වීරත්වයට යළි පණ දෙන රණකාමීත්වයේ අසිපත – නව යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා
Posted on August 20th, 2019

සමන් ගමගේ උපුටා ගැන්ම දිවයින

p14 1

ශී‍්‍ර ලංකා යුද හමුදාවේ වර්තමානයට පීඩා ගෙන දුන් වීරත්වයේ පිපාසය සංසි`දුවා ගන්නට සියල්ලෝ මෑත අතීතයෙන් ඉල්ලා සිටි රණකාමීත්වයේ සිසිල් දියපොද කාගේත් බලාපෙරොත්තු සඵල කරමින් ඊයේ (19 වැනිදා) මල් වරුෂාවක් සේ ඇද හැලිණි. 

 සේනාධිනායක ජනාධිපති මෛති‍්‍රපාල සේනානායක මහතා අවසන් මොහොතේ නිවැරදි තීන්දුව ගනිමින් මේජර් ජෙනරාල් නිලයේ සිට ලූතිනන් ජෙනරාල් නිලයට උසස් කරනු ලැබීමෙන් පසු නව යුද හමුදාපතිවරයා වශයෙන් කළ පත් කිරීම හේතුවෙන් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශී‍්‍ර ලංකා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා ලෙස ඉතිහාසයට එක්වීම එයට හේතු විය.

 අපි තිස් වසරක ත‍්‍රස්තවාදයක් පරාජය කර උපන් බිමට නිදහස දුන්නෝ වෙමු. එහිදී වීරෝදාර රණවිරුවෝ කළ කැපකිරීම් බොහෝ වූහ. එදා සෙසු සෙන්පතියෝ සේම යුද හමුදා 58 වැනි සේනාංකයට නායකත්වය දුන් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙරමුණේම සිටියෙකි.

 එහෙත් පසුගිය කාලයේ යහපාලනය බලයට ඒමෙන් පසු මේ ජාතියේ වීරත්වය අමතක කර දැමිණි. රට බේරාගෙන ලක්මවට සාමය ගෙන දෙන්නට කැපවූ වීරයෝ නිසි තැන නොලැබ විශ‍්‍රාම යද්දී බොහෝ අවස්ථාවල ත‍්‍රස්වාදය පරාජය කළ අවසන් සටනේදී නොඇසූ නොදුටු ආගන්තුකයෝ පසුගිය කාලයේ යුද හමුදාවේ ලොකු පුටුවලට ආහ.

 මෙසේ වීරත්වය අමතක කරද්දී ඉතා කර්කෂ වූ ඉඩෝරයකට ශී‍්‍ර ලංකා යුද හමුදාව ගොදුරු විය. එහෙත් මේ මොහොතේ සිදුවූ ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්වීම තුළින් දැන් ඒ ඉඩෝරය නිමාවී යළි වසන්තය උදා නොවනු ඇතිද? ඕනෑම අයකුට එය තීරණය කරන්නට අද යුද හමුදාවේ මුල් පුටුවට පැමිණි ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ තිස්පස් වසරක හමුදා ජීවිතය දෙස ආපු හැරී බැලීමේදී බොහෝ පහසු වනු ඇත.

p14 2

 මාතලේ ශාන්ත තෝමස් විදු පියසේ සිට ඔහු සිය වීරත්වය කරායන ගමනේ මාවත විවරව තිබෙන්නකි. පාසල් අධ්‍යාපනයෙන් පසු 1984 වසරේ මාර්තු මස පස් වැනිදා කෙඩෙට් නිලධාරියකු ලෙස ශී‍්‍ර ලංකා යුද හමුදාවට එක්වන හේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට එරෙහි සටන්වලදී වඩාත්ම දායකත්වයක් දුන් ගජබා රෙජිමේන්තුවේ දෙවන ලූතිනන් නිලයෙන් සිය හමුදා ජීවිතය ඇරඹූ ප‍්‍රථම නිලධාරියා ලෙස යුද හමුදා ඉතිහාසයේ සටහන්ව තිබේ.

 එතැන් පටන් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ මුල් පුටුවට පැමිණෙන තැන දක්වා වූ ගමනේදී ශවේන්ද්‍ර සිල්වා සහභාගි නොවු යුද හමුදාව ත‍්‍රස්තවාදයට එරෙහිව සිදුකළ ප‍්‍රමුඛ මට්ටමේ කිසිදු මෙහෙයුමක් නොවීය. 

 මේ මාතෘ භූමියෙන් ත‍්‍රස්තවාදය තුරන් කිරීම උදෙසා දිවි පරදුවට තබා රණ බිමෙහි දැක්වූ දස්කම් නිසාම එකවර විශිෂ්ට සම්මාන තුනකින් පිදුම් ලැබූ ලාබාලම දෙවන ලූතිනන්වරයා ලෙස යුද හමුදා ඉතිහාසයේ සුදහන්ව ඇත්තේද ශවේන්ද්‍ර සිල්වා නාමය ය.

 ශී‍්‍ර ලංකා යුද හමුදාව 1995 වසරේ යාපනය බේරා ගැනීම සදහා ත‍්‍රස්තවාදීන්ට එරෙහිව දියත් කළ සටනේදී කෙටි කාලීන හමුදා ජීවිතයක් පසුරා තිබුණද ළාබාලම අණදෙන නිලධාරිවරයා ලෙස යුද හමුදා ඉතිහාසයට එක්ව සිටින්නේද ශවේන්ද්‍ර සිල්වාය.

 මේ සටහන් කෙරුණේ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ හමුදා ජීවිතයේ මුල් කාලීන යුගයේදී ඔහු නිලධාරියකු ලෙස දැක්වූ දස්කම්වලින් බි`දක් පමණකි. ඉන් අනතුරුව උසස් හමුදා නිලධාරියකු ලෙස 1 වැනි ගජබා, 5 වැනි (ස්වේච්ඡුා) ගජබා සහ 8 වැනි ගජබා යන ගජබා රෙජිමේන්තුවේ ඒකකයන් ති‍්‍රත්වයටම අණදීම සිදුකර ඇති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය තිස්පස් වසරක යුද හමුදා ජීවිතයේදී නිලධාරියකු ලෙස තනතුරු රාශියක් හොබවා තිබෙනුයේ කීර්තිමත් නිකැලැල් රාජකාරී කැපවීමක්ද සමගය.

 ශී‍්‍ර ලංකා යුද හමුදා විද්‍යා පීඨය දියතලාවහි නිලධාරි පුහුණු කිරීමේ උපදේශක ධුරය, යුද හමුදා විද්‍යා පීඨ ඉතිහාසයේ ප‍්‍රථම වරට විදේශීය හමුදා සාමාජිකයන් පුහුණ කළ නිලධාරියා වීම සහ එසේ පැමිණි ගමනේ දී යුද හමුදා විද්‍යා පීඨයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කිරීම මෙහිදී කැපී පෙනෙන සිදුවීම් ලෙස පෙන්වා දිය හැකිය.

 ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ රණ ශූරත්වය සහ යුද ප‍්‍රවීණත්වය මෙන්ම හමුදා නිල ඇ`දම තුළ සිටි එ මිනිස් හදවතේ ළතෙත් බව ලොවක් දුටුවේ ඔහු ඉකුත් මානුෂීය යුද හමුදා 58 වැනි සේනාංකයේ සේනාංකාධිපති ධුරයට පත්වීමත් සම`ගය. එහිදී 58 වැනි සේනාංකයට නායකත්වය දෙමින් අවසන් සටනේදී ත‍්‍රස්තවාදය මේ බිමෙන් අතුගා දැමීම ස`දා ලබාදුන් එඩිතර නායකත්වය මෙරට මෙන්ම ලෝකයටද රහසක් නොවීය.

 ත‍්‍රස්තවාදින් ඉදිරියේ කිසිදු ඉඩක් නොතබා මව්බිමේ ජයග‍්‍රහණය වෙනුවෙන් සිය සෙබළමුළු මෙහෙයවූ ශවේන්ද්‍ර බිහිසුණු සටනකදී වූව හමුදාවට කොටුවී අන්ත අසරණ වූ ත‍්‍රස්වාදියාට වැරදීමකින්වත් ගිනි අවියක් එල්ල කරන්නට කිසිවටෙකත් කිසිදු සොල්දාදුවකුට ඉඩක් නොතැබීය. 

 එසේ කොටුවූ ත‍්‍රස්වාදින් දැඩි මානුෂීය බවකින් යුතුව සිය භාරයට ගත් හේ ගුවාල ලැබ සිටියේ නම් ප‍්‍රතිකාරද ලබාදී ඒ හදවත් සුවපත් කළේ ඉතාම විනයගරුක හමුදාවක් ශී‍්‍ර ලංකාව සතුයැයි ලොවටම පෙන්වා දෙමිනි. 

 අද ඇතැම් ජාත්‍යන්තර බලවේග සහ රටවල් යුද අපරාධ සහ මානව හිමිකම් චෝදනා එල්ල කරමින් දෙස් දොවොල් තබන්නේ එසේ මනා හිකමීමකින් යුතුව උපන් බිමේ නිදහස වෙනුවෙන් 58 වැනි සෙන්ාංකයට නායකත්වය දුන් ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාටය.

 මෙසේ සැබෑම වූ මානුෂීය ගමනක් තුළින් ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ පෙරට ගිය ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අණදුන් 58 වැනි සේනාංකය යනු ඉකුත් මානුෂීය මෙහෙයුමේදී යුද ජයග‍්‍රහණ රාශියක් අත්පත් කරගනිමින් සටනේ වැඩිම දුරක් පෙරට ගිය සේාංකය ලෙස වාර්තා පොතට එක් කිරීමටද ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ සංග‍්‍රාමික පරිනත බව සමත් විය.

 මෙසේ සංග‍්‍රාම භූමියෙදී උපන් බිමේ නිදහස වෙනුවෙන් දැක්වූ දස්කම් නිසාම ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අවසානයේ සිය වෘත්තීය ජීවිතයේ ඉතාම වැදගත් සන්ධිස්ථානයක ළ`ගා වෙමින් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ ළබාලම මේජර් ජෙනරාල්වරයා බවටද පත්විය.

 එහෙත් මේ සා පරිණත සහ මානුෂීය බවෙන් යුතුව කටයුතු කළා වූ ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව දෙමළ ජාතික ස්නධානය මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය මේ මොහොත වන විට අවි අමෝරා ඇත. එ් ඔහු යුද හමුදාපති ලෙස පත් කිරීමට එරෙහිවය. එහි ඇති සාධාරණය කුමක්ද? සාධාරණය කෙසේ වෙතත් මේ තුළ ඇත්තේ මුහුකුරා ගිය කුහකත්වය පමණක්ම බව අද ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම ප‍්‍රභාකරන්ගේ දේශපාලන අතකොළව ලෙස සිටි දෙමළ ජාතික සන්ධනාය ඔප්පු කරමින් නොසිටින්නේද?

 ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තුළ තිබුණේ මේ කියන රණශූරත්වය පමණක්ද? නැත යුද්ධය නිමා වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතවරයා ලෙස පත්ව යමින් තමන් ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කැපවි රාජකාරිය කරනු ලබන දක්ෂ රාජ්‍යතාන්ත‍්‍රිකයකු බව ඔප්පු කර පෙන්වීමටද හෙතෙම සමත්විය.

 එක්සත් ජාතීණ්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස පත්ව යෑමෙන් අනුරුව සාමසාධක මෙහෙයුම පිළිබ`ද එවකට එක්ස්ත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙසද කටයුතු කළ ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වචනයෙන් නොව කි‍්‍රයාවෙන් ජාත්‍යන්තරය ජයගත් නිලධාරියකුද විය. 

 ඉදින් මේ රටේ අද පවතින තත්ත්වය තුළ ශී‍්‍ර ලංකා යුද හමුදාවේ අධිපති ධුරයට පැමිණිය යුතු වන්නේ මෙවැන්නකු නොව්දු? උපන් බිමේ විමුක්තිය උදෙසා ජීවිත පරිත්‍යාගයෙන් කැපවූ විරුවාණනි ඔබය ජයෙන් ජය

 * සමන් ගමගේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress