවා ඔවුන්ට විරුද්ධව අපි මත ප්‍රකාශ කිරීමක් සිදු කළේ නැහැ. චෝදනා ඉදිරිපත් කිරීමක් සිදු කළේ නෑ. අපි ඒ චෝදනාව ඉදිරිපත් කළේ රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයාට පමණයි. මේ නාටකය  රඟ දැක්වීම ආණ්ඩුව විසින් සිදු කරනු ලැබූයේ ඒ විශ්වාසභංග යෝජනාව ඉවත්කර ගැනීම සඳහා පමණයි. හැබැයි අපි ආණ්ඩුවට අවධාරනය කරනවා නැවත රිෂාඞ් බදුර්දීන් අමාත්‍ය ධූරයට පත් කළොත් අපි අනිවාර්යෙන්ම  ඔහුට විරුද්ධව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැගූ චෝදනා යටතේම  නැවත විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කරනවා.
  මේ අතරතුර කතානායක තුමාගේ ක්‍රියා කලාපයත් අපි දැඩි ලෙස හෙළා දකිනවා. එතුමාත් මේ විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට අරගෙන ඡන්දය ප්‍රකාශ  කිරීමට අවකාශය ලබා දුන්නේ නෑ.  කතානායක වරයා තමයි ඒ අවහිරතා ඇති කලේ. දීර්ඝ දිනයක් විවාදය සඳහා ලබා දීලා ඒ අතරවාරයේදී පාස්කු ප්‍රහාරයේ වේදනාවන් අමතක වෙන්න ඉඩ හැරියා. අනෙක් පැත්තෙන් රජය අපහසුතාවයට පත්වීම වළක්වා ගන්න පියවර ගත්තා. ඒ හින්දා අපි විශේෂයෙන්ම  ජනතාවට කියනවා මේ වගේ නාටක තව රාශියක් ඉදිරියේදි එයි. මේක එකක් පමණයි. දිගින් දිගටම ආණ්ඩුව මේ විදිහට ජනතාව සහ තමන්ගේ රජය තුළ ඉන්න නියෝජිතයන්ට අවශ්‍ය විදිහට වැඩකටයුතු කරගෙන යනවා. ඒ හින්දා මේ මුස්ලිම් අමාත්‍යවරුන් නැවත දිවුරුම් දිම අපි පුදුම වීමට කාරණයක් නොවේ. හැබැයි ඔවුන් ඉවත් වීමට අදාළ වූ කාරණය සාක්ෂාත් වෙලා නැහැ. ඔවුන් කිව්වේ ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බව සහ එය එක මාසයක් ඇතුළත විය යුතුයි කියලයි. හැබැයි ඉවත් වෙලා මාසයක් ගත වුණෙත් නෑ. ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ සිදු වෙන්නෙත් නැහැ. ඉදිරියේදී ඒ පරීක්ෂණ සිදුවෙයි කියලා අපිට විශ්වාසයකුත් නැහැ. ඒ නිසා රජය මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති වෙච්ච  ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරලා ස්වාධීනව ඒ ආයතනවලට වැඩ කටයුතු කිරීමට ඉඩ කටයුතු ලබාදිය යුතුයි. එහෙම විශ්වාසනීය තත්ත්වයක් දැනට ඇති වෙලා නැහැ. තේරීම් කාරක සභාව හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ  නැති අමතර කාරණා සම්බන්ධව විමර්ශනය හා ප්‍රශ්න කිරීම් කරනවා අපට පෙනෙනවා. ඒ වගේම තේරීම් කාරක සභාව හරහා විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් අතර තිබෙන විරසක හේතු කොටගෙන කවුද වැඩිපුරම ඒ සම්බන්ධයෙන් වැරදිකරු කියන  කාරණාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සිදුකරන බව තමයි අපට පෙනෙන්නට තියෙන්නේ. තේරීම් කාරක සභාවේ සාමාජිකත්වය සම්බන්ධයෙන් ආරම්භයේ සිට මේ දක්වාම ජනතාව තුළ විශ්වාසයක් නැහැ. දැඩි අපැහැදිලිතාවයක් තමයි තිබෙන්නේ. මොකද මේ තේරීම් කාරක සභාව තුළ ප්‍රශ්න කිරීමට නොසුදුසු පුද්ගලයන් තමයි ජනතාව දකින්නේ. සරත් ෆොන්සේකා මැතිතුමා පිළිබඳව අපේ කිසිම විවේචනයක් නැහැ. එතුමාට යම් දැනුමක් තිබෙනවා. ඒ ගැන කටයුතු කිරීම පිළිබඳව අපිට විවේචනයක් නැහැ. අනික් සියළුම මන්ත්‍රීවරුන් සම්බන්ධව අපට විවේචනයක් තිබෙනවා. ඒකට හේතුව ඔවුන් මේ සිදු කරන්නේ සැබැවින්ම සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් නෙවෙයි. ඒ හින්දා මේ තේරීම් කාරක සභාවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපැහැදිලි තාවයක් තියෙනව වගේම ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කෙරේ ද යන්න පිළිබඳව කිසිදු විශ්වාසයක් නැහැ . ඔවුන්  මෙහිදී සිදු කරන්නේ සැබැවින්ම සත්‍ය සෙවීමේ ක්‍රියාවලියක් නොවේ. ඒ හින්දා මේ කාරක සභාව ක්‍රියාවලිය තුළින් තවදුරටත් මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු වෙයි කියලා රටටත් ජනතාවටත් කිසිදු විශ්වාසයක් නැහැ. ඒ වගේම තමයි මේ කණ්ඩායම තවදුරටත් ඔවුන්ගේ රජය ආරක්ෂා කර ගැනීම සඳහා පමණක්ම කටයුතු කරනවා කියන කාරණාව  ඉතාම පැහැදිලියි.
 ඒ වගේම තව එක කාරණාවක් දිහා බැලුවහම  අපි දකිනවා විවිධ රටවල් විසින් එක පැත්තකින් මේ  රජය ආක්‍රමණය කරලා.  රජය වෙනත් රටවල් වලට අවශ්‍ය ආකාරයට කටයුතු කරනවා වගේම කවදාවත් ඉතිහාසයේ නොවූ ආකාරයට වෙනත් රජයන් විසින් වෙනත් ආයතන විසින් පඩි ගෙවන කණ්ඩායම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට කටයුතු කිරීමේ තත්ත්වයක්  නිර්මාණය වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රසාද් කාරියවසම් මහතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක් සිදු වුණා. ඒ වගේම කථානායකතුමා පිළිගත්තා  ප්‍රසාද් කාරියවසම් මැතිතුමා විසින් සිදුකරන  කාර්යභාරයට ගෙවීම් කටයුතු සිදු කරන්නේ පාර්ලිමේන්තුව තුළින් නෙවෙයි කියන කාරණාව. හැබැයි අපි කතානායකතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි එතුමාට හෘද සාක්ෂියට එකඟව තවත් ආයතනයක් විසින් ගෙවීම් කටයුතු කරන පුද්ගලයෙක් මේ රටේ නීති රීති පද්ධතිය හදන තැන තියාගන්න පුලුවන්ද කියන එක. මේ සියල්ල පුද්ගලික න්‍යාය පත්‍රයන් තුළ ක්‍රියාත්මක වන වැඩසටහන්. ප්‍රසාද් කාරියවසම් මැතිතුමා ක්‍රියාත්මක වෙන්නේ කරූ ජයසූරිය කතානායකතුමා ඊළඟ ජනාධිපතිවරනයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා බවට පත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධතාවය ගොඩනැගීම සඳහායි. හැබැයි කතානායකතුමා ඒ සම්බන්ධයෙන් සම්බන්ධතාවය ගොඩ නැගීම සඳහා අපේ රටේ උත්තරීතර පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කරමින් වෙනත් රටක නියෝජිතයෙක්  පාර්ලිමේන්තුවට පත්කරගැනීම අනුමත කරන්න බැහැ.  මේ රජය පත්කරන්න වෙනත් රටක කණ්ඩායම් තමයි තීන්දු තීරණ ගත්තේ. වෙනත් රටවල  කණ්ඩායම් රජයේ පැවැත්ම තීන්දු කරනවා.  ඒ වගේම අනාගතය තීන්දු කරන්න්නෙත් ඔවුන්. ඊළඟට එන්න තියෙන ජනාධිපතිවරණයත් ඒ බලවේගයන් විසින්ම මෙහෙය වීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව භාවිතා කරනවා කියන කාරණය පේන්න තියෙනව. ගරු කථානායක තුමාට කියනවා එතුමාගේ කාර්ය මණ්ඩලය තුළට ප්‍රසාද්  කාරියවසම් මැතිතුමා ඇතුළත් කරලා ඒ වැඩ කටයුතු සිදු කිරීමත් ඒ සඳහා වෙනත් ආයතනයක් විසින් ගෙවීම්ි කිරීමත් අතර බරපතළ වෙනසක් තියෙනවා. ඒ හින්දා මේක තුළ රටේ සහ රජයේ ස්වාධීනත්වයට අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තුවෙි ස්වාධීනත්වයට බරපතළ හානියක් කරන්න කරු ජයසූරිය කථානායක තුමා තුමාගේ මැදිහත් වෙලා තියෙනවා. අපේ රටේ ඉතිහාසය තුළ කථානායකවරයාගේ භූමිකාව දිහා බැලුවහම  කරු ජයසූරිය කථානායක වරයා ඉතාමත්ම අසාර්ථක පක්ෂපාතී කතානායක වරයා හැටියට වැරදි පූර්වාදර්ශ රාශියක් ලබා දීලා මේ පාර්ලිමේන්තුව මෙහෙවීම අපි දකිනවා.

ඒ වගේම  කතා කළ යුතු තවත් මාතෘකාවක් තිබෙනවා. දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා මේ ඉටු කරන්නේ කාගේ කොන්තරාත්තුවක්ද යන්න  පිළිබඳව අපට පැහැදිලිව පේන්න තියෙනවා. එතුමා වසර 6 කට පෙර හිටපු එක්සත් ජාතික පක්ෂයේ කරපු බැලමෙහෙවරකම් කිරීමට නැවත ආරමිභ කරලා  තියෙන බව ඉතාමත්ම පැහැදිලිව පේන්න තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දියාරු කිරීමේ කුමන්ත්‍රණය දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා භාරගෙන තියෙනවා කියන කාරණය පැහැදිලිව පේන්න තියෙනවා. අපි මේවා කියන්න කැමති නෑ. හැබැයි යම් යම් පුද්ගලයන් ඉතිහාසයේ දී තමන්ගේ සීමාවන් අභිබවා තමන්ගේ තත්ත්වය තේරුම් අර ගන්නේ නැතුව  තමන් වෙනත් කණ්ඩායම් සමඟ එක එක එකඟතාවයන් වලට එන්නෙ නැතුව සද්භාවයෙන් කටයුතු කරන්නේ නැහැ කියලා හැඟී යනවා නම් සමහර කාරණා අපට කියන්න සිදු වෙනවා. මම මීට පෙරත් මාධ්‍ය සාකච්ඡා වල  කියලා තියෙනවා කොහොමද දයාසිරි ජයසේකර මැතිතුමා  ගේ ඉතිහාස ක්‍රියාකලාපය කියලා. එතුමා නායකයන් හැටියට කාලෙකට පිළිගත්ත සියලුම නායකයන්ට ඉතාම අපහාසාත්මක ආකාරයට කතා කරලා තවත් කණ්ඩායමකට එකතු වෙච්ච දේශපාලනඥයෙක්. එවැනි දේශපාලකයින් හරහා තමයි දේශපාලනඥයින් සම්බන්ධයෙන් කිසියම් කළ කිරීමක් ජනතාව තුළ ඇති කරනු ලබන්නේ. ජනතාව දේශපාලකයන් පිළිබඳව කලකිරීම නිර්මාණය කරන පරිසරයක් ඇති කරන්නේ එවැනි මන්ත්‍රීවරුන්. අපි දැක්කා එතුමා කොහොමද චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය විවේචනය කලේ කියලා. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විවේචනය කරපු ආකාරය අපිට හොඳට මතකයි. දයාසිරි ජයසේකර මහතා වයඹ පළාත් සභාව සඳහා තරග කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කඳවුරට ඒකරාශී වුණේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකතුමා සමඟ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත්කිරීමේ කුමන්ත්‍රණයකට මැදිහත් වූ නිසයි. එතුමාව එක්සත් ජාතික පක්ෂයෙන් එලෙව්වා.  ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග එකතුවෙලා වයඹ පළාත් සභාවේ මහ ඇමතිවරයා වශයෙන් පත් කිරීමේ පරිසරය නිර්මාණය කර ගත්තේ. ඊට පස්සේ ක්‍රියාත්මක වූ ආකාරයත් අපි දැක්කා. මහින්ද රාජපක්ෂ මැතිතුමා විවේචනයට ලක් කළා.මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට ඒකරාශී වුණා එතුමාවත් එක විටෙක විවේචනයට ලක් කලා. අනික මූලික වශයෙන් එතුමාගේ ආරම්භය තිබ්බ මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමාට ඉතාම අප්‍රසන්න ආකාරයට විවේචනය කිරීම දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා විසින් සිදු කරනු ලැබුවා. දයාසිරි ජයසේකර මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හැටියට කටයුතු කිරීමෙන් එක්සත් ජාතික පක්ෂයේ  අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කිරීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. මොකද ඉතිහාසය පුරා ම එතුමා ඒ වගේ කටයුතු වල නියැලී සිටි නිසා. දයාසිරි ජයසේකර මැතිතුමාගෙන් අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ඊයේ  ජනාධිපතිතුමත් කියලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය ආරක්ෂා කරන ආකාරයට එතුමා කටයුතු කරනවා කියලා. අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පසුගිය  කාලයේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදීමක් නෑ. හැබැයි එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා කියලා තීන්දුවක් අරන් තියන අවස්ථාවක දයාසිරි ජයසේකර මැතිතුමා ලේකම් වරයා හැටියට මේ එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය ඉටු කිරීමට කටයුතු කිරීමට කැපවී සිටීම  ගැන එක පැත්තකින් අපි කණගාටු වෙනවා.  
 අද පුවත්පත්වල තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය පළ කරන මන්ත්‍රීවරුන්ට සංවිධායක ධුර සහ ආසන සංවිධායක ධුර ලබා දීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය කටයුතු කරල තියෙනවා කියලා. ඒ අනුව එක පැත්තකින් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කරනවා එකතු වන මන්ත්‍රීවරුන්ට සංවිධායක ධුර ලබා දෙන්න. එතකොට මේ පලවෙනි පියවර.දෙවැනි පියවර සඳහා දයිසිරි ජයසේකර  මන්ත්‍රීතුමා කටයුතු කරනවා  යන්න පිළිබඳව සැකයක් ඇති වෙනවා . ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින අපේ සියලුම සහෝදර මන්ත්‍රීතුමා ලා වගේම සහෝදර සාමාජිකත්වයට අපි කියනවා දයාසිරි ජයසේකර මැතිතුමා ඇතුළු කිහිප දෙනෙක් විසින් ක්‍රියාත්මක කරන්න යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව  ආරක්ෂා කිරීම නෙවෙයි ඒක සම්පූර්ණයෙන්ම දියාරු කරල එක්සත් ජාතික පක්ෂයේ තවත් කණ්ඩායමක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය බව. ඒ ගැන කල්පනාකාරී වෙන්න කියන කාරණාව අපි ඉතාමත් පැහැදිලිව රටේ ජනතාවගෙන්, විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදර සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි රජය තුළ තියෙන  අර්බුදය. දැන් මේ අර්බුදය නිරාකරණය කරගන්නේ නැතුව ඉදිරි මාස හතරක් ඉදිරියට යාම පිළිබඳ අවදානමක් තියෙනවා . අපේ රටේ ආර්ථිකයේ දවසින් දවස කඩා වැටෙනවා. එය  ගොඩනැගීම සඳහා  වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ.මේ කඩාවැටීමේ ප්‍රතිඵලයක් තමයි සියලුම අමාත්‍යාංශ වලට මුදල් ඇමතිතුමා විසින් චක්‍රලේඛයක් නිකුත් කරනවා. සියයට පහලොවක් ප්‍රාග්ධන වියදම කපාහැරීමක් සිදුකරලා . එතකොට මේ රජය විසින් රාජ්‍ය අයවැයෙන් වෙන් කරපු මුදල් කපා හැරීමක් සිදු කරන්න කියලා සියලුම ආයතනවලට දැනුම් දෙන්නේ මේ රටේ රජය තුළ බරපතළ මූල්‍ය අර්බුදයක් තියෙන නිසය. රට ගොඩනැගීම සඳහා කිසිදු ආකාරයක වැඩපිළිවෙළක් මේ රජයට තිබ්බේ නැහැ. ඉදිරි මාස හතර තුළ  ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා එකම ප්‍රථිඵළය එළඹෙන ජනාධිපතිවරණයේ දී මේ ආණ්ඩුව  වෙනස් කර අලුත්  ජනාධිපතිවරයෙකු යටතේ අලුත් ආණ්ඩුවක් පත් කර ගැනීම සඳහා පෙලගැසීම පමණයි කියන දේ මම කියන්න කැමතියි.  ඒ නිසා ඉවසන්න තියෙන්නේ තව මාස හතරක විතර කාලයක් පමණයි.  ඉදිරියේදී මේ රට ඉදිරියට ගෙන යන  ජාතික වැඩපිළිවෙළ අපි පක්ෂ භේදයෙන් ජාති භේදයෙන් තොරව ඒකරාශී වෙලා රට වෙනුවෙන් කටයුතු කරමු කියලා දෙයක් ඉතාම ගෞරවයෙන් කියන්න කැමතියි.                                          
■ පාර්ලිමේන්තු මන්ත්‍රී තේණුක විදනගමගේ මහතා
අද දවසේ  ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ ම පසුගිය පාස්කු ඉරිදා දිනයේ ප්‍රහාරයත් එක්කම මේ රටේ ජනතාවගෙන් විශාල විදිහට විරෝධයක් එල්ලවුණා රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට. එතුමාට එරෙහිව විරුද්ධව විශ්වාසභංගයක් අපි පාර්ලිමේන්තුවට ගෙන ආවා.  විශ්වාස භංගය විවාදයට ගැනීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ සහ අනෙකුත් මුස්ලිම් මන්ත්‍රීවරු ඉල්ලා අස්වෙනවා. මෙයින් අවශ්‍ය කරන විසඳුමක් ලැබෙන්නේ නැහැ. සාධාරණ අස්වෙන්නේ සාධාරණ පරීක්ෂණයක් කරන්න කිව්වා. කොහොම උනත් වුණත් ඊයේ දවස වෙනකොට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු දෙන්නෙක් නැවත වතාවක් අමාත්‍ය ධුර බාර ගත්තා. මිට කළින් විශ්වාස භංග යෝජනා ගේනකොටත් හිටපු ඇමැතිවරු ඉල්ලා අස්වුණා. රවි කරුණානායක, තිස්ස මාරපන ඇමැතිවරු තමයි ඒ විදියට ඉල්ලා අස්වුනේ. පස්සේ ටික කාලෙකින් නැවත අමාත්‍ය ධූරය  ගත්තා. ඊට පස්සේ  අමාත්‍යවරයා ඒ විදිහටම කටයුතු කළා. දැන් මේ කණ්ඩායම නැවත වතාවක් එකිනෙකා ඇමතිකම් භාර ගන්න පටන් අරන්. අපි පැහැදිලිව කියන්න ඕන දෙයක් තියෙනවා මේ රටේ මුස්ලිම් අන්තවාදීන්ගෙන් ජනතාවට විශාල කරදරයක් වුණා. විශේෂයෙන්ම දිගන සිදුවීම මාවනැල්ල සිදුවීම අම්පාර වගේ සිදුවීම් ගණනාවක් මේ රටේ ක්‍රියාවට නැගුණා. හැබැයි මාවනැල්ල සිදුවීම පිටුපස පොලිස් පරීක්ෂණ ආවරණය වෙනකොට මේ තුළ උදව් උපකාර කළ කණ්ඩායමක් සිටි බව පැහැදිලි වුණා.  අපි පැහැදිලිව කියන්න කැමතියි කිසිසේත්ම රිෂාද් බදුර්දීන් අමාත්‍යවරයාට නැවත වරක් අමාත්‍යාංශයක් ලබාදීමට ඉඩ ලබාදෙන්නේ නැහැ.  ඒ සඳහා කටයුතු කරනවා නම් විපක්ෂයේ විදිහට අපි නැවත වතාවක් විශ්වාසභංගය ගේනවා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙනවා හෙට අනිද්දා වෙන කොට නැවත වතාවක් ඉවත් කරපු ආණ්ඩුකාරවරුන්ටත් ඒ තනතුරු දෙක ලබා දෙයි ද කියලා. ආණ්ඩුකාරවරු  දෙදෙනාට තවමත් සියලු වරප්‍රසාද තියෙනවා. ආරක්ෂාව ආරක්ෂක නිලධාරීන්, වාහන ඇතුළු රජයෙන් ලබාදෙන සියලු පහසුකම් ටික ලැබෙනවා. තනතුර විතරයි නැත්තේ. මේ විදියට දීගෙන දීගෙන යනකොට නැවත වතාවක් හිස්බුල්ලාටත් අසාත් සාලිටත් ආණ්ඩුකාර ධුර ලබා දෙයි කියලා අපිට සැකයක් තියෙනවා. එහෙම තනතුරු දුන්නොත් අපි ඒ සඳහා විරුද්ධව කටයුතු කරනවා.  
පසුගිය දවස් වල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් මාධ්‍ය සංදර්ශනයක් තිබ්බා ඇමතිවරයෙක්ගේ හොරකම් ගැන එළි කරනවා කියලා. ඒවාට විසඳුමක් දුන්නේ නැත්නම් විශාල පෙරළියක් කරනවා කියලා කිව්වා. අඟහරුවාදා ඒ පෙරළිය කරයි කියලා අපි බලාපොරොත්තු වුණා.  ඒත් අග්‍රාමාත්‍යවරයා හම්බුනාට පස්සෙ කියපු පෙරළිය වුණේ නැහැ.මේ අය කලින් අඬබෙර ගහලා කියනවා මෙහෙම කටයුත්තක් කරනවා කියලා. හැබැයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම පෙරළියක් කරන්නේ නැහැ. මොකද තමන්ට අවශ්‍ය කරන සියලු යටිතල පහසුකම් ටික ලබා ගත්තට පස්සේ රජය හෝ පක්ෂය හෝ ඇමතිවරු විවේචනය කරන්නේ නැහැ. පසුපෙළ මන්ත්‍රීවරු දවස ගානේ නායකත්වය විවේචනය කළා. හැබැයි අපි කියනවා පසුපෙළ මන්ත්‍රීවරුන්ට මාධ්‍ය සංදර්ශන තියන්න එපා කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දවස ගානේ එක එක ප්‍රකාශ කරනවා. එතුමා 2013 දි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉල්ලලා අස්වුනු අවසාන දිනයේ එතුමාට ලබා දීපු ඡන්ද සියල්ල එදා හිටපු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ කකුල් දෙක ලඟ තියලා මහින්ද රාජපක්ෂ මහතා  සමඟ අත්වැල් බැඳ ගන්නවා කියලා කිව්වා. මේ ඊයේ පෙරේදා කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කරලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනවා. චමල් රාජපක්ෂ මහතා කතානායක වෙනවා. බැසිල් රාජපක්ෂ මහතා ඇමැති කෙනෙක් වෙනවා. නාමල් රාජපක්ෂ නිරූපමා රාජපක්ෂ ඇමැති වෙනවා. එතුමා දන්නේ නැද්ද දන්නේ නැහැ නිරූපමා රාජපක්ෂ දේශපාලනයෙන් සමු අරන් ඉන්නේ කියලා.  මම අහන්න කැමතියි එතුමා එදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදලා සජිත් මහත්තයාගේ පැත්තේ ඉඳගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා විවේචනය කරපු නිසා පක්ෂයේ ඉන්න බැරි වුනා. ඊට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වයඹ පළාතට තරග කලා. එතකොටත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයායි. එදත් කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා. එදාත් ආර්ථික සංවර්ධන කටයුතු ඇමතිතුමා බැසිල් රාජපක්ෂ මැතිතුමා. ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා.  එදත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයෙක්. නිරූපමා රාජපක්ෂ මන්ත්‍රීවරියක් විදිහට කටයුතු කළා. එදා මේ වෙනස දැක්කේ නැද්ද. අද ද මේ වෙනස එතුමට මතක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එතුමට මතක් කරන්න ඕන දේ තමයි පසුගිය කාලය තුළ ඉතා කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරයට පත් වුණා. එතුමා එක්සත් ජාතික පක්ෂයෙන් ඇවිල්ල වයඹ මහ ඇමති වෙලා ආයෙ 2015 මැතිවරණයට තරග කරල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වුණ. අපිට සැකයක් තියෙනවා මේ කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කුමන්ත්‍රණයක් ද කියලා. මට තව ප්‍රශ්නයක් තියෙනවා. 2015 ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයට හිටපු ලේකම්තුමා කරපු දේ ද මේ මැතිවරණයේදී දයාසිරි ජයසේකර කරන්න ලෑස්ති වෙන්නේ කියලා සැකයක් තියෙනවා. එතුමට බොහොම පැහැදිලිව කියනවා රටේ ජනතාව ඉල්ලන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙක් පමණයි. ඒ හින්දා අපේ අපේක්ෂකයා පමණයි ඉදිරිපත් කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙක් පමණයි යෝජනා කරන්නේ. ඒ හින්දා එතුමා දවස ගානේ එක එක තැන්වල කරන ප්‍රකාශ පිළිබඳව අපි වාද කරන්න යන්නේ නැහැ. අපිට වෙනම මතයක් තියෙනවා. හැමදාම අපිට මේක ඉවසගෙන ඉන්නත් අමාරුයි. පක්ෂ දෙක ඒකාබද්ධ වෙන්න සාකච්ඡා කරන අතරතුර එතුමා තැනින් තැනට ගිහිල්ලා විවිධ ප්‍රකාශ කරනවා. අපි එතුමාගෙන් බැගෑපත්ව ඉල්ලීමක් කරනවා අපි එකතු වෙලා ගමනක් යනවා නම් ඒ ගමනේදී එකතු වෙලා කටයුතු කරන්න කියලා. අද අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපන් දිනය. එතුමාට අද අපි සුභ උපන්දිනයක් කියා ප්‍රාර්ථනා කරනවා.

■ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වි. චානක මහතා
වෙනදා පාර්ලිමේන්තුවට අයවැය ලේඛනයක් ඉදිරිපත් කරහම රටේ ජනතාවට ලොකු විස්වාසයක් තිබුනා. ඒක ක්‍රියාත්මක වෙයි කියලා ජනාතව තුළ බලාපොරොත්තුවක්තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ අයවැය ලේඛනයක් ඉදිරිපත් කලහම අවම වශයෙන් සියයට 90 ක ප්‍රතිශතයක් සියලු අමාත්‍යාංශ වල වැඩ කෙරුණා. හැබැයි මේ ආණ්ඩුව ඉදිරිපත් කරපු සියලු අයවැය වල උපරිම වැඩක් කෙරුණේ 60% ක් විතරයි. හැබැයි අද වෙද්දි මුදල් ඇමතිතුමා ප්‍රකාශ කරනවා තවත් අමාත්‍යංශවලට වෙන්කරපු මුදල් වලින් 15% කපා හරිනවා කියලා. වෙන කෙරුණ 60%යි.එකෙනුත් ඒකෙනුත් සියයට පහලොවක් 15% අඩු කරනවා කියන්නේ මේ සැරේ අයවැයෙන් සියට 50 ක් වත් වැඩ කෙරෙන්නේ නැහැ. මේ ආණ්ඩුව එක පැත්තකින් ආර්ථිකය විනාශ කළා. රටේ ආර්ථික සංවර්ධනය විනාශ කළා. සංචාරක ව්‍යාපාරය විනාශ කළා. ජාතික ආරක්ෂාව විනාශ කළා. මේ සියලුම දේවල් විනාශ කරලා රට එක පැත්තකට ඇදලා දාලා තියෙනවා. හැබැයි මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට තියෙන විශාලම ගැටලුව තමයි එක පැත්තකින් ජනාධිපතිවරයාගේ හා අග්‍රාමාත්‍යවරයා අතර ගැටුම. එක්සත් ජාතික පක්ෂය ඇතුළේ විශාල ගැටුමක් තියෙනවා. මේ ගැටුම් විසදා ගන්නෙ නැතුව මෙතුමන්ලා කොහොමද ආණ්ඩුවක් වශයෙන් රටේ තියෙන ප්‍රශ්න විසඳන්න කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි දැක්කා දයාසිරි ජයසේකර මැතිතුමා දිගින් දිගටම ජනාධිපතිවරණයක් ගැන සහ අපේක්ෂකයා ගැන විවිධ ප්‍රකාශ කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම  තනිවම ජයග්‍රහණය කරන්න බෑ කියලා එතුමා කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන්නේ ලක්ෂ 45 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි කියලා දයාසිරි ජයසේකර මැතිතුමා කිව්වා. මම මතක් කරන්න කැමතියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් එක්ව පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ලක්ෂ 50 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා.  එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද ලබා ගත හැකි වූයේ ලක්ෂ 13ක් පමණයි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් ගෙන් තුනෙන් එකක් දැන් ඉන්නේ අපිත් එක්ක.  මැතිවරණය වෙලාවේ අපිට ගමේ ශාඛා සමිති තිබුනේ නැහැ. ඒ මොහොතේ ලාබාලම පක්ෂය වශයෙන් අවුරුද්දක් යන්න කලින් තමයි අපි ඒ ජයග්‍රහණය ලබාගත්තේ. හැබැයි මේ වෙද්දි අපිට ප්‍රාදේශීය සභාව තියෙනවා. ශාඛා සමිති තියෙනවා.  ඉතාම ශක්තිමත් ව අපි මැතිවරණයට මුහුණ දෙන්න සූදානම්. එදාට වඩා අද වෙද්දි දහගුණයක් මේ ආණ්ඩුව පිරිහිලා තියෙන්නෙ. ඒ නිසා ලක්ෂ 50 ඉඳලා ලක්ෂ 65 දක්වා අපේ ඡන්ද ප්‍රමාණය වැඩිවෙලා තියෙන්නේ. නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙනඑක ස්ථිරයි. ඒක දයාසිරි ජයසේකර තියා කිසිම කෙනෙකුට නවත්වන්න බෑ.
දයාසිරි ජයසේකර මැතිතුමා කියනවා දහනවවැනි සංශෝධනයෙන් පස්සේ ඉස්සරහට ජනාධිපතිවරයාට බලතල නෑ කියලා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදියට ජනාධිපතිවරයාට බලතල නැත්තම් ඇයි වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ව නැවතත් ජනාධිපති කරන්න හදන්නේ. දයාසිරි ජයසේකර මහ ලේකම්වරයා එතුමාගේ නායකයාට ආදරය නැද්ද? මේක තමයි දයාසිරි මැතිතුමාගේ දිගටම තිබ්බ ප්‍රතිපත්තිය. හැමදාම අත්තෙන් අත්තට පැනලා ඊළඟ මැතිවරණයේදී තමයි අත්තෙන් බිමට වැටිලා පස්ස බිම ඇන ගන්නේ. ඒ වගේම අපි දන්නවා විජයමුණි සොයිසා මැතිතුමාට කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂය සංවිධායකකම දුන්නා. හැබැයි මේ විදියට මේ ප්‍රකාශත්  එක්ක අපිට සැකයක් ඇති වෙනවා  එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ  ආසන සංවිධායකකම ලැබෙන්නේ දයා සිරි මන්ත්‍රීවරයාට ද   කියලා. එදා ප්‍රහාරයට මූලික හේතුව තමයි කරුණු වසන් කිරීම. ත්‍රස්තවාදයෙන් ගැන දැනගත් කරුණු වසන් කරපු හින්දා තමයි එදා ප්‍රහාරය එල්ල වුණේ. අපි දැක්කා දයාසිරි මැතිතුමා කියනවා එදා ටාජ් හෝටලයට ප්‍රහාරය එල්ල වුණේ නැත්තේ විශේෂ පුද්ගලයෙක් පුද්ගලයෙක් ඒ ටාජ් හෝටලයේ හිටපු නිසයි කියලා. එහෙම හිටිය නං ප්‍රහාරය එල්ල වුණේ නැත්තං ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙක් වෙන්න ඕන. ඔහු ත්‍රස්තවාදයට සහයෝගය දුන්නා වෙන්න ඕන. හැබැයි දයාසිරි මන්ත්‍රීතුමා මේ මොහොතේදීත් එම පුද්ගලයා ගැන හෙළි කරන්නේ නැහැ. එතකොට එතුමා ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන පුද්ගලයෙක් වෙනවා. මේ මොහොතේදීත් එතුමා කරුණු වසන් කලොත් ඉස්සරහට එන සියලු ත්‍රස්තවාදී ක්‍රියාවලට දයාසිරි ජයසේකර වගකියන්න ඕන. හැමදාම රට තුළ ඉන්න ත්‍රස්තවාදීන්ට ලොකුම හිසරදය වූනේ මහින්ද රාජපක්ෂ මහතා. ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා පමණයි. 2015 මැතිවරණයේදී ත්‍රස්තවාදීන් සියලුම දෙනා එකතු වුණේ මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධවයි.  2015 සහරාන් වැඩ කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධවයි. මොකද ඔවුන් දැනගෙන හිටියා ත්‍රස්ත ක්‍රියාකාරකම් මහින්ද රාජපක්ෂ එක්ක  ඉදිරියට කරගෙන යන්න බැරි බව. මේවා අපි නෙමෙයි කිව්වෙ තේරීම් කාරක සභාවට එන සෑම පුද්ගලයෙක්ම කියනවා සහාරාන් ඇතුලුත්‍රස්තවාදීන් සියලු දෙනා වැඩ කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි කියලා. ඊයේ මවුලවී වරයෙක් තේරීම් කාරක සභාවට ඇවිල්ල ප්‍රකාශයක් කළා. 2016 තමයි මේ ත්‍රස්තවාදය ආරම්භ උනේ කියලා කිව්වා. 2017දී සහරාන්   මුස්ලිම් නැති සියලුම අය ඝාතනය කරන්න ඕන කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ පිළිබඳව සාගල ඇමතිතුමාට දැනුම් දීලා තියෙනවා. අධිකරණ ඇමතිතුමාට, අගමැතිතුමාට, ජනාධිපති කාර්යාලය වගේ තැන්වලට දැනුම්දීලා තියෙනවා. ඇයි එහෙනම් ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ. එදා 2015 මේ ත්‍රස්තවාදීන් යහපාලනය ගේන්න උදව් කරපු නිසා තමයි මේ පහුගිය කාලයේ විශාල නාටකයක් සිදුවුනේ. එක පැත්තකින් මුස්ලිම් අමාත්‍යවරයෙකුට ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වුන වෙලාවේ සියලුම මුස්ලිම් අමාත්‍යවරු ඉවත් වුණා. හැබැයි මෙතුමන්ලා කිව්වේ පරීක්ෂණ අවසන් වනතුරු කිසිසේත් ඇමතිකම් ඇමතිකම බාරගන්නෙ නෑ. පරීක්ෂණවලට සහයෝගය දෙනවා කිව්වා. හැබැයි ක්‍රමානුකූලව අද වෙනකොට දෙන්න දෙන්න නැවත වතාවක් අමාත්‍ය ධුර ගන්න බව පෙනෙනවා.


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress