අස්ගිරියට අත නොතබනු! ‘ථෙරවාදි බුදුදහම ලංකාවට ගෙනඒමට මුල්වූ අස්ගිරියට ඇඟිල්ල දිගුකරන්නෝ අන්තවාදියෝ’….!!
Posted on July 7th, 2019

සමන්තී වීරසේකර උපුටා ගැන්ම දිවයින

asgiri

  ”මහා නාහිමි අධිකරණය හමුවට ගෙන යනතුරු මේ රටේ නායකයෝ නිදිද…?”
  ”අස්ගිරි මහ නාහිමියෝ රැක ගැනුමට පෙළ ගැසෙමු”
  ”බෞද්ධකම නොදත් මහපුටු හොබවන්නෝ එළවා දමමු”


මෙවන් වැකි රැසක් මහනුවර නගරය සහ සෙසු ආසන්න ප‍්‍රදේශ පුරා ප‍්‍රදර්ශනය වෙමින් පවතින්නේය. ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ක්‍දාණරතන ස්වාමින් වහන්සේ, මුස්ලිම් ජනතාවට එරෙහිව ප‍්‍රකාශයක් කළේ යැයි පාක්‍යසෝති සරවනමුත්තු ප‍්‍රමුඛ රාජ්‍ය නොවන සංවිධාන චෝදනා කර ඇත. එම චෝදනාව මත මහනායක හිමියෝ ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් හමුවට ඉදිරිපත් කිරීම හෙළා දකිමින් අද වන විට අස්ගිරි මල්වතු සංඝ සභා ඇතුළු දිවයින පුරා බෞද්ධ සංගම් සහ සමස්ත මහජනතාව නැගී සිටිති. 

 මහනායක ස්වාමින් වහන්සේ, ඉකුත් දිනක වැඩිමනක් ම ප‍්‍රකාශ කොට සිටියේ මේ රට කෑවේ එජාපය කියාය. මේ රට විනාශ මුඛයට ඇද දැමීමටත් දිනෙන් දින පරිහානියට පත්කිරීමටත් මුල් වූයේ එජාපය බව අස්ගිරි මහනාහිමි කළ ප‍්‍රකාශයට හිත් රිදවා ගත්, අගමැති ඇතුළු පිරිස අස්ගිරි මහා නාහිමියෝ ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යැවීමට මාන බලන බව අස්ගිරි සංඝ සභාව අද ප‍්‍රකාශ කරන්නාහුය. 

 මල්වතු මහ නාහිමියෝ, මල්වතු අස්ගිරි අනුනාහිමිවරු, ලේඛකාධිකාරි හිමියෝ ඇතුළු සමස්ත කාරක සභා සංඝයා වහන්සේලා ජනතාවාදී ලෙස රට ජාතිය ආගම පිළිබඳව සෘජු ප‍්‍රකාශ කරන්නාහුය. රටේ සමස්ත සාමාන්‍ය ජනයාගේ කටයුතු වියවුල් කරමින්, අපේ‍්‍රල් විසිඑක දින පුපුරා ගිය පාස්කු ඉරිදා බෝම්බය පසුබිමෙහි සිදුවන රජයේ අත්තනෝමතික ක‍්‍රියාකාරකම් හා නීතිය අවනීතිය වීම මත ශ‍්‍රී ලාංකික ජනතාව අද වන විට කුපිතව ඇත්තාහ. සහරාන්ට සහයෝගය දුන් බවට සාක්ෂි සහිතව සපථ වූ කරුණු මධ්‍යයේ ආණ්ඩුවේ ඇමැතිවරු දෙස එල්ලවූ දබරැඟිල්ල තවමත් අහකට ගැනීමට නොහැකිව ඇත්තේ කිසිදු නීතියක් සාධාරණ ලෙස ඉටු නොවුණු නිසාය. 

 සහාරාන්ට උදව් කළ නැගෙනහිර සහ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවරු ද, බදුර්දීන් අමාත්‍යවරයා ද සාෆි වෛද්‍යවරයා ද පිළිබඳව කිසිදු පරීක්ෂණයක් හෝ නීතිය ඉදිරියට රැගෙන ගොස් ප‍්‍රශ්න කිරීමක් සිදු නොකරන මේ මෛත‍්‍රි – රනිල් ආණ්ඩුව, රටේ ආගමික නායකයකු වන අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ක්‍දාණරතන ස්වාමින්වහන්සේ සිදු කළ වාචික ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්ට පැමිණිලි කරන තෙක් නිදා සිටියේදැයි අද මහජනතාව ප‍්‍රශ්න කරති. බොහෝ දෙනා අස්ගිරි විහාර ඉතිහාසය නොදනිති.

 අස්ගිරි මහා විහාරය (අස්ගිරිය ගෙඩිගේ ලෙස ද හැඳින්වේ.) යනු ශ‍්‍රී ලංකාවේ මහනුවර පිහිටි බෞද්ධ ආරාමයකි. මහනුවර ශ‍්‍රී දළදා මාලිගාව හි තැන්පත් කර ඇති බුදුරජාණන් වහන්සේගේ පූජනීය දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය දරන බෞද්ධ ආරාම දෙකෙන් එකක් වන සියම් නිකායේ අස්ගිරි මහා විහාරයේ ප‍්‍රධානියා වන්නේ මහානායක ස්වාමින් වහන්සේය. අස්ගිරි මහා විහාරයේ වත්මන් ප‍්‍රධානියා වන්නේ වරකාගොඩ ශ‍්‍රී ක්‍දාණරතන ස්වාමින් වහන්සේ ය. අස්ගිරි මහා විහාරය එහි මූලාරම්භය සොයා ගන්නේ පොලොන්නරුවේ දිම්බුලගල වනාන්තරයේ වනවාසි නිකායෙන් ය. මේ වන විට ශ‍්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන පන්සිය හැටපහක් මහනුවර අස්ගිරි විහාරය යටතේ ක‍්‍රියාත්මක වේ.

 අස්ගිරි මහා විහාරය ආරම්භ කරනු ලැබුවේ කුරුණෑගල IV වන පරාක‍්‍රමබාහු රජුගේ උපදෙස් මතය. මහනුවර විලට උතුරින් පිහිටා ඇති මෙම විහාරස්ථානය සියම් නිකායෙහි අනෙක් පැවිදි මධ්‍යස්ථානය වන මල්වතු මහා විහාරයට වඩා සැලකිය යුතු තරම් පැරණි යැයි විශ්වාස කෙරේ. මුල් ගොඩනැගිලි වර්තමාන ත‍්‍රිත්ව විද්‍යාලයේ පරිශ‍්‍රයේ පිහිටුවා ඇත. මෙම ආරාමයේ වාසය කළ බෞද්ධ භික්ෂූන් යාපහුවෙහි වලස්ගල ආරාමයෙන් යවන ලද බව සැලය… වලස්ගල යන නම පාලි භාෂාවට ”අචගිරි” ලෙස පරිවර්තනය කර ඇති අතර වර්තමාන සිංහල නාමය වන අස්ගිරි එයින් උපුටා ගන්නා ලද බව ද කියැවේ. ආක‍්‍රමණ සහ කැරැල්ල වැනි කරදරකාරී කාලවලදී පාලක රජතුමා වෙනුවෙන් අස්ගිරිය පරිච්ෙඡ්දයේ භික්ෂූන් බොහෝ විට දන්ත ධාතුව ආරක්ෂා කර ඇත.

 අස්ගිරිය ආරාමය සමන්විත වන්නේ ”පුරාණ විහාරය” හෝ ”පැරණි දේවාලය”, ”පන්සල” හෝ ”මැද පන්සල”, ”අලූත් විහාරය” හෝ ”නව පන්සල” සහ ගෙඩිගේ විහාරයෙනි. අද ”මැද මේස පන්සල” නමින් හැඳින්වෙන මැද දේවාලය 1767 දී දුම්බාරා හි මීගස්තැන් දිසාවේ විසින් ඉදිකරන ලද අතර නව විහාරය 1768 දී පිලිමතලාවේ දිසාවේ විසින් ඉදිකර ඇත්තේය. තොරණ (ඩ‍්‍රැගන් ආරුක්කු), සහ අභ්‍යන්තරය ගෙඩිගේ විහාරයට සමාන ය. බුදු පිළිමයේ පිළිවෙලින් දකුණු හා වම් පැත්තට ”නාථ” සහ ”සමන්” යන දෙවිවරුන්ගේ පිළිම දෙකක් ද ඇත. 1801 දී පිලිමතලාවේ දිසාවේගේ පුත් පිලිමතලාවේ අධිකාරම් විසින් නව ”අලූත් විහාරේ” හෝ නව විහාරය වෙනස් කර ඇත්තේ උරුමය සුරැකීමේ අටියෙන් යැයි කියැවේ. 

 මේසා ඓතිහාසික උරුමයකින් හෙබි අස්ගිරි පාර්ශ්වය වෙත චෝදනා එල්ල කරන රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් අස්ගිරි මල්වතු මහා සංඝරත්නය කළ ප‍්‍රකාශයන් මෙසේය. 

 මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ මෙසේ කීහ. 

 ”අද රටේ පවතින තත්ත්වය අනුව අපි සෑම අවස්ථාවකදීම ජනතා අපේක්ෂා, ජනතා වුවමනා එපාකම් සමග කටයුතු කළ යුතු වෙනවා. රටක රාජ්‍ය නායකයින් කියන්නේ මහජනතාවගේ අවශ්‍යතා තේරුම් ගත් රටේ අනාගතය තේරුම් ගත් පිරිසක් විය යුතුමයි. නමුත් අද රටේ සිදුවන දේ දකින විට මහා කලකිරීමක් ඇති වෙනවා. ආගමික නායකයෝ කිසි දවසක තමන්ගේ එඩිතරභාවය සඟවා ගෙන සිටින්නේ නැහැ. ඉතිහාසය දෙස සලකා බලන කල ස්වාමින්වහන්සේ එඩිතරව ජනතාව හමුවට පැමිණ රටට එරෙහිව නායකයින් හෝ විදේශ බලවේග ක‍්‍රියාත්මක වූ අවස්ථාවල නැගී සිටියා, සටන් කළා. අපි ඒවා අමතක කරන්න හොඳ නැහැ. මේ බොරු බියවැද්දීමක් පමණයි. ඇත්ත සඟවා තබන්න කරන උත්සාහයක් පමණයි. ඒ හැර මේවා පුහු ආටෝප පමණයි. අපි ඕනෑම අවස්ථාවක මල්වතු වේවා අස්ගිරි වේවා මහා සංඝරත්නය සමග නොබියව ඉදිරියට යන්න සූදානම්.” 

 අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික දඹුල්ල රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නා හිමියෝ මෙසේ ප‍්‍රකාශ කළහ. 

 ”අස්ගිරි මහනාහිමියෝ කළ ප‍්‍රකාශය උන්වහන්සේගේ පෞද්ගලික මතයක් නොව හුදෙක් සාමාන්‍ය ජනතාවගේ යහපත වෙනුවෙන් සහ ජනතා මතය ගෙන හැර දැක්වීමක් බව අප අමතක කරන්න හොඳ නැහැ. ජිනීවා කතාවක් ඉදිරියට දමමින් අස්ගිරි සංඝරත්නයේ හඬ බාල කරන්නට ඇතැමුන් උත්සාහ කරනවා. ජනතා මතය ප‍්‍රකාශ කරන්නට මේ රටේ ආගමික නායකයින්ට කාගෙන්වත් අවසරයක් අවශ්‍ය නැහැ. කාදිනල්තුමා ජාත්‍යන්තරයේදීත් මේ ආණ්ඩුවේ කටයුතු විවේචනය කළා පමණක් නොව මේ පාර්ලිමේන්තුවේ දෙසිය විසිදෙදෙනාට දැන් ගෙදර ගිහින් විවේක ගන්න කාලය හරි කියලාත් කිව්වා. 

 අස්ගිරිය කියන්නේ ඓතිහාසික ස්ථානයක්. ථෙරවාදි බුදුදහම ලංකාව තුළ ප‍්‍රචලිත කිරීමට මූලිකත්වය ගත් අස්ගිරියේ සංඝ සභාව අතිප‍්‍රබල බව අගමැති ඇතුළු ඇමැති මණ්ඩලයත්, හඬ පාලනය කරන්නට අරඅඳින රාජ්‍ය නොවන සංවිධානත් දැන ගත යුතුයි. අස්ගිරි මහා නායක හිමියන්ගේ ප‍්‍රකාශය පිළිබඳව පැමිණිලි කරන්නට මූලිකත්වය ගන්නේ පාක්‍යසෝති සරවනමුත්තු. ඔහු පාස්කු ඉරිදා බෝම්බය සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ සෘජු දායකත්වයක් ඇතැයි ජාත්‍යන්තරයට බොරු ප‍්‍රකාශ ඉදිරිපත් කරන්නට උත්සාහ කළ අයෙක්. ඔහුගේ මේ කටයුතු පසුපස ප‍්‍රබලයකුගේ හැසිරවීමක් ශක්තියක් තිබෙන බව අපට පැහැදිලියි. අපි සංඝ සභාවක් ලෙස මෙම අවස්ථාවට මුහුණ දෙන්න සූදානම්, මේ වනවිට රටේ සමස්ත සිංහල බෞද්ධ හින්දු ජනතාව අතර තිගැස්මක් තිබෙනවා. මුස්ලිම් ව්‍යාපාරයකට පය ගහන්න හෝ මුස්ලිම් නිලධාරියකුගෙන් රාජකාරියක් ඉටුකරගන්න හෝ මුස්ලිම් වෛද්‍යවරයකුගෙන් ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න මේ රටේ ජනතාව අද දෙපාරක් හිතනවා. වෛද්‍ය සාෆි කළ ජනසංහාරය සුළුපටු එකක් නොවෙයි. පල්ලිවලින් අවිආයුධ හමුවෙද්දි මුනිවත රැක්කේ යූඑන්පී සාමාජිකයෝ සමග බලධාරියෝ. මේවා මේ රටේ ජනතාවගේ සිත්වලින් ඉවත්වන්න නම් ඒ සම්බන්ධයෙන් පැහැදිලි නිවැරදි විනිවිද භාවයකින් යුතු පරීක්ෂණයක් ප‍්‍රශ්න කිරීමක් නීතිය ක‍්‍රියාත්මක කිරීමක් සිදුවිය යුතුයි. එය එසේ නොවන තාක්කල් මේ රටේ ජනතාව ජීවත්වන්නේ දෙගිඩියාවකින්. අස්ගිරි මහා නායක හිමියෝ කළ ප‍්‍රකාශය ජනතාවගේ මතය මිස පෞද්ගලික මතයක් නොවෙයි. එහි බරපතළ බවක් පෙන්වමින් සිංහල බෞද්ධයින් බිය වද්දන්නට සැරසුනාට අපි බය නැහැ. රජය සිදු කරන බොරු වැඩ අපිට පෙනෙනවා. තේරීම් කාරක සභා පත්කර සිදුකරන විගඩම් ක‍්‍රියාවලින් ජනතාව රජය පිළිබඳ පිළිකුල් කරනවා. 

 බොරු බය කිරීම්වලට අපි කවදාවත් බය නැහැ. මහානායක හිමි සමග මේ සංඝ සභාව කරුණු සාධක සනාථ කරමින් ඉදිරියට නොබියව මුහුණ දෙන බව එඩිතරව කියා සිටිනවා.”

 අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි අස්ගිරි මහපිරිවෙන් පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියෝ මෙසේ කීහ.

 ”අස්ගිරි මහනාහිමි කළ බව කියන ප‍්‍රකාශයට අවදි වී දඟලන රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයෝ පාස්කු ඉරුදින බෝම්බයෙන් අහිංසක ජනතාවක් මිය යන විට නිදා සිටියේද? 

 මේතාක් නොපෙන්වූ දේශපේ‍්‍රමිත්වයක් මානව දයාවක් ආරූඪ කරගනිමින් මේ දඟලන්නේ, මුස්ලිම් හා සිංහල ජනතාව අතර යළි ගැටලූකාරී තත්ත්වයක් ඇති කිරීමට යි. මේ අවස්ථාවාදීන්ගේ කුමන්ත‍්‍රණවලට නොරැවටී අවබෝධයෙන් කටයුතු කිරීමට සැවොම කල්පනා කළ යුතුයි. 

 උත්තරීතර සංඝරත්නයට අපහාස කරමින්, මේ සිදු කරන පහත් ක‍්‍රියාවන් අස්ගිරි මහා සංඝරත්නය විසින් පිළිකුල් ලෙස තරයේ හෙළා දකිනවා. විදේශ මුදල්වලට ගැතිවී සැලසුම් සහගත ලෙස සිදුකරන රාජ්‍ය නොවන සංවිධානයන්හි ක‍්‍රියා සම්බන්ධයෙන් රජය වගකිව යුතුයි. 

 ඉතිහාසය පුරාවට සිංහල සහ මුස්ලිම් ජනතාව අතර දැඩි බැඳීමක් අස්ගිරි පාර්ශ්වය සමග තිබුණා. අදටත් බොහෝ මුස්ලිම් පිරිස් වාසය කරන්නේ අස්ගිරි විහාරයට අයත් ඉඩකඩම්වල. අස්ගිරි මහ නාහිමියන්ගේ ප‍්‍රකාශය බුද්ධිය ඇති මුස්ලිම් ජනයා තේරුම් ගන්නවා. මහනාහිමියෝ සිදු කළ අනුශාසනාවේ සමස්තය පිළිබඳව අවධානය නොකර එක් කොටසක් පමණක් ගෙන අපහාස කිරීම තරයේ හෙළා දැකිය යුතුයි.

 මෑත ඉතිහාසයේ මෙයට වඩා බරපතළ ප‍්‍රකාශ සිදු කළ පුද්ගලයින් සිටියද කිසිදු ගැටලූවක් ඇති වුණේ නැහැ. මේ රටේ බුද්ධ ශාසනයට මහා සංඝරත්නයට අපහාස කිරීම පිටුපස කුමක් හෝ බලවේගයක් ඇති බවට අපට සැකයක් තිබෙනවා. සිංහල බෞද්ධ ජනතාව ප‍්‍රකෝප කරන මෙවන් ප‍්‍රකාශ ඔස්සේ කාගේ හෝ උවමනා එපාකම් සපුරාලන බවටත් සැකයක් තිබෙනවා.”

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress