තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..
Posted on August 14th, 2019

 lanka C news

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට දුරකථනයෙන් ඇමතූ බව එක්සත් ජාතික පක්ෂ කැළණිය ප්‍රාදේශීය සභා හිටපු මන්ත්‍රී මනෝජ් පෙරේරා මහතා පවසයි.

මෙම ඇමතුම ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැලණියේ ප්‍රසිද්ධ ස්ථානයක දී ෆොන්සේකා මහතාට ලබාදුන් බව ද ඔහු සඳහන් කළේය.

පැරණි තරහ අමතක කර තමන් සමඟ ගමනක් යන්න එක්වන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ආරාධනා කළේ යැයිද ඔහු පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් ෆොන්සේකා මහතා එය ප්‍රතික්ෂේප නොකර ‘බලමු’ යැයි පැවසූ බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

One Response to “තමන් හා එක්වන්නැයි ගෝටාභයගෙන් ෆොන්සේකාට ඇමතුමක්… ෆොන්සේකා බෑ නොකියයි..”

  1. Sarath W Says:

    This is a good move by Gota. He should also reach out to all the politicians of every minority party leaders and all the religious and civil society leaders as well. Minorities can only get their reasonable demands by joining the major political parties.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress