සිරාට, රනිල්ට, සෝෆාට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට කෙලවන්න වහා වහා සුදානම් වෙයල්ලා!
Posted on July 3rd, 2019

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අලුත්ම කතාව සෝෆා බවට පත්ව ඇත. සෝෆාගේ හොද නරක නිතර දෙවේලේ සියලුම නාලිකා වලින් විදාරණය වෙමින් පවතී. ඇම්බට්ටයෝ, චීනය විසින් ගොඩනගන පොර්ට් සිටි එකත් බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතියත් සෝෆාට සමාන බව පළකරමින් තමන්ගේ මන්ද බුද්ධික බාවය ලොවටමැ පෙන්වමින් සිටි. මේ වනවිට සෝෆා හා ඊට සම්බන්ධ ගිවිසුම් හේතුවෙන් ඇමරිකාව ශ්‍රී ලාංකීය ජනතාව ඉදිරියේ නිරුවත්ව සිටි. මේ ඇමරිකන් නිරුවත දෙස බලනවාද නැත්නම් ලජ්ජාවෙන් ඉවත බලාගන්නවාදැයි යන කුකුස ජනතාව තුල ඇත. ශ්‍රී ලාංකීය ජාතියේ “මරු සිරාගේ” යහපාලනයේ අවසාන රංගනයේ, මේ නිරුවත ප්‍රදර්ශනය කරන අතරවාරයේදී, මෙරට ඇමරිකානු තානාපතිවරියද ඉදිරියටම පැන සිදුකරන ප්‍රකාශ අසන ජනතාව, ඇය මේ කරන අශික්කිත කාර්යය එතුමිය ලද විශාල ජයග්‍රහණයක් ලෙස සිතන්නාක් සේ දකී.

ජනපති මහින්දට, මැතිවරණ කොමසාරිස්, මහින්ද ලවා පහරදී  එළවා දමා, සීරාව බලයට පත්කර, ඒ තුලින් තම එකම ඒජන්තයාවූ රනිල් බලාත්මක කොට රටේ සියලු ධනය කොල්ලකා ගත් ඇමරිකානු අධිරාජ්‍යවාදය, මේ වනවිට තම බලය කලාපය තුල ස්ථානගත කරගැනීම සදහා නිවට පාලකයින්ගෙන් සමන්විත මේ රජය පාවිච්චි කරගෙන ඇත. මේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, අවසාන කඩයිම  බවට පත්කිරීමේ පුර්ණ වගකීම ඉතිහාසය විසින් මෙරටවාසි ශ්‍රී ලාංකීය ජනතාව වෙත පවරා ඇති අතර මේ විමුක්ති අරගලයේදී, ශ්‍රී ලාංකීය ජනතාවගේ සහයට මුළුමහත් ලෝකවාසී ජනතාවම පෙළ ගැසෙමින් සිටින තත්වයක් අපි දකිමු. පසුගිය සතියේ, ආසියාවේ ප්‍රභලම ආර්ථිකයන් හසුරවන චීනය, ඉන්දියාව හා රුසියාව  එක්ව ආසියාව මේ මතුවෙන බටහිර තර්ජනයන්ගෙන් මුදවා ගැනීමේ කාර්යන් සදහා මුලික අඩිතාලම සම්බන්ධව සාකච්චා වටයක නිරත විය. දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන් මෙවර තනි වී නැති අතර, ඔවුනට තනිවීමට ලෝකවාසී බලවේගයන්ද ඉඩ තබන්නේ නැත. මුළුමහත් ලෝකයම වෙනස් කරන චීනයේ ආර්ථික වැඩ පිළිවෙල ඉදිරියටම ගලා යන අතර, එයට හොදම උදාහරණය වන්නේ ජනාධිපති ටරම්ප්  විසින් පනවන ලද හුවාවේ තහනම, ඔහු විසින්ම ඉවත්කර ගැනීමයි. ඇමරිකාව, වර්තමාන නිවට ශ්‍රී ලාංකීය පාලකයින් උපයෝගී කරගෙන නවතාලන්නට වලිකන පොර්ට් සිටිය, බෙල්ට් ඇන්ඩ් රෝඩ් ව්‍යාපෘතිය නවතාලන්නට කිසිදා නොහැකි වන අතර ඒ හරහා ඇමරිකානු උපාංග වන ISIS තරස්තවාදය හා ඇමරිකානු අධිරාජ්‍යවාදයද මුළුමනින්ම බිදවැටීමට නියමිතය. එහි අවසානය ශ්‍රී ලංකාව මත හා ඒ අවට සාගර කලාපය තුල මහා සටනකින් නිමවීමට නියමිතය. ඒ සදහා ලහි ලහියේ, ශ්‍රී ලාංකීය දේශප්‍රේමී ජනතාවට සුදානම් වීමට සිදුව තිබේ. එබැවින් ආදරණිය ජනතාවනි, සැරසෙන්න අවසන් සටනට, සිරාට, රනිල්ට, සෝෆාට හා ඇමරිකන් අධිරාජ්‍යවාදයට කෙලවන්න.

“අධ්රාජ්‍යවාදයට විනාශය- ජනතාවට විමුක්තිය”

One Response to “සිරාට, රනිල්ට, සෝෆාට හා ඇමරිකානු අධිරාජ්‍යවාදයට කෙලවන්න වහා වහා සුදානම් වෙයල්ලා!”

  1. Hiranthe Says:

    Has anyone gone to the courts preventing signature or ratification by the Government under violation of fundamental rights of the entire nation, should such agreements come into life??

    I totally agree with these gathering of people. It is a must.
    But at the same time we should seek an injunction preventing this secret process between Yahapalanaya and the US.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress