ජනතා මුදලින් නඩත්තු වන සී.අයි.ඞී.ය පෙනී ඉන්නේ ෂාෆි වෙනුවෙන් – රතන හිමියෝ කියති
Posted on July 12th, 2019

රටේ ජනතාවගේ මුදලින් නඩත්තු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් පෙනී සිටින්නේ ෂාෆි ෂෙහාබ්ඞීන් වෛද්‍යවරයා වෙනුවෙන් බවත් ඔහුට විරුද්ධ ප‍්‍රමාණවත් සාක්ෂි තිබියදීත් මෙම සිදුවීම යටපත් කර ෂාෆි වෛද්‍යවරයා නිදොස් කිරීමට සී.අයි.ඞී.ය උත්සාහ ගන්නා බවත් ඊට කිසිසේත් ඉඩ නොදෙන බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අතුුරලියේ රතන හිමියෝ ප‍්‍රකාශ කළහ.

‘‘අපරාධකරුවා වෙනුවෙන් පෙනී සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකරුවා නිසා වින්දිත භාවයට පත් මවුවරුන් වෙනුවෙන් පෙනී සිටින්නේ නෑ’’ යැයි උන්වහන්සේ චෝදනා කළහ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන්ට එරෙහිව පැවැත්වෙන නඩු විභාගය ඊයේ (11දා* කුරුණෑගල අධිකරණයේදී ආරම්භ වූ අතර ෂාෆි වෛද්‍යවරයාගෙන් සිසේරියන් සැත්කම් සිදුකරගත් මවුවරුන් පිරිසක් ඊයේ (11* දින අධිකරණ පරිශ‍්‍රය වෙත පැමිණ සිටි අතර ඔවුන්ගේ පා ගමනට එක්වූ රතන හිමියෝ එහිදී මේ බව සඳහන් කළහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වූ අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් මෙසේද කියා සිටියහ.

ෂාෆි ෂෙහාබ්ඞීන් වෛද්‍යවරයා සහරාන්ට වඩා දරුණු අපරාධකාරයෙක්. නමුත් එ් පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සාධාරණ මැදිහත්වීමක් සිදු කරලා නැහැ. අපි මේ සටන ගෙන යන්නේ මුස්ලිම් අයට විරුද්ධව නෙවෙයි. හැබැයි අල්ලා දෙවියන් නමින් මිත්‍යාදෘෂ්ටික මතයක් හදාගෙන මුස්ලිම් අය විතරයි සිටිය යුත්තේ අනික් ජාතීන් වඳ කළ යුතුයි කියන මතයේ පිරිසක් සිටන බව අප යථාර්ථය ලෙස පිළිගත යුතුයි. අද මම කනගාටු වෙනවා මේ ආණ්ඩුවට මේ ප‍්‍රශ්නය නිසා දේශපාලනික බයක් ඇති වී තිබීම පිළිබඳව.

One Response to “ජනතා මුදලින් නඩත්තු වන සී.අයි.ඞී.ය පෙනී ඉන්නේ ෂාෆි වෙනුවෙන් – රතන හිමියෝ කියති”

  1. aloy Says:

    Perhaps all 225+1 bat for him except this ven. Rathana for the plane loads of green bucks that came to Mattala or went to banks.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress