මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද මහජනතාව අතරට යන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා.
Posted on June 25th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (25) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්ත්‍රීවරුන්
■ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා
■ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා
අද ඇමැතිවරු විශාල අපහසුතාවයකට පත්වෙලා සිටිනවා. ඔවුන්ට අද රෝහලකට යන්න බැහැ. උද්ඝෝෂණයක් තියෙන තියන තැනට ගිහිල්ලා බහින්න බැහැ. රටේ යම්කිසි   සිද්ධියක් වුණහම ඒ ස්ථානයට යන්න බැහැ. ජනතාවගෙන් විරෝධයක් එල්ලවෙමින් පවතිනවා. මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද මහජනතාව අතරට යන්න බැරි තත්වයකට පත් වෙලා තියෙනවා. වෙන හැම කාලෙකම මහ ජනතාවට ප්‍රශ්නයක් වුනහම  ඒ වගේ තැනකට මහජන නියෝජිතයෙකුට යන්න පුළුවන්. මේ ආණ්ඩුව දැන් ඒකත් නැති කරලා තියෙන්නෙ.  මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු එවැනි ස්ථානයකට ගියපු හැම අවස්ථාවකදීම  ජනතාවගේ විරෝධයක් එල්ල වෙමින් පවතිනවා. ඒකට හේතුව තමයි ආණ්ඩු විරෝධී ස්වභාවය අද මහජන නියෝජිතයාගේ පිටින් යවන්න මහජනතාව කටයුතු කරනවා. ජනතාව මේ ආණ්ඩුවෙ ඇමතිවරු ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ අමාත්‍යවරුන්, මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඉවත් වෙන්නේ නැත්තං තමන් ඉවත් වෙන බවට අදහස් ප්‍රකාශ කරන්න පටන් අරන් තියෙනවා.ඇතැම් පසුපෙළ මන්ත්‍රීවරුන් පක්ෂයේ සමහර අයට කියනවා මේ අමාත්‍යවරු ඉල්ලා අස්වුණේ නැත්තං තමන් මන්ත්‍රීධූරයෙන් ඉවත් වෙනවා කියලා. අන්න ඒ වගේ තත්ත්වයට අද මේ රට පත් වෙලා තියනවා. මේ රටේ ඉතිහාසය තුළ රජයේ ඇමතිවරයකුට මහජන ගැටලුවකට කතා කරන්න පුළුවන් අවස්ථාවක් තිබුණා. මොන තරම් බැරෑරුම් අවස්ථාවකදී වුණත් රජයේ  මන්ත්‍රීවරු ඇමතිවරු ඒ අවස්ථාවට මැදිහත්වෙලා ඒවා බේරුම් කරන්න  බේරුම් කරුවන් හැටියට කටයුතු කළා. අද ඇමතිවරයෙක් ඉස්සරහා දොරෙන් ගියොත් පස්සේ දොරෙන් පිට වෙලා යන්න සිද්ද වෙලා තියෙනවා. ඒ තරමට මහජන විරෝධය වැඩි වෙමින් පවතිනවා. අපි දැක්කා කල්මුනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහලේකම් ලේකම් කාර්යාලයක් බවට පත් කරන්න කියලා ඉල්ලා සිටිමින් කරපු උද්ඝෝෂණයේ දී ඇමතිවරුන්ට දක්වපු විරෝධය. වෙන කිසිම කලෙකටත් වඩා අද ආණ්ඩුවේ ඇමතිවරුන්ට එරෙහිව මහජන ප්‍රතිවිරෝධය දකින්නට ලැබිලා තියෙනවා. මේක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඒ වගේම අද එක්සත් ජාතික පක්ෂය තුළ ජනාධිපති අපේක්ෂකයා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්වා පල්ලෙහාට වැටිල තියෙනවා. ආණ්ඩfුව ඇමතිවරු කියනවා අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය සමත් නැති කෙනෙක් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා හැටියට දාන්න තරම් අපිට පිස්සුවක් නෑ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ශකයා ඒ තරම්  පහත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි අපෙන් අහනවා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. අපි අගෝස්තු මාසෙ එකොළොස් වැනිදා අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා ජනතාවට හෙළිකරනවා. නමුත් ඒ අපේක්ෂකයාට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නෑ. උපාධිය තිබෙන, දැක්මක් තිබෙන, විශේෂ සුදුසුකම් තිබෙන, අත්දැකීම් තිබෙන දේශපාලනඥයෙක් අපේ ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙයි. මහජනතාව වෙනුවෙන් වැඩ කරප,ු මහජනතාවට විශ්වාසයක් තියන්න පුළුවන්, රටේ අනාගතය බාර ගන්න පුළුවන,් ඕනම අවස්ථාවකදී ප්‍රශ්නෙකට මුහුණ දෙන්න පුළුවන් අත්දැකීම්  ඇති දේශපාලනඥයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒ නිසා අපේ ජනාධිපති අපේක්ෂකයාට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ ගැටළුවක් නැහැ. අද එක්සත් ජාතික පක්ෂය ඒ තරම් පහත් තත්වයට වැටිලා තියෙනවා. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැන් ප්‍රකාශයක් කරලා තියෙනවා ජනාධිපති මැතිවරණයට කලින් පළාත් සභා මැතිවරණ  තියන්න බැරි වුනොත් එතුමා ඉල්ලා අස්වන බවට. මේකෙ කාරණය අපි හොඳටම දන්නවා. දැන් මේ ආණ්ඩුව තුන් බියකින් පෙලෙනවා. එකක් ජනාධිපතිවරණය, අනික මහමැතිවරණය,   අනිත් පැත්තෙන් පළාත් සභා මැතිවරණය. නමුත් දැන් මේ වන විට නීති අංශයෙන් උපදෙස් ගන්න කටයුතු කරලා පළාත් සභාමැතිවරණය  කියන්න පුළුවන්ද කියලා.මේක අලුත්ම තත්ත්වයක්. මැතිවරණ කොමසාරිස්වරයා මේ ප්‍රකාශය කරන්නේ මැතිවරණයක් ඉස්සරහට ගන්න යම් යම් කරුණු පිළිබඳ ඔහුට යම් ඉඟියක් ලැබුන නිසයි. එතුමාට ඉල්ලා අස් වෙන්න වෙයි කියලා මම හිතන්නේ නැහැ. මැතිවරණයක් ඉක්මනට එයි් කියලා අපි බලාපොරොත්තු වෙනවා. එවැනි තත්ත්වයක් ඇතිකර ගන්න දැන් උත්සාහයක යෙදෙනවා. අපිට ප්‍රශ්නයක් නැහැ. තියන්නේ ජනාධිපති මැතිවරණය වුණත් මහ මැතිවරණය වුණත් පළාත් සභා මැතිවරණය වුණත් අපි ඒ හැම මැතිවරණයකට සූදානම්. මේ රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ මොනම හරි මැතිවරණයක.් මේ මැතිවරණය කුමක් වුණත් ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න අපි සූදානම්. ඒ වගේම ඒ මැතිවරණය ජයග්‍රහණය කරන්නත් අපිට පසුබිමක් තියෙනවා. මේ රටේ ජනතාව ආණ්ඩු විරෝධී ඡන්දයක් දෙන්න සූදානමින් ඉන්නවා. මෙතන අපේක්ෂකයා බලන්නෙත් නැහැ. පුද්ගලයා බලන්නෙත් නැහැ. ආණ්ඩු විරෝධීව ඡන්ද පෙළ ගැසීමක් රට පුරා තිබෙනවා. අද වෙනකොට රාජ්‍ය සේවකයාගේ ඉඳලා අනිකුත් හැම ක්ෂේත්‍රයක්ම ආණ්ඩු විරෝධී පැත්තට තල්ලු වෙලා තිබෙනවා. ඒ නිසා මේ මැතිවරණ තුන්බියෙන් එක්සත් ජාතික පක්ෂයට එක බියකට හරි මුහුණදෙන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැති වුණොත් මේ රටේ මිනිස්සු පාරට බහින තත්ත්වයක් ඇතිවෙනවා. ඊයේ වන විට ගම්බිරිස් මිල රුපියල් තුන්සීයක වැටිලා තියෙනවා. ඉතිහාසයේ කිසිම දවසක මේ තත්වයට වැටිලා නැහැ. ගොරකා විකුණගන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තියෙනවා. කුරුඳු මිල ඉතාම අඩු වෙලා තියෙනවා. සුළු අපනයන බෝග මිල අඩුවෙලා තියෙනව.තේ මිලට ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනව. ඒවායින් බහුතරයක් සාමාන්‍ය ගොවි ජනතාවට බරපතළ බලපෑම් එල්ල කරනවා. ආණ්ඩුව පහුගිය කාලේ කරපු දේවල් වල ප්‍රතිඵල හැටියට තමයි මේ සියලු දේවල් අපි දකින්නේ. ආණ්ඩුව දැන් ඩොලර් බිලියන දෙකක් ණය ගන්න තීන්දුකරලා තියනවා. ඒ මිලියන 2000  ගන්න කොට රටේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10.5 දක්වා ඉහළ යනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලේ 2005 ඉඳලා 2015 වෙනකන්ම අපි ණය ගත්තේ  ඩොලර් බිලියන 5.2 ක් විතරයි. ඒ මේ රටේ සංවර්ධනය යුද්ධය ඇතුළු ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන අතරයි. 2005 ඉඳලා 2015 වෙනකන් ගත්තු ප්‍රමාණයට වඩා මේ අවුරුදු හතර හමාරකට ඩොලර් බිලියන දහයකට වඩා අරන් තියනවා. හරියටම 2029 දි බැඳුම්කරවල සම්පූර්ණ ගෙවීම කරන්න සිදු වෙනවා. මේ තත්ත්වයට මුහුණ දෙන්නේ අනාගතයේ එන ආණ්ඩුවක්. ඒ කාලෙ කිව්වෙ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ණය බරින් මිරිකිලා තියෙන්නෙ කියලා. ඒ කාලේ ණය  අරගත්තු එක ගැන මේ අය ලොකුවට කතා කළා. ඒත් අද සංවර්ධනයක් නැහැ. යුද්ධයක් නැහැ. මුකුත්ම නැතුව අපි ලොකු ණය බරකටත් එකතුවෙලා තියෙනවා. ඒ නිසා මෙි පැවැත්ම තුළ රට අරාජික තත්වයට පත් වන එක වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඉදිරි මාස කිහිපය තුළ ආණ්ඩුවේ මේ තත්ත්වය ඉතාමත්ම කණගාටුදායක තත්වයකට පත් වෙනවා. ඒ නිසා මේ තුන් බිය තිබුණත් කරුණාකර මැතිවරණයකට සුදානම් වෙන්න කියලා, ජනතාවට මැතිවරණයක් දෙන්න කියලා අපි ආණ්ඩුවෙන්  ඉල්ලනවා. එතකොට ජනතාව තමන්ගේ යුතුකම කාර්්‍ය ඉෂ්ට කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා.
අද අපේ රටට  හරියට නායකයෙක් නැහැ. නායකයින් තුන්දෙනෙක් ඉන්නවා. හැබැයි රට ගෙනි යන්නේ කවුද කියන එක අප කාටත් තේරුම් ගන්න නොහැකි තත්ත්වයක් තියෙන්නෙ.  ඕනෑ ම රටකපාලකයකුට තියෙන වගකීම තමයි ජාතික ආරක්ෂාව රැක ගැනීම. අපේ ආර්ථිකය නිසි කළමනාකාරිත්වයක් තුළ ගෙන යාම. මේ රජයට එවැනි කිසිම කළමනාකාරිත්වයක් නෑ. ඔහේ ඉබාගාතේ දුවන රුවල් කැඩිච්ච නැවක් තත්ත්වයකට ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඒ හා සමානවම රටේ සෑම අංශයක්ම කඩා වැටිලා තියෙනවා. රටේ ජනතාව තුළ තියෙන්නෙත් බලාපොරොත්තු කඩ වීමක්.   රජයේ කිසිම කෙනෙක් කිසිම කතාවක දී මේ ගැන කිසිම වචනයක් කතා කරන්නේ නැහැ. මේ නිසා ප්‍රධාන වශයෙන්ම අපේ රටේ ජනාධිපති අපේක්ෂකයාට ප්‍රධාන ප්‍රශ්න තුනකට උත්තර දෙන්න සිද්ධ වෙනවා. එකක් රටේ ජාතික ආරක්ෂාව රැකගන්නෙ කොහොමද කියන එක. දෙවැනි එක තමයි ජාතික ආර්ථිකය ගොඩනගලා වඩා හොඳ සුබදායි අනාගතයක් ජනතාවට දෙන්නේ කොහොමද කියන එක. තුන් වෙන එක තරුණයින් සඳහා වන ආර්ථික ක්‍රියාවලිය කුමක්ද කියන එක. ජාතික ආරක්ෂාව ඉතා වැදගත්. ඒක නොතකා ඔහේ ඉබාගාතේ රටට යන්න දුන්න එකේ ප්‍රතිඵලය තමයි ඉතාම කුඩා කණ්ඩායමක් ආගමික අන්තවාදය මතු කරලා මේ රට ඇතුළේ විශාල පීඩනයක් එල්ල කරපු එක.
ඕනෑම රටක ඔත්තු සේවා ආරක්ෂක අංශ වල බිඳ වැටීමක් සිදු වෙච්ච අවස්ථාවක රට ඇතුලත හෝ පිටතින් ප්‍රහාරයක් එල්ලවීමෙ ඉඩ වැඩියි. අපේ රටට සිද්ධ වුනෙත් ඒක. මේ ප්‍රහාරය ඉන්දියාව වලක්ව ගත්තා. ලංකාවේ මේක ඇති තරම් තොරතුරු දීලා තිබිලත් වලක්වගන්න බැරි වුණා. කවුරු මොනවා කිව්වත් රටේ ආරක්ෂාව පිළිබඳව කාටවත් වගේ වගවිභාගයක් තිබුනෙ නැති බවයි අපේ අදහස. 2014 වර්ෂයේ අග වෙනකොට රටේ දළ ජාතික නිෂ්පාදනයේ වර්ධනය සාමාන්‍යයෙන් 6.8 ක්  විතර වුණා. 2018 වෙන කොට ඒක 3.8 ට අඩු වෙලා තියෙනවා. මේ අවුරුද්ද අවසාන වෙනකොට මේක තව 2.4 ක ට විතර අඩු වෙයි කියලා අපි හිතනවා. අපේ  කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටිලා තියෙනවා. ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇන හිටලා තියෙනවා. ඒ සඳහා තිබෙන අමුද්‍රව්‍ය, විශේෂයෙන්ම පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි නිසා මෙි ක්ෂේත්‍රය අඩාල වෙලා. ඒ පිළිබඳව ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න තවමත් මේ රජය අපොහොසත් වෙලා තියෙනවා. පුපුරන ද්‍රව්‍ය පාවිච්චි කරලා ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය කළුගල් ආදිය කඩන විශාල පිරිසක් සේවකයොත් එක්ක ම අද අතරමං වෙලා. ඒ අය ආණ්ඩුකාරවරුන්  හමුවෙනවා. අපිට කියනවා. බලධාරීන් හම්බවෙනවා. හැබැයි තවමත් විසදුමක් ලැබිලා නැහැ ලැබිල නැහැ. ඒ නිසා ඉදිකිරීම් කර්මාන්තය සම්පූර්ණයෙන්ම ඇන හිටලා.  ගල් වැලි නැතුව ඉදිකිරීම් කර්මාන්තය කරන්නේ කොහොමද. එහෙමනම් ඒකට වෙන ක්‍රමයක් හඳුන්වලා දෙන්න ඕන. කෘෂිකර්මය කඩාවැටිලා. සියළුම කෘෂි නිෂ්පාදන වල මිල සම්පූර්ණයෙන්ම පහත වැටිලා. මේ පවතින කාලගුණ විපර්යාසයන් මැද ඉදිරියේ    ලොකු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ.
ඒ නිසා සහල් මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් තියෙනවා. නමුත් ඒ හා සමග නිෂ්පාදනය ඉහළ දමන්න රජය කිසි දෙයක් කරන්නේ නැහැ. සුළු අපනයන බෝග සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. විකුණගන්න බැරිව වවන්නේ මොකටද කියලා ගොවියෝ අහනවා. අපේ පැත්තෙ පොල් ඉඩම් වල  මෙි මුරේ පොල්  කැඩුවෙ නැහැ. කඩන මිනිහටත් සල්ලි දීලා තව අහුලන කෙනාටත් ගෙවලා පොල් ගෙඩිය රුපියල් විස්සට තිහට විකුණල ලාභයක් ගන්න බැහැ. ලංකාවේ වියලි පොල් නිෂ්පාදන වලට හැමදාම ඉහළ මිලක් ලැබුණේ ලංකාවේ පොල් වල තියෙන ගුණාත්මක භාවය නිසයි. පසුගිය කාලයේ මේ ආණ්ඩුව පොල් මද පිටරටින් ගේන්න ඉඩ දුන්නා.  ඒ නිසා වියලි පොල් වල අපිට තිබුණු තවය පහළ වැටුණා. ඒ නිසා දැන් අපේ රටේ වියළි පොල් වල මිල තායිලන්තයේ ඉන්දුනීසියාවේ තත්ත්වයට පහත වැටිලා තියෙනවා. ඩොලර් 3.5 ක ට වික්ක   වියලි පොල් කිලෝ එක ඩොලර් 1.5 ක් දක්වා අඩු වෙලා. දැන් ලෝකෙ වෙළෙඳපොළ දන්නවා අපේ පොල්වලින් නෙමෙයි මේ නිෂ්පාදනය කරන්නේ කියලා. ඒ වගේ හැම අංශයක්ම මේ ආණ්ඩුව විනාශ කළා. මේ ආණ්ඩුවේ තියෙන අකාර්යක්ෂමතාවය අනිත් අයටත ්පටවනවා. ඒ නිසා දැන් 225ම හොඳ නෑ කියලා කියනවා.  225ම හොඳ නැහැයි කියන්නෙ අපි  ආන්ඩුවේ හිටියේ නැහැනෙ.් මේ අවුරුද්ද ඇතුලේ මෙි ආණ්ඩුවේ ආර්ථික ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනත් පැත්තට හැරවිලා තියෙනවා. විශේෂයෙන්ම අපි පිළිගන්න ඕනේ අපේ රටේ අද අලුත් තරුණ පරම්පරාවක් හැදිලා තියෙනවා.  පිටරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න තරුණ පිරිස් අපේ රටට ආපහු එන්නේ නැහැ. ඒ අය කැමති නැහැ දේශපාලඥයන් ගේ පස්සේ ගිහිල්ලා රස්සාවල් ගන්න. ඒ නිසා රටේ ආර්ථික ක්‍රමය තුළ දේශපාලඥයා විසින් රැකියා ලබා දෙන ක්‍රමය වෙනසක් කරන්න අවශ්‍යයි. කාටත් සාධාරණ ක්‍රමයක් රාජ්‍ය සේවය ඇතුළෙ අපි හදන්න ඕන. රාජ්‍ය සේවයේ වැඩක් කරගන්න ගිය කිසිදු කෙනෙකුට තවත් කෙනෙකුගේ බලපෑමක් නැතිව ඉතා ඉක්මනින් වැඩ කරලා දෙන ක්‍රමයක් අපිට අවශ්‍යයි. අපේ දේශපාලන ක්ෂේත්‍රය තුල තියෙන අකාර්යක්ෂමතාවය ගොඩනගන්න පුළුවන් ජනාධිපතිවරයෙක් වැඩපිළිවෙළක් පිළිබඳව පොදුජන   පෙරමුණ කටයුතු කරල තියෙනවා. ඒ පිළිබඳව අවශ්‍ය වැඩ කටයුතු කරගෙන යනවා. අද එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෝ කිහිපදෙනෙක් ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා, කරු ජයසූරිය මහතා, සජිත් ප්‍රේමදාස  යන මහත්වරුන් ගැන  ප්‍රසිද්ධියේ කතා කරනවා. මේ කවුරුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් විවේචනය කිරීමේ අයිතිය අපට තියෙනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද අසාර්ථක පාලකයක් වෙලා ඉවරයි.   එතුමා ට ජනාධිපතිවරණයකට ඇවිත් ලොකු වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ.  කරූ ජයසූරිය රජතුමා තමන් ජනාධිපති කියලා හිතාගෙන ප්‍රධාන පෙළේ පුද්ගලයින් පාර්ලිමේන්තුවට කැඳවමින් ඉන්නවා. විදේශ ඇමති වරයා කැඳවන්න ඕනෑ තානාපතිවරුන් කතානායක වරයා කැඳවනවා. ආරක්ෂක නිලදාරීන් කැඳවනවා. ආරක්ෂාව පිළිබඳ ප්‍රධා්න්ීන්  කතානායක වරයා කැඳවනවා. කවදාවත් එහෙම තත්ත්වයක් තිබුණේ නෑ. ලංකාවේ එක් අවස්ථාවක ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්න කාලෙ බකීර් මාකර්  කතානායකවරයා මේ වගේ තානාපතිවරු පාර්ලිමේන්තුවට කැද වූවා. ජනාධිපතිවරයා බාකීර් මාකර් කතානායක වරයා ව ඉවත් කලා.හැමෝම හැමදේම කරන්න ගියාම මේ රටේ කවුද පාලකයා කියලා හොයාගන්න බැරි වෙනවා. අද මේ රට ඇත්තටම පාලනය කරන්නේ ජනාධිපතිවරයාද අගමැතිවරයාද එහෙම නැත්තං අලුතෙන්ම රට පාලනය කරන   කතානායක වරයාද කියන එක කවුරුත් දන්නෑ. මේක අද තුන්  ඈ ඳුතු නවකතාවක් වෙලා තියෙනවා. මේ තුන් දෙනාම දන්නෙ නෑ තමන්ගේ කාර්යභාරය මොකක්ද කියලා. එක්සත් ජාතික පක්ෂය බරපතළ   ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්න බව පේනවා. තමන්ගේම අපේක්ෂකයා පිළිබඳව ඔවුන්ට නිවැරදි තක්සේරුවක් කරගන්න බැරිවෙලා තියෙනවා. පසුගිය සතියේ නිවාස අධිකාරිය හතළිස් වන සංවත්සරය පැවැත්වූවා. අවුරුදු හතළිහක දී  නිවාස අධිකාරිය තුල ජනාධිපති ප්‍රේමදාස මහතා කළ ක්‍රියාකාරිත්වය ඒ කියන්නේ හුදකලාව ගෙවල් සෑදීමේ ක්‍රමවේදයෙන් ඉවත් වෙන්න පුතාටවත් බැරිවෙලා තියනව. හුදකලා ගෙවල් ටිකක් ඉඩම් ගොඩ කරමින් කැළෑ කපමින් හදන බව අපට පේනවා. ඒවත් මිනිස්සුන්ට ණය දීලා තමයි කරන්නෙ. මේ වෙනුවට අද අපේ රටට  ගැලපෙන විදිහට ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍යයි. අපේ භූමි ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙනවා.  කෟෂි කාර්මික ඉඩම් විශාල වශයෙන් නිවාස තැනීමට යොදනවා. ඊට වෙනස් වන  දියුණු  ලෝකයේ වැඩි පිළිවෙළක් හදාගන්න අවුරුදු හතලිහකට පස්සෙත් නිවාස අධිකාරිය අසමත් වෙලා තියෙනවා.
ජාතිය ගොඩ නැගෙන අලූත් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න මේ සියලු දෙනා අසමත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ඔය  කියන අපේක්ෂකයෝ තුන්දෙනාම අසමත් වූ තුන් දෙනෙක්. මේ අසමර්ථ වූ තුන්දෙනාගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්න රටකට බැහැ. ඒ නිසා රටට අලුත් අදහස් අලුත් බලාපොරොත්තු අලුත් වැඩ පිළිවෙලක් සහිත අපේක්ෂකයෙක් අවශ්‍යයි. මේ ආණ්ඩුවේ කවුරු අපේක්ෂකත්වයට ආවත් ඔහු පරදින බව අපි ඉතාමත් වුවමනාවෙන් කියන්න කැමතියි.
දැන් මේ රටේ පාලනය හුඟක් දුරට විදෙස් ජාතිකයින් සතු ව  පවතිනවා. පසුගිය කාලේ තර්කයක් ආව මිලේනියම් කෝපරේෂන් කියන ආයතනයේ  ලංකාවේ නියෝජිතයින් ඉන්නෙ  අරලියගහ මන්දිරය කියලා. අපි දැක්කා සිංගප්පූරු ජාතිකයෙක් හැටියට අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති හැටියට පත් කරලා රටට කරපු විනාශය. ඔහුට   ප්‍රශ්නයක් ආවහම රට පැන්නා. කවුද අල්ලන්න යන්නේ.    
මේ ආණ්ඩුව ස්වදේශිකයින් මත රැඳුණු පරිපාලන තන්ත්‍රය ක්‍රමානුකූලව බාහිර විදේශීය බලවේගවලට පවරා දෙමින් ඉන්නවා. මේක අපිට පේන්නෙ නැහැ. නමුත් එක සිදුවෙනවා. මේ නිසා තමයි අපේ රටේ පාලකයින් බොහොම දුර්වල පුද්ගලයින් ලෙස ක්‍රියා කරන්නේ. අපේ රටේ පාලන තන්ත්‍රය තුළ තිබෙන ස්වදේශික තත්ත්වය ස්වයිරිත්වය අපි ආරක්ෂාකරගත යුතුයි. පුළුවන් රටවලින් ආධාර උපකාර ගන්න ගමන් රටවල් වල මිත්‍රත්වය පවත්වා ගෙන යන ගමන් ගෝලිය වශයෙන් රටවල ණයකාරයන් බවට පත්වෙන එකෙන්  වලකින්න අවශ්‍යයි. අපේ ජාතික ආර්ථික ක්‍රියාවලිය හසුරු වීමේ බලය ඔවුන්ට ලබා දෙන්න කොහෙත්ම හොඳ නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ මේ ආණ්ඩුව හැම අතින්ම දුර්වල ආණ්ඩුවක් කියලා. දුර්වල ආණ්ඩුවක් තියෙන හැම විටම බාහිර බලපෑම් බහුල වෙනවා.  ශක්තිමත් ආණ්ඩුවක් තියෙන හැම මොහොතකම මේ බාහිර බලපෑම් අවම වෙනවා. එහෙම තමයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය බණ්ඩාරනායක මැතිතුමා මේ රටේ බි්‍රතාන්‍යයන් සතුව තිබුණු ප්‍රධාන කඳවුරු දෙකක් ඉවත් කළේ. ඊට පස්සේ ඔවුන්ට පුළුවන් වුණා ඛනිජ තෙල් ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම ඛනිජ තෙල් සංස්ථාව කියන ආයතනය හදලා ස්වදේශිකයන්ට භාරදෙන්න.   මේ හැම නායකයෙක්ම මේවා කෙරුවේ රටවල් එක්ක තිබෙන  තරහට නෙවෙයි. ඔවුන් දැනගෙන හිටියා මේ රටවල් ලංකාව ඇතුලේ හිටියොත් දේශපාලන තත්වයට ඇඟිලි ගහනවා, බලපානවා කියලා. අද අපිට ඒක හොඳට පේනවා.  ඒ තරම් හීන දීන භාවයට මේ රජය පත්වෙලා තිබෙනවා. මේ නිසා අද අපට වගකීමක් තිබෙනවා අපේ ආර්ථිකය සහ ආරක්ෂාව  ගොඩ නැංවීමට සහ තරුණ පරම්පරාව පිළිබඳ අදහස් උදහස් සැලකීමට    පුළුවන් සමාජ තලයක් නිර්මාණය කරලා හැමෝටම ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කරන්න. ඊළඟට අපෙන් පත්වන ජනාධිපති අපේක්ෂකයාට ඒ වගකීම පැවරීම අපේ බලාපොරොත්තුවයි. ඒ සඳහා අපි සියලු දෙනාම එකතුවෙලා ඉන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.  චනද්‍රසේන මහතා
මේ දවස් වල කෘෂිකර්මාන්තය විශාල වශයෙන් කඩා වැටිලා තියෙනවා. පසුගිය කන්නයේ  බඩඉරිගු වගාවට සේනා කියන දළඹුවා  මගින් විශාල හානියක් සිද්ධ වුණා.  එහෙම තියෙද්දී   ඉතුරු උන අස්වැන්න ග්‍රාමීය මට්ටමේ වෙළඳ ව්‍යාපාරිකයෝ මිලදී අරගෙන ගබඩා කළා.  ඒක තමා ඉතිහාසයේ ඉඳලා පැවතගෙන එන ක්‍රමය. මිල ඉහල යනකම් සාමාන්‍ය වෙළෙන්දෝ බඩ ඉරිගු ගබඩා කරගන්නවා. පසුගිය කාලය තුළ රජය  පිටරටින් විශාල වශයෙන් බඩඉරිගු ගෙන්නලා තියෙනවා. දැන් අර ගබඩා කරපු බඩඉරිඟු විකුණගන්න විදිහක් නැහැ.
ඒවට ගුල්ලෝ  ගහන්න පටන් අරගෙන. මේක නම් පුදුමාකාර ආණ්ඩුවක්. කවුද මේවා කරන්නෙ කියලා හිතාගන්න බැහැ. කිසිම පාලනයක් නැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න ඔක්කොම සීසීකඩ වෙලා. අගමැති තුමා වත් ඇමතිවරු වත් කරන දේ එකිනෙකා දන්නෙ නැහැ. මෙික කැඳහැළියක් වෙලා ඉවරයි. ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ   පොළවල් වලින් මට කතාකරනවා. අද දුර පළාත්වල රුපියල් විස්සට විකුණගන්න බැරි එළවළු කිලෝ එක කොළඹ රුපියල් සීයය.ි සමහර එළවළු විකුණගන්න බැරිව අලින්ට දානවා. කාණු වලට විසි කරලා යනවා. ගොවි ජනතාවට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා ගොවි ජනතාව ගොවිතැනින් ඉවත් වෙනවා. ඒක භයානක තත්ත්වයක.් ගොවිතැනින් ඉවත් වෙලා තරුණ කණ්ඩායම් නගරෙට ඇවිල්ල ගොඩනැගිලි වල අත්වැඩ කරුවෝවෙලා  සිමෙන්ති අදින   තත්වෙට පත්වෙලා තියෙනවා .කොහොමද මේ කෘෂිකාර්මික රටක් ගොඩ ගන්නේ. අපේ ආණ්ඩුව කාලේ අපි පිට රටටත් හාල් යැව්වා. ඉතියෝපියාවටත් අපි හාල් නැවක් ඇරියා.  අන්තිමට අපි ඒ ආණ්ඩුව භාර දෙනකොට වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා ටික පිරිලා.  සමුපකාර ගබඩාවලත් වී පිරිලා. හැරිසන් ඇමතිතුමා ගිහිල්ලා වී  වැඩියි කියලා මත්තල ගුවන්තොටුපලේ  හොඳට හෝ නරකට හෝ වී ගබඩා කලා.
එතුමා වැඬේ කලේ වෙන අරමුණක් ඇතිවය.ි කොහොමහරි වී ගබඩා කරන්න මත්තල තෝරාගත්තා. ඒ වගේ රටක තමයි අද මන්දපෝෂණයෙන් දරුවො මැරෙන්නෙ.් හම්බන්තොට මොනරාගල ප්‍රදේශවල විතරක් නොවේ සමහර ප්‍රදේශවල  ජනතාව අද මුරුන්ගා කොල තම්බලා කන තත්ත්වයට, නෙළුම් අල හාරලා කන තත්ත්වයට පත් වෙලා. ඒ වගේ දර්ශන ඒ පැත්තට ආවොත් බලා ගන්න පුළුවන්.හික්කඩුව පැත්තේ කුරුදු වගා කරන අය පෙළපාලියක් ගියා. රුපියල් 2000 තිබිච්ච කුරුඳු  කිලෝ එක රුපියල් දාහට බැහැලා. දැන්   මංගල සමරවීර ඇමතිතුමාට තියෙන්නෙ කුරුඳු පොලු ටික කපා ගන්න එක තමයි.
 දැන් ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව කතා කරනවා. රවි කරුණානායක ඇමතිවරයා කියනවා තාත්තා   සහ පවුලේ අය දේශපාලනයේ හිටියට ඒක සුදුසුකමක් නෙවෙයි ජනාධිපති තනතුරට කියලා. සාමාන්‍ය පෙළ වත් නැත්නම් මේ තනතුරට සුදුසු නැහැ කියලා එතුමා කියනවා. ඇත්තටම ඒක පිළිගන්න ඕන කාරණයක්.  තවත් සමහරු තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කරනවා. රාජිත සේනාරත්න ඇමැතිතුමා කියනවා ජනතාව තමන්ටත් ඉල්ලන්න කියනවා කියලා. හැබැයි සල්ලි නැහැ කියලා. සයිටම් ප්‍රශ්න ගැන දන්න අය හැමෝම දන්නවා එතුමාට සල්ලි තියෙනවද නැද්ද කියලා. ආණ්ඩුවේ පිරිස ජනාධිපතිවරණයට සම්මුඛ පරීක්ෂණය තම තමන්ම කරගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. තව කන්නාඩි දාන උස  කෙනෙක් තමන්ගේ සුදුසුකම් කියනවා. කථානායක කරු ජයසූරිය මැතිතුමා කියනවා පක්ෂය ඇතුළේ කැමැත්ත තියෙන්නෙ තමන්ටයි කියලා.
තවත් පිරිසක් කියනවා රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා අපේක්ෂකයා විය යුතුයි කියලා. මේ විදිහට ජනාධිපති අපේක්ෂකත්වයට තම තමන්ගේ සුදුසුකම් කියන අතරේ රට බල්ලට ගිහිල්ලා. ඊයේ පෙරේදා කාදිනල්තුමා කිව්වා දැන් උඹලා හිටියා ඇති පලයල්ලා කියලා. අපේ නායක හාමුදුරුවෝ කියන්නේත් උඹලා පලයල්ලා කියලා. රටේ ජනතාවත් ඒකම කියනවා. දුම්මල ගහලවත් එලෝ ගන්න බැරි එක තමයි අද ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපේ ජනාධිපති අපේක්ෂකයාට ඉතාම හොඳට සුදුසුකම් තියෙනවා.   එතුමා ආරක්ෂක අමාත්‍යාංශය ලේකමි විදිහට අවුරුදු තිහක් තිබිච්ච එල්ටීටීඊ ත්‍රස්තවාදය අවසන් කරන්න පෙරමුණ ගත්තා. නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්  වරයා වශයෙන් ඉඳගෙන ඒ කටයුත්ත ඉතාම හොඳින් කරා. ඒ නිසා අපේ අපේක්ෂකයාට ඉතාම හොඳ සුදු තියෙනවා. අපිට ඉන්නෙ එක අපේක්ෂක යයි.
ඒ අතරේ මැතිවරණ කොමිසමේ සභාපති තුමා දැන් කියනවා පළාත් සභා  පුළුවන් තරම් ඉක්මනින් තියන්න ඕනෙ කියලා. උතුරු මැද ,නැගෙනහිර සහ සබරගමුව දැන් අවුරුදු දෙකක් පුරා මැතිවරණ නවත්තල තියෙන්නෙ. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා දිනන්න බැරි වුණොත් තමන් ඉල්ලා අස්වෙනවා කියලා මැතිවරණ කොමිසමේ සභාපති වරයා කිව්වා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න තව තියෙන්නේ මාස දෙකයි.  එහෙම තත්ත්වයක් තුළ පළාත් සභා මැතිවරනයක් තියන්න කාලයක් නැහැ. ඒ නිසා අපි කියනවා හිත හදාගෙන, අවුල් කරන්නෙ නැතුව   ජනාධිපතිවරණය හරියාකාරව කරන්න කියලා. මාස දෙකක් ඇතුලත පළාත් සභා මැතිවරණයක් කියන්න බැහැ.
 වෛද්‍යවරු කණ්ඩායමක් ඊයේ මාව හම්බවෙන්න ආවා. රාජිත සේනාරත්න ඇමතිවරයා පිළිබඳව කාරණා දහයක් පිළිබඳ බරපතළ වැරැද්දක් ඔවුන් පෙන්වා දෙනවා.ඊට එරෙහිව අත්සන් ලක්ෂ ගානක් එකතු කරන්න ඔවුන් කටයුතු කරා. අපි පාර්ලිමේන්තුවට ගේන විශ්වාසභංග යට ගහන නිසා මහජනතාවගේ අස්සනින් විශ්වාසභංගයක් ගේන්නයි ඔවුන් මේ කටයුත්ත කළේ. අනුරාධපුර  රෝහලේ එක කළා.  කළුතර කරන්න ගියාට පස්සේ කුරුදු පොලු ප්‍රහාරය වගේ වෛද්‍යවරුන්ට ප්‍රහාර එල්ල කළා. ඒක අද වෙනකොට රටේ විශාල අවුලක් නිර්මාණය කරලා තියෙනවා රාජිත සේනාරත්න ඇමතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත්ත දවසේ ඉඳලා මේ කරපු වැරදි වැඩ  සහ වැරදි පාලනය නිසා අමාත්‍යාංශය කඩා වැටිලා. වෛද්‍යවරුත් එක්ක ගහගෙන   සෞඛ්‍ය අමාත්‍යාංශය  අරගෙන යන්න කවදාවත් බැහැ. ඒක නිසා මේ රටේ  ජනතාව තමයි වන්දි ගෙවන්නේ. මේ වෛද්‍යවරුන් ගෙන් පලිගන්න කටයුත්ත නවත්තන්න කියලා අපි ඉල්ලනවා. අසරණ ජනතාවගේ ජීවිතත් එක්කයි මේ සෙල්ලම් කරන්නේ කියලා අපි පැහැදිලිව කියන්න ඕන.
පළාත් සභා මැතිවරණය තියන්න කාලයක් නැත්තං අද හෙට පාර්ලිමේන්තුව ඇතුළේ අත්සන් 150ක් අරගෙන මහ මැතිවරණයකට යන්න පුළුවන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress