දෙමළ ඩයස්පෝරාවේ මග මගපෙන්වීම මත රාජ්‍ය නොවන සංවිධානව රට අරාජික කරන්න හදනවා
Posted on June 26th, 2019

මාධ්‍සාකච්ඡාව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

අද (26* පැවැති මාධ්‍ය හමුවට සහභාගි වු මන්තී‍්‍රවරුන්
x පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී.බී රත්නායක මහතා.
x පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුනවර්ධන මහතා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර සී.බී රත්නායක මහතා.
මේ රටේ අද දෛනික ව විවිධ ප‍්‍රකාශ නිකුත් වෙනවා. මේ වෙලාවේ සුන්දර වචන රටට අසුන්දර කියමන් ප‍්‍රකාශයට පත් වෙනවා. දෙමළ ඩයස්පෝරාවේ මග මගපෙන්වීම මත රාජ්‍ය නොවන සංවිධානව රට අරාජික කරන්න, මේ රටේ ප‍්‍රශ්න වැඩි කරන්න,හදනවා. වෙනම රාජ්‍යයන් ගැන කතා කරපු අය දැන් ආගම්වාදය ඇති කරන්න උත්සාහවා. අද පුවත් පතක පාක්‍යසෝති සරවනමුත්තු ප‍්‍රකාශයක් කරලා තිබුණා අස්ගිරිය මහා නායක ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගත යුතු බවට. ඔහු මුලින් බලන්න ඕනේ ඔහුගේ ආචාර්ය පදවිය ගත්තේ කොහොමද කියලා. ඒ ආචාර්ය පදවිය ඉස්සරහට දමාගෙන රටක් අරාජික කරන්න සූදානම් වෙන අතරතුර ආගමික නායකයින් හැටියට අපේ උත්තරීතර සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක ස්වාමීන් වහන්සේට ඇඟිල්ල දික් කරන්න කරන්න තරම් කතා කරන්න පුළුවන් බලයක් ඔහුට ආවේ කොහොමද. කවුරු නිසා ද කියන එක ප‍්‍රශ්නයක්. රටක ජාතික ආරක්ෂාව පිළිබඳ තහවුරු කරන්න බැරි රාජ්‍යයක් තුළ ඔවුන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා අනිත් ජාතීන්ගේ ඡුන්ද ටික ඩැහැ ගන්න ඕන කම නිසාම ඒ අය මුනිවත රකිනවා.මේ වගේ වෙලාවල්වල අමනෝඥයො විවිධ ප‍්‍රකාශ නිකුත් කරන්න සූදානම් වෙනවා. ”මතක තියාගනින් පාක්‍යසෝති සරවනමුත්තු මේ රට බෞද්ධ රාජ්‍යයක් ආගමික නායකයින්ට ඇඟිල්ල දික් කරන්න උඹට අයිතියක් නැහැ. අපි උඹේ වහලූ නෙවෙයි.” නමුත් අපි පැහැදිලිව ප‍්‍රකාශ කරන්න ඕන අස්ගිරිය මහා නායක හිමිපාණන්ට කරපු ප‍්‍රකාශය ඉතා ඉක්මනින් අයින්කරගන්න සූදානම් වෙන්න කියලා. එසේ නොවෙන්නේ නම් දිගින් දිගටම වැරදි ආකාර ප‍්‍රකාශ නිකුත් කරන්න සූදානම් වෙන්නේ නම්, රට එක පෙළට පෙළ ගස්සන්න අපි සූදානම්. අපි මොන හිරගෙවල් වල දැම්මත් මොන චෝදනා අපිට කරත් මේක අපි ප‍්‍රකාශ කරන්න අවශ්‍යමයි.” පාක්‍යසෝති සරවනමුත්තු උඹ හිතේ තියා ගනින් අති උතුම් කාදින තුමා බෞද්ධ දර්ශනය තුළින් බෞද්ධ ආගම තුළින් කොයි විදිය හැදියාවක් පැහැදිලි කරනවද කියන එක” උන්වහන්සේගෙන් මේ පිළිබඳව අවබෝධ කරගන්න ඕන. මේය අවබෝධ නොකරගෙන මේ ආකාරයෙන් කටයුතු කිරීම තුච්ඡුයි නින්දිතයි කියන එක පැහැදිලි කරන්න අවශ්‍යයි. ලෝක පූජිත ආගමික නායකයෙක් විදිහට කාදිනල් උන්වහන්සෙ ්මේ විදියට බෞද්ධ දර්ශනය ගැන කතා කරනකොට කොහෙවත් නැති කුලියට ආචාර්ය පදවි ගත්ත උදවිය රට අරාජික කරන්න කටයුතු කරනවා. එදා ඉඳලම ධනේශ්වර පන්තියේ මුදල් වලට කෑගහන අය මේ ආකාරයෙන් ක‍්‍රියාත්මක වීම පිලිබදව අපි කනගාටුවට පත් වෙනවා. සුළු ජාතීන් වන කතෝලික ආගම අදහන ඉස්ලාම් ආගම අදහන හින්දු ආගම අදහන මගේ සහෝදර මිත‍්‍රවරුන් අසාධාරණයක් කරනවා කියලා ඒකෙන් ගම්‍ය වෙන්නේ නැහැ. මේ කාරණය අපි තරයේ හෙලා දකිනවා. මේක වහාම ඉල්ලා අස්කර ගත යුතුයි. මේ රටේ ජීවත්වන මිනිසුන් හැටියට මේ රටේ සමස්ත ජනතාවගෙන් කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම තරුණ තරුණයින්ගෙන් කාරුණිකව ඉල්ලනවා මේ අයට පාඩමක් උගන්නන්න අවශ්‍ය පසුබිම සකස් කරගැනීමට එක්වෙන්න කියලා. මේ කාරණයේ දී විවිධාකාර ක‍්‍රියාකාරකම් විවිධාකාර කතා කියන්න සූදානම් කරලා තියෙනවා. මේ වෙලාවෙදි ජාතිවාදය ආගම්වාදය ඉස්මතු කරගනිමින් මේ රටේ බලය තහවුරු කරගැනීමට ක‍්‍රියාත්මක කරගෙන යනවා. එදා මේ රජය පත්වුණාට පස්සේ 18 වෙනි සංශෝධනය කරලා දහනමවැනි සංශෝධනය පටන් ගන්න සූදානම් වුනා. දහනමවැනි සංශෝධනය පටන් ගන්න සූදානම් වුණේ ඒ වෙලාවෙ යහපාලනයත් එක්ක දීඝ කාපු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක ඔවුන්ගේ කාර්යභාරය ඉටු කර ගැනීම සඳහායි. මෙයට අපිත් අත ඉස්සුවා. එහෙම කළේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපට විසිවෙනි සංශෝධනය ඊළඟ සතිය තුළ ම ගේනවා කියලා පොරොන්දු වූ නිසයි. ඔහු ඒ වෙලේ කිව්වා 20 සංශෝධනය කරන්න දෙන්න නම් 19 සංශෝධනය කරන්න අවස්ථාව දෙන්න කියලා.දැන් එක එක කතා කියනවා ජයම්පති වික‍්‍රමරත්නගේ ලණුව කෑවා. ජනාධිපති දැන් විවිධාකාර කතා කියනවා. පක්ෂවල මහලේකම්වරු ඇතුළු බොහෝ පිරිස අද ඒ ගැන කතා කරනවා. නමුත් ඒ අයට අමතක වෙලා තියෙනවා රටේ ජනාධිපති තමයි කණ්ඩායම් රැුස්වීම ගෙනල්ලා අපිට කිව්වේ විසිවෙනි සංශෝධනය ගේනවා කියලා. 19 දහනමවැනි සංශෝධනයට කැමැත්ත දෙන්න කියලා. අද වෙනකම් ඒ විසිවෙනි සංශෝධනය ගෙනාවේ නෑ. මේ විගඩම් නිසා විවිධාකාර විදිහට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 225 ගැනම චෝදනා සහ මතවාදයන් රට තුළ ඇති කරමින් යනවා. හැට දෙලක්ෂයක් ඡුන්දය දුන් උදවියට හීනමානයක් තියෙන නිසා දැන් ඒක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ පිටින් යවනවා. පාර්ලිමේන්තුවට බුද්ධිමතුන් යවන්න ඕනේ කියනවා. පාර්ලිමේන්තුවකට බුද්ධිමතුන් යවන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කළුතර දිස්ත‍්‍රික්කයේ ඇස්පිල්ලන් ගහමින් කතා කරන කෙනා වෛද්‍යවරයෙක් හැටියට කතා කිරීමේදී රට ගැන රටේ උන්නතිය ගැන රටේ අභිවෘද්ධිය ගැන කුමන ආකාරයෙන් කතා කරනවා ද කියන එක ප‍්‍රශ්නයක. දත් දොස්තර වෙන්න පුළුවන.් එම්. බී. බී එස් එක සමත් වෙලා තියෙනවා නම් කොයි විදියට ද කළ යුතු වන්නේ. දැන් කතා කරන විදිය ප‍්‍රශ්නයක් නොවේ ද. අතපය හතර තිබුනට ඉංජිනේරු විභාගය පාස් උනා කියල කිව්වට ඒ අය පාර්ලිමේන්තුවේදී කතා කරන ආකාරය හැසිරෙන විදිහ අනාගත සැලැස්ම ගැන කියන්නේ මොනවද කියන එක රටේ ජනතාව දන්නවා. වෛරි දේශපාලනය පතුරවලා ඔවුනගේ බලය තහවුරු කරගන්න කර ගන්න සූදානම් වෙන ආකාරය අපට පෙනෙනවා. මේ පිළිබඳව කතන්දර කියන අයට මම කියන්න කැමැතියි ප‍්‍රායෝගිකව දේශපාලනඥයෙක් හැටියට අපි මේ මාතෟ භූමියට ආදරය මිනිසුන් . ඊයේ මාධ්‍ය තුළ පක්ෂ විපක්ෂ දේශපාලනය ගැන කතාවක් මම දැක්කා. නළුවෙකත්ු කතා කලා. නළුවාගේ දේශපාලනයේ ඉතිහාසය මොකක්ද , ඡුන්දෙ ඉල්ලන්න ගිය මොන පක්ෂයෙන්ද, ඒ කාලේ මොන විදිහට ද කතා කලේ කියල දැක්කහම පුදුමයි. නැවත පත් වෙන්න බැහැයි කියල හිතෙනකොට වෙනස් විදියකට කතා කරනවා. ඒ වගේම තමයි කරුණාරත්න ජයසූරිය පාර්ලිමේන්තුවේ කතානායකවරයා වගේ. ස්වාධීන රාජ්‍යයක් වෙනකොට මේ ස්වාධීන රාජ්‍යය සඳහා ධනේශ්වර පන්තියේ බටහිර ගැත්තෙක් උපදේශකයෙක් හැටියට ඔහු පත් කරගෙන මේ රට විනාශ කරන්න ක‍්‍රියා කරන්න සූදානම් වෙනවා. මේ රටේ ම පුරවැසියෙක් එන් ජී ඕ වලින් වැටුප් ලාභියෙක් බවට පත් කරගෙන පත් කරගෙන කටයුතු කරපු ආකාරය පිළිබඳව අපි අධිකරණයට යොමු කරල තියෙනවා. ඒ විතරක් නෙමෙයි පොලිසියට අධිකරණයට. මහ බැංකුවට. සී .අයි .ඞී එකට පවා ඇමරිකානු නියෝජිතයො දාලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිත අබේගුණවර්ධන මහතා.
අපේ‍්‍රල් මාසේ විසි එක් වෙනිදා සහරාන් සහ අනෙක් පිරිස සිදුකළ මිලේච්ඡු ප‍්‍රහාරයක් නිසා රටේ විශාල ජීවිත ප‍්‍රමාණයක් අපට අහිමිවීම සිදුවුණා. අනික් අතින් මේ මොහොත වනවිටත් රටේ ආරක්ෂාව ඉතාම අවාසනාවන්ත තත්වයකට පත්වෙලා තියෙනවා. රටේ ජීවත්වන හැම කෙනාම බියෙන් සැකෙන් ජීවත් වෙන තත්වෙට පත්වෙලා තියෙනවා. සහරාන්ගේ බෝම්බය වගේ නෙවෙයි. දැන් මේ රටේ ජීවිත විනාශ කරන බෝම්බ හා තවත් මේ රට ආර්ථික වශයෙන් ¥ෂණය කරන වැඩ දිගින් දිගටම සිද්ධ වෙමින් පවතිනවා. සහරාන්ගේ බෝම්බයත් මේ ආණ්ඩුවට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය කරලා තියෙනවා. ජනතාව ඉන්නේ බෝම්බ බියෙන්. ඔවුන් රටේ රාජ්‍ය ආරක්ෂාව ගැන හොයනවා. ඒ අතරතුරේ වෙනම පොඩි පොඩි බිම්බෝම්බ ආණ්ඩුව පත්තු කරන එක අති භයානක වලා. ඒ වගේ එකක් තමයි දැන් පත්තු වෙලා තියෙන්නෙ. අපේ රටේ අධ්‍යාපන ඇමැතිවරයා ගැන බලමු. ඔහුගේ අතේ තමයි රටේ අනාගතය තියෙන්නේ. අධ්‍යාපන ඇමතිවරයෙක් අවුරුදු හයක් පාලනය කරන කොට ඔහු ගන්නා තීන්දු තීරණ මත දැයේ දරුවන් උගත් දරුවන් බවට පරිවර්තනය වෙනවා. අද අධ්‍යාපන ඇමැතිවරයා මොකක්ද කරල තියෙන්නේ. ඊයෙ පත්තරේ වාර්තා කරනවා ” අකිලට දුර ගමනක් යන්න ඡුායාරූපය සහිත ලිපියක් පෙළපොත් වලට දමන්න කියලා” ඇමතිවරයාම තියෙනවා. ඒක කියන්නේ හිටපු අධ්‍යාපන කොමසාරිස්. මේ වන විට එතුමා අධ්‍යාපන සැලසුම් දෙපාර්තමේන්තුවේ නිලදාරියෙක්. කේ ඞී ඉලංගසිංහ මහත්තය. ඔහු එවකට හිටපු නිලධාරියෙක් හැටියට ප‍්‍රකාශයක් කරනවා මේ ගැන.” මම කිව්වා විෂය භාර ඇමැතිවරයාට මේ ගැන නැවත හිතන්න කියලා තවත් කොළ හතරක් අලූතෙන් එකතු කරන්න සිදුවෙන නිසා” ඇමතිවරයා එතකොට කියලා තියෙන්නේ මගේ ප‍්‍රතිරූපය නංවන්න මේක කරන්න කියන දේ. නිකන් පින්තූරයක් නෙවෙයි වර්ණ පින්තූරයක් යොදන්න කියලා තියෙනවා. අධ්‍යාපන ඇමැතිවරයා ලස්සනට ඉන්න තරමට තමයි අගමැතිවරයාගෙන් අවශ්‍ය කරන පහසුකම් ලැබෙන්නේ. එතුමා කියලා තියෙන එකක් හරි නේ .මමත් දැක්කා ඒ ඡුායාරූපය. එකේ තොල් පාට කරල තියෙන්නෙ. කොන්ඩෙ ලස්සනට පීරල තිබුනා. හැබැයි ගියපු ගාන කෝටි දාසයයි. දරුවන්ගේ පෙළපොතට තමන්ගෙ පින්තූරය දාලා විස්තරය දාන්න කෝටි දාසයක් අධ්‍යාපන ඇමැතිවරයා වැය කරන කොට රටේ තත්වය තත්ත්වය මොකක්ද. මම පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ සාමාජිකයෙක්. පහුගිය මාසයේ දී පාර්ලිමේන්තු ගිණුම් කාරක සභාවේ අධ්‍යාපන අමාත්‍යංශය කතාබහට ලක් කෙරුණා. මේවා අපිට ලිඛිතව මාධ්‍ය ආයතනවලට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකෙ තියෙනවා එක තැනක බස්නාහිර පළාතේ මතුගම කලාපයේ මංගල දෙමළ විද්‍යාලයේ තොරතුරු. දැනට පන්ති කාමර ටකරං මඩු වල පවත්වාගෙන යනවා. ඔවුන් මේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලන්නේ පන්ති කාමරයක් හදලා දෙන්න කියලයි. ඊළඟට ඉල්ලනවා කොස්වත්ත ජනාධිපති විද්‍යාලයෙන් පන්ති කාමරයක්. ඒකෙත් කියන්නේ ටකරම් මඩුවල පන්ති කාමර පවත්වාගෙන යාම සහ වැසිකිලි වැසිකිලි නොමැති බවයි. ආරක්ෂිත වැටක් දරුවන්ගේ ආරක්ෂාවට නෑ කියලා කියනවා. මේ හැම පාසලකම වැසිකිළි පහසුකම් ඉල්ලලා තියෙනවා. ශ‍්‍රී සුමංගල ජාතික මහා විද්‍යාලය, බැල්ලපිටිය කණිෂ්ඨ විද්‍යාලය, මීවනපලානේ මහා විද්‍යාලය, පොලේගොඩ මහ විද්‍යාලය, යටියන කනිෂ්ඨ විද්‍යාලය වගේ තවත් විද්‍යාල රැුසක් වැසිකිළි පහසුකම් ඉල්ලා සිටිනවා.මේක මානව අයිතිවාසිකමක්. පාසල් යන දරුවකුට වැසිකිළි කැසිකිළි පහසුකම් ලබාදෙන එක රජයේ වගකීමක් වගේම ඔහුගේ මානව අයිතිවාසිකමක්. පාසල තුලට වැසිකිලියක් ලබා දෙන්න බැරිවෙච්ච ආණ්ඩුව අධ්‍යාපන ඇමතිතුමාගේ ප‍්‍රතිරූපය නංවන්න කෝටිදාසයක් වියදම් කරනවා. මේ කෝටි දාසයෙන් අර වැසිකිලි ටික හදන්න තිබුණා නේද. මේ ටකරන් මඩුවල පිච්චි පිච්චි ඉන්න දරුවන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් පන්ති කාමරයක් හදලා දෙන්න තිබුණේ නැද්ද. මෙන්න අධ්‍යාපන ඇමතිවරයාගේ ප‍්‍රතිරූපය. ඊයේ දවසේ අකිල විරාජ් අමාත්‍යවරයාගේ ටැබ් ලබාදීේම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දුන්නා. මේ රටේ දරුවන්ට ටැබ් එකක් ලබා දෙනවා නම් ඉතාම හොඳයි. මේක 2016 අයවැය යෝජනාවලිය තුලින් ඉදිරිපත් කරපු දෙයක්. 2017ත් ටැබ් නැහැ. 2018 නෑ 2019 ටැබ් එක මතක් වෙනවා ජනාධිපතිවරණය එනකොට. හැබැයි මේ ටැබ් පරිගණකය ලබාදීම තුල ¥ෂණයක් වෙනවා. කරුණාකරලා අපි කියනවා පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා ක‍්‍රියාත්මක වෙනකොට මේක පැහැදිලි කරන්න කියලා.අපි අකිල විරාජ් අධ්‍යාපන ඇමතිවරයාගේ ප‍්‍රශ්න කරනවා මේ සම්බන්ධයෙන්, ටෙන්ඩර් ක‍්‍රමවේදයක් භාවිත කළා ද යන්න පිළිබඳව. කවුද මේවට ඉදිරිපත් වුණ සමාගම්. ඒවට ඉදිරිපත් කරපු මිල ගණන් කීයද. එයින් කාටද මේ ටෙන්ඩරය ලබා දුන්නේ. පෙල පොතෙන් කෝටි දාසයක් ගැහුවනම් ලැප් එකෙන් කීයක් ගහලා ඇත්ද. ඒ නිසා සහරාන්ගේ බෝම්බෙට වැඩිය මේ බෝම්බෙ භයානකයි. මේ රජය අද රටේ අධ්‍යාපනය කඩා බිඳ දැමීමේ ක‍්‍රියාවලියක් අරගෙන යනවා.
ජනාධිපතිතුමා අද පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වුවා. මරණ දණ්ඩනය නියම වූ හතර දෙනෙකුට එතුමා මරණ දණ්ඩනය දෙන්න අත්සන් කලා කියලා ප‍්‍රකාශ කළා. දැන් අපට පුළුවන් මරණ දණ්ඩනයට නියම වෙලා තියෙන අයව එල්ලන්න. ජනාධිපතිවරයා ඒ අයට මරණ දණ්ඩනය නියම කරන ගමන් අපි ජනාධිපතිවරයාට යෝජනා කරනවා, මේ රට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2015 බාර දුන්නෙ ත‍්‍රස්තවාදය අවසන් කරල කරලා. එදා මේ රට සම්පූර්ණයෙන් ම නිදහස් වෙලා තිබුණා. බෝම්බයක් පිපිරෙනව තියා අසුබ විදිහට රතිඤ්ඤා වත් පිපිරුවේ නැහැ. රට නිදහස් වෙලා අවුරුදු 10 වෙන්න තිබුණෙ 2019 මැයි 19වෙනිදාට. නමුත් 2019 අපේ‍්‍රල් 21 ජීවිත ගානක් විනාශ කරලා බෝම්බ පිපුරුනා. අපි ජනාධිපතිතුමාට කියනවා ගරු ජනාධිපති තුමනි ඉතා ඉක්මනින් ඔබේ අතේ තිබෙන රාජ්‍ය ආරක්ෂාව, පොලීසිය, ත‍්‍රිවිධ හමුදාව යොදා ගෙන ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීපු අනුබලදීපු බෝම්බ හදන්න මුදල් පහසුකම් ටික සලසපු උන්නැහෙලා ටිකව නීතියට හසු කරල එල්ලන්න කියලා. ඔවුන්ට මරණීය දණ්ඩන දෙන්න ඕනෙ.් ඊට අවශ්‍ය වාතාවරණය හැදීම ඔබතුමාට භාරයි. ඒ විතරක් නෙමෙයි රට ආර්ථික වශයෙන් බිමට හෙලූ මහා බැඳුම්කර වංචාවේ මහ මොළකරු ඉන්නේ එළියේ. පාර්ලිමේන්තුව ඇතුළේ ඒ අයට කිසිම ප‍්‍රශ්නයක් නෑ. ඒ අයවත් නීතිය ඉදිරියට ගෙනල්ලා එල්ලන්න අවශ්‍යයි. ඒ වගේම ජනාධිපතිවරයා තේරීම් කාරක සභාවට තමන් නොඑන බවත් ,එය සිරිකොතේ කෙරෙන නාඩගමක් බව ප‍්‍රකාශ කරලා තියෙනවා. දැන් තේරීම් කාරක සභාව ටෙලිඩ‍්‍රමා එකක් මගේ. සමහර වෙලාවට ප‍්‍රශ්න අහන කෙනාම චූදිතයාත් එක්ක පිළිතුරු දෙනවා. තේරීම් කාරක සභාවට ජනාධිපතිතුමා එන්නෙ නෑ. දැන් තියෙන්නේ අගමැති තුමා ලියලා දීපු ප‍්‍රශ්න ටික අහන එකයි එතන කෙරෙන්නේ.
අපේ අස්ගිරි පාර්ශවයේ මහා නායක මහනායක හාමුදුරුවෝ ගැන කරල තියෙන ප‍්‍රකාශය සිංහල බෞද්ධයො හැටියට අපි හෙළා දකිනවා. පාක්‍යසෝති සරවනමුත්තු උන්නැහේට අස්ගිරි මහනායක හාමුදුරුවෝ කියන්නේ කව්ද කියල අපිට කියල දෙන්න වෙනවා. ශ‍්‍රී දළදා වහන්සේ සිංහල බෞද්ධ අපගේ මුදුන්මල්කඩයි. අස්ගිරි විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ ඒ වගේ ම වටිනවා. අපි මේ කරුණ පිළිබඳව ජනාධිපතිවරයාගේ සහ රජයේ අවධානයට යොමු කරනවා. එදා කොච්චිකඬේ පල්ලියේ, කටුවපිටිය පල්ලියේ මිනිස්සු කෑලි කෑලි වෙලා මැරෙන සරවනමුත්තුගේ කට ඇරුනෙ නැහැ. හෝටල් වල විදේශිකයෝ එක්ක ශ‍්‍රී ලාංකිකයෝ මැරෙනකොට කට ඇරුනේ නැහැ. හැබැයි දැන් කට ඇරිලා. ශ‍්‍රී ලාංකිකයන් හැටියට, අපේ ඉවසීම බෞද්ධ දර්ශනය තුළ තියෙන ගති ලක්ෂණ එවැනි ප‍්‍රකාශවලින් නැති කරන්න එපා කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. මේක එක පැත්තකින් ආගම්වාදය ඇවිස්සීමට මුල පිරීමක්. පළමුවෙන් පාක්‍යසෝති සරවනමුත්තු අත්අඩංගුවට ගත යුතුයි. අපේ නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් අත්අඩංගුවට ගන්න කියන කොට සිංහල බෞද්ධ ජනතාව මොනවද කල්පනා කරේ. මේ ගැන වහාම අවධානයෙන් කටයුතු කරන්න කියලා අපි ජනාධිපතිවරයාට කියනවා.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි ජනාධිපතිවරණය ඇතුලූ අනෙකුත් මැතිවරණ කටයුතු සංවිධානය කරමින්, ඒවා අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡුා කරනවා. සෙසු පක්ෂ සමඟ එකඟත්වයකට ඇතිකර ගන්නවා. අගෝස්තු මාසේ 11 අපේ සම්මේලනය සුගතදාස ක‍්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අන්දමින් සියලූ පක්ෂවලට ආරාධනා කරමින් පවත්වනවා. අපි අපේ ජනාධිපතිවරණ මෙහෙයුමක් ආරම්භ කරන දැනටත් ආරම්භ වෙලා ඉවරයි. ගම් මට්ටමින්, පළාත් මට්ටමින්, දිස්ත‍්‍රික්ක මට්ටමින්, ආසන මට්ටමින් ග‍්‍රාම ග‍්‍රාමසේවා මට්ටමින් දෙවුන්දර තුඩුවෙ ඉඳල පේදුරුතුඩුව දක්වා අවශ්‍ය සංවිධාන ශක්තිය ක‍්‍රියාත්මක වෙමින් පවතිනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයින් රැුසක් පිළිබඳව අපට මාධ්‍ය ඔස්සේ අහන්න ලැබෙනවා. රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා, කරූ ජයසූරිය කථානායකතුමා නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයා, පාඨලී චම්පික ඇමැතිවරයා, රාජිත සේනාරත්න ඇමැතිවරයා, දයා ගමගේ ඇමැතිවරයා වගේම පොදු කියලා කෑල්ලක් දාලා ව්‍යාපාරික ධම්මික පෙරේරාවත් අපෙක්ෂක නාමවලියෙන් එළියට ආවා.

4 Responses to “දෙමළ ඩයස්පෝරාවේ මග මගපෙන්වීම මත රාජ්‍ය නොවන සංවිධානව රට අරාජික කරන්න හදනවා”

  1. Ancient Sinhalaya Says:

    Sinhalese forever ‘indebted’ to traitor anti Sinhalese, anti Sri Lanka, anti Buddhist UNPatriotic_rats (seedless)
    party aka United National Ponnayinparty for creating the ever Mother Lanka dismembering diasporats. Father of
    Sri Lanka, Sinhalese race, Buddhism destroying, Mother Lanka dismembering project was traitor alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) thambi mudiyanselage jr@. Sri Lanka is a mess, Buddhism destroyed, Sinhalese race struggling to survive thanks to the traitor low life.

    What is more its traitor alugosuwa (to Sinhalese Buddhists, Sri Lanka and Buddhism only) nephew Batalande wa(n)dakaya has been carrying on from where thambi mudiyanselage jr@ left off, to the delight of tamils,
    mussies and catholics. Sad irony of all these is, still a lot of traitor, pea-brained Sinhalese donkeys support these traitors for a packet of rice/a shot of arrack/favours/a job etc. etc. and help the UNPatriotic_rats to drive nail
    after nail to the coffin of Mother Lanka, Sinhalese race and Buddhism.

  2. Dilrook Says:

    Two days ago 8 Tamils and 2 Sinhalese have filed cases against Gotabaya in a US District Court for alleged human rights abuses. This shows he is still an American citizen.

    There was a police raid on a “kasippu” joint in Kaluthara district a few days ago. A SLPP MP allegedly owns it.

    SLPP must clarify both these issues to the people quickly before fake news spread without diversion.

  3. Randeniyage Says:

    “All 225+1 are thieves” theory getting proven on daily basis.

  4. Randeniyage Says:

    Even Singaporean family live and worked in Singapore for 20 years cannot afford “hotel lodging” for one at Mt. Elizabeth Hospital, Singapore 2 months. How can a foreigner from a third world country afford it ?, even if it is paid by insurance.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress