ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්‍රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න…
Posted on July 8th, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුනගෙන් ජනතාවට ඉල්ලීමක්….

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන 
අංක 09, කොළඹ පාර, හදපාන්ගොඩ.(10524)
දුරකථන 0342256066, 0342256067, 0712063394.

ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති,
ජනාධිපති ලේකම් කාර්‍යාලය,
කොළඹ 01.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? මැයෙන් ජනමතවිචාරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීම.

නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේ…! යන නීති සිද්ධාන්තය අනුව රටේ බහුතර ජනතාව භාෂාව මත වෙනස්කමකට ලක් නොකල යුතු අතර නීතිය දැන ගැනීමට ඇති මාර්ග අවහිර නොකළ යුතුය.

රටේ පාලන ආයතන 3 අතරින් විධායකය විසින් ගනු ලබන තීරණත්, ව්‍යවස්ථාදායකය විසින් ගනු ලබන තීරණත් රටේ බහුතර ජනතාවගේ භාෂාවෙන් එනම් සිංහල භාෂාවෙන්ද ගනු ලබන හෙයින් ඒවා ජනතාවට සන්නිවේදනය වේ. එසේ වුවත් බහුතර ජනතාවට සන්නිවේදනය නොවන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය  ගන්නා තීරණ වේ. 

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ අදහස් රටේ බහුතරයක් වූ සිංහල ජනතාවද දැන ගත යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නඩු කටයුතු සිදුකිරීමට සහ නඩු තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් ලබා දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 24 ව්‍යවස්ථාව යටතේ ‘ගැසට් පත්‍රයක්’ මගින් අවසර ලබාදීමට අධිකරණ විෂය බාර ඇමතිවරයාට විධිවිධාන සළසා දී ඇත. 

මෙය ජනතාවගේ අධිකරණ බලය සම්බන්ධව ජනතාවගේ පරමාධිපත්‍යය නොව කිහිප දෙනෙකුගේ භාෂා  පරමාධිපත්‍යය වෙනුවෙන් අධිකරණ විෂය බාර ඇමතිවයා සිදුකරන පෙනී සිටීමකි.

එමෙන්ම මෙය රාජ්‍ය භාෂාව, ජාතික භාෂාව, පරිපාලන භාෂාව, නීති පැනවීමේ භාෂාව සහ අධිකරණ භාෂාව සිංහල භාෂාව බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දක්වා ඇති ප්‍රතිපාදනවලට පටහැනි තත්ත්වකි.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1වන ව්‍යවස්ථාවේ දැක්වෙන ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන , ප්‍රජාතාන්ත්‍රික , සමාජවාදී ජනරජය යන නම් කිරීමටද පටහැනි තත්ත්වයකි.

රටේ බහුතර ජනතාවට සිදුකරන මේ භාෂා අසාධාරණය වැළැක්වීම සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4 සහ 86 ව්‍යවස්ථා යටතේ ජනාධිපතිවරයා වන ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලතල ලැබී ඇති බව පෙන්වාදෙන අතර ජාතික වැදගත්කමකින් යුත් පහත ප්‍රශ්නය වහාම ජනමතවිචාරණක් මගින් ජනතාවගෙන් විමසීමට ලක් කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ප්‍රශ්නය – ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද?

මෙම ප්‍රශ්නය ජනමතවිචාරණයක් මගින් ජනතාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් පුරවැසියන් 100ක් විසින් කැමැත්ත ලබා දී අත්සන් කරන ලද නම, ලිපිනය සහ අත්සන සහිත ලේඛනයක්ද මේ සමග ඉදිරිපත් කරමි.

මෙයට,

විශ්වාසී

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන
සමායෝජක, 
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු රටේ බහුතර ජනතාවට කියවිය හැකි පරිදි සිංහල භාෂාවෙන් ලබා ගැනීම වෙනුවෙන් වන වැඩසටහන.

පිටපත්

1. අධිකරණ විෂය භාර අමාත්‍ය
2. සභාපති, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව

5 Responses to “ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද? යන ප්‍රශ්නය ජනමතවිචාරණයකට යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීමට සහාය දෙන්න…”

  1. aloy Says:

    It seems the cabinet paper that was presented for ACSA was eight pages in Sinhala and eighty in English and as such many ministers did not understand it correctly. So, go to courts and say what was in the Sinhala version overrides what is written in English as per our constitution.

  2. Hiranthe Says:

    Aloy,

    It will not help. The Sinhala version may have referenced the relevant Annexures within the Sinhala text although the Annexures were not attached.

    Who will read it.. If Runil says sign this, they will sign like a herd of donkeys

  3. Dilrook Says:

    In every law after 1956 and the Constitution there is a provision to make the Sinhala version to prevail over others in case of inconsistency. Therefore, the verdicts of the SC and the CA must be in Sinhala as well and the Sinhala version must prevail.

    Obviously the version of a signed international document is the language it is in.

    If the ACSA agreement signed was different to what was approved in parliament, then anyone can go to courts over it. This has not happened which means it’s not the case.

  4. aloy Says:

    According to the list of countries that has signed these type of agreements in Shenali’s article elsewhere in this site, all have been cancelled. So, this will also be cancelled provided our military gives the support. Have they fond a fault line and have started recruiting personnel already with a view to breaking it up?. Or did someone give a dead rope?.

  5. Ananda-USA Says:

    QUESTION: Between the signing, and cancellation under pressure, of MCC agreements, what has happened to the underlying real and financial assets?

    Have the underlying ASSETS been SIPHONED OUT of these countries before the agreements were cancelled?

    Surely, the MCC, most of whose agreements have been CANCELLED, must be smart enough to SIPHON OUT the underlying ASSETS before the agreements are cancelled?

    If so, perhaps that is the MODUS-OPERANDI of the MCC, to wit, to enter into these agreements KNOWING that they will be cancelled when the PEOPLE RISE UP AGAINST THEM, and to start SIPHONING OUT the funds well before that happens, and they are forced to exit!

    For example, in Sri Lanka they are getting ready to buy land at the ridiculously low price of Rs 24/acre, and well before Sri Lankans wise up and kick them out, they will have SOLD that land to private individuals at a much higher price under new Land Bills written by the MCC and passed by the the YAMAPALANAYA for their benefit, under the GUISE of giving LAND OWNERSHIP to the people! That RAPACIOUS PROFIT they will be allowed to TAKE OUT OF THE COUNTRY, you guessed it, under MORE Laws passed by the YAMAPALANAYA. I am SURE that the KICKBACK to the Yamapalanaya will be deposited in Foreign Banks will far exceed the $450 million the MCC reportedly “INVESTS” in the deal. WOW, how Brilliantly Machiavellian!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress