තවත් සහරාන්ලා පස්දෙනෙක් ශ‍්‍රී ලංකාවේ සිටිනවා… ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය අනතුරු අඟවයි
Posted on June 23rd, 2019

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

arakshawa1

මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන කල්තියා අනතුරු අඟවන ලද්දේ ඉන්දීය බුද්ධි සේවය බව ඉන්දීය අගමැති මෝදිගේ දිව්රුම්දීමේ උත්සවයට නවදිල්ලියට ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට හෙළි විය.

 “පාස්කු ප‍්‍රහාරයට දින 17 කට පෙර මේ ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි සේවාව ශ‍්‍රී ලංකා බුද්ධි සේවාවට අනතුරු අඟවා තිබුණි. අපේ‍්‍රල් 4 දා කළ මේ අනතුරු ඇඟවීම ගැන “මට දැනුම් දීමක් කළේ නැත යයි” ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසූ බව ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත කියා සිටියේය.

 “මම අපේ‍්‍රල් 16 දා විදේශ සංචාරයක නිරත වුණා. එහෙත් ඉන්දීය බුද්ධි සේවාවේ අනතුරු ඇඟවීම මා වෙත දැන්වූයේ නැත යයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

මේ ප‍්‍රකාශයෙන් රටේ බුද්ධි ප‍්‍රධානීන් ලැජ්ජා විය යුතු නොවේද?

ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පාස්කු ප‍්‍රහාරයට අදාල තවත් තොරතුරු සොයාගෙන තිබුණි.

arakshawa2

රටක් රැදී පවතින්නේ ජාතික ආරක්‍ෂාව මතයි. ජාතික ආරක්‍ෂාව ගැන ක‍්‍රියාකරන්නේ නම් පැය 24 පුරා අවදියෙන් සිටිය යුතුයි. මන්ද සතුරා කොයි මොහොතේ හෝ ජාතික ආරක්‍ෂාවට තර්ජන එල්ල කරන නිසාය.- හිටපු ඊශ‍්‍රායල් අගමැති එහුද් බරක්

 2014 වසරේ ජුලි මසදී සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නමින් අටවාගත් සංවිධානයක් “මහා හෙණය පරාජය කරමු” යන තේමාව යටතේ මෙහෙයුමක් දියත් කරනු ලැබීය. විධායක ජනපති ක‍්‍රමයට එරෙහිව ගෙන ගිය මේ මෙහෙයුම ආරම්භ වී වසර පහකට පසු එනම් 2019 අපේ‍්‍රල් 21 වැනි පාස්කුඉරිදා හෙණය වැදුණේ ජාතික ආරක්‍ෂා වටය.

 ඒ අන්තවාදී ජාතික තව්හිද් ජමාත් සංවිධානය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කිරීමයි. මේ පාස්කු ප‍්‍රහාරයේ වරද භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් වී නැත. 2017 වසරේදී කොළඹ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් පරීක්‍ෂක ආර්. පතිරණට ජමාත් තව්හිද් නායක සහරාන් හෂීම්ගේ කටයුතු නිරීක්ෂණය කිරීමට උපදෙස් ලැබී තිබිණි.

 මේ වන විට ජාතික තව්හිද් ජමාත් නායක හෂීම් මොහමඞ් සහරාන් පදිංචිව සිටියේ කාත්තන්කුඩිහි පිරාපල්ලිය පාරේ අංක 64/01 දරන ස්ථානයේයි.

 2017 මාර්තු 10 දා කාත්තන්කුඩි ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වන මුස්ලිම් සංවිධාන දෙකක් අතර ආගමික මතබේද ඇතිකර එම සංවිධානවලට සම්බන්ධ පිරිස් අතර ගැටුමක් ඇති කිරීම ගැන තොරතුරු ලැබීමත් සමගම සහරාන් පොලිසියට හසුනොවී පලාගොස් තිබිණි. එසේම සහරාන් හෂීම් නමැත්තා මුස්ලිම් ආගමික සංවිධාන සහ කණ්ඩායම් අතරද විවිධ ජාතීන් අතරද වෛරී අදහස් ඇති කිරීමේ අරමුණින් නිර්මාණය කළ වීඩියෝ පටයක් සමාජ ජාල වෙබ් අඩවි වල විකාශනය කර ඇති අතර ඒ ගැන සිදුකළ විමර්ශනයේදී එම වීඩියෝවේ සඳහන් අදහස් වලට ඉතා විශාල පිරිසක් එකඟව ඇති බව යයි පොලිස් පරීක්‍ෂණ රණවක කළ විමර්ශනයේදී හෙළිවිය.

  මොහුගේ මෙම වීඩියෝ පටය තුළින් මුස්ලිම් තරුණ කොටස් ඔහුගේ මතවාදයට ඒකරාශීකර ගැනීමටද කටයුතු කර තිබේ.

 මෙම සහරාන් හෂීම් නමැත්තා ඉස්නිහාල් අන්දුල් සන්තිතුල් මල්ජාමාත් සංවිධානයේ කි‍්‍රයාකාරීන් සමග ගැටුමක් ඇති කර ගත් අතර පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ එම සංවිධානයේ කි‍්‍රයාකාරීන් දසදෙනෙකි. එහෙත් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කි‍්‍රයාකර නැත.

 2018 ජුනි 29 දා පොලිස් පරීක්‍ෂක පතිරණ දිවුරුම් ප‍්‍රකාශයක් මගින් සහරාන් හෂීම් සහ ඔහුගේ සගයන් පිළිබඳ මෙලෙස අනතුරු අඟවා තිබුණි.

 “මෙම සංවිධානයේ (ජාතික තව්හිද් ජමාත්) කි‍්‍රයාකාරීන් විසින් මූලධර්මවාදී සහ අන්තවාදී කරුණු ඉස්මතු කරමින් කෘරත්වය සහ ත‍්‍රස්තවාදයට යොමුවීම සඳහා සාමාජිකයන්ට උපදෙස් ලබාදීමේ රැස්වීම් සහ සම්මන්ත‍්‍රණ පවත්වමින් වීඩියෝ සහ ඡායාරූප බෙදාහැරීමට කි‍්‍රයාකර තිබේ. එසේම මුස්ලිම් සහ සිංහල ජාතීන් අතර ජාතිවාදී ගැටුම් ඇතිකර අරගලකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමට කි‍්‍රයාකරන නිසා පොලිස් ගැසට් පත‍්‍රය මගින් ඔහු අවශ්‍ය කරන අයකු බවට නම් කර අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් පරීක්‍ෂකවරයාගේ ප‍්‍රකාශයේ තවදුරටත් සඳහන් කර ඇත.

arakshawa3

  එහෙත් 2018 ජුනි මස සිට 2019 අපේ‍්‍රල් 20 දක්වා සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. ඊට හේතුවූයේ මුස්ලිම් දේශපාලකයන්ද?

 මෙවන් පසුබිමක් මැද රජය සතුරා කවුදැයි හඳුනාගත්තේනැත. ඒ වෙනුවට ජනතාවගේ මතය යොමුකරනු ලැබුවේ පාතාල කල්ලි නායක මධුෂ් සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා පිළිබඳවය.

  එසේ වුවත් සවුදි අරාබියානු ආධාර මත කාත්තන්කුඩි ප‍්‍රදේශයේ ඉස්ලාමීය ප‍්‍රාන්තයක් කිරීමේ මෙහෙයුම ගැන රජයේ අවධානය යොමු නොවුණි. කාත්තන්කුඩියේ 58 වැනි මුස්ලිම් පල්ලිය විවෘත කිරීම සඳහා සවුදි කුමරකු පැමිණීමෙහි සිද්ධියද බරපතල සිදුවීමක් බවත් ඒ පසුපස ඉදිරියේ අනතුරක් ඇති බවත් රජය තේරුම් ගත්තේ නැත. මේ මුස්ලිම් පල්ලිය විවෘත කිරීමේ උත්සවයට හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එස්. එම්. හිස්බුල්ලාද සහභාගි විය.

 අද ඔහු මෙරට බහුතරයට ප‍්‍රසිද්ධියේ අභියෝග කරමින් මුස්ලිම් ජනතාව බියවිය යුතු නැති බවද එක්සත්ව නැඟී සිටිය යුතු බවද කියා සිටියි.

 හිස්බුල්ලා මෙලෙස හඬ නැඟුවත් එම හඬ පසුබිමේ සිටින්නේ සවුදි ආරාබියාවයි.

 ඒ වනවිට පාස්කු ඉරිදා මිනිස් ඝාතනය අමතක කර මුස්ලිම් විරෝධී කැරලිකරුවන් මුස්ලිම් පල්ලි සිය ගණනක් විනාශ කර ඇති බවට ප‍්‍රංශයේ ලාමොන්ඬේ පුවත්පත ප‍්‍රචාරය කරනු ලැබීය. මෙවන් බොරු වාර්තාවක් ප‍්‍රංශ මාධ්‍ය වෙත යවා ඇත්තේ ප‍්‍රංශය සමග දැඩි සබඳකම් පවත්වන අය බව හෙළිවී ඇත.

 මේ පසුබිම මැද මෙරට මුස්ලිම් දේශපාලකයන් ශ‍්‍රී ලංකාවට එරෙහි සිය විදේශ මෙහෙයුම ආරම්භ කර ඇත මේ මෙහෙයුම ගැන හෙළිකර ඇත්තේ පාස්කු ප‍්‍රහාරය ගැන චෝදනා එල්ල වී ඇති රිෂාඞ් බදුර්දීන් නැමැත්තායි.

 ඔහු තර්ජනය කරමින් පැවසුවේ රටවල් 57 ක් සම්බන්ධ ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය තානාපති ප‍්‍රජාව සහ මෙරට එක්සත් ජාතීන්ගේ නියෝජිත වෙත කරුණු දක්වන බවයි.

 මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාර ගැන කල්තියා අනතුරු අඟවන ලද්දේ ඉන්දීය බුද්ධි සේවය බව ඉන්දීය අගමැති මෝදිගේ දිව්රුම්දීමේ උත්සවයට නවදිල්ලියට ගිය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට හෙළි විය.

 “පාස්කු ප‍්‍රහාරයට දින 17 කට පෙර මේ ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි සේවාව ශ‍්‍රී ලංකා බුද්ධි සේවාවට අනතුරු අඟවා තිබුණි. අපේ‍්‍රල් 4 දා කළ මේ අනතුරු ඇඟවීම ගැන “මට දැනුම් දීමක් කළේ නැත යයි” ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා පැවසූ බව ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත කියා සිටියේය.

 “මම අපේ‍්‍රල් 16 දා විදේශ සංචාරයක නිරත වුණා. එහෙත් ඉන්දීය බුද්ධි සේවාවේ අනතුරු ඇඟවීම මා වෙත දැන්වූයේ නැත යයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

arakshawa4

  මේ ප‍්‍රකාශයෙන් රටේ බුද්ධි ප‍්‍රධානීන් ලැජ්ජා විය යුතු නොවේද?

 ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණි අවස්ථාවේ ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පාස්කු ප‍්‍රහාරයට අදාල තවත් තොරතුරු සොයාගෙන තිබුණි. ඒ එම ප‍්‍රහාරයට සම්බන්ධ පස්දෙනෙක් ඉන්දීය අයි එස් කි‍්‍රයාකාරීන් සමග සබඳකම් පවත්වා ඇති බවයි. ජංගම දුරකථන දත්ත පිළිබඳ නිරීක්‍ෂණය කිරීමේදී මේ බව තහවුරු වී තිබේ. මෙලෙස ඉන්දීය බලධාරීන් අත්අඩංගුවට ගත් ඉන්දීය අයි එස් කි‍්‍රයාකාරීන් අතර රියාස් අබුබකර් නමැත්තා මෙරට සහරාන් කල්ලිය සමගද පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ඉන්ෂායි සහ ඉස්ගාම් ඊබ‍්‍රාහිම් පවුල සමගද ඉන්දීය අයිඑස් කි‍්‍රයාකාරීන් සබඳකම් පවත්වා ඇත. ඉන්දීය බුද්ධි සේවාව තවදුරටත් පැවසුවේ අයිඑස් සම්බන්ධ ශ‍්‍රී ලාංකිකයන් පස්දෙනෙකුගේ දුරකථන සබඳතා හමුවූ බවයි.

 මේ පසුබිම මැද රාජ්‍ය බුද්ධි සේවා ප‍්‍රධානියා ලෙස කටයුතු කළ සිසිර මෙන්ඩිස් ධුරයෙන් ඉල්ලා අස්විය. එහෙත් ඔහුව සේවයෙන් නෙරපීමට ජනාධිපතිවරයා කි‍්‍රයාකළ බවට ජාත්‍යන්තරය වෙත වාර්තා විය.

 කොළඹ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ සිසිර මෙන්ඩිස් බුද්ධි සේවාවට සම්බන්ධවූවකු නොවූ අතර බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ පුහුණුව ලැබූවෙකි.

 අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සිට විශ‍්‍රාමයෑමෙන් පසුව ඔහු තාවකාලික පදනම මත බුද්ධි ප‍්‍රධානියා ලෙස පත්කර ඇත.

  මේ තත්ත්වය මත ජනාධිපතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශක යැයි හඳුන්වන හිටපු රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරිකයකු ශිරාල් ලක්තිලක ජනතාව හිනස්සන ප‍්‍රකාශයක් කර ඇත.

 ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප‍්‍රකාශයක් කළ ඔහු මෙලෙස පවසා තිබේ.

 “2015 ජනවාරි 8 දා ජනමතය විසින් ගොඩනඟපු රජය වසර පහකට මේ අරාජිකත්වය ගෙනල්ලා තිබෙනවා. එහිදී අපි නොදන්න විශාල දේශපාලන රික්තයක් ගොඩනැඟිල තියෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ව්‍යවස්ථාමය අරාජිකත්වයක් නිර්මාණය කරලා තියෙන බව කිවයුතුයි. 2015 ජනවාරි 8 වැනිදා වෙනසට උරදුන් සියලූ දෙනාටම මේ අය විසින් කරගත් දේවල් බව පිළිගැනීමට සිදුවෙනවා. එසේම 19 වැනි සංශෝධනය හඳුන්වාදීමෙන් පසු පොලිසිය පවා මැදිහත්වීමට ජනාධිපතිට හැකිවූයේ නැත.

 ජනාධිපතිගේ උපදේශක මෙලෙස පවසද්දී තවත් උපදේශකයකු ලෙස කටයුතු කළ පොත් සාප්පුකරුවකු වන සරත් විජේසූරිය නැමැත්තා මැදිහත්වී හමුදා බුද්ධි සේවාවේ ප‍්‍රධානිව සිටි බි‍්‍රගේඩියර් සුරේෂ් සැලේ ධුරයෙන් ඉවත් කරනු ලැබීය.

 මෙය හමුදා බුද්ධි සේවාව මුහුණ පෑ අවාසනාවන්ත තත්ත්වයකි. රටේ ජාතික ආරක්‍ෂාව ගැන අබමල් රේණුවක දැනීමක් නැති සහ වන්නි මෙහෙයුම සමයේ නිහඬව සිටි සරත් විජේසූරිය වැන්නකු හමුදා බුද්ධි ප‍්‍රධානියා ඉවත් කිරීම සඳහා ජනාධිපතිට උපදෙස් දුන්නේනම් ජාතික ආරක්‍ෂාව අරාජික තත්ත්වයකට පත්වී තිබූ බව තහවුරු නොවන්නේද? 2016 ඔක්තෝබර් මස සිවිල් සංවිධාන කි‍්‍රයාකාරියකු ලෙස හඳුන්වාගත් සරත් විජේසූරිය ජනාධිපතිවරයා හමුදා බුද්ධි අංශයේ ප‍්‍රධානි බි‍්‍රගේඩියර් සුරේෂ් සැලේගේ ප‍්‍රාණ ඇපකරුවකුවී ඇති බව චෝදනා කරමින් බි‍්‍රගේඩියර්වරයා සමග රජය තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇති කරන බවත් ඔහු වහාම අත්අඩංගුවට ගතයුතු බවත් පවසා තිබුණි. සැලේගේ කි‍්‍රයාදාමයක් අවසන් කිරීමට ජනපතිට අවශ්‍ය නම් ඔහු එම ධුරයෙන් ඉවත් කළ යුතු බවද විජේසූරිය නමැත්තා කියාසිටියේය.

 මේ පොත් සාප්පුකාරයාගේ තර්ජනය නිසා බි‍්‍රගේඩියර් සැලේ හමුදා බුද්ධි ප‍්‍රධානි ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කි‍්‍රයාකළේය. එසේම ඔහු යටතේ කි‍්‍රයාත්මකවූ බුද්ධි ඒකක දෙකක්ද විසුරුවා හරිනු ලැබීය.

 සුරේෂ් සැලේ ඉවත් කිරීමෙන් පසු හමුදා බුද්ධි ප‍්‍රධානි ධුරයට බුද්ධි සේවා කටයුතුවලට සම්බන්ධ නොවූ බි‍්‍රගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක පත් කෙරුණි.

 හමුදා බුද්ධි ප‍්‍රධානියා ඉවත් කිරීමෙන් සරත් විජේසූරිය නමැත්තා ජනතාවට පෙන්නුම් කළේ තමාට ඕනෑම අයෙක් ඉවත් කිරීමට බලය ඇති බවයි. සාධාරණ සමාජය නමැති දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධව සිටි ඔහු 2016 ඔක්තෝබර් මස ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීම හෙණ ගැසීමේ මුල්අවස්ථාව විය.

 මේ අතර හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු විසින් පාර්ලිමේන්තු තේරීම් කමිටුව හමුවේ කළ ප‍්‍රකාශයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන කොළඹ ඇති මෙතෝදිස්ත දෙව්මැඳුරු සංඛ්‍යාව ගැනද දන්නේ නැති බව සනාථ විය.

 තමා කොළඹ ඇති මෙ

arakshawa5

තෝදිස්ත දෙව්මැඳුරු ගැන මිත‍්‍රයකුගෙන් විමසා තොරතුරු දන්වන බව හිටපු ආරක්‍ෂක ලේකම් විසින් රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ වෙත පවසා තිබේ.

 මෙහිදී නැගෙන බරපතල ප‍්‍රශ්නය නම් කොළඹ ඇති විහාරස්ථාන, හින්දු කෝවිල් කතෝලික දෙව්මැඳුරු, මෙතෝදිස්ත පල්ලි සහ සුපිරි හෝටල් ස්ථානගත වී ඇති අයුරු දැක්වෙන සිතියමක්වත් බුද්ධි සේවා අධ්‍යක්‍ෂගේ කාර්යාලයේ නොතිබූ බව නොවේද?

 රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂකවරයා කොළඹ සිට මහනුවර දක්වා ධාවනය වන වයිස්රෝයි ස්පේෂල් දුම්රිය නතර කරන ස්ථාන ගැන හිටපු ආරක්‍ෂක ලේකම්ගෙන් ප‍්‍රශ්න කළා නම් ඔහුට ඒ ගැන එසැණින් ප‍්‍රතිචාර දැක්වීමට හැකි වේ. එසේම මෙතෝදිස්ත මූලස්ථානය ඇත්තේ කොල්ලූපිටියේ ගාලූ පාරේ අංක 252 දරන ස්ථානයේයි. එහෙත් බුද්ධි බලධාරියා එම මූලස්ථානයෙන් පල්ලි ගැන විමසා නැත. මේ තත්ත්වය මත කොළඹ ආගමික ස්ථාන ගැන නොදන්නා රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂවරයෙක් ක‍්‍රියාත්මක වීමෙන් ආරක්‍ෂාවට සිදුවූයේ බරපතල හානියක් නොවේද? අඩු වශයෙන් මේ තනතුරුවලට පත්වූවන් විදේශ බුද්ධි සේවා කි‍්‍රයාත්මක වී ඇති අකාරය ගැන අවධානය යොමුකර නැත.

 පලස්තීන ත‍්‍රස්තයන් මගීන් රැසක් සමග පැහැරගත් ප‍්‍රංශ ගුවන් යානාව උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපලේ රඳවා තිබියදී ඊශ‍්‍රායල් බුද්ධි සේවාව එම ගුවන්තොටුපලේ සැලැස්ම සොයාගෙන ගුවන් යානාව බේරාගැනීමේ මෙහෙයුම දියත් කරනු ලැබීය.

 ඊශ‍්‍රායල් බුද්ධි සේවාව එන්ටඹේ ගුවන් තොටුපලේ සැලැස්ම සොයාගෙන තිබුණේ එම ගුවන්තොටුපල ඉදිකරන ලද්දේ ඊශ‍්‍රායල් සමාගමක් නිසාය.

 එහෙත් මෙතෝදිස්ත පල්ලි කීයක් තිබෙන්නේදැයි නොදන්නා රාජ්‍ය බුද්ධි සේවා බලධාරියා කොළඹ සුපිරි හෝටල්වල ඇතුළත සැලැස්ම ලබාගෙන තිබේද?

 මෙය පුදුමයක් නොවේ. පසුගිය සතියේ දිනෙක අමාත්‍ය මනෝ ගනේෂන්ද මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත් විය.

 ” අයිසිස් ත‍්‍රස්තයන් මර්දනය කිරීම සඳහා ඇප්ගන් හමුදාවෙන් දැනුම ලබාගැනීම සඳහා මම ඇප්ගන් තානාපති සමග සාකච්ඡා කළා. ඔහු එම දැනුම ලබාදීමට එකඟ වුණා යැයි ගනේෂන් කියා සිටියේය.

 එහෙත් අද වනතුරු ඇප්ගන් හමුදාවට මෙන්ම බලවත් ඇමරිකානු හමුදාවටද තාලිබාන් ත‍්‍රස්තයන් මර්දනය කිරීමට නොහැකි විය. ඇප්ගන් බුද්ධි සේවා මූලස්ථානයද තාලිබාන් ප‍්‍රහාර එල්ලවී තිබුණි.

 මේ නිසා මනෝ ගනේෂන් මේ විහිළු කරන්නේ රටේ ආරක්‍ෂාව සමග නොවේද? මනෝ ගනේෂන්ගේ ප‍්‍රකාශය ගැන ජනපති හෝ රජයේ බලධාරීන් ජාතික ආරක්‍ෂාව ගැන ඇප්ගන් තානාපති වෙතින් උදව් ඉල්ලීමට ඇති හිමිකම කුමක්දැයි විමසා නැත.

 මේ වාතාවරණය මත මෙරට අයිසිස් කි‍්‍රයාකාරීන් මර්දනයට මනෝ ගනේෂන් අයිසිස් නායක අබුබකර් බැග්ඩැඩිගෙන් උදව් ඉල්ලා සිටියහොත් ඒ ගැන පුදුම විය යුතු නැත.

 මේ අතර පාස්කු ඉරිදා ප‍්‍රහාරය සිදුවී දින 46 කට පසු එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණියහ. ඔවුන් මෙරටට ආවේ යෝජිත ප‍්‍රතිත‍්‍රස්ත පනත ගැන සාකච්ඡා කිරීමටය.

 මෙම ප‍්‍රතිත‍්‍රස්ත පනතේ නිර්මාතෘවරුන් වූයේ බි‍්‍රතාන්‍යය සහ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයයි.

 සිව්දෙනෙකුගෙන් යුත් මෙම එක්සත් ජාතීන්ගේ කණ්ඩායම කඩිමුඩියේම ප‍්‍රතිත‍්‍රස්ත පනත ගැන සාකච්ඡා කිරීමට මෙරටට පැමිණියේ ඊට එරෙහිව විරෝධතා මතුවීම නිසාය.

 මේ අතර ජීවිත 300 ක් අහිමිවීම වැළැක්වීම සඳහා රජයේ බලධාරීන් ක්‍ෂණික පියවරක් නොගත්තේ මන්ද?

 ඉන්දියාව කළ අනතුරු ඇඟවීම ති‍්‍රිවිධ හමුදාපතිවරු හැර අනිකුත් ආරක්‍ෂක ප‍්‍රධානීන්ට කල්තියා ලැබී තිබුණි.

 එසේනම් ප‍්‍රහාරය එල්ලවන තුරු බලාසිටියේ මන්ද?

 පාස්කු ඉරිදා භයානක දෙයක් වන බවට වාර්තා වූයේ නම් වහාම ඇඳිරි නීතිය පනවා ස්නයිපර්කරුවන් පිරිසක් යොදවා සහරාන්ගේ කණ්ඩායම විනාශ කිරීමට පියවර නොගත්තේ මන්ද?

 කොටි පරාජයෙන් පසු මෙරට ආරක්‍ෂක බුද්ධි ප‍්‍රධානීන් ඉන්දියාවේ අනතුරු ඇඟවීම සැහැල්ලූවට ගත්තාද යන ප‍්‍රශ්නය පැනනැඟී ඇත. මෙයට වසර කීපයකට පෙර බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්ඞ්යාඞ් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙරටට පැමිණ වැදගත් ප‍්‍රකාශයක් කරනු ලැබීය.

 “සුදුස්සන් ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ ධුරවල නොසිටියහොත් විශාල විපතක් වෙයි…

 අද සිදුවී ඇත්තේ එයයි.

 ජාතික තව්හිද් නායක සහරාන් අල්ලා ගැනීමට මාස 14 ක් තිස්සේ මෙරට පොලිසියට හා ත‍්‍රස්ත මර්දන කාර්යාංශයට නොහැකි විය.

 ගාලූ මුවදොර පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයට ලත් ඉන්දීය බුද්ධි සේවා අනතුරු ඇඟවීම ඊට සමීපයේ ඇති යුද හමුදාපතිට හෝ ගුවන් සහ නාවික හමුදාපතිවරුන්ටද නොලැබුණි.

 එසේම කොළඹ නගරයේ සුපිරි හෝටල්වල සැලසුම් (Blue print) රාජ්‍ය බුද්ධි සේවය සතුව තිබේද? යම් විටෙක ත‍්‍රස්තයන් මේ සුපිරි හෝටල්වල බෝම්බ පිපිරීම් සිදුනොකර සංචාරකයන් ප‍්‍රාණඇපකරුවන් ලෙස අල්ලා ගත්තා නම් හමුදා මෙහෙයුම් දියත් කිරීමට එකී සුපිරි හෝටල්වල සැලසුම් අනිවාර්යයෙන්ම බුද්ධි මූලස්ථානයේ තිබිය යුතුයි.

 මේ අතර කොළඹ එන්. ජී. ඕ. කල්ලිය හෙවත් සිවිල් සංවිධාන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දිගටම පවත්වාගෙන යන ලෙස රජයෙන් ඉල්ලා ඇත. මේ පිරිස දැන් යළිත් වරක් ජාතික ආරක්‍ෂාවට මැදිහත් වී ඇත.

 මේ මැදිහත්වීම් වලට තවදුරටත් ඉඩදිය යුතුද? මේ එන්.ජී. ඕ. කල්ලියේ කිසිවෙකු ජාතික ආරක්‍ෂාව ගැන අබමල් රේණුවක දෙයක් දන්නේ නැත.

 මේ පසුබිම මැද මුස්ලිම් කොංග‍්‍රස් නායක රවුෆ් හකීම් චෙන්නායි නුවරට ගොස් ඞීඑම්කේ පක්‍ෂයේ නායක එම්. කේ. ස්ටාලින් හමුවී ඇත. එහිදී ඔහු මුස්ලිම්වරුන් මුහුණ පා ඇති තත්ත්වය ගැන පවසා තිබේ. එහෙත් සහරාන් ප‍්‍රමුඛ මුස්ලිම් මිනීමරුවන්ගේ සිද්ධිය යටපත් වී ඇත.

 ඇමරිකාවේ වොෂින්ටන්හි පැවැති කොන්ග‍්‍රස් මණ්ඩල සාකච්ඡාවකදී ශ‍්‍රී ලංකාවට බරපතල තර්ජනයක් උදාකරන්නේ බොදු බල සේනාව සහ අනිකුත් සංවිධාන වලට සම්බන්ධ අන්තවාදී සිංහලයන් බවට ඩිමෝක‍්‍රටික් පක්‍ෂ මන්ත‍්‍රී ඩැනි ඬේවිස් පවසා ඇත. මේ ඬේවිස් යනු වසර ගණනකට පෙර වන්නියට ගොස් කොටි නායක ප‍්‍රභාකරන් හමුවී සාකච්ඡා කළ කොටි හිතවාදියායි.

 මේ අතර අයිසිස් නායක අබුබකර් අල්බැග්ඩෑඞ් ගැන නොදන්නා දේශපාලකයන්ද මෙරට සිටින බව වාර්තා විය. මෙම පසුබිම මැද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සහරාන් හෂීම්ගේ ෆේස් බුක් මිත‍්‍රයා වූ මොහොමඞ් අසුරුදීන් ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress