මිනිස් කමට සුදුසුද ඒ මිනිස්සු
Posted on July 16th, 2019

 (නිර්මාණය – ඩබ්.කේ. එස්. ජයතිලක)

සිංහල ඔබගෙ අයිතිය වෙයි මේක
පාට බේද නොබලව් ඔබ කිසි දාක
පෑන අතින් ගෙන නොබියව කිසි දාක
තබනු තබනු එහි අත්සන සැබෑ දැක

උගනිව් ඉගෙනගව් සැමගේ භාෂාව
පෙරමුණ දියව් තමගේ මව් භාෂාව
කෙළෙසන්නට එපා කිසිවිට මව් භාෂාව
සමතැන නොවේ නිසි තැන තබව් මව් භාෂාව

නීති පනත් ගෙනෙනා ඒ මිනිස්සූ
දුගී ජනයා තලනා ඒ මිනිස්සූ
නීති කඩන ඒ ගෙම්බර මිනිස්සූ
මිනිස් කමට සුදුසුද ඒ මිනිස්සු

 (නිර්මාණය – ඩබ්.කේ. එස්. ජයතිලක)

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ නඩු තීන්දු ලබා දිය යුතු භාෂාව සිංහල භාෂාව විය යුතුද?

යන කාරණය ජනමතවිචාරණයක් මගින් විසදන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලන අත්සන් ලක්ෂයේ එකතුව

මේ ඉල්ලීමට එකගනම් අදාල ලේඛන මත ඔබේ අත්සනත් තබන්න.

දුරකථන 0342256066,0432256067,0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress