“දුප්පතුන් දකිනවිට පපුව පැලෙන්න එනවා අන්තවාදයට ඉඩ තියන්නේ නැහැ”
Posted on August 14th, 2019

පාලිත ආරියරත්න

ලිපියේ දුප්පත් යන වචනය කිහිප ආකාරයකින් යොදා ගැනේ ඒ මේ අදහස් ලිපය තුල ගොනු කිරීම සඳහා පමණයි  :

අසරණ, දුප්පත්, හිගකම, අඩුව, නැතිකම , මදිකම , හිඟන, ඕනෑ, දිළිඳු, දීන, නියාලු, අඩු, අපොහොසත්, දරිද්‍ර, දුර්වල, නිදන, බැරි, යමකින් හීන, සුළු, අනාරක්ෂිත, අදක්ෂ, හා තවත් කරුණු සඳහා….

අසරණ, දුප්පත්, හිගකම, අඩුව, නැතිකම , මදිකම , හිඟන, ඕනෑ, දිළිඳු, දීන, නියාලු, අඩු, අපොහොසත්, දරිද්‍ර, දුර්වල, නිදන, බැරි, යමකින් හීන, සුළු, අනාරක්ෂිත, අදක්ෂ, හා තවත් කරුණු සඳහා….දැන් දැන් අමුතුම  තාලේ දේශපාලන කතා වටින් ගොඩින් ඇහෙමින් පවතී එකෙක් රට සංවර්ධනය ගැන කතා කරනවිට ,තවකෙකු හොරකම් මැරකම් ගැන කතා කරයි. එසේ කරන පිරිස් අතර අතර නිදන් හොරුද , මහා බැංකු හොරකමේ මොලකරුවන්ද වේදිකාවල සිටි. දුප්පත් මිනිසෙකු දකින විට පපුව පැලෙන්න දුක හිතෙනා මිනිසුන් මෙන්ම, ත්‍රස්ථ වාදයේ කුරුරිරු බෝම්බ වලට අසුවී මිනිසුන් මියයනවිට හිනා වුනු බෝහෝ  පිරිස් අතර සිටි. මේ කි නොකී මන්ද මානසිකවත්වයේ පෙළෙන දේශපාලනඥයන් දකින විට අපහට පුද්ගලිකව  අප්‍රියා සහගත තත්වයක් ඇතිවේ. නමුත් අප වැනිවුවන් රට විනාශය කරා යන ගෙනයන මොවුන්ගේ මුහුණට කෙල නොගසන්නේ අප විසින් පිලිගන්නාවූ සමාජ සම්මතයන්ට එරෙහි හා එය ශිෂ්ටාර සම්පන්න ක්‍රියාවක් නොවන බැවිනි.

ලෝකයේ බොහෝ දෙනා හොඳින් දන්නා කාරණයක් නම් චන්ද අතළඟ ඇතිවිට බොහෝ දේශපාලකයන් හිටගෙන බොරු කීම (ලක්දිව හිටවන කවි කීම මේ මෑත කාලයක් යනකම් ප්‍රසිද්ධ වී තිබුනේය දැන් අපේ ළමයින් හට මේ හිටගෙන බොරු කීම දැකබලා ගත හැකිය ) වැඩිවෙන බවය. වේදිකා උඩ තළුමරමින් පසුබිමේ ඉතා අලංකාර විදුලි බුබුළු හා පක්ෂ ලාන්චනය විශාලව දර්ශනය කරමින් කන් පැලෙන තරම් හඬකින් ඇතින්ම තිබෙන කුඩාවට පෙනෙන අන්තිම චන්ද දායකයාගේ මනදොළ පිරෙණ තරම් පොරුන්දු දී වහි බස් දොඩවා ඔවුන්ට විරුද්ධ (අනෙකුත් පක්ෂවල සිටින නායකයන් ) පක්ෂ වල සිටින යහපත් හා අයහපත් යන සැම දෙනාටම උසුළු විසුළු කොටහොරා, කපටියා ,මිනීමරුවා, එකාධිපතියා, ග්‍රාමසේවක, යන නාමයන් කියා නම්  දොඩවයි. මෙසේ නව ජනාධිපති, අගමැති , මන්ත්‍රී පවසන විට මේවට විසිල් ගසමින්  තම පක්ෂයේ අය හඬ නගන විට ආඩම්බර කාරී මුහුණකින් තම මුහුණ පුරවාගෙන වේදිකාවේ තිබෙන අනෙකුත් මැති, මැති,මන්ත්‍රී, පුජක, භික්ෂුන් වහන්සේලාට වත් නැති තරමක ලොකු පුටුවක අසුන් ගෙන රටේ රජා මමයි වාගේ කියා උද්දාමයට පත්වේ.

අහෝ මෙම දේශපාලන සංස්කෘතිය අප රටට ගැසූ හෙණයකි, කැපීමට නොහැකි හුනියමකි

දැන් අපි කෙටියෙන් දුප්පත් කම දෙස හැරෙමු. එදිනෙදා ජිවිතයේ එදා වෙලාවත් සොයාගැනීමට නොහැකි මිනිසුන් බොහොමයක් අප රටේ සිටින අතර. ස්වයං පෝෂිත ආර්ථිකයක් (බත බුලතින් පිරි ) හිමිවී තිබු  සිංහලයන් අද වන විට හිඟා කෑමේ තත්වයකට පත්වී තිබේ. මෙයට සක්සුදක් සේ දේශපාලකයන් වග කිව යුතු බව කුඩා පාසල් ළමුන් පවා දනී. රටට ආගන්තුකව ආ (වෙළදාමේ හා බ්‍රිතාන්‍යන් විසින් රැගෙන ආ ) ජනතාව අද සමහර තැන්හිදී සිංහලයන්ට වඩා පොහොසත් වී සිටි අප ඒ ගැන ඉර්ෂියා නොකරන්නෙමු. නමුත් දුප්පතුන් දකිනවිට පපුව පැලෙන්න එන දේශපාලක උදවියගෙන් අසා සිටින්නේ පහත කරුණු වලට නිහතමානිව පිළිතුරු දෙන ලෙසය.

1. ජාතිකව,ආගමිකව,ආර්ථිකව, සාමාජිකාව වැඩියෙන්ම අසාධාරණ අන්දමින් පිරිහී (දුප්පත් භාවයට පත්ව ඇති ) ඇති ජාතිය කුමක්ද ? අනෙකුත් ජනවර්ග වලට සාපේක්ෂව ? උදහරණයක් : කඳු කරයේ සිටිනා සිංහලුන්ප්‍රතිශතයක් වශයෙන් දෙමල ජනවර්ගයේ සිටින වතු වැඩවලට කුලියට ආ පුද්ගලයන්ට වඩා දුප්පත් බව ඔබ දානවද ? නැතිද ? එය වැදගත් කරුණක් නොවේද? හිත මතා අමතක කරන්නේ චන්ද වාසියටද ?  කඳුකරයේ ඉඩම් අක්කර කියක් දැනට නොරටුන්හට බෙදා දීමට  පිඹුරු පත් ඇඳ ඇත්ද ? ඔබ විසින් එසේ කිරීම යුක්ති සහගතද ? අවරුදු 550 කට වඩා කාලයක් අසීමිත වද හිංසා හා අකටයුතුකම් වලට හසුවී වුනද තම ජීවිතය පරදුවට තබා රට බේරාගත් සිංහල බෞද්ධයන් හට ඔබ සිදු කල සාධාරණය කුමක්ද ඔවුන්ගේ රැකවරණයට එදා පැවති රජයන් තුලින් සකස්කෙරු කොමිෂන් වලට කුමක් වුයේද ? එය ඉවත් කිරීම ඔබලා කල වීර ක්‍රියාක්වද්ද ? එය නීති විරෝධී නැතිද ? ඒවා යටි ගැහුවේ කුමන අවශය තාවයකටද ? නැතිනම් ඔබලාගේ චන්ද දායකයන්ගේ (රටට ආගන්තුක ආ ) පිරිස්ගේ සිත් රිදවීමට හෝ චන්දය ඔවුන්ගෙන් නොලැබේවි කියන භිය නිසාද ?

2. අවරුදු 2500 කට වඩා කාලයක් තුල අපව ධර්මයේ හසුරවමින් සතර අපායේ නොවැටී සිටීමට ශ්‍රී සත් ධර්මය දේශනා කරණ භික්ෂුන් වහන්සේලා රැක ගැනීමට ගත් ක්‍රියා මාර්ග මොනවාද එම ගත් ක්‍රියා මාර්ග තිබේ නම් ඒවා සාර්ථක අසාර්ථකද ? ඒවා හුදෙක් ව්‍යාපෘති පමණක්ද ?

3 . ජාතිය ආගම රැකගැනීමට ඉදිරපත් වන භික්ෂුන් වහන්සේලා දඩබ්බර නොහික්මුනූ පුද්ගලයන් බවට හොවා දක්වන්නේ කුමකටද ? ඔබගේ අරමුණ කුමක්ද ? භික්ෂුන් වහන්සේලා සිංහල අප වෙනුවෙන් ඉදිරපත් වීම වරදක්ද ? උන්වහ්සේලා හට එසේ කිරීමට අයිතියක් නැතිද ? එසේනම් ඔබලා මේ සිංහල බෞද්ධ උරුමය රැකදෙන්නේද ? ඒ කෙසේද ?

4. නීති විරෝධී අන්‍යාගමික කරණය අප රට තුල සිදුවේද නැද්ද ? සිදුවේනම් එය නීති විරෝදී නැතිද ? නැතිනම් ඔබ නිශ්ශබ්ද සිටින්නේ ඔබගේ භාර්යව හෝ නැගණිය ,මව ,දියණිය ,පුතා දැනටමත්  නීති විරෝධී අන්‍යාගමික කරණය හසුවී ඇති නිසාද ? නැතිනම් හුදෙක් මුදල් හා දේශපාලනික වාසි  නිසාද ?

5.  බහු ආගමික මත පතුරවන්නේ (බලයෙන් ) සියලුම ආගම එක නිසාද ? එකනම් එය වන්නේ කෙසේද ? ආගම් එකනම් විවිධ ආගම් වල මුලික ඉගැන්වීම වෙනස් වන්නේ ඇයි ? වෙනස් නොවන්නේනම් බොරු එකමුතු කම් සැදීමට ආගම් කලවම් කිරීමෙන් සැදෙන  ‘සුප් අගම ‘ , සුප් ආගම් සාදන්නේ ආගම් කිහිපයක් එකට සම් මිශ්‍රණය කිරීමෙනි, සර්වාගමික කමිටු හා කණ්ඩායම් වලට දැන් දැන් ‘සුප් ආගම් කණ්ඩායම්’ කියා සමහර තැන්හිදී උගතුන් විසින් කියයි ).සුප් ආගමෙන් හෝ බහු ආගමික මත ක්‍රියාත්මක් කිරීමෙන් යුරෝපයේ රටවල් විනාශ වී තිබෙන බව ඔබ දන්වාද ? නැතිනම් පහත උපුටා ගැනීම දෙස බලන්න.

”මීට වසර තිහකට පෙර, බොහෝ යුරෝපීයයන් යුරෝපයේ සමාජ ගැටලුවලට පිළිතුරක් ලෙස බහු සංස්කෘතිකවාදය, එනම් සියල්ලන්ගෙන් සමන්විත, විවිධ වූ සමාජයක් වැලඳ ගැනීම වැදගත් බව දුටුවේය. අද වන විට  විශාල  ප්‍රශ්න රාශියක් ඇතිකිරීමට  හේතුවක් ලෙස සලකති  බහු සංස්කෘතිකවාදය තුඩුදී ඇත. එම මතය බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් සහ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ඇතුළු ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් විසින්  බහු සංස්කෘතිකවාදය ප්‍රසිද්ධියේ හෙළා දැක එහි අන්තරායන්ට එරෙහිව කතා කිරීමට හේතු වී තිබේ. ”

උපුටා ගැනීම පොරින් එෆ්පෙයර්  වෙබ් අඩවිය කෙනන්න් මලික් 2015 මාර්තු අප්‍රේල්

යුරෝපයේ බාල් නැටීම අප එම ආකාරයෙන් කර බහු සංස්කෘතිකවාදයේ අනාථයන් වීමට ඔබට  අවශ්‍යද ?  නැතොහොත් බොදු හැදියාවෙන් යුතු සංස්කෘතියේ අගය කියාදී  අනෙකුත් ජාතින් හට සරලව ලොව තුල ජිවත් විය යුත්තේ කෙසේදැයි කියාදීමට  කටයුතු කරමුද ? එයින් ඔවුන් අගතියක් වේද ? අගතියක් වෙනම් ඒ කිනම් ක්‍රමයකින්ද ? සමහර දේශපාලකයන් වන ඔබගේ දු දරුවන් පිට රට පදින්චියට හෝ වැඩිදුර ඉගෙනගැනීමට ගොස් ඇත්තද ? ඔවුන් රටකට ඇතුල් වන විටදී අනුගමනය කල ක්‍රම මොනවද? ඇතුල් වන රටේ මහා සංස්කෘතියට හා නීති රීති පද්ධතියට හා ඔවුන් ගේ උරුමයන් වලට හානි කිරිමිට හෝ බලෙන් උදුරා එමරටේ සිටින,පැමිණි, හෝ සංචාරය කරණ නොරටුන් හට භාර දීමට ඔබගේ දු පුතුන්ට හැකියාවක් තිබේද ?

ඔබගේ දුපුතුන් කවදා හෝ අහම්බෙන් හෝ බලෙන් හෝ දේශපාලනික නිදහසක් නිසා ඇතුල්වූ එමරටේ සිට රට විජතින් හට හෝ නොරටුන් හට බෙදාදීමට කටයුතු කළහොත් එමරටේ සිටින නිත්‍ය ජන්ම භුමි කරුවන් ඔබගේ දරුවන් හට කුමක් කරයිද? ඔවුන් නිකරුනේ සිටියිද ? රටකට ඇතුළුවී ටිකෙන් ටික ක්‍රමක් ක්‍රමයෙන් එම රටේ නියම උරුමක් කරුවන් මර්ධනය කොට චන්ද ගැනීමේ අපේක්ෂාවෙන් අමුලික වංචා කොට සටකපට ලෙස මේ රට අපි ඔක්කගේම කීම සාධාරණද ? අනුන්ට අයිති රටක් බලයෙන් විදෙශ් වැසියන්ට ඉඩම් ආකාරයෙන් හෝ වෙනත් ආකාරයෙන් බෙදා දීම හොඳද නරකද නැත හොත් එය ශිෂ්ටාචාර සම්පන්න ක්‍රියාවක්ද ? එම රට ඔබගේ දු දරුවන්ගේ දේපලක්ද ?

6. දේශපාලකයන් වන ඔබ හට විවිධ චන්ද ගැනීමේ අපේක්ෂාවෙන් අනාගත නුපන් සිංහල බෞද්ධ දරුවන් හට අයිති මේ පින් බිම විවිධ ස්වරුපයෙන් රාජ්ජ්‍ය මට්ටමින් ඉඩම් කඩම් ලබාදීම  (ඉංග්‍රීසින් විසින් පටන් ගත් කුමන්ත්‍රණය අද වන විට පවා ක්‍රියාත්මක වේ. පන්සල් සතු භෝ ඉඩම් උදුරා විවිධ ආගමික කණ්ඩායම් වලට බලෙන් ලබා දී තිබේ ) යුක්ති සහගතද ? ඒ වගේම ලබාදෙන නම් ගම් වලට විකෘති නාමයන් වෙනත් භාෂාවලින් තැබීම වටිනා කට්යුතක් ද ? සිංහල භාෂාව අනුව ගමකට නම් තැබීමේ ක්‍රම කිහිපයක් තිබේද? එය ගැන අබමල් රේණුවක් ඔබ දන්නේද ?

7. ලඟම ඇති ඉන්දියාවට ගොස් සිහළ ග්‍රාම්‍ය නාමයක් ගමකට තැබීමට පිස්සුවකට හෝ නැතිනම් උන්මත්තකමකට හෝ ලැබේවිද ? භික්ෂුන් වහන්සේලා හට බුද්ධගයාව වැදීමට ගියවිට මහා මග පන්න පන්නා පහර දුන් ආකාරය ඔබට හට මතකද ?

8. රට දිනා දුන් ඔබගේම පන්තියේ බොහෝ  නායකයන් වෙත  (කිනම් පක්ෂයේ උනත් ) මඩ ප්‍රචාර දියත් කොට ඔවුන්ව අන්තර ජාතික පෝරකයට දැක්වීමට ඔබ කටයුතු කරන්නේ මන්ද ? ත්‍රස්වාදීන්ට උඩගෙඩි දුන් නොරටුන්ගේ දේශපාලණ නායකයන් ඔබගේ අද දින ගජ මිතුරන් වන්නේ කෙසේද ?

9.  අප පරම අයිතීන් (සිංහලයන්ගේ ) තුට්ටුවකට නොසලකන විජතින් හා නොරටුන් (බොහෝ දේශපාලකයන් මෙම රට සිංහල බෞද්ධ රටක් කියා පිළි නොගනී ) සමග ඔබ හට දේශපාලනිකව නිදි වැදීමට සිත් ගත් කාරණය කුමක්ද ? ඔබ සිංහලද ? නැතහොත් ජාතියක් ජන්මයක් ඔබ හට නැතිද ? නැත්නම් තම මවසේ ඇති මවු රට විකුණා හෝ කැහැකි මානසිකත්වයෙන් පෙලේද ? නැත්නම් රටේ ඉතිහාසය නොදැනීම නිසා ඔබ නොදැන මේ වරද කරයිද ?

10. ජාති වාදය යනු කුමක්ද ? එම සංකල්පය කොහි සිට පැමිණියේද ? කව්රුන් විසින් මෙම වචනය වැඩිපුර යොදාගන්නේද ? ජාති වාදය හා ජාති ආලය අතර පරතරය ඔබ දන්නේද ? නැතිවී ගොස් තිබි සිහල ජාති ආලය සියයට 10 කට පමණ වැඩිකොට පසුගිය යුද්ධය ජය ගත් බව ඔබ දන්නේද? එහි අගයක් නැතිද ? අගයක් නැතිනම් ඒ සිහල අපහට විතරද? අනෙකුත් ජනවර්ග තම ජාතික කටයුතු අත්හරිද ? ශ්‍රීලන්කන් කි පමණින් සියුළු ප්‍රශ්න විශදේද ? ඒ ගැන පරික්ෂා කොට වාර්තාවක් ඔබ හට දිය හැකිද ? සාමය සැකසීම සඳහා කිනම් හෝ ජාතියක භාෂාවක අනන්‍ය තාවය බිඳිය හෝ නැති කර කතා කල යුතුද ? එය මානව හිමිකම් කැඩීමක් නොවේද ?

11. මුළු මහත් රටේම සිටින එක්කොටි ගණනකට වඩා සිංහලයන් (රටේ උරුමක් කාරයන් ) හට සැලකීම මගහැර ඔවුන්ව අමතක කොට දේශපාලනික වශයෙන් රවට්වා දේශපාලන අමනයන් කොට ඔවුන්ගේ අයිතීන් බලෙන් උදුරා නොරටුන් හා විජාතින් මත තබන්නේ ඇයිද ? ඊට හේතුව කුමක්ද ?

12. බොහෝ තැන් වලදී පන්සල් පසුපස්සේ ගොස් සමහර භික්ෂුන් වහන්සේලා රව්ට්වා වරප්ප්‍රසාද ලබදී හිතාමතා සිංහල බෞද්ධ  අයිතීන් සාධාරණ නොවන බව කීමට උසි ගන්වන්නේ ඇයි ? සිවුරට මුවාවී කටයුතු කරන්නේ පන්සල් වාටා වැඩි වැඩියෙන් අනෙකුත් ආගම් මධ්‍යස්ථාන සැදිමට ? නැතිද ? නැතොත් ඔබ දේව දුතයෙකු හෝ නියම  බෞද්ධයෙකු (  මේ නව නියම බෞද්ධයා දේශපාලකයින් විසින් සාදාගත් එකෙකු වෙයි.බෞද්ධයා යනු අනෙකුගේ අයිතීන් උදුරා තව කෙනෙකුට දෙන්නෙකු නොවේ. බෞද්ධයා යනු බුද්ධිමත්ව සිතන පුද්ගලයෙකු වන අතර මල්ලිට හෝ නංගිට හිමි ඉඩම යාලුවෙකුට ලියදෙන්නෙකු නොවේ ) බව පෙන්වීමටද ? අද දින බුදුරජුන් වැඩසිටියා නම් දස රාජ ධර්මය හෝ දානය නිසා හෝ ලංකාව ඉන්දියාවට හෝ වෙළදාමේ හෝ ඉංග්‍රීසි වහල් සේවයට පැමිණි ජනතාවට බෙදා දීමට කටයුතු කිරීම පුණ්‍ය ක්‍රියාවක් ලෙස හඳුන්වයිද ? (දේශනා කරයිද ?) නැත… අනුගේ අයිතීන් හෝ අනුන්ගේ දේවල් (විශේෂයෙන් සිංහලයන්ට ඇති එකම රට ) හොරෙන් හෝ ටිකෙන් ටික නොරටුන් හට ලබාදීම බුදුදහම අනුමත නොකරයි එය ඔබ දන්වාද ?

කරුණක් :

දානයට බුදුදහමේ සුවිශේෂ තැනක් හිමි වී තිබේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල දානය මුල් තැනටම සඳහන් වෙයි. දස පුණ්‍ය ක්‍රියාවලද දානය මුල් තැනටම  එයි. ඒවගේම සතර සංග්‍රහ වස්තුවලද දානයට විශේෂ තැනක් හිමි වෙයි. දාන පාරමිතාව දස පාරමි ධර්ම අතර මුල්තැනට පැමිණෙයි. දස සක්විති වත් වලද දානයට සුවිශේෂ තැනක් හිමි වෙයි. එලෙසම මංගල කරුණු 38 ටද දානය ඇතුළත් වී ඇත. දස රාජ ධර්ම වලටද දානය ඇතුළත් වී තිබේ .

නමූත් දේශපාලකයන් විසින් සටකපට ලෙස බුදුදහමේ සඳහන් වන මේ උතුම් කරුණු දෙසපලක්යන් විසින් යොදාගන්නේ පැහදිළි යටි අරමුණක් ඇතිවය ඒ ධර්ම විරෝධී කාරණයකි. පුද්ගලයෙක් කිසිදු ලෞකික ප්‍රතිලාභයක් නොතකා තමන් සතු දෙයක් අත්හැරදැමීම දානය නම්වේ.නමුත් දේශපාලකයන් ගේ එල්ලය වන්නේ අතහැරීම නොව චන්දය කඩා වඩාගෙන තම පිල වැඩිකරගනිමයි. එය අත හැරීමක් නොවේ අල්ලා ගැනීමකි එබැවින් එය බුදු දහමට අනුව ඔවුන් විසින් කරණ මෙම කාරණය පුණ්‍ය ක්‍රියාවක් නොවේ. ඒවගේම තම පුද්ගලික දේපලවලින් පුණ්‍ය ක්‍රියා සිදු කරගන්නා දේශපාලකයින් දැක ඇත්තේ අතේ ඇඟිලි ගානට පමණි.

බහුතර සිංහල බෞද්ධයන්ගේ බදු මුදල් වලින් යැපෙනා මොවුන් දස රාජ ධර්මය මත තබා නොරටුන් හට පුජා  කරන්නේද අවරුදු 550 කට වඩා රට වෙනුවෙන් දුක් විඳි , මැරුණු සිංහල බෞද්ධයන් අමතක කොටය.

13. රටේ වෙළඳ ආර්ථිකය හිතා මතා පිරිසක් විසින් අත්කරගෙන යන බව ඔබ දන්නේද ?. පසුගිය අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයේන් පසු හෙළිවූ කරුණු කාරණා රාශියකි. ඇවිදින මිනිස් බෝම්බ අතරට යලිත් අප රට වැටෙන තුරු ඔබ නිදා සිටියේය. බහු ජාතික බහු ආගමික කොලප්පමේ අවසානය එය බව යුරෝපය දැනගෙන සිටි. එම මගේ ආ වඩමින් ගිය ඔබඇස් පනාපිට ඔප්පුවුනේ විදෙස් වැසියන් මනාව කලමණාකරණය නොකළ භයානක ප්‍රතිඑලය. රජ කාලේ පටන් තිබු සිංහල පෙර සිරිතේ තිබු උලම් බද්ද ,පරජන බද්ද ,විදේශිය බද්ද, නොරටුන්ගේ බද්ද හිතාමතා අමතකල ඔබ පොදු බදු ගැහුවේ ඔක්කොම එකයි කියාය. තාමත් ඔබ පරණ යකඩ යටම තලයි. එය ගෝරෝසු හඬකි. සිංහල අප හට එයින් වෙන සෙතක් නැත. ඒ බව අප දන්නා බව ඔබ දන්නේද ?  නැත ඒ ඇයි කිවහොත් පක්ෂ වාදී ඔබ සමග උඩ පනිමින් (රටට සිංහල අපහට හෙනගැහැවුවත් ) සිටිනා පිරිසක් සිටින බැවිනි (අහෝ කරුමයකි ) අප ඔබ දකිනවිට සංකාවට , භීතියට , අප්‍රියා සහාගත තත්වයකට පත්වන බව ඔබ දන්නේද ?

14. රටේ ආරක්ෂාව සියට සියක් ඇති බව ඔබ පුරසාරම් දොඩනවිට රටේ ආරක්ෂාව බල්ලාටම ගිහින් බව ඔබ අතරම සිටින මැති ඇමති වරුන් පවසන විට හෙට දින පාරට බැස භියෙන් තොරව තමන්ගේ රටේම අපි සිටිනා බව ඔබ දන්නේද ? අහෝ ජාතියේ කරුමෙට උපන් ඔබලා මේ සසර පුරාවට හමු නොවේවා කියා බුදුන් වැඳ අප ප්‍රාර්ථනා කරණ බව ඔබ දන්නවද ?

කරුණක් :

බාලයන් ඇසුරු කිරීම පුද්ගලයාගේ දෙලොවම ජීවිත අවාසනාවන්ත වෙයි. තිදොරින්ම සමාජ අහිතකර කි‍්‍රයා ඇති අය විසමාචාර වලින් යුක්ත බාලයා ඇසුරු නොකළ යුතුයි. ඔබලා සමහර තැන්හිදී තිදොරින්ම සමාජ අහිතකර කි‍්‍රයා සිදු කරති. ඔබලාව පක්ෂිකයන්වසයෙන් ඇසුර කිරීමත් නොකළ යුතුයි. ඔබලා වැනි නායකයින් (පක්ෂ විපක්ෂ වල සිටින ) සියලුම දෙනා අප රට හට පොදුවේ කල සෙතක් නොමැත.

15. කෙළේගුණේ නැති ඔබ නොරටුන්ගේ උවමනාව මත (රට ත්‍රස්වාදයෙන් බේරාගත් විරුවන් පවා ) අප රණ විරුවන් පවා හිරේ විලංගුවේ  දා ඇති බව  අප සැම විසින් දන්නා ප්‍රසිද්ධ කාරණයකි . ගුණමකු කම ප්‍රසිද්ධ කිරිමිට ඔබ තරම් ප්‍රසිද්ධ පුද්ගලයන නැති බව අප දන්නා බව ඔබ දන්නවද ?

16. අන්තවාදී පුජකයන් හා නොරටුන් එක්වී ඔවුන්ගේම අන්තවාදයට ඉඩ දෙන පාසල් පද්ධති , අධිකරණ පද්ධති, මරාගෙන මැරෙන බෝම්බ කරුවන්, අපරට හා පරිසරයට නොගැලේපෙන ඇඳුමෙන් පෙනුමෙන් උමතු කාන්තවන් පිරිමින් , තම ජාතියට හොඳින් හෝ නරකින් කත් අදින දේශපාලකයන්දබර ඇඟිලිඅහස දෙසට යොමු කරමින්, පෙන්වමින්, දර්ශණය කරමින්  (මෙය ආගමික සංඥාවකි, විවිධ ජාතින් විවිධ අවස්ථාවල අත්ල සංඥාව භාවිතා කරති සොයා බලන්න ) සිංහලේ පරම අයිතිය ඇති, නිතියානුකුලව මේ රට ගොඩ නැගු, ආගන්තුකයන්ට ලොව වෙනත් රටවල් වල නොසිදුවෙන ආකාරයෙන්   සැලකු ලොව ඒකම ජාතිය වන අප භිය කිරීමට තැත් කරන විට , බුදු පිළිම කඩන්නන් බේරාගෙන නිදහස් කිරීමට උපාය මාර්ග ගන්නාවිට ඔබලා විසින් ගත් ක්‍රියා මාර්ග මොනවද ? ඔබලාට ලැජ්ජා නැතිද ? (අපිටනම් විලි ලැජ්ජයි ) ඔවුන් තරජනය කරන්නේ ඔබලගේම ජාතියේ කොටස් කරුවන් වන අපහට බව නොපෙනේද ? නොපෙනම් ඉට්ස් හේතුව ඔබ අසින්හලද ? අනාගමිකද ? ඔබගේ ජාතියේ නම ඔබගේ දේශපාලන පක්ෂයද ?

17. ශ්‍රීලන්කන් යනු කුමන ජාතියක්ද ? ඔවුන්ගේ භාෂාව කුමක්ද ? ඔවුන්ට අයිති රට කුමක්ද , එය මේ සිංහල බෞද්ධ රට නොවේද?  ශ්‍රීලන්කන් කියා නොරටුන් භාවිතා කරයිද ? කරනවාද ? එසේනම් දෙමළ හා මුස්ලිම් යනු කව්රුන්ද ? ඔවුන් තම ජාතියේ අනන්‍ය තාවය සම්පුර්ණයෙන් අත හරිද ? එසේ අත හැරී පුද්ගලයන් සිටීද ? අත හැරියානම් ඔබ අතර සිටින ඔබේම ගජ මිතුරන් වන දේශපාලකයන් වෙනත් පාලන කලාප, පොලිස් බලතල ඉල්ලා සටන් කරන්නේ කුමන අදහසින්ද ? එය සාධාරණ ඉල්ලීම්ද ? එය එසේවන්නේ දේශපාලන වාසි හෝ මුදල් වාසි නිසාද ? නැතිනම් සිංහල අපව පමණක් ජාතියක් ජන්මයක්, ආගමක් ,රටක්  නැති එවුන් බවට පත්කිරීමේ ඔබගේ පරම අපේක්ෂාව නිසාද ?

18. අතීතයේ අපේ (රජවරුන් ) නර විරුවන්ගේ දැඩි කැපවීමෙන්  බෞද්ධයාගේ සංස්කෘතිය වැළලීයාමට ඉඩ නොදී රැකගත්යේ ,සමහර තැන්හිදී සටන් ද කළේය. අදවෙනවිට රහසේ කුමන්ත්‍රනකාරී , ජාතිවාදී ලෙස විනශ කෙරු වෙභෙර විහාර කොපමණ ප්‍රමානයක් ඇත්ද ? නිදන් හැරීමට ගොස් නිදන් හොරුන් විසිනුත් විනාශ කල වෙහර විහාරවල සංඛ්‍යා දත්ත මොනවද? ඔබගේ එක කනකටවත් මෙවා නොඅසුනේද ?

නිහතමානිව පිළිතුරු දෙන ලෙස දේශපාලන  ඔබගෙන් අසා ගොනු කල හැකි කරුණු රාශියකි. මෙහි එම සියලුම කාරණා සඳහන් නොකරන්නේ  එම සියලුම කරුණු කාරණා  (ඔබ ගහන මැච් එක ) ඔබ හොඳින් දන්නා බවද අප සියලන්ම දනි, රට හා සම්බුද්ධ ශාසනය, සිංහලයා නොව හුදෙක් ඔබගෙ හතර කොනයි බඩ වියතයි රැකගැනීමේ කුහක දේශපාලන උපක්‍රමයේම ඔබ තාමත් යෙදෙයි. ඒ ඔබගේ වන්කභාවයය. ඔබ නිතර සඳහන් කරන ලිජ්චවි පාලනය , සමානත්වය ,දශ රාජ  ධර්මයන් තුල හතර කොනයි බඩ වියත හෝ වෙනත් ජාතියකට අයත් අඹු,දරු,ගහකොළ ,සතා සිවුපා , භුමිය නිකරුනේ ආගන්තුකව රටට   ජන පිරිස්වලට බෙදා දීමක් ගැන සඳහන් නොවේ. එය  දුප්පත් කම තුරන් කිරීමක් ද නොවේ නොවේ, එය ඉදිරියේදී භයානක ප්‍රතිඑල රටේ උරුමක් කාරයන්ට හා ඔවුන්ගේ ජිවිත වලට ගෙනදිය හැකි කටයුත්තකි. නිසි ලෙස සිංහලයන්ට නොසලකා  අනෙක් වැසියන්ට උජාරුවට,චන්ද වාසියට සැලකීම දේශපාලන උපක්‍රමයකි. සට කපට ක්‍රමයකි. මෙයින් අනාගතයේ අනාරක්ෂිත වන්නේ අහිංසක සිංහල බෞද්ධයන්ය.

 ලිපියේ මාතෘකාව වට නැවත හැරෙමු ”දුප්පතුන් දකිනවිට පපුව පැලෙන්න එනවා අන්තවාදයට ඉඩ තියන්නේ නැහැ ”

අන්තවාදයට ඉඩ දෙන්නේ කව්රුද ? දුප්පතුන් වැඩියෙන්ම සිටීන ජාතිය හෝ ජනවර්ගය කවුද ?  එසේනම්…පහත කරුණු කිහිපය ගැන අවධානය යොමු කරන්න…

1. ජාතිකව,ආගමිකව,ආර්ථිකව, සාමාජිකාව වැඩියෙන්ම අසාධාරණ අන්දමින් පිරිහී (දුප්පත් භාවයට පත්ව ඇති ) ඇති ජාතිය කුමක්ද ? අනෙකුත් ජනවර්ග වලට සාපේක්ෂව ? උදහරණයක් : කඳු කරයේ සිටිනා සිංහලුන් ප්‍රතිශතයක් වශයෙන් දෙමල ජනවර්ගයේ සිටින වතු වැඩවලට කුලියට ආ පුද්ගලයන්ට වඩා දුප්පත් බව ඔබ දන්නවාද  ? නැතිද ? එය වැදගත් කරුණක් නොවේද? එවැනි කරනා හිත මතා අමතක කරන්නේ චන්ද වාසියටද ?  කඳුකරයේ ඉඩම් අක්කර කියක් දැනට නොරටුන්හට බෙදා දීමට  පිඹුරු පත් ඇඳ ඇත්ද ? ඔබ විසින් එසේ කිරීම යුක්ති සහගතද ? අවරුදු 550 කට වඩා කාලයක් අසීමිත වද හිංසා හා අකටයුතුකම් වලට හසුවී වුනද තම ජීවිතය පරදුවට තබා රට බේරාගත් සිංහල බෞද්ධයන් හට ඔබ සිදු කල සාධාරණය කුමක්ද ඔවුන්ගේ රැකවරණයට සක්කෙරු කොමිෂන් වලට කුමක් වුයේද ? එය ඉවත් කිරීම ඔබ හට කල හැකි කාරණයක්ද?

2. සිංහල පාසල් කියක් මේ වන විට වසා දමා ඇත්ද?. ඒ පාසල් වල නම් මොනවද ? එසේ සිදු වීමට හේතු මොනවද ? අප ජාතිය සතු ළමුන් අඩු වීමද ? නැතොත් මුදල් හිඟකමද ? එසේනම් වැඩියෙන්ම දුප්පත් කවුද ?

3. පන්සල් වලට සාපේක්ෂව වෙනත් ආගමිකයන්ගේ මධ්‍යස්ථාන මෑතකදී වැඩිවී තිබේද නැතිද ? තව වසර කිහිපයකින් එවැනි ආගමික ස්ථාන කියක් ඇතිවේද ? ඒවාට මුදල් ලැබුනේ කෙසේද ? පන්සල් කියක් අලුතින් ගොඩ නැගුවාද ? නැතොහොත් පරණ පන්සල් වල ඇපල් ගෙඩියක් අරන් ඔබ වනු ගැහුවද ?

4. රටේ තිබු මහා යුද්ධවලදී ජිවිත පුජා කෙරු පවුල් කියක් සිටීද ? එම ජිවිතක්ෂයට පත්වූ  රණ විරුවන්ගේ පවුල් අද සිටින තත්වය කුමක්ද ? ඔවුන් සැම අයුරකින් අසරණවී නැතිද ? නැතිනම් ඔබහට එය ඔප්පු කර පෙන්විය හැකිද ? (මෙයත් එකතරා ආකාරයක සිංහල අපහට ඇති දුපත් භාවයකි)

5. ඔබ සිංහල බෞද්ධයෙකු වුනත් විජාතින් හා නොරටුන්ගේ චන්ද හිගාකමට තරම් ඔබ සිංහල චන්ද වලින් දුප් පත් බව ඔබ දන්නෙහිද ? ඇයි සිංහලයන්ට එකතුවී මේ රට පාලනය කර නොහැකිද (මෙයත් එකතරා ආකාරයක සිංහල අපහට ඇති දුප්පත් භාවයකි එය එකමුතු කමේ දුප්පත් භාවයකි  සිතා බලන්න )

6. දේශපාලන අරගල නිසා වැඩියෙන්ම මියගියේ, ඝාතනයට ලක්වුයේ කවුරන්ද සිංහලයන් නොවේද ? මේ ආරවුල් සියල්ල පිට ජාතීන්ගේ මත ඔස්සේ පිහිටා ඇතිවූ ආරවුල් බව ඔබ තාමත් නොදන්නේද ?

7. අප ජාතිය සතු කාන්තාවන් වෙනත් ආගමික කණ්ඩායම් වල ගොදුරු බවට පත්වී බහු පුරුෂ සේවනයේ කාමුක අගාද මානසිකත්වයන්ට අසුවී ගල් ගැහීම්, විටෙක මරණ දඩුවම් වලට නිවස තුලම කොටුවී ඇති බව හා  නීති විරෝධී ආගමික සංස්ථා  මඟින් ඔවුන්ව බහු භාර්ය සේවනයේ යේ දීමට අවශ්‍ය මත ආගමේ නාමෙන් ඇතිබව  දන්නේද ? බහු භාර්ය සේවනය පිරිමින්ගේ ස්වභාවයට එකඟව සාධාරණ බව සිතන උන් ස්ත්‍රීන්ට එසේ කිරීම අනුමත නොකරන්නේ බොරු බේගල් ඇද දාමාය, කාන්තාවන් බහු පුරුෂ සේවනයේ යේදීමෙන් පෙළපත් නාමය නැතිවීමෙන් මිනිස්සු එකිනෙකා මරාගැනීම හෝ රණ්ඩු සරුවල් ගැහැණිය නිසා (ගැහැණිය බෙදා ගැනීමට හෝ කොකා කාගේද යන හේතුව වියහැකියි) ඇතිවීම හිරිහැර යුද්ධ දක්වා දික්ගැසිය ප්‍රශ්ණයක් වසයෙන් සිතන මුන්.  ළමා විවාහ අවරුද්දකට කියක් සිදු කරනවද කියා දේශපාලන ඔබ දන්නවද ? ඔක්කොම ශ්‍රීලන්කන් නම්. රමණයේ, කාමයේ යෙදෙන තැන් වලදී බොදු අප හා සමාන සාරධර්ම වලට එකඟ නොවන්නේ මන්ද ? කාන්තාවකගේ විවාහ දිවියට ඇතුල් විය වයස තීරණය කල යුත්තේ රටේ උරුමක් කාරයන් වන අපද නැත්නම් රටට ආගන්තුකව පිරිස් විසින්ද ? ඉදිරියේදී විවධ අදහස් ඇති විශේෂ ජනවර්ගයක් ඇතිවී ඔවුන් මීටත් වඩා පහත් අන්දමින් විවිධ අවශ්‍යතා ඉල්ලුවොහොත් පාර්ලිමේන්තු නව පනත් සකසා ඔවුන්ට ඕනෑම දුරාචාරයකට නිතිය මඟින් පරිපුර්ණ කරදිමිට ඔබ ඉදිරිපත් වන්නේද ? ඒ චන්ද වාසිය නිසාද ? නැතිනම් මනුෂත්වය හෝ මානව හිමිකම් අගය කරණ නිසාද ? එසේනම් කාමය වරදවා නොහැසිරීමේ අගය ලොවට කියාදෙන අපේ ශිෂ්ටාචාරයේ සභ්‍යත්වය ගැන ඔබ පවසන්නේ කුමක්ද ?

මෙන්න සිංහලයන්ගේ දුපත්කම තවත් විදිහකින් :

  • අපි අපේ රටේම අසරණ වෙලා
  • සිංහලයන් ලක්ෂ ගානකට එදා  වෙලාවත් සොයන්න ක්‍රමයක් නැහැ
  • දුප්පත් සිංහල පැල්පත් වාසීන් අදත් නිවාස නැතුව උපන් රටේම අනාතයන් වෙලා
  • යානවාහන කෙසේවෙතත් අහාර ,නිවාස ඇදුම් පැලදුම් , මිළ මුදල් හිගකම සිංහලයන් අතර ප්‍රධාන කාරණක් වෙලා
  • පැවිදීමට ඇති දරුවන්ගේ අඩුව
  • දරු සම්පත් වල අඩුව, ඉඩම් හිගකම් වල අඩුව
  • රටේ සැම තැනකම තිබු බෞද්ධ වපසරිය අඩුවීමේ  අඩුව
  • ජිවිත ආරක්ෂාව නැතිකම
  • බුද්ධිමත් සිංහල නායකයන්ගේ අඩුව
  • මෑත කාලින යුද්ධ නිසා සිංහලයන් නැවත උතුරු නැගෙනහිර පදිංචි වීමට නැතිවීමේ අපොහොසත් භාවය
  • අදක්ෂ පාලකයන් වැඩිවීමේ දුර්වල කම
  • රටවල් ගානේ මුදල් සොයමින් හිඟන ඔබලා විදේශ සංචාර යැම (අඩුපාඩුවකි, දුප්පත් භාවයකි )
  • ක්‍රමක් ක්‍රමයෙන් ලෝකය තුල සිංහලය සුළු ජාතියක් වීම
  • අනාරක්ෂිත අදක්ෂ පාලනය
  • සිංහල දරුවන්ගේ පරම අයිතිය වන (ඉර හඳ පවතිනතාක් කල් ) දේශය පාලනය කිරීම උදුර උදුරා නොරටුන්හට දීම මඟින් (අවරුදු 70 වක පමණ කාලයක් ) ඔබ සිංහල රටේම දේශපාලක අනාථයින් වීම (සුළු ජනවර්ගවල සහය නැතිව ඔබට තනිවම දිනිය නොහැක ) අහෝ කරුමයකි අවසානයේ ඔබම ඔබ ඇතිකල ආරවුලේ පැටලී ඇත එය එක්තරා ආකාරයක් අපේ පණ්ඩිත දේශපාලක නායකයන් විසින් එකමුතු කම නැති නිසා බලෙන් උදුරා දීම නිසා හදාගත් යමකින් හින භායවකි.

කාරුණික සිංහලයනි (දේශ පාලකයන් වෙත ගොනු කෙරු කරුණු )මා ඉහත දැක්වූ කරණු සම්පුරන්යෙන් නිවරදි නොවන්න පුළුවන් . නමුත් කරුණාකර මේ උද්ගතවී ප්‍රශ්නය විසඳා ගැනීමට ඇති අවසන් අදියරට පැමිණ තිබේ. ඔබ දන්නා පක්ෂ විපක්ෂ නායකයන්ගේ ඉහත කරුණු ගැන මුහුණට මුහුණ අසා දැනගන්න. සිංහල වූ ඔබගේ නායකයන් නොයෙක් ආකාරයෙන් දේශපාලනිකව,ආගමිකව ,ජාතිකව අනාථ වී ඇති බව දැනගන්න ,හදිසි හස්තයන් රාශියක් පැය විසිහතරේම ක්‍රියාත්මක වෙමිනි සිටි,  ඔවුන්ගේ ගජ මිතුරු රටවල් සමග නිදිවදිමින්, සම්බුද්ධ ශාසණය හා තුන් සිංහලයම නැති කිරීමේ අරමුණින් විශාල මුදල් සම්භාර යොදවමින් සිටි. පක්ෂ පාට නිසා හෝ පෞද්ගලික කරුණු කාරණා නිසා හෝ රට ජාතිය ආගම (ආගම යන වචනය මෙහිදී පාවිචි කලද බුදුදහම ආගමක් නොවේ එය විශ්වීය දහමකි. බුද්ධ ශාසණය ආරක්ෂා කිරීම සිංහල අපගේ පරම යුතුකමකි )  විනාශ කරලීමට කා හට හෝ ඉඩ නොදෙමු !

බෞද්ධ ධජය ඔසවමු…

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න
සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට

2019-8-14 -නිකිනි පුර පසළොස්වක පෝය දින

:ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍ය රාජයා ඉදිකිරීම ආරම්භ කිරීම, නිකිණි පෝය දින වැදගත් සිදුවීම් වේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress