කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීම සඳහා අත්සන් තබන ලද සහයෝගිතා ගිවිසුම අහෝසි කර එම පර්යන්තය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම.
Posted on July 12th, 2019

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය
259/9, සෙත්සිරි මාවත, කොස්වත්ත, තලංගම
කැඳවුම්කරු : චන්ද්‍රසිරි මහගමගේ – 071-2051388 / 0112-482970

National Movement to Protect Colombo Harbor Eastern Terminal
259/9, Sethsiri Mawatha, Koswatta, Talangama
Convener: Chandrasiri Mahagamage 071-2051388 / 0112-482970

2019.07.11

අග‍්‍රාමාත්‍ය තුමා,
අග‍්‍රාමාත්‍ය කාර්යාලය,
කොළඹ 01.

ගරු අග‍්‍රාමාත්‍යතුමණි,

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරණය කිරීම සඳහා අත්සන් තබන ලද සහයෝගිතා ගිවිසුම  අහෝසි කර එම පර්යන්තය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටීම.


ඔබතුමාගේ රජය විසින් විෂය භාර අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම සඳහා ශ‍්‍රී ලංකාව, ජපානය හා ඉන්දියාව සමග සහයෝගිතා ගිවිසුමකට පසුගිය මැයි 28 දින අත්සන් තබා ඇත.

01 දැනට ප‍්‍රකාශ කර ඇති පරිදි යෝජිත එම සමාගමේ හිමිකාරීත්වය ශ‍්‍රී ලංකා රජයට 51% ක් හා ඉන්දියාව හා ජපානයට 49% ක් හිමිවන බව දක්වා ඇත. ශ‍්‍රී ලංකා රජය සතු 51% කෙටස් හිමිකම ශ‍්‍රී ලංකා රජයට  ඕනෑම මෙහොතක පාර්ශවකරුවෙකු වෙත පැවරිය හැක.

02 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු විශාල නෞකා මෙහෙය විය හැකි එකම පර්යන්තය වේ.

03 මේ වන විට ලෝකය පුරාම බහලූ මෙහෙයුම් ක‍්‍රියාවලිය කුඩා නෞකා වල සිට විශාල නෞකා දක්වා පරිවර්තනය වී ඇත. ඒ හේතුවෙන් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ බහලූ මෙහෙයුම් ක‍්‍රියාවලිය වාර්ෂිකව සීඝ‍්‍ර ලෙස  බිඳ වැටෙමින් පවතී.

04 වරාය ආදායම වාර්ෂිකව අඩුවන විට 10000 ක පමණ වරාය සේවක රැකියා බරපතල අනතුරකට මුහුණ දී ඇත.

05 අනාගත දූ දරුවන්ට වරාය තුල රැකියා කිරීමට පවතින අවස්ථාවද මෙම තීරණයෙන් යටපත් වේ.

06 විශාල නෞකා මෙහෙය විය හැකි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතු එකම පර්යන්තය මේ ආකාරයට විදෙස් සමාගම් වෙත පවරාදීම මගින් ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් ඇති වේ.

07 නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය උපකරණ මිළදී ගැනීම සඳහා වැය කල යුතු ඩොලර් මිලියන 80 ක මුදල ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇත.

08 එමෙන්ම නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු පවත්වගෙන යාම සඳහා අවශ්‍ය පුහුණු මානව සම්පත හා කළමණාකාරීත්වය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය සතුව ඇත.

මෙම කරුණු පිලිබඳ ඔබතුමාගේ අවධානය යොමු කර ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට අතිශයින් වැදගත් වූද, ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් විය හැකි වූද, ශ‍්‍රී ලංකා ආර්ථිකයට ප‍්‍රබල ප‍්‍රහාරයක් ගෙන දෙන්නා වූද, වරාය සේවක රැකියා වලට බරපතල අනතුරුදායක තත්වයක් ගෙන දෙන්නා වූද, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණ කිරීමට අදාලව අත්සන් තබන ලද සහයෝගීතා ගිවිසුම අහෝසි කරන ලෙසත් නැගෙනහිර පර්යන්තය ශ‍්‍රී ලංකා වරය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙසත් අප කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය රැක ගැනීමේ ජාතික ව්‍යාපාරය ලෙස  ඔබතුමා ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලා සිටිමු.

ගරු අග‍්‍රාමාත්‍යතුමණි, ඔබ තුමා හා විෂය භාර අමාත්‍යතුමාද සිටින කඩිනම් සාකච්ඡාවක් අප ජාතික ව්‍යාපාරය වෙත ලබා දෙන ලෙසද වැඩි දුරටත් ඉල්ලා සිටිමි.

ස්තුතියි.

මෙයට,
මෙහෙයුම් කමිටුවේ උපදෙස් පරිදි
චන්ද්‍රසිරි මහගමගේ
කැඳවුම්කරු

පිටපත් –
01 වරාය හා නාවික කටයුතු පිලිබඳ අමාත්‍යතුමා
02 ගරු සභාපති තුමා – ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය
03 සියලූ ජනමාධ්‍ය වෙත


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress