සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන වංචා දූෂණ හා වාහන අවභාවිතය
Posted on June 21st, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (21) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා
■ පාර්ලිමේන්තු කාංචන විජේසේකර මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා
විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන වංචා දූෂණ හා  වාහන අවභාවිතය ඇතුළු කරුණු පිළිබඳව මම කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. පසුගිය වසර හතරක කාලය තුළ සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට පත්වුනු රාජිත සේනාරත්න ඇමතිවරයා විසින් කරන්නට යෙදුණු කරුණු ගණනාවක් පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන මගින් සහ විගණකාධිපති දෙපාර්තමේන්තු  වාර්තා නිකුත් කරලා තිබෙනවා. ඒ අතරින් ඇතිවෙලා තිබෙන තත්ත්වයන් සලකා බැලීමේදී ඉතාම භයානක මූල්‍ය, වාහන අවභාවිතාවක් වගේම බාල ඖෂධ ගෙන්වීම ඇතුළු කරුණු කාරණා රාශියක් පිළිබඳව හෙළිවී තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ක්‍රමවත්ව මේ සම්බන්ධව මේ රටේ වගකිව යුතු ආයතන වලට පොලිස් මූලස්ථානය , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව,  අල්ලස් හා දූෂණ කොමිසමට ලිඛිත සාක්ෂි සාධක සහිතව පැමිණිලි ගණනාවක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු නොවූ බව පැහැදිලිව කියන්න අවශ්‍යයි. මේ දිනවල ප්‍රධාන වශයෙන්ම කතාබහට ලක්වන ප්‍රධාන කාරණයක් වන සයිටම් විශ්ව විද්‍යාලයට අනුබද්ධ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයට පවරා ගැනීම වෙනුවෙන් 2017 වසරේදි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට යෙදුනා. කැබිනට් පත්‍රිකාව මගින් සයිටම් රෝහල ශික්ෂණ රෝහලක් හැටියට රජයේ රෝහලක් බවට පරිවර්තනය කරන බව ප්‍රකාශකළත් එය මෙතෙක් සිද්ධි වෙලා නැහැ. නමුත් රෝහලේ මානව සම්පත් වෙනුවෙන් ගෙවිය යුතු මුදල්, හෙදියන්, වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් ගෙවිය යුතු මුදල් රුපියල් බිලියන 5 කට ආසන්න ප්‍රමාණයක් රජය මගින් දැනටමත් මේ රෝහල වෙනුවෙන් වැය කරලා. බිලියන පහක් ඒ කියන්නේ රුපියල් කෝටි පන්සීයකට වැඩි මේ දැවැන්ත ධනස්කන්ධය රජයේ බදු මුදල් වලින් පෞද්ගලික ආයතනයක් වෙනුවෙන් තමයි වැය  කරල තිබෙන්නේ. මේ ආයතනය කැබිනට් පත්‍රිකාවක් මගින් රජයට පවරා ගන්නා බවට ප්‍රකාශ කළාට විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හෙළිකර ගෙන තිබෙනවා එසේ එවැන්නක් සිදුව නැති බව. අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සඳහන් කරන විදිහට මෙම රෝහල සම්බන්ධයෙන් දැනට රජය සතු ව කිසිම අයිතියක් අයිතියක් නැහැ. රජය අඛණ්ඩව මේ රෝහල වෙනුවෙන් අති විශාල ධනස්කන්ධයක් මාසිකව සහ වාර්ෂිකව වැය කරන බවත් බොහොම පැහැදිලියි. ඔබ සියලු දෙනා දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කරන කාලයේ දී සිද්ධියක් මේ දිනවල විභාගයට ගෙන තිබෙනවා. රුපියල් මිලියන 70 ක් වටිනා ඉදිකිරීමක් වෙනුවෙන් එතුමා සල්ලි ගෙවලා තිබියදීත්, දින වකවානු පිළිබඳව කාරණයක් පාදක කරගෙන තමයි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ මේ නඩුව විභාග කෙරෙන්නේ. එතුමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීමේ අරමුණින් දේශපාලන පළිගැනමක්  හැටියට එතුමාට විරුද්ධව මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුව පවරන්නේ. ඒ මුදල් සියල්ල ම ගෙවලා තියෙද්දිත් මේ විදියට නඩු පවරලා මූලික අයිතිවාසිකම් අපහරණය වෙන විදියට කටයුතු කරන ආණ්ඩුව රුපියල් බිලියන 5 ක් වංචා කරපු රාජිත සේනාරත්න ඇමතිවරයාට විරුද්ධව අපහරණ වලට ඉඩදෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරිය ඇතුළු දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ කටයුතු වලට ව්‍යංගයෙන් හෝ අනුබල දී තිබෙනවා. මේ ඇමැතිවරුන් පිළිබඳව තීරණය කිරීම ජනතාවටම බාර කරනවා.
ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණනයක් හරහා මෑතකදී හෙලිවී තිබෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශාල වාහන අවභාවිතයක් සිදු වී තිබෙන බව .මේ විගණන වාර්තාව සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලැබූවක් .එහි බොහොම පැහැදිලිව චක්‍රලේඛ විධිවිධාන වලට පටහැනිව අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනට සංඛ්‍යාව ඉක්මවා භාවිතා කර ඇති මෝටර් රථ සංඛ්‍යාව වාහන 24 ක් බව සඳහන්. මේවා තමුන්ගේ පවුලේ හිතවතුන්ට, තමුන්ගේ බිරිඳට, තමුන්ගේ පුතුන්ටත්, තමුන්ගේ හිතවතුන්ට, තමුන්ගේ පෞද්ගලික ලේකම්වරුන් ඇතුළු විශාල පිරිසකට ලබා දී තිබෙන බව පැහැදිලියි. මේ වාර්තා වල සඳහන් වෙනවා 2017 දෙසැම්බර් 31වැනි දින අමාත්‍යාංශය සතු මෝටර් රථ 679 සහ යතුරුපැදි 1115ක් ඒ කියන්නේ මුළු වාහන 1794 ක භෞතික පැවැත්මක් තහවුරු කරගැනීමට අමාත්‍යාංශයට නොහැකි වී තිබෙන බව. අමාත්‍යාංශය සතුව තිබෙන අති විශාල වාහන ප්‍රමාණයක භෞතික ස්ථානය වත් මේවා තියෙන්නේ කොහෙද කවුරුත් විසින් පරිහරණය කරනවාද යන්න වත් තහවුරු කරගැනීමට කර ගැනීමට හැකි වි නැහැ. මෙහි සදහන් වෙනවා වටිනා ජීප් රථ තුනක් දැනට පරිහරණය කරනවාද යන්න වත් සොයා ගැනීමට නොහැකි වී ඇති බව.  වාහනඅංක කේ බී 9985, කේ පී 0050, කේ පී 9404 යන අමාත්‍ය කාර්යාලය ට අනුයුක්ත කරලා තියෙන වටිනා සුඛෝපභෝගී ජීප් රථ 4 ක් දැනට සොයා ගැනීමට නොහැකි බවත් මෙම අභ්‍යන්තර විගණන වාර්තාවේ සඳහන් වී තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ  වාහන අවභාවිතය පිළිබඳ වංචාව ඉතාම පැහැදිලියි. මේ පිළිබඳව දැන් විශාල ගැටලුවක් මතුවී තිබෙනවා. අස්ථාන ගත වී තිබෙන වටිනා වාහන තමන්ගේ පවුලේ උදවිය සහ දේශපාලන හිතමිතුරන්ට ගජ මිතුරන්ට ඇමතිවරයා ලබාදී ති දී තිබෙන බව බොහොම පැහැදිලිව ප්‍රකට වෙති. මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ සිටම සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා බාල ඖෂධ ගෙන්වීම පිළිබඳව චෝදනා එල්ල වුණා. විශේෂයෙන්ම පිළිකා රෝග නීතිය පිළිබඳව සියලුම විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ධ වෙද්දී තමුන්ගේ පෞද්ගලික හිතවතෙකුට අයත් සමාගමක් හරහා මේ රටට රුසියාවේ නිෂ්පාදිත ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම පිළිබඳව අමාත්‍යවරයාට පැහැදිලි චෝදනාවක් එල්ල වී තිබෙනවා. දැන් පිළිකාවට අදාල ඖෂධ විතරක් නෙමෙයි. දියවැඩියාව ළමා රෝග පිළිබඳවත් සිදු බාල ඖෂධ ගෙන්වීම කෙරෙනවා. ලංකාවට ඖෂධ ගෙන්වීමේදී පසුගිය වසර හතරක කාලය තුළ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ, වෛද්‍ය සැපයීම් අංශයට කරනු ලබන සැපයුම් පිළිබඳ විඝණකාධිපති වාර්තාවෙන් ප්‍රබල ගැටළු රාශියක් මතු කර තිබෙනවා. මේ අතරින් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඖෂධ මිලදී ගැනීම, කල් ඉකුත් වූ ඖෂධ රෝහල්වලට ලබා දීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත නොකිරීම, කාල සටහනකට අනුව කටයුතු නොකිරීම, වෛද්‍ය සැපයීම් දේශීය වෙඳසැල් වලින් මිලදී ගැනීමේදී සිදුවන අතිරේක පිරිවැය දැරීම, ඇතුළු අර්බුද ගණනාවක් පිළිබඳව විගනකාදිපති දෙපාර්තමේන්තුව පැහැදිලිව චෝදනා එල්ලකර තිබෙනවා.
එක පැත්තකින් මේ රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් බිලියන ගණනින් අපතේ යවන ගමන් ප්‍රතිකාර කිරීමේදී රෝගයට ප්‍රතිකාරයක් නොලැබෙන ඖෂධ ඔවුන්ට ලබා දෙනවා. මේ නිසා පිළිකා රෝග, දියවැඩියාව ඇතුළු රෝග වලින් පෙලෙන රෝගීන්ට ප්‍රතිකාරයේදී බෙහෙත දුන්නට සුවපත් නොවනතත්වයක් මතු වෙලා තිබෙනවා. ඉතාම ප්‍රබල ගැටළුවක්. වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුව, ඖෂධ නීතිගත සංස්ථාව අමාත්‍යවරයාගේ නියෝග අනුව මේ රටේ පිළිගත් සම්ප්‍රදායට පටහැනිව ඖෂධ මිලදී ගැනීම් සිදු කර තිබෙන බවත් තත්ත්වයෙන් බාල කල් ඉකුත් වූ ඖෂධ ජනතාවට ලබාදී තිබෙන බවත් මෙම වාර්තාවෙන් හෙළි කර තිබෙනවා.මේ සම්බන්ධ කරුණු කාරණා ඉදිරි ආණ්ඩුවක් යටතේ දී විමර්ශනයට ලක් කරනවා. මේ වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු සෞඛ්‍ය ඇමතිවරයා ඇතුළු වගකිවයුතු සියලු දෙනා සම්බන්ධයෙන් අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි මේ කාරණා වලට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය අනෙකුත් කටයුතු සියල්ලම අධීක්ෂණයට ලක් කළ යුතුයි. ඖෂධ පමණක් නොවෙයි. අනෙකුත් උපකරණ සැපයුම්, රෝහල්වල පිරිසිදු කිරීමේ ටෙන්ඩරය  ඇතුළු කරුණු කාරණා වලදී විශාල ලෙස වංචා  සිදුවන බවත් පැහැදිලි. ටෙන්ඩර් අවභාවිතය  වසරකට කෝටි 10 ඉක්මවන බවත් බොහොම පැහැදිලිව ලිපි ලේඛන වල සඳහන් වෙලා තිබෙනවා. මේ සයිටම් රෝහලට රජයේ මුදල් යෙදවීම රජයෙන් වාහන අවභාවිතය තත්ත්වයෙන් බාල ඖෂධ ගෙන්වීම, ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කිරීම වැනි ඉතාම අත්තනෝමතික පාලනයකට සෞඛ්‍ය අමාත්‍යාංශය පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කොට තිබෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂය හඬ අවදි කරනවා. එපමණක් නොවෙයි ඉදිරියේදී නීති මාර්ගයෙන් ගත යුතු සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව මෙහිදී අවධාරණය කරනවා. දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝගී අයිතිවාසිකම් වෙනුවෙන් ලබාදෙන නිර්දේශ නොසලකා කටයුතු කරන බව ට නඩු තීන්දුවක් පවා නිකුත් වෙලා තිබෙනවා. මේ නඩු තීන්දුව හරහා ඖෂධ නියාමන අධිකාරියට පත්වෙලා තිබෙන නිලධාරීන් ඇතුළු පුද්ගලයින්, විවිධ ඖෂධ සමාගම් සමඟ සම්බන්ධකම් පවත්වනවා. ඒ නිසා නියමානුකූල බලයක් වර්තමාන ඖෂධ නියාමන අධිකාරිය ට නොමැති බව හෙළි වෙනවා. අධිකරණ තීන්දුවලට පටහැනිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කරනු ලබනවා.  මේ විගණන වාර්තා සහ  අභ්‍යන්තර විගණන වාර්තා අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සියලුම සම්ප්‍රදාය නීති රීති  උල්ලංඝනය කරමින් තමුන්ගේ පෞද්ගලික සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කිරීම අපි ඉතාමත්ම පිළිකුලෙන් හෙළා දකිනවා කියන කාරණය අපි සඳහන් කරන්න කැමතියි .

පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර මහතා
අද ජුනි මාසේ විසි එක් වෙනිදා. පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වෙලා මාස දෙකක් ගත වෙලා තියෙනවා. අප්‍රේල් 21 සිදුවෙච්ච ප්‍රහාරයෙන් පසුව අඩුම තරමේ ආණ්ඩුවේ නිල ප්‍රකාශයක් තුළින් සිදු වෙච්ච හානිය පිළිබඳව හෝ  ඒ හානිය සිදු කළ පුද්ගලයින් පිළිබඳව නිවැරදි තොරතුරු රටට ලබාදෙන්න ආණ්ඩුව අසමත් වුනා. ඊයේ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් විදේශගත වීමට පෙර ප්‍රකාශයක් සිදු කළා. මෙතෙක් පවත්වපු පරීක්ෂණ කටයුතු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සම්බන්ධව සෑහීමකට පත්වන්නට පුළුවන් කමක් නැහැ කියලා උන්වහන්සේ එහිදී අදහස් දැක්වූවා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට යෝජනා කරනු ලැබූවේ වගකිම් දැරිය යුතු පුද්ගලයන් ඒ වගකීම පැහැරහැරිය පුද්ගලයන් පිළිබඳව පරීක්ෂණ පවත්වන්නයි. නමුත් අද අපි දකින්නේ මෙම තේරීම් කාරක සභාව හරහා පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිවයුතු සහ වගකීම්පැහැර හැරි පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ කරනවා වෙනුවට, විවිධ රාජ්‍ය නිලධාරීන් විවිධ පුද්ගලයන් දඩයම් කිරීම සඳහා මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කටයුතු කරන ආකාරයයි.  පසුගිය සතියේ අපි දැක්කා රාජ්‍ය පරිපාලන අමාත්ාංශයේ ලේකම්වරයා රත්නසිරි මැතිතුමා කැඳවලා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඇතිවෙච්චි තත්ත්වයන් පිළිබඳව සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ චක්‍රලේඛ පිළිබඳව ප්‍රශ්න කිරීම් සිදු කළා. පසුගිය කාලය පුරාවට ම විවිධ අවස්ථාවලදී තේරීම් කාරක සභාවේ සාමාජිකයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම කියවා ගන්න උත්සාහ කරනවා. ඒ නම මතුවෙන  විදිහට විවිධ ප්‍රශ්න අහනවා. මේ වන විටත් රාජ්‍ය ආරක්ෂාව බාරව හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා නැත්තම් අගමැතිවරයා හෝ මේ කැබිනට් එකේ ඉන්න වගකිව යුතු ඇමතිවරයෙක් වගකිවයුතු පුද්ගලයෙක්  තේරීම් කාරක සභාවට කැදවල ප්‍රශ්න කිරීම් කරනවා අපි තවමත් දැක්කේ නැහැ. තේරීම් කාරක සභාව පත්කරන අවස්තාවේ අපි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා තේරීම් කාරක සභාවක් පත් කරනවා නම්  ඒ පත් කිරීම් කළ යුත්තේ අදාළ සියලු පුද්ගලයින් කැඳවීමට බලය තිබෙන තේරීම් කාරක සභාවක් විදිහට කියලා.කතානායකතුමා තුමත් එදා ප්‍රකාශ කළේ ඒ විදියට සිදුවිය යුතුයි කියලා නමුත් අද අපට පේන්නේ මේ තේරීම් කාරක සභාවක් අර බැඳුම්කර කොමිසම සභාවේ හදපු ජනාධිපති කොමිෂන් සභාවට දෙවැනි  වෙන්නේ නැහැ කියන දේ.ඊයෙ දවසෙ මාධ්‍ය වාර්තා කළා කළ නීතිපතිවරයා උපදෙස් දීලා තියෙනවා කියලා ජනාධිපතිවරයා විසින් පත් කරපු විජිත මලල්ගොඩ කමිටුවේ නිර්දේශවලට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක් ඇතුළුව පොලිස් නිලධාරීන් නව දෙනකුට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට .විශේෂයෙන්ම වගකීම් පැහැර හැරීම අනතුරු වළක්වා ගැනීමට නොහැකිවීම අනතුරු අඩාල කර ගැනීමට නොහැකි නොහැකි වීම යන කාරණා යටතේ ඔවුන්ට විරුද්ධව විරුද්ධව චෝදනා ගොනු කරනවා.එක පැත්තකින් ආරක්ෂාව බාරව හිටපු ආරක්ෂක ලේකම්වරයා එවකට හිටපු පොලිස්පතිවරයා එවකට හිටපු ඇමතිවරු කැබිනට් මණ්ඩලය මේ සියලු සියලූදෙනාම අතහැරලා විවිධ නිලධාරීන් දඩයම් කරගෙන යන කොමිෂන් සභාවක් විදිහට ජනාධිපති කොමිෂන් සභාව පත් වෙලා තියෙනවා. විශේෂ ජනාධිපති කොමිෂන් සභාව අවුරුද්දක් බැඳුම්කර සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදු කළා. ඊට අනුව පසුගිය සතියේ නිලධාරීන් කිහිප කෙනෙකුට පමණක් නඩු පවරන්න නීතිපතිවරයා උපදෙස් දුන්නා. මහ බැංකුවේ අධිපතිවරයා ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙකුටත් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් කිහිප දෙනෙකුටත් පමණයි නඩු පවරන්නේ. නමුත්  මාධ්‍ය මගිනුත් , කෝප් කමිටු වාර්තාවෙනුත් අපි දැක්කා, මේ සඳහා අගමැතිවරයා රවී කරුණානායක ඇමැතිවරයා ඇතුලු පිරිස් මෙයට සම්බන්ධ වෙලා තිබෙනවා. 2015 ආණ්ඩුව බලයට පත් වෙච්චි වෙලාවේ අපි දැක්කා එවකට ආණ්ඩුවේ හිටපු ඇමතිවරු දඩයම් කළා. බැසිල් රාජපක්ෂ ඇමැතිතුමා, මහින්දානන්ද අලුත්ගමගේ, විමල් වීරවංශ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඒ වගේ අය සිරගත කළා. එවකට ආණ්ඩුවේ හිටපු කැබිනට් ඇමතිවරු වංචාවන්ට වගකිය යුතු යි කියලා  සිරගත කරපු ආණ්ඩුව, මේ ආණ්ඩුව යටතේ සිදුව ඇති වංචා දූෂණයන් සහ සියලුම ප්‍රහාරයන් පිලිබඳ කටයුතුවලදී ඇමති මණ්ඩලය පැත්තක තියලා නිලධාරීන් පමණක් දඩයම් කරන තැනට පත්වෙලා තිබෙනවා. මේ තේරීම් කාරක සභාව මුල් අවස්ථාවේදී පත්කළේ රිෂාඞ් බදුර්දීන් ඇමතිතුමාට එරෙහිව තිබෙන චෝදනා  සෝදලා ඔහු නිර්දෝෂි බවට පත් කිරීමටයි. දැන් අපිට සැකයක් ඇතිවෙලා තිබෙනවා මේ කමිටුව පාවිච්චි කරලා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු, අගමැතිවරයා ඇතුළු කණ්ඩායම සෝදන්න ද හදන්නේ කියලා. ඊයේ ජාත්‍යන්තර මාධ්‍ය විශේෂ හෙළිදරව්වක් කරලා තිබුණා. අයිඑස් අයි එස් සංවිධානයේ මැදපෙරදිග පරාජයන් වලින් පසුව ඉන්දියාව සහ ලංකාව ඔවුන්ගේ ආක්‍රමණ භූමි හැටියට පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලා. ඒ  පිලිඹඳව රෝ ඔත්තු සේවය ප්‍රකාශයක් කළා.
ජාත්‍යන්තර මාධ්‍යට හෙළි කළ මේ සිද්ධිය අනතුරු ඇගවීමක් බවට පෙනී යනවා.  මේ     ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවැනි ම  තොරතුරු හෙළි කිරීමක් ඉන්දියානු රෝ ඔත්තු සේවය සිදු කළා. එහිදී කරුණු අනාවරණය කිරීම පමණක් නොවෙයි, දුරකථන ඇමතුම් වලින් පවා ආණ්ඩුවට දැනුම් දී තිබෙනවා. ප්‍රහාරය එල්ල කෙරෙන දිනයේදී පවා ඒ පිළිබඳව ඔවුන් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.එයින් පෙනී යන්නේ සංවිධානය තවමත් සක්‍රීයව ක්‍රියාත්මක වෙනවා කියන එකයි. ඉන්දියාවටත් ලංකාවටත් එහි තර්ජනයක් තියෙනවාි.පසුගිය සති කිහිපයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කිව්වේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට අරන් තියනවා, ඒයට සම්බන්ධ වෙච්ච සියලු දෙනා මර්දනය කරලා තියෙනවා, මේ අයිඑස් අයිඑස් කියන තර්ජනය 99%  ක් මෙරටින් තුරන් කරලා තියෙනවා කියන එකය.ි නායකයෝ දෙන්නා එවැනි දෙයක් ප්‍රකාශ කළාට පස්සේ ඉන්දියානු රෝ ඔත්තු සේවය මෙවැනි ප්‍රකාශයක් කරද්දී නැවත වතාවක් මේ රටේ ජනතාවට ත්‍රස්තවාදී බියක් ඇති වෙනවා. මෙහි දී රටේ නායකයෝ කියන දේ අහන්න ද නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණය කරපු රෝ ඔත්තු සේවයේ මාධ්‍ය වාර්තාව පිළිගන්න ද කියන  දේ පිළිබඳව ජනතාවට දෙගිඩියාවක් ඇති වෙනවා.අපි ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන දේ පිළිගන්න කියලා. එවැනි තර්ජනයක් නැවත වතාවක් තියෙනවා නම් ඒ පිළිබඳව කරුණාකරලා ඔබේ අවධානය යොමු කරන්න.  එදා  බුද්ධි අංශ සේවාවන් අඩපණ කරල සිදුකරපු ක්‍රියාදාමය නිසා මේ රටට බරපතළ සිදු උනා. මේ නිලධාරීන් දඩයම් කරගෙන යන ගමනේදී  ඉදිරියේ දී තවත් මේ වගේ අනතුරක් සිදු වෙන්න         පුලුවළුවන් ද කියන දේ පිළිබඳව අපට සැකයක් මතුවෙනවා. ඒ නිසා අපි මේ රටේ රාජ්‍ය පාලකයන් ගෙන් ඉල්ලීමක් කරනවා මේ මාස කිහිපය හරි මේ රට  ආරක්ෂිත රටක් විදිහට පවත්වාගෙන යන්න අවශ්‍ය නායකත්වයත්  සහයෝගයත් ආරක්ෂක අංශ වෙත ලබා දෙන්න කියලා. ජනාධිපතිවරණය පිළිබඳ මාතෘකාව විවිධ මාධ්‍ය හරහා පසුගිය කාලයේ අපි දැක්කා. විවිධ දේශපාලන පක්ෂ නායකයන් ඔවුන්ගේ අපේක්ෂකයා පිළිබඳ සඳහන් කරනවා. අපි පොදුජන පෙරමුණ හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිවරනය ඉලක්ක කරගත්  වැඩපිළිවෙළ ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය අපේක්ෂකයන් නම් කිරීමේ කටයුත්ත පොදුජන පෙරමුණු ජාතික සම්මේලනයේදී  එළිදක්වන්න ,කරුණු ඉදිරිපත් කරන්න,   අපි සූදානම් වෙලා ඉන්නවා. නමුත් අපි දැක්කා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා දිගින් දිගටම අපේක්ෂකයන් පිළිබඳ යම්කිසි මතයක් රටට පලකරලා පොදුජන පෙරමුණ සහ ඒකාබද්ධ විපක්ෂය  ඇතුළු සමස්ත විපක්ෂය තුල යම්කිසි බෙදීමක් හදන්න උත්සාහ කරනවා. අපට තවමත් සැකයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා ඊළඟ මැතිවරණය වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා දෙයිද ,නැත්නම් ආණ්ඩුව නියෝජනය කරන අපේක්ෂකයාට සහයෝගය ලබා දීලා අවසාන මොහොත පිල් මාරුවක් කරයිද කියලා .ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් වරුන්ගේ එහෙම පූර්වාදර්ශ ඉතිහාසයේ තියෙනවා. දයාසිරි ජයසේකර පහුගිය ජනාධිපතිවරණයේදී  ඒ කියන්නේ 2005 රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය යෙදුණා. 2010 සරත් ෆොන්සේකා මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ යෙදුණා. 2015 මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ  යෙදුනා. මේ අවස්ථා තුනේම එතුමා සහයෝගය දුන් ජනාධිපති අපේක්ෂක තුන්දෙනාම පරාජයට පත්වුණා.  ඉදිරි ජනාධිපතිවරණයේ දී   අපේ පැත්තේ අපේක්ෂකයා  සඳහා සහයෝගය ලබා ගන්න කොට එතුමාව ටිකක් හෝදලා ගන්න ඕන කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද එතුමා විසින් නම් කල අපේක්ෂකයෝ තුන් දෙනාම ඒ මැතිවරණය අවස්ථාවේදී පරාජයට පත්වෙලා තිබෙනවා. අපි දයාසිරි ජයසේකර මැතිතුමා ගෙන් ඉල්ලීමක් කරනවා විපක්ෂය සමග එකට ආණ්ඩුවට විරුද්ධව නම් කටයුතු කරන්න කියලා.  මේ රටේ මුළුමහත්  ජනතාව ඉල්ලන එක අපේක්ෂකයෙක් ඉන්නවා. ඒ අපේක්ෂකයා පිළිබඳව මේ රටේ ජනතාව දැනටමත් තීන්දුවක් අරගෙන ඉවරයි. අපේ කණ්ඩායම ඇතුලේ අපේක්ෂකයා පිළිබඳව යම්කිසි  මතයක් තියෙනවා. අපි තීන්දුවක් අරන් තියෙනවා. ඒ නිසා අපි දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමාට කියනවා ඔබතුමා උත්සහහ කරන්නෙ උදව් කරන්නේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට නම් කරුණාකරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් හැටියට ඒක නොකර ආණ්ඩුවට එකතු වෙලා වැදගත් විදිහට කටයුතු කරන්න කියලා.
එළඹෙන ජනාධිපතිවරණය සඳහා දින වකවානු ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙනවා. අපි විශ්වාස කරනවා දෙසැම්බර් 9 වැනිදාට පෙර මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි යන්න. අධ්‍යාපන අමාත්‍යාංශය  සහ විභාග දෙපාර්තමේන්තුවෙන්  සාමාන්‍ය පෙළ විභාගය සඳහා කාලසටහන නිකුත් කරලා තියෙනවා. දෙසැම්බර් 2 වෙනිදා ඉඳලා තමයි  සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කරන්නේ. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට පෙර නොවැම්බර් අවසාන සතිය වෙනකොට මේ රටේ ජනාධිපතිවරණය පැවැත්විය යුතුව තියෙනවා. සාමාන්‍ය පෙළ පෙළ විභාගය කාලසටහන වෙනස් කරලා   මැතිවරණය කල් දමා ගැනීමට රජය උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවෙන් සහ මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරනවා සාමාන්‍ය පෙළ විභාගයට බාධාවක් නොවෙන ආකාරයට ජනාධිපතිවරණයට දින නියම කරන්න කියලා.



පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා
ඉදිරි මැතිවරණ සඳහා අපි මේ වනවිට සූදානම් වෙමින් සිටිනවා.ඒ සඳහා විශේෂඥ උපදෙස් ලබා ගනිමින් අවශ්‍ය කටයුතු සිදු වෙනවා. එච්චරම සම්බන්ධයෙන් කිසිදු චකිතයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපිට නැහැ. අපේ අපේක්ෂකයා විදියට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම යෝජනා වෙලා තිබෙනවා. ඉදිරියේදී පක්ෂ සංවත්සරය පවත්වා අපේ අපේක්ෂකයා ජනතාවට හඳුන්වා දෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගේ හදගැස්ම හඳුනන නායකයෙක් විදියට පක්ෂ සංවත්සරයේ දී අපේ ජනාධිපති ධූර අපේක්ෂකයාගේ නම ජනතාවට දැනගන්නට හෙළි කරනවා.
අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් අපිට කිසිදු ගැටලුවක් නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තර අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා වෙන්න කී දෙනෙක් අපේක්ෂකය ඇඳුම මහගෙන ඉන්නවද. කථානායක කරු ජයසූරිය මහතා කථානායක ධූරය වගකීම් ඉටු කරනවා වෙනුවට එක්සත් ජාතික පාක්ෂිකයන් හා එක්සත් ජාතික පක්ෂයේ වැඩ පිළිවෙල අනුවයි කටයුතු කරන්නේ.
අනිත් පැත්තෙන් මන්දපෝෂණයෙන් දරුවා මියගියත්, බාල බෙහෙත් මිනිස්සුන්ට ලබා දුන්නත් තමන්ව ජනාධිපතිවරයා කරයි කියලා හිතන් සෞඛ්‍ය ඇමතිවරයාද අපේක්ෂකයා වෙන්න ඇදුම් මහනවා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කැලෑ එළි කරමින් නිදන්ගොඩ ගනිමින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ පිහිටෙන් හෝ ජනාධිපති වෙන්න බලන් ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ සහායෙන් ජනාධිපති වෙන්න බලන් ඉන්න නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් සජිත් ප්‍රේමදාස ගැන කලකිරිලා.
මේ අතරේ පාඨලී චම්පික ඇතිවරයාත්, අමුතු විද්වත් තාක්ෂණික දැක්මක් ගැන සාකච්ඡා කරමින්  ජනාධිපති ඇඳුම් අඳින්න ලෑස්ති වෙනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරයට හරියටම මාස දෙකයි.මේ වෙද්දි ඊළඟ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියානු රෝ වාර්තා කරමින් තිබෙනවා. නමුත් රටේ ආරක්ෂාවට අදාල කටයුතු සිද්ධවෙන බව පේන්නේ නැහැ.පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරනවා වෙනුවට ඉහළ පිරිස් නිවැරදිව රාජකාරි කළානම් මේ කිසිවක් වෙන්නේ  නැහැ.
හොඳම උදාහරණය මීගමුවේ පොලිස් අධිකාරිවරයා. මීගමුව පොලිස් අධිකාරී වගේ  පාතාලය සමඟ සම්බන්ධකම් තියෙන නිලධාරීන් තමයි තියාගෙන ඉන්නේ. කැනඩාව වැනි රටවලට මිනිස් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් සමග මේ අධිකාරීවරයා සම්බන්ධකම් තිබෙන බවට අපට තොරතුරු අනාවරණය වෙලා තිබෙනනේ. එවැනි පොලිස් අධිකාරිවරයෙක් තමයි කටුවාපිටියේ  ප්‍රහාරය සිද්ධවෙනකොට ඉඳලා තියෙන්නෙ.
මැල්කම් රංජිත් කාදිනල්තුමා මේව දන්න නිසයි පරීක්ෂණ සම්බන්ධයෙන් හෝ රජයේ ක්‍රියාමාර්ග  සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැති බව කියන්නේ. තේරීම් කාරක සභාවෙන් කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්.  සත්‍ය සෙවීමට තේරීම්කාරක සභාවට අවශ්‍යතාවයක් නැහැ .
මේ වෙද්දි දරුවෝ 50ක් විතර ජීවිතයත් මරණයත් අතර සටනක . මේ දරුවන් ලෝකෙ කොහේ හෝ රටවලට ගෙනිහිල්ල සනීප කරන එක රජයේ වගකීමක්. තුවාලකරුවන්ට රුපියලක් වත් නොලැබුණු තැන් තියෙනවා. සමහරුන්ගේ ඔලු කටු ගලවලා පැත්තකින් තියලා .සමහර දෙමව්පියන්ට රැකියාවට යන්න විදිහක් නැහැ දරුවා ආරක්ෂා කරන්න වෙලා. දරුවා විෂබීජවලින් ආරක්ෂා කරන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා. ආණ්ඩුව කරන්නේ බලය රැක ගැනීමට විතරයි.බලය රැකගන්න තවදුරටත් චන්ද නොපවත්වා සිටියොත් ජනතාව මේ පාලකයන් සම්බන්ධයෙන් තීරණයක් ගනී.
දයා ගමගේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී  මගේ සෙවනගල ,මගේ හිගුරාන කියනවා. මේ සීනි කම්හල් දයා ගමගේ ඇමතිවරයාගේ  වෙන්නේ කොහොමද .  කම්හල් වල තක්සේරු වටිනාකමටත් අඩුවෙන්  තමයි මේ කම්හල අරන් තියෙන්නේ. ජනතාවගේ සම්පත් මේ විදිහට ඉල්ලන්න ලැජ්ජ නැද්ද. ලැජ්ජ නැතුව සභානායකවරයා කියනවා අපිට ඕනේ නම් නිකන් දෙනවා කියලා. කම්හල් දෙන්නෙ නැත්නම් නැත්තං වන්දි හරි දෙන්න කියලා ඇමතිවරයා කියනවා. හෙලිකොප්ටර් ගත්තේ වන්දි ලැබිල නෙමේද.   සිරිකොතේ ලයිට් බීලයි වතුර බීලයි ගෙව්වා කියලා රටම එතුමට ලියල දෙන්න ඕනෙද. ඇමතිවරයාගේ කාලයේ ඒ කම්හල්වල වැඩිපුරම හැදුවේ අරක්කු.වැරදි කරන දේශපාලකයින්  ඉලපත අරන් එලවන්න. සමෘද්ධි තියා මොනවා දුන්නත් එක්සත් ජාතික පක්ෂයේ පාලකයින්ට ජනතාව ඉදිරියට යන්න බැහැ. ජනතාව අද ඉන්නේ භීතියෙන් දැඩි සත්කාරය ඉන්න දරුවෝ වෙනුවෙන් අවධානය යොමු කරන්න .මේ වගේ දේවල් හෙළිකරන කොට සමාජ මාධ්‍ය සඳහා සහ අනිකුත් මාධ්‍ය සඳහා වාරණ යෙදෙන අණපන හෙළිකිරීම අපි අගය කරනවා.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress