සැමට නිවාස දෙන බවට පාරම්බාන දේශපාලකයින් නොදුටු අසරණ පවුල
Posted on August 14th, 2019
උපුටා ගැන්ම හිරු පුවත්
දහසකුත් එකක් දුක් කම්කටොළු මැද ඔත්පලව ඇති සිය සැමියාත්, කුඩා දරු දෙදෙනාත් ජීවත් කිරීමට වෙර දරන මවක් පිළිබඳ පුවතක් අපට වාර්තා වුණේ රත්නපුර – නගරසභාගම ප්‍රදේශයෙන්.
මේ රත්නපුර නගරසභාගම ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි නිල්මිණි දිල්රුක්ෂි බර්තලමියුස්.
අනේකවිද සුන්දර බලාපොරොත්තු මහ ගොඩක් නොතිබුණත් සිය සැමියාත් සමග කාටවත් අත්නොපා ජීවත්වූ අතීතයක් මේ අයට තිබුණා.<br /><br />කුලී වැඩ කර එදිනෙදා වේල සරිකරගත් දිල්රුක්ෂිගේ සැමියා ගසකින් වැටී එක්තැන් වීමත් සමග ජීවිතය ගැටගහගන්නට අද කාගේ හෝ සරණක් පතන්නට සිදුවී තිබෙනවා.
සැමට නිවාස දෙන්නටත්, රට සුඛිතමුදිත කරන්නටත් දේශපාලන වේදිකාවල අතොරක් නොමැතිව පාරම්බාන මෙවන් සමයක මේ පවුල ජීවත්වෙන්නේ හිටවූ උන බට වලට ඉටි රෙදි ගසා සාදාගත් පැල් කොටයකයි.
/>ඔත්පල වී ඇති සිය සැමියාත් සමග ඉතා අපහසුවෙන් ජීවිතය ගැටගසාගන්නා නිල්මිණි තමන්ට ඇති අපහසුතා වචනයට නැගුවේ මෙලෙසින්