ෂාෆි ගලවා ගන්නා කාකි නිර්දේශ අතරේ ෂාෆිගේ සැබෑ හපන්කම් කුරුණෑගල රෝහල එළිදක්වයි!
Posted on July 7th, 2019

මනෝජ් අබයදීර  උපුටා ගැන්ම දිවයින

shafi
shafi2

සහරාන් ඇතුළු පිරිසක්, අහිංසක ජීවිත හාරසිය ගණනක් බිළිගෙන, කන්‍යාවන් හැත්තෑ දෙකක් සමග ස්වර්ගයේදී යහන්ගත්වීම සඳහා ගිය ගමනේදී, ෂාෆි සේහාබ්දීන් ඇතුළු වර්ගවාදයෙන් ඔළුව කුරුවල් කරගනිමින් සිංහල ජාතියට එරෙහිව ගේම් ගැසූ විශාල පිරිසකගේ කුමන්ත‍්‍රණ හෙළිදරව් වන්නට විය. දිවයින නියෝජ්‍ය කර්තෘ හේමන්ත රන්දුනු විසින් මාධ්‍ය ආචාර ධර්ම මත, නොපිරිහෙලා සකසන ලද, ෂාෆිගේ සිංහල ගර්භාෂ සංහාරය පිළිබඳ අනාවරණය ඉන් ප‍්‍රමුඛ විය. හේමන්තගේ මෙම හෙළිදරව්ව, නොවැදගත් ස්ථානයකට දමමින්, එවැනි සිසේරියන් සැත්කම් ප‍්‍රමාණයක් වෛද්‍යවරයෙකුට කළ හැකිදැයි මුලදී ඇසූ පිරිස්, ෂාෆි විසින්ම පුවත්පත් සාකච්ඡුාවකදී එම ශල්‍යකර්ම ප‍්‍රමාණය තමන් විසින් කරන ලදැයි පිළිගත් සාක්ෂියක් ඉදිරිපත් කළ පසු, සද්දය වසාගෙන දින කිහිපයක් සිටියහ. ඊට පසු එම පිරිස අසන ලද්දේ, සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ, වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් ඉදිරියේ බැවින්, ෂාෆි විසින් හොර රහසේ වඳ සැත්කම් කරන්නේ කෙසේදැයි කියාය. ඒ සඳහා රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු වෛද්‍යවරු සාක්ෂි ලබා දෙද්දී යළිත් කුරුවල් වී ගිය ඒ හැත්ත බුරුත්ත, මේ වන විට පසු බා සිටින්නේ, ‘දිවයින’ විසින් ජාතිවාදය අවුස්සනවා, යනුවෙන් මොරදෙමිනි. ඊට අමතරව මෙම හෙළිදරව්ව සිදුකරන කරන ලද හේමන්ත රන්දුණුටද වෙබ් අඩවි සහ කටකතා මාර්ගයෙන් මඩ ගසන තැනට ඔවුන් පත්වී සිටින බව කිව හැකිය.
 
හේමන්තට මඩ පිට මඩ
 
 කුරුණෑගල රෝහල තුළ කාලාන්තරයක් තිස්සේ, සැ`ගවී තිබූ, ෂාෆිගේ වර්ගවාදී වෛද්‍ය ක‍්‍රියා පිළිවෙත, හේමන්ත අනාවරණය කිරීමත් සමග, ෂාෆිට වඩා නීතියෙන් තර්ජන එල්ල වූයේ හේමන්ත වෙතය. ෂාෆිගේ ක‍්‍රියාදාමය සාධාරණීකරණය සඳහා වෙහෙසෙන රහස් පොලිසිය සමග මේ වන විට හේමන්තට පොර බදින්නට සිදුවෙන තරමට නීතිය සාධාරණ වී තිබේ. මඩ වෙබ් අඩවි ගණනාවක් වෙත තොරතුරු ලබා දෙමින් හේමන්ත රන්දුණු කිසිවිටක නොකී කතා කියමින්, ඔහු වෙත මඩ ගසන්නට නීතිය ක‍්‍රියාවේ යොදවන පිරිසම කටයුතු යොදන බවට මේ වන විට ආරංචි පැතිර යමින් තිබේ.
 
 කුරුණෑගල ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති විසින් තමන්ට ෂාෆි පිළිබඳ තොරතුරු ලබා දුන් බවට හේමන්ත විසින් රහස් පොලිසියේදී ප‍්‍රකාශ කරන ලද බවට පළමු අසත්‍ය ප‍්‍රකාශය ප‍්‍රචාරය විය. හේමන්ත යනු වෘත්තීය මාධ්‍යවේදියෙකි. ඒ පමණක් නොව, දශක දෙකකට වැඩි, සිය මාධ්‍ය ජීවිතයේදී තම තොරතුරු සම්පාදක ජාලය සුරැකිව රැකගත් චරිතයකි. සිය සම්පත්දායකයාගේ අවසරයකින් තොරව එම මූලාශ‍්‍රය හෙළිකරන තරමේ බංකොලොත්භාවයක ඔහු නොමැත. මඩ ගසන පිරිසට අවශ්‍ය වූයේ, හේමන්ත විසින් සියලූ මූලාශ‍්‍ර පාවාදෙන බව සඳහන් කරමින්, ඔහුගේ මූලාශ‍්‍ර අතරමං කර ඔහුව කොන් කිරීමය. ඊළ`ග මඩ ප‍්‍රචාරය වූයේ, හේමන්ත විසින් රහස් පොලිසියේදී සිය ප‍්‍රවෘත්තිය අසත්‍යක් බවට පිළිගත් බවය. මාධ්‍යවේදියෙකු තමන් විසින් ලියනා ලද පුවතක, විශේෂාංගයක වගකීම බාර ගන්නේ, සිය දරුවෙකු පිළිබඳව වගකීම බාර ගන්නා සේය. දිවයින පුවත් පතේ නියෝජ්‍ය කර්තෘවරයා ලෙස සේවය කරන හේමන්ත සිය තනතුරේ වගකීම හේතුවෙන් තමන් යටතේ සිටින මාධ්‍යවේදීන්ගේ ප‍්‍රවෘත්තිවල පවා වගකීම බාර ගත යුතු මට්ටමේ වගකීමක් දරන්නෙකි. එවැනි වගකිව යුතු මාධ්‍යවේදියෙක් මෙසේ තම පුවත අසත්‍ය බව පිළිගැනීමට තරම් ඇලී මැලි චරිතයක් නොවන බව කිව යුතුය. අනෙක් අතට හේමන්ත විසින් ලියූ පුවත දිනෙන් දින සමාජය ඉදිරිපිට සනාථ වෙමින් තිබියදී එය අසත්‍ය බව ඔහු විසින් පිළිගන්නේ කුමකටද…?
 
 විද්‍යාත්මක පදනම වෙනුවෙන් මඩෙන් ඒම 
 
 ෂාෆි විසින් වඳ සැත්කම් හාරදහසක් කළ බවට වන සඳහන තමන් හිතා මතා ඇතුල්කරන ලදැයි හේමන්ත විසින් රහස් පොලිසිය ඉදිරියේ පිළිගත් බවට තවත් මඩ ප‍්‍රචාරයක් වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය විය. මෙම ඉලක්කම හේමන්ත ලබා ගන්නේ ෂාෆි විසින් සිය මිතුරන් පිරිසක් සහ මුස්ලිම් ආගමික ස්ථානයකදී කරන ලද සඳහන් දෙකක් ඇසුරෙනි. එසේ නොමැතිව හිතුමතේ එවැනි ඉලක්කමක් සඳහන් කිරීමට තරම් බංකොලොත් මාධ්‍ය භාවිතයක හේමන්ත සිටියේ නැත. හේමන්තගේ ආරංචි මාර්ග හරිද වැරදිද යන්න තීරණය කළ හැක්කේ, ෂාෆි විසින් සිය උමතුව සන්තර්පනය කර ගන්නා ලද මවුවරු සියලූ දෙනා, ඒ සඳහා වන නිවැරදි පරීක්ෂාව සඳහා යොමු කිරීමෙන් පමණය. 
 
පැලෝපීය නාළය සහ  පොලිස් මනස්ගාත
 
දිවයිනට සහ හේමන්තට මෙසේ මඩ ගසමින් ෂාෆිගේ ගර්භාෂ යුද්ධය සාධාරණීකරණය සඳහා එන්ජි ඕ නඩ, (කාල්) මාක්ස්වාදීන් සහ රහස් පොලිසියේ බොහෝ දෙනෙකු උත්සාහ කළේය. සිංහල ජාතියට එරෙහිව සමූහ සංහාරයක් සිදුකිරීම සඳහා දරන ලද මෙම තැත, එසේ වසන් කළ නොහැක්කේ, සත්‍ය සඳහා මුකවාඩම් බැඳ තැබිය හැක්කේ මොහොතකට පමණක් නිසාය. ෂාෆිගේ වාසිය තකා රහස් පොලිසිය සිය පරීක්ෂණ මෙහෙයවමින් සිටින බව අතුරලියේ රතන හිමියෝ සහ මහාචාර්ය චන්න ජයසුමන පසුගිය බදාදා පෙන්වා දුන්නේ, සාක්ෂි සාධක සහිතවය. වෛද්‍ය විද්‍යාව පිළිබඳව හසරක් නොදන්නා, පොලිස් මනස්ගාත ඔස්සේ පමණක්, මෙවැනි විද්‍යාත්මක පරීක්ෂණයක් මෙහෙයවිය නොහැකි බව නොදන්නේ ශ‍්‍රී ලංකා රහස් පොලිසිය පමණය. සහරාන් බෝම්බ ගසන බව දින වකවානු සහිතව තොරතුරු ලැබී, එය වළක්වා ගත නොහැකිවීමේ වරදට සැකපිට පොලිස්පති පූජිත් ජයසුන්දර දැන් සිටින්නේ රිමාන්ඞ් බන්ධනාගාර ගතවය. ඒ පොලිස් වගකීම් ඉටුකිරීමට ඔහු අසමත් වූ බවට එල්ල වූ චෝදනා නිසාය. එසේ තිබියදී වෛද්‍ය ක්‍ෂේත‍්‍රයේ පරීක්‍ෂණ කටයුත්තක් සඳහා එහෙන් මෙහෙන් තමන්ට අවශ්‍ය පරිදි කටඋත්තර ගනිමින් ෂාෆි නිදොස් කර ගැනීම සඳහා වෙර දරන රහස් පොලිසිය මතක තබා ගත යුත්තේ පූජිත් ජයසුන්දරගේ වර්තමාන ඉරණමය. පැන්ෂන් ගිය පොලිස්කාරයා යන වචනය භාවිතා වන තේරුමට වඩා දෙයක් පූජිතට අත්වූ ඉරණමෙන් මෙම පිරිස තේරුම් ගත යුතුව තිබේ. දැනටමත් ද්විත්ව පුරවැසිභාවය ලබාගෙන තම අණ දෙන්නන්ගේ අවශ්‍යතා ඉටු කරන එම පිරිස, කඩඉමේදී රටින් පැන ගැනීම සඳහා වන සැලසුම් සකස් කර ඇතුවා වන්නට හැකිය. එසේ වුවත් ඇති රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා සහ ගෝලීයකරණය වී ඇති නෛතික ප‍්‍රතිපාදන හමුවේ ඔවුනට තම ඉරණම තීන්දු කර ගැනීමට හැකිවෙනු ඇත. 
 
 
 මඩවා ප‍්‍රශ්න කිරීම
 
 රහස් පොලිසිය විසින් හේමන්තගෙන් සහ දිවයින ඉරිදා සංග‍්‍රහයේ කර්තෘ අනුර සොලමන්ස්ගෙන් ප‍්‍රශ්න කරන ලද ආකාරය මාධ්‍යවේදීන්ගෙන් පමණක් නොව ඕනෑම අපරාධකාරයෙකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනුගමනය නොකළ යුතු අන්දමේ එකකි. දෙවැනි වරටත් ෂාෆි සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා හේමන්ත සහ අනුර සොලමන්ස් රහස් පොලිසියට කැඳවන්නේ, ජුනි 28 වැනිදා සෙනසුරාදාය. ඒ සඳහා වන කැඳවීම මෙම දෙදෙනාටම ලැබෙන්නේ, ඊට පෙරදා, සිකුරාදා රාත‍්‍රියේය. එවැනි කෙටි දැනුම්දීමකින් පැමිණි මෙම දෙදෙනා, උදේ දහයේ සිට දහවල් එක පමණ වෙනතුරු ඔහේ පැත්තක දමා වෙහෙස කර තත්ත්වයක තබන්නට රහස් පොලිසිය කටයුතු කරන ලද්දේ මඩවා ප‍්‍රශ්න කිරීමේ කලාව ඔස්සේය. එතැන් සිට සන්ධ්‍යාව වෙනතුරු මේ දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සිදු විය. හේමන්තගෙන් ප‍්‍රශ්න කරන අතර තුර ෂාෆි ඇතුළු පවුලම, ඊට පිටුපසින් වෙනත් කර්තව්‍යක් සඳහා ගෙන එන්නට රහස් පොලිසිය උත්සුක විය. හේමන්ත ලබාදෙන සාක්ෂි සියල්ල ෂාෆිට ඇසෙන බව දැන දැනත් මෙසේ සිදු කරන ලද්දේ, කුමන අරමුණක් අරභයාද යන්න වෙනම පරීක්ෂණයකින් සනාථ කර ගත යුතුය. 
 
 ෂාෆි සහ මධුෂ්
 
 හේමන්ත රන්දුණු යනු අපරාධ සහ පොලිස් ක්‍ෂේත‍්‍ර පිළිබඳව වත්මන් ශ‍්‍රී ලාංකේය මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයාය. ඔහු විසින් පාතාල ලෝකයේ අපරාධ සහ අපරාධකරුවන් පිළිබඳව කරන ලද හෙළිදරව් කිරීම් ප‍්‍රමාණය විශාලය. මෑත කාලයේදී ඔහුගේ දැඩි අනාවරණයට සහ විවේචනයට ලක්වූයේ මාකඳුරේ මධුෂ් නැමැති පාතාල චරිතය පිළිබඳවය. මධුෂ් මේ මොහොත වන විට සිටින්නේ රහස් පොලිසිය භාරයේය. ෂාෆි සිටින්නේ ද එතැනය. දින ගණනාවක් , මාස ගණනාවක් එකට සිටින මේ දෙදෙනා සිය පොදු හතුරා වන හේමන්ත පිළිබඳව සාකච්ඡුා නොකරනු ඇද්ද…? ඔවුහු රහස් පොලිස් මූලස්ථානයේ එකට කැරම් ගසමින් එකට තේ බොමින් මේ ගැන කතා නොකරනු ඇද්ද…? එසේ නම් හේමන්ත රන්දුණුගේ ජීවිතය අනතුරේ නොමැති බවට වන වගකීම භාර ගත හැකි, මේ රටේ ආරක්ෂක බලධාරියා කවුද…? පසුගිය සතියේ ද මධුෂ් විසින්ම තම ගැන්සියට අයත් ටී පනස් හයේ අවියක් පොලිසිය වෙත පෙන්වනු ලැබීය. එසේ නම් මධුෂ්ට අයත් තවත් බඩු රට පුරා තිබීමේ හැකියාවක් පවතී. ඒ අතර ඔහුගේ සහචරයන් ද යටිබිම් ගත ජීවිත ගත කරමින් සිටිනවා විය හැකිය. එවැනි තත්ත්වයකදී හේමන්තගේ ජීවිතය අනතුරුදායක නොවන බවට සාධනය කළ හැකි ආරක්ෂක බලවතෙක් සිටී ද…?
 
 දිවයින විසින් කරන ලද අනාවරණය ද්වේශය හෝ වෛරය පෙරදැරි කර ගත්තක් නොව සත්‍යය හිස මුදුනේ රඳවා කරන ලද්දකි. එය අවස්ථාවාදී පොලිස් පරීක්ෂණයකින් බාල්දු කළ නොහැක. මේ බව සනාථ වූයේ පැලෝපීය නාළ තබා සේලයින් බටයක තත්ත්වයක්වත් තම නිරීක්ෂණයෙන් කිව නොහැකි රහස් පොලිස් වාර්තාවෙන් නොව, කුරුණෑගල රෝහල් විසින් කරන ලද පරීක්ෂණයෙන් අනතුරුවය. එය වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණයකි. එම පරීක්ෂණ වාර්තාව පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන විසින් කරන ලද විශ්ලේෂණය කියැවීමෙන් ෂාෆිගේ සිංහල සංහාරය පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මක අවබෝධයක් ලබා ගත හැකිය.
 
 කුරුණෑගල රෝහලේ වාර්තාව
 
 ‘‘වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳ දැනුමක් නැති පැලෝපීය නාළය හෝ ගර්භාෂය දැකලා නැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය ඉදිරිපත් කර තිබෙන වාර්තාව තමයි දැන් සමාජගතව තිබෙන්නේ.
 
 සබ්දීන් වෛද්‍යවරයා පිළිබඳව කුරුණෑගල මහ රෝහල මගින් සිදුකර ඇති විමර්ශනයේ සඳහන් වන කරුණු මේ වන විට ගරු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. රටට ආදරේ කරන සියලූදෙනාම මෙම වාර්තාව පිළිබඳ අවධානය යොමු කර දැන් සිදුවෙමින් ඇත්තේ කුමක්ද යන්න තේරුම් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
 
 මෙම වෛද්‍යවරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ පමණක් සිසේරියන් සැත්කම් 4372 ක් සිදුකර ඇති අතර දඹුල්ල මහ රෝහලේද සැත්කම් දහසකට අධික ප‍්‍රමාණයක් සිදුකර ඇති බවට දැනගන්නට තිබෙනවා. දඹුල්ල රෝහල වෙත වෛද්‍ය ෂාෆිට එරෙහිව මවුවරුන් 200 කට ආසන්න පිරිසක් පැමිණිලි කර ඇත. එහෙත් සීඅයිඩි ය ඒ පැමිණිලි කිසිවක් විමර්ශනය කර නොමැත එය ද බරපතළ තත්ත්වයකි. කිසියම් අපරාධයක් සිදු වූ බවට තොරතුරක් ලැබුණු පසු ඇස්කන් පියාගෙන සිටීම මාධ්‍යවේදියකුගේ වගකීම නොවන්නේය. එවැනි අපරාධයක් පිළිබඳව තොරතුරු ලැබුණු පසු එය බලධාරීන්ගේ අවධානයට යොමු කිරීම වගකිවයුතු මාධ්‍යවේදියකුගේ වගකිම වන්නේය. හේමන්ත රන්දුණු සිදු කළේ ද ඒ වගකීම ඉටුකිරීම පමණය.
 
 හේමන්ත රන්දුණු නාරි හා ප‍්‍රසව වෛද්‍යවරයකු නොවන බව තේරුම් ගත යුතුය. රන්දුණු කර ඇත්තේ තම මාධ්‍ය වගකීම ඉටුකිරීම පමණය. ෂාෆි සිදුකළ අපරාධය පිළිබඳ විමර්ශන කර එය හෙළිදරව් කිරීමේ වගකීම ඇත්තේ සීඅයිඞීය සහ වෛද්‍ය බලධාරීන් සතුවය. 
 
 මෙම වෛද්‍යවරයා විසින් කුරුණෑගල රෝහලේදී සිසේරියන් සැත්කම් සිදුකරන ලද මව්වරුන් අතරින් 850 දෙනෙකු ජුනි 22 දිනට පෙර ඔහුට විරුද්ධව රෝහලට පැමිණිලි කර තිබෙනවා. එම පැමිණිලි සම්බන්ධයෙන් රෝහල මගින් සිදුකරන ලද පරීක්‍ෂණවලදී ඒ පිළිබඳ බොහෝ හෙළිදරව් වී ඇති බව රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් දන්වා තිබෙනවා. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිලධාරීන් මෙම පැමිණිල්ල ඉතා සැහැල්ලූවට ගනිමින් කරුණු ඉදිරිපත් කරනු දක්නට ලැබුණු අතර මෙම පැමිණිල්ලට අදාළව රෝහල් පරීක්‍ෂණයේ දැනට ප‍්‍රගතිය නිසි පරිදි ඉදිරිපත් නොකර වෛද්‍යවරයා නිදහස් කළ යුතු බවටද අදහස් ඉදිරිපත් කිරීම පුදුමය දන්වන්නක්.
 
 වෛද්‍ය සෙයිගු ෂාබ්දීන් මොහොමඞ් ෂාෆි මහතාට එරෙහිව ජුනි 22 වන විට කුරුණෑගල රෝහලේදී සිදුකරන ලද සිසේරියන් සැත්කම් වලින් පසු මඳසරුභාවය සම්බන්ධයෙන් පැමිණිලි 767 ක් ලැබී තිබෙනවා. එයින්, 766 ක් සිංහල මව්වරුන් වන අතර එක් අයෙකු ස්වාමිපුරුෂයා සිංහල වන මුස්ලිම් මවක්. සිසේරියන් නොවන වෙනත් ශල්‍යකර්මවලින් පසු මඳසරුභාවයට පත්වීම සම්බන්ධයෙන් පැමිණිලි 29 ක් ලැබී තිබෙනවා. ඒ වගේම නීත්‍යනුකූල නොවන ඛඍඔවඳ සැත්කම් සම්බන්ධ පැමිණිලි 11 ක් වාර්තා වෙනවා. එසේම ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්මයේදී අභ්‍යන්තර ඉන්‍ද්‍රියන්ට හානිවීම සම්බන්ධ පැමිණිලි 02 ක් තිබෙනවා. සිසේරියන් සැත්කම්වලින් පසු ඇතිවූ සංකූලතා සම්බන්ධ පැමිණිලි 43 මේ අතර වෙනවා.
 
 ස්වාමිපුරුෂයා සිංහල වන එක් මුස්ලිම් මවකගෙන් හැර වෙනත් කිසිම මුස්ලිම් මවකගෙන් මෙම වෛද්‍යවරයාට එරෙහිව පැමිණිලි ලැබී නැහැ. මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසු සිංහල මවුවරුන්ට ඇති වූ සංකූලතා කිසිම මුස්ලිම් මවකට ඇතිවී තිබේද යන්න අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් තොරතුරු රැස්කිරීමක් සිදුකර නැහැ. රෝහල වෙත ලැබී ඇති පැමිණිලි 850 අතරින් 11 ක් සෘජුවම නීත්‍යානුකූල නොවන ඛඍඔවඳ සැත්කම් සම්බන්ධයෙන්. මවගේ කැමැත්තකින් තොරව එසේ කිරීම ඉතා බරපතළ වරදක්. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නොමැති බව නිරීක්ෂණය වෙනවා.
 
 මොහොමඞ් ෂාෆි වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් සිදුකිරීමේදී සිංහල හා දෙමළ මවුවරුන් සඳහා ඉතා අඩු කාලයක් වැය කරන බවටත් මුස්ලිම් මවුවරුන් සඳහා වැඩි වේලාවක් ගතකරන බවටත් රෝහලේ තොරතුරු මගින් සනාථ වී තිබෙනවා. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවධානය යොමුකර නැහැ.
 
 මෙම වෛද්‍යවරයා විසින් සිදුකරන සිසේරියන් සැත්කම්වලදී මැහුම් දැමීමේදී සිංහල හා දෙමළ මවුවරුන් සඳහා එක් මැස්මකුත්, මුස්ලිම් මවුවරුන් සඳහා මැහුම් දෙකකුත් යොදමින් දෙයාකාරයකින් කටයුතු කරන බවට තොරතුරු ඉදිරිපත්වී තිබෙනවා. මැහුම් දැමීමේදී අනුගමනය කරන ක‍්‍රියාපටිපාටියද මඳසරුභාවය ඇතිවීමට බලපෑ හැකි බවට වෛද්‍යවරුන් පවසා සිටිනවා. ෂාෆි මෙම ක‍්‍රමය සිංහල මව්වරුන්ගේ සිසේරියන් සැත්කම් සඳහා යොදා ගත් බවට පැහැදිලි සාක්‍ෂි ලැබී ඇත.
 
 ඉහත තොරතුරු අනුව මෙම වෛද්‍යවරයා විසින් සිදුකළ සැත්කම්වලින් මවුවරුන්ගේ ගර්භාෂයට හානිවීම් සිදුකර ඇති බවට විද්‍යාත්මක සාධක ලැබී ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකර නැති බව නිරීක්ෂණය වෙන බව කියන්න ඕනෑ.
 
 ෂාෆි වෛද්‍යවරයාට එරෙහි පැමිණිල්ලට අදාළව මූලික පරීක්ෂණ පවා අවසන් නොමැති තත්ත්වයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම තොරතුරු හෙළි කළ මාධ්‍යවේදී හේමන්ත රන්දුණු මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වැරදිකරුවන් කරන ආකාරයේ නිරීක්ෂණ ඉදිරිපත් කර තිබීම පුදුමයක්.
 
 මෙම වෛද්‍යවරයා කුරුණෑගල සහ දඹුල්ල රෝහල් දෙකේදී සිසේරියන් සැත්කම් 5000 කට අධික ප‍්‍රමාණයක් සිදුකර ඇති අතර දැනට ලැබී ඇති පැමිණිලි මත පමණක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අවසන් නිගමනයකට එළඹෙන්නේ කෙසේද යන්න ගැටලූවක්. මෙම පැමිණිල්ල විභාග කිරීමේදී වෛද්‍ය විද්‍යාත්මක කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බැවින් මොහොමඕ ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල මගින් සිදුකරන ලද පරීක්ෂණවල වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීම සහ එම වාර්තා හා නිර්දේශ සැලකිල්ලට ගැනීම ඉතා වැදගත් බව සඳහන් කළ යුතුමයි. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ යුත්තේ කුරුණෑගල රෝහල ඉදිරිපත් කළ වාර්තාවට අනුව රෝහල් බලධාරීන් සමග එක්ව ෂාෆි කළ අපරාධය පිළිබඳ සතය සෙවීමය. ෂාෆි ෂෙහබ්දීන් සේවය කළේ කුරුණැගල ශික්‍ෂණ රෝහලේය. ඔහු කිසියම් අපරාධයක් සිදුකර නැත්නම් කුරුණෑගල රෝහලේ කිහිපදෙනෙකු හැරෙන්නට බහුතරයක් ෂාෆිට එරෙහි වන්නේ මන්ද යන්න සිතා බැලිය යුතුය. ෂාෆි වරදක් කර නැත්නම් මුළු රෝහලම තම සහෘද වෛද්‍ය නිලධාරියා සමග සිටිය යුතුය. එහෙත් මුළු කුරුණෑගල රෝහලම මේවන විට එක හඬින් කියා සිටින්නේ ෂාෆි කිසියම් අපරාධයක් සිදුකර ඇති බවය. වෛද්‍ය ෂාෆි සිදුකළ දේ පිළිබඳව නිවැරැදිව සොයා බලා ඒවා අනාවරණය කර ගන්නවා වෙනුවට සීඅයිඞීය මුල සිටම ෂාෆි නිදොස් කිරීමට කටයුතු කිරිම පිටුපස කිසියම් අදිසි හස්තයක් ඇතැයි සිතීම බැහැර කළ නොහැකිද?’’
 
 මහාචාර්ය ජයසුමන විසින් විග‍්‍රහ කරනු ලබන කුරුණෑගල රෝහල් වාර්තාව අනුව ෂාෆි පිළිබඳව දැනට හෙළිදරව් වී ඇති තත්ත්වය තේරුම් ගත හැකිය. එසේ තිබියදී රහස් පොලිසිය විසින් කුරුණෑගල දිසා අධිකරණය හමුවේ කරුණු ගොනු කරන ලද්දේ, ෂාෆි නිර්දෝෂී වන ආකාරයටය. 
 
 එහෙන් මෙහෙන් කතා ගොතාගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැණින් කාකි ඇඳුමක් කෙරෙහි විශ්වාසය තබන්නට තරම්, බොලඳ අධිකරණ ව්‍යුහයක් අපට නැත. යුක්තියේ දෙවොල තවමත් මේ රටේ සුරක්ෂිතව පවතින නිසා රහස් පොලිසියේ කතාව පසෙක දමා සත්‍යයට සාධාරණය ඉටු වෙමින් පවතින බව කිව හැකිය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress