පටු දේශපාලන වාසි වෙනුවෙන් අධ්‍යාපන ඇමති ජනතා මුදලින් ජනතාව නොමග යැවීම සම්බන්ධවයි.
Posted on July 18th, 2019

ලංකා ගුරුසේවා සංගමය

ගරු ජනාධිපති,
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.

ගරු ජනාධිපතිතුමනි,

පටු දේශපාලන වාසි වෙනුවෙන් අධ්‍යාපන ඇමති ජනතා මුදලින් ජනතාව නොමග යැවීම සම්බන්ධවයි.

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ‘‘සක‍්‍රීය අධ්‍යාපන පද්ධතියක් වෙනුවෙන් ගුරු විදුහල්පති සේවාව ශක්තිමත් කළ වගයි.’’ යනුවෙන් ජාතික පුවත්පත්වල සම්පූර්ණ පිටුවක් පුරා ජනතා මුදල් වැයකරමින් පලකර ඇති ගුරු හා විදුහල්පති සේවාවල වැටුප් සංශෝධන දැනුවත්වම ජනතාව නොමග යැවීමක් බැවින් ඊට දැඩි විරෝධය පලකරන ලංකා ගුරුසේවා සංගමය මෙම මුදල් අවභාවිතාව සම්බන්ධව විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉතා ඕනෑකමින් යුතුව ඉල්ලා සිටිමු.

  1. 2016 වර්ෂයේදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුපට එල්ලා තිබූ සියලූ දීමනා අදියර 5 කදී මූලික වැටුපට එකතු කිරීම සඳහා නිකුත් කළ 3/2016 රාජ්‍ය පරිපාලන වැටුප් චක‍්‍රලේඛය මගින් සිදුකළ වැටුප් සංශෝධන අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු හා විදුහල්පති සේවාවන්වලට පමණක් සිදු කළ එකක් බවට හුවා දක්වමින් ජනතා මුදල් ලක්‍ෂ ගණන් වැයකර මෙම පුවත්පත් දැන්වීම් පලකිරීමට කටයුතු කර ඇත.
  2. ඒ අනුව උක්ත චක‍්‍රලේඛයේ සඳහන් වැටුප් සංශෝධන හැර 2015 වර්ෂයෙන් පසු ගුරු හා විදුහල්පති සේවාවන්ට වසර 22 ක් පවතින බරපතල වැටුප් විෂමතාවය විසඳීම සඳහා ගත් කිසිදු කි‍්‍රයාමාර්ගයක් මෙම නිවේදනයෙහි සඳහන්ව නොමැති බව ඉතා වගකීමෙන් යුතුව ප‍්‍රකාශ කරමු.
  3. ඒ අනුව උක්ත චක‍්‍රලේඛය නිකුත් කිරීමෙන් පසුව මෙම පුවත්පත් නිවේදනයේ සඳහන් පරිදි ගුරු හා විදුහල්පති සේවාවන්ගේ මූලික වැටුප් වැඩිවීමෙන් අනතුරුවද පහත පරිදි වැටුප් විෂමතාවයක් නිර්මාණය වී ඇති බව පෙන්වා දීමට කැමැත්තෙමු.
    ගුරු සේවය විදුහල්පති සේවය
    1 වන පන්තියට රු. 31225/- ක් 1 වන පන්තියට රු. 29850/-
    2-1 වන ශ්‍රේණියට රු. 23420/- 2 වන පන්තියට රු. 24850/-
    2-2 වන ශ්‍රේණියට රු. 14315/- 3 වන පන්තියට රු. 22518/-
    3-1 අ. රු. 10304/-
    ආ. රු. 9696/-
    ඇ. රු. 9452/-
  4. එමෙන්ම නව සේවා ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක කිරීමේදී 2008. 07. 01 දින සිට 2010. 12. 31 දින දක්වා උසස්වීම්වලට අදාලව ගුරුවරුන් විසින් උපයාගත් මාස 30 ක හි`ග වැටුප් කිසිදු වග විභාගයකින් තොරව කපා හැර දැමීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
  5. එමෙන්ම 2016. 01. 01 දින සිට රාජ්‍ය සේවයේ පත්වීම් ලැබූ බහුතරයක් ගුරුවරුන් ඇතුලූ රාජ්‍ය සේවකයාගේ විශ‍්‍රාම වැටුප් මුලූමනින්ම අහෝසි කර දැමීමටද කටයුතු කළ ආණ්ඩුවක අධ්‍යාපන අමාත්‍යවරයා තවදුරටත් ජනතා මුදල් නාස්ති කරමින් ජනතාව නොමග යවන පුවත්පත් දැන්වීම් පලකිරීම සම්බන්ධව දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින ලංකා ගුරුසේවා සංගමය ජනාධිපතිවරයා ලෙස මේ සම්බන්ධව ඔබට ඇති වගකීමද අවධාරණය කරනු කැමැත්තෙමු.

විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය

සම්බන්ධීකරණය – 0718297022/

පිටපත්

  1. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා – අග‍්‍රාමාත්‍ය කාර්යාලය
  2. අධ්‍යාපන අමාත්‍ය – අකිල විරාජ් කාරියවසම් මහතා
  3. අධ්‍යාපන ලේකම් – අධ්‍යාපන අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress