ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ අතර සාකච්ඡුා
Posted on June 25th, 2019

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ


ඉදිරි මැතිවරණවලදී එක්ව කටයුතු කිරීම සහ තිරසාර වැඩපිළිවෙලක් සදහා වූ ජාතික ප‍්‍රතිපත්තියක් සැකසීම සම්බන්ධයෙන් මේ වන විට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා සෙසු දේශපාලන පක්ෂ සාකච්ඡුා ආරම්භ කොට ඇත. ඒ අනුව අද (25* පෙරවරුවේ ඊ. පී. ඞී. පී පක්ෂය, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදි වාමාංශික පෙරමුණ යන පක්ෂ සමග නෙලූම් මාවතේ් පිහිටි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන කාර්යාලයේදි සාකච්ඡුා වට කිහිපයක් පැවැත්විනි. විශේෂඥ කමිටු විසිහයක් යටතේ සහ ගම සමග පිළිසදරක් වැඩ පිළීවෙල යටතේ ගම් මට්ට්ටමෙන් රැුස් කළ තොරතුරුත් සමග ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හා එක්ව කටයුතු කරන දේශපාලන පක්ෂවල යෝජනාද ඇතුළත් කරමින් අනාගතයේදි කි‍්‍රයාත්මක කිරිමට නියමිත මෙම ජාතික ප‍්‍රතිපත්තිය සකස් කෙරෙයි.

අදාල දේශපාලන පක්ෂවල යෝජනා සහ අදහස් ලිඛිතව ලබාදීමටත්, ප‍්‍රතිපත්ති සම්පාදක කමිටු සදහා නියෝජතයින් සහභාගි කරවීමටත් මෙහිදි එකගත්වය පළවිය.

එමෙන්ම රටට අහිතකර ගිවිසුම්, රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, ඇතුලූ මාතෘභූමිය අභියෝගයට ලක්කරන තීින්දුවලට එරෙහිවත්, ජාතික ආරක්ෂාව තහවුරු කර සුරක්ෂිත රටක් බිහිකිරීම උදෙසාත් ඉදිරි මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂ විරෝධී බලමුලූවක් ලෙස එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පක්ෂ නියෝජිතයින්ගේ දැඩි අවධානයට ලක්විය.

ඊ. පි. ඞී. පී පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩග්ලස් දේවානන්දා මහතා ඇතුලූ මහජන නියෝජිතයින් පිරිසක්ද, ශී‍්‍ර ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ඞීව්. ගුණසේකර මහතා ඇතුලූ පිරිසක්ද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩි. තිලකසිරි මහතා ඇතුලූ පිරිසක්ද, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා, පක්ෂයේ ලේකම් සාගර කාරියවසම් මහතා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්තී‍්‍ර සි. බී. රත්නායක මහතා ඇතුලූ පිරිසක් ද සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress