ඊනියා නිදහස ලැබී වසර 71 ක් ගතවී ඇතත් තවමත් යටත්විජිතවාදී මානසිකත්ව ග්‍රහණයෙන් මුදාගෙන නැති මහනුවර ශ්‍රී දළදා පෙරහැර
Posted on July 21st, 2019

ආචාර්ය සුදත් ගුණසේකර

සිව්වන සියවසේ (ක්‍රි ව. 313) කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා දවස ශ්‍රී දළදා වහන්සේ මෙරටට වැඩමවූදා සිටම අරම්භවූ ශ්‍රී දළදා ප්‍රදර්ශනය හා දළදා පෙරහැර ඉතිහාසය පුරාම ඉතා  උත්කර්ෂවත් අන්දමින් පවත්වා ඇතිබැව් වන්ශකතාවලින් පැහැදිළිවෙයි. එදා සිටම සින්හල බෞද්ධ රාජ්යක් වූ මේ රටේ දළදාවහන්සේගේ භාරකාරයා මෙන්ම ආරක්ශකයාද වුයේ රජතුමාය. ඒ  නිසාම දළදාවහන්සේ වැඩසිටි දළදාමන්දිරය පිහිටියේද මාළිගා චතුරස්‍රයේමය.  දිනපතා උන්වහන්සේට සිදුකෙරෙන පුද පූජා වලට අමතරව වසරකට වරක් දළදා වහන්සේ අභයගිරි විහාරයට පෙරහැරින් වැඩමවා දින අනූවක් එහි ප්‍රදර්ශනයකොට ජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සලස්වයි. අනතුරුව නැවතත් දළදාවහන්සේ පෙරහරින් රජමාලිගා පරිශ්‍රයට  වැඩමවා දළදා මන්දිරයේ තැන්පත් කිරීම සිරිත විය. මේ තුලින් දළදාවහ්න්සේගේ භාරකාරයා වසයෙන් රජතුමා එය ආරක්ශාකොට තබාගෙන ඇති බවත්, දයිනිකව වතාවත් සිදුකොට ඇති බවත්, වාර්ෂිකව ජනතාවට උන්වහන්සේ දැකබලාගැනිමට සහ වැඳපුදා ගැනීමට අවස්ථාව සලසාදී ඇති බවත් ඒ තුලින් රාජ්යත්වය ආරක්ශාකොටගත් බවත් පෙනේ. සින්හල බෞද්ධ රටක් වශයෙන් මේ රටේ ඉතිහාසය පුරාම මෙම  සම්ප්‍රදාය මහනුවර යුගයේ අවසානය දක්වාම පැවති බව වර්තමාන දළදා මන්දිරයද රජ  මාලිගා චතුරස්‍රයේම පිහිටා තිබීමෙන් මනාව පැහැදිළිවෙයි

1815 දී මේ රට ඉන්ග්‍රීසීන් කුමන්ත්‍රණයෙන් අල්ලාගත් පසු මෙම තත්වය වෙනස් විය. උඩරට ගිවිසුමේ 5 වන වගන්තියෙන් මේ රට් බෞද්ධ උරුමය ආරක්ශාකරණ බවට ව්‍යාජ පොරොන්දුවක් දුන්නද බ්‍රවුන් රිග් ආණ්ඩුකාරයා මාර්තු 2 උඩරට ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර එය උල්ලන්ගනය කළේය. එපමණක් නොව බෞද්ධ භික්ෂූන් සිරගතකිරීමට සහ මරාදැමීමටද ඔහු ක්‍රියාකළ අතර දළදා පෙරහැරද කිසිදිනක නොපැවත්විය.

1828 දි රටපුරා ඇතිවූ නියගයක් නිසා ඉන්ග්‍රීසි ආණ්ඩුවේ ආධාර ඇතිව දළදා පෙරහැරක් පැවත්වූ බව වාර්තා වී ඇත. ඒ සඳහා මහමලුවේ විශාල ශාලා දෙකක් සාදා අලන්කාර ලෙස සරසා ආණ්ඩුකාරයා ඇතුලු රජයේ නිලධාරින් විසාල පිරිසකගේ  සහභාගීත්වයෙන් මුරකාවල් යොදා තිබුණු බවද වාර්තාවේ.  අනතුරුව අණ්ඩුකාරයා පෙරහැරකින් මාලිගාව තුලට කැඳවා ගෙන ගොස් ධාතුකරණ්ඩුව දෙහිගම දියවඩන නිලමේ විසින් දෙන ලදුව ආණ්ඩුකාරයා විසින් ඇතුමත තැන්පත් කොට මහමලුවට පැමිණ අසුන් ගැනීමෙන් පසු පෙරහැර ආරම්භ කරණ ලදී. පෙරහැර අවසන්වීමෙන් පසු දියවඩන නිළමේ ඇතුලු පිරිස ආණ්ඩුකාරයා බැහැදැක පෙරහැර  අවසන්කළ බව වාර්තාකල බවද සන්දහන්වෙයි. රජ මැදුරේදී ආණ්ඩුකාරයා බැහැදැකීමේ සම්ප්‍රදාය ආම්භවූයේ මේ ආකාරයෙන්ය.

ඉන්ග්‍රීසි ආණ්ඩුව මින් බලාපොරොත්තුවූ කරුණු කීපකි. ඉන්ග්රීසි ආන්ඩුවේ අධිකාරිය මේ රටතුල තහවුරු කරගැනීම, යටත් විජිතයේ රාජපාක්සික භාවය ඉස්ථිරකරගැනීම  සහ යටත්විජිතවාදී අධිකාරී බලයේ යසෝරාවය ප්‍රදර්ශනය කිරිමද ඒ අතර වේ.

1948 දී මේ රටට නිදහස ලැබීයයි  කයිවාරු ගැසුවද අදද දියවඩන නිලමේවරයා බස්නාක නිලමේ වරුන් පිරිවරාගෙන අලිඇතුන් සහිත පෙරහරකින් ආණ්ඩුකාර නිල නිවසට ගොස් ජනාධිපතිවරයා සහ දිසාපතිවරයා ඇතුලු යටත්විජිතවාදී නෂ්ටාවශේෂ නිලධාරීන් බැහදැක සිදුකරණුයේද මේ දෙයමය. මේ වු කලී අපගේ රජවරුන් තම යුතුකම් ජනතාව සහ භිෂූන් වෙනුවෙන් වාර්ෂිකව ඔවුන්වෙත ගොස් පෙන්වීමේ පෙරදිග විසිෂ්ඨ සන්කෘතිය මුලුමනින්ම කණපිට හැරවීමකි. ඒ නිසා අන්ධානුකරනයෙන් හා ලජ්ජානැතිව  මොවුන් අද මේ සිදුකරන්නේද  යල්පැනගිය එම යටත්විතිත සම්ප්‍රදායම නොවේද? ඊනියා නිදහස ලබා වසර 71 ට පසුව හෝ යටත්විජිත භාවයේ නෂ්ටාවශේෂයන්ට දැන්වත් තිත තබන්නේ නැත්තේ ඇයි ? එසේ නොකරන්නේ ඔවුන් තවමත් අධිරාජය්වාදීන්ගේ සුවච ඇම්බැට්ටයින් නිසා නොවේද? 1948 සිට සිටි එකම රාජ්ය නායකයෙකුට හෝ මෙබන්දු සිතිවිල්ලක් පහල නොවීම ගැන ඔවුන් ලජ්ජා විය යුතුය.රට ගැන හා අපේකම ගැන ඔවුන්ගේ ඇති ඇපකැපවීම මෙයින්ම පැහැදිළිවේ. සින්හල බෞද්ධ අප තුලනම් ඔවුන් පිලිබන්ද ඇත්තේ බලවත් කලකිරීමක් සහ  පිළිකුලකි.

ඇත්තවශයෙන්ම මේ අධිරාජ්යවාදි දීන බව ප්‍රදර්ශනය කිරීමේ සම්ප්‍රදායට තිත තැබීමට පලමු

පියවර ගතයුත්තේ නිදහස්යයි කියන මේ රටේ රාජ්ය නායකයින් නොවේද?

එමනිසා තවදුරටත්  ලෝකයේම් විෂිස්ඨ සන්ස්කෘතියකට හිමිකම් කියන මේ නිදහස් රටේ අපි ඉන්ග්‍රීසි ගැත්තන් නොවී ඔවුන්ගේ දීන ගැත්තන් වන  දේසීය පාලකයින්ගේද ඇම්බැට්ටයන් නොවන බවට වගකීම සමස්ත ලාන්කේය සින්හල බෞධ ජන්තාවගේම ගිහි නායකයා සහ දළදාවන්සේගේ ගිහි භාරකරුවන  දියවඩන නිලමේ ඇතුලු සතරමහා දෙවාලවල බස්නායක නිලමේ වරුන්වත් පියවර ගතයුතුයයි මම යෝජනා කරමි.

දේශපාලන හා වෙනත් හේතුන් නිසා ඔවුන්ටද එසේ කිරීමට පිටකොන්දක් නැතිනම් මේ රටේ හා ජාතියේ  මුරදේවතාවුන්  වහන්සේලා වන අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් ඇතුලු ප්‍රධාන භික්ෂූන්   වහන්සේලා හෝ මේ අධිරාජ්යවාදී ගැතිකමේ නස්ඨාවශේෂ සම්ප්‍රදායන්ට වහාම තිත තැබීමටත්  ඒ සන්දහා සින්හල බෞද්ධ රාජ්යක සම්ප්‍රදායන්ට ගැලපෙන ක්‍රම වේදයක් ඇති කිරීමටත් සුදුසු කාලය දැන් එළම්බ ඇතැයි මම සිතමි. දැන්වත් ඒ අනුව කටයුතු කරනමෙන් රාජ්ය පාලකයින්ට නොපමාව උපදෙස් දෙන මෙන් උන්වහන්සේලාගෙන් මම ගෞරාව්යෙන්  ඉල්ලා සිටිමි

උන්වහන්සේලාද මේ සන්දහා එවැනි පියවරක් ගැනීමට මැලිවන්නේනම් මේ රටට හා සින්හල බෞද්ධ සන්ස්කෘතියට ආදරේ ඇති සින්හල බෞද්ධ උරුමය  පිලිබඳ උගතුන් හා බුද්ධිමතුන් එක්ව හෝ මේ යටත් විජිත නශ්ඨාවශේසයන් දැන්වත් ඉවත්කොට නිදහස් රටක් හා ජාතියක් වශයෙන් අපගේ අනන්යතාව රැකගතයුතු අතරම ශ්‍රී දළදා වහන්සේගේ මෙන්ම සින්හල ජාතියේ හා සම්බුද්ධ ශාසනයේ  ගෞරවය නැවතත් ප්‍රතිශ්ඨාපනය වන පරිදි සුදුසු වැඩ පිලිවෙලක් යෝජනා කළයුතුයැයි මම සිතමි.

 මේ පිලිබන්ද තීරණයක් ගැනිමේ ශක්තියක් මට ඇත්නම් මා යෝජනා  කරණුයේ රටේ රාජ්ය නායකයා විසින් පෙරහැර පවත්වා අවසානයේදී සින්හල ජාතියේ වර්තමාන සම්ප්‍රදායික නායකයින් හා සාශනභාර මුර දේවතාවුන් වහන්සේලා වන අස්ගිරි මල්වතු මහා නායක හිමිවරුන් ඇතුලු ත්‍රයිනිකායික මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර මඟුල් ම්ණ්ඩුවේදී පැවෙත්වෙන ද්විපාර්ශික කාරක සන්ඝ සභාවකට පෙරහර සාර්ථකව අවසන්කළ බව සැළකර සිටීමයි. එසේම ඊලන්ග වසරේදී පෙරහැර පැවත්වීම පිල්බන්ද  උන්වහන්සේලාගේ අනුශාසනා ලබාගැනීමද සිදුකළයුතු බවය.

රජදවස රජතුමාද ඇතෙකුපිට නැගී පෙරහැරේ ගන්කළ බව සන්දහන් වේ. අද අපට රජෙක් නැත. ඒ වෙනුවට වර්තමානයේ සිටින්නේ ජනාධිපති වරයෙකි. නමුත් ඔහු අද රටේ ජනතාව විසින් පත්කරගත් රටේ හා ජාතියේ  නායකයාය. ඔටුණු නොපලන් රජතුමාය. ඒ නිසා පුරාණ රජතුමාගේ කාර්යභාරය ඉටුකිරීමට ඔහුටද සෑම අයිතියක්ම තිබේ. මෙහිදී ජනාධිපති වරයාද ඊට සුදුසු මුල් ඇන්දුමකින් සැරසී දියවඩන නිලමේ සහ සතර මහා දේවාල බස්නායකවරුන් සහිත  පෙරහැරකින් පැමිණ මෙම සැළකර සිටීම කළ මැනවයි මම යෝජනා කරමි.

එසේ කිරීමෙන් දළදා වහන්සේට කිසිදු සම්බන්ධයක් නැති යටත්විජිත නෂ්ඨාවශේෂයක් වූ ආණ්ඩුකාර නිල නිවසට ගොස් යටත්විජිත ප්‍රතිරූපකයන්ගේ හා සම්ප්‍රදායන්ගේ අමිහිරි මතකයන් සිහිගන්වන ජනාධිපතිවරයා සහ දිසාපතිවරයා අතුලු නිලධාරීන් බැහැදැකීමේ නිවට සම්ප්‍රදාය අවසන්කොට නිදහස් නිවහල් සින්හල බෞද්ධ රාජ්යකට උචිත නව ආගමික, සාමාජික හා සoස්කෘතික සම්ප්‍රදායක ආරම්භයක් පිලිබන්ද අයිතිහාසික   සටහනක්ද සනිටුහන් වනූ ඇතැයි මම විස්වාශ කරමි. එසේම මේ රටේ තවමත් සින්හල බෞද්ධ රාජ්යක ලක්ෂණ නොනැසී පවතින බව මුලු ලොවටම පෙනීයනු ඇත. එසේ නොකොට ජනාධිපති වරයා සිය පවුල සමඟ රැජිනහෝටලයේ සිව්මැදුරු කවුලුවක වාඩිවි පෙරහැර නැරබීමෙන් ඔහුට සින්හල බෞද්ධ රාජ්යත්වයේ  ආගමික හා සාමාජික යුතුකම් ඉටුකළ නොහැ

1853 දී ඉන්ග්‍රීසි ආණ්ඩුව විසින් දළදා වහන්සේගේ භාරකාරත්වය අස්ගිරි හා මල්වතු නා හිම්වරුන්ට සහ දියවඩන නිලමේට භාරදීමෙන් සිදුකොට ඇත්තේ අමිල සේවයකි. මන්ද එසේ නොවී අපේ දේසපාලකයින් අතට එයත් ලැබුනේනම් මේ උතුම් රටට්  1948 සිට ඔවුන් විසින්  සිදුකොට ඇති විනාශය දෙස බලනවිට මේ වනවිටත් දළදා වහන්සේද විකුනාගෙන කා අවසන්වීමට සෑම ඉඩක්ම තිබුණ නිසාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress