යුද හමුදා ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තැබූ ශවේන්ද්‍ර සිල්වා තවත් වාර්තාවක් පිහිටුවමින් හමුදාපති පදවියට… ලෝකයේ දැවැන්තම ප‍්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමට අණදුන් නිලධාරියා!
Posted on August 25th, 2019

මනෝජ් අබයදීර උපුටා ගැන්ම දිවයින

ගජබා රෙජිමේන්තුවේ වාර්ෂික මහා මංගල්‍ය බඳු ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණේ, අගෝස්තු දහ අටවෙනිදාය. ඒ සඳහා අවශ්‍ය සියලූ කටයුතු සූදානම් කර තිබියදී මීට දින දහයකට පමණ පෙර හදිස්සියේ එම තරගාවලිය කල් දමනු ලැබීය. ඒ සඳහා බලපාන ලද්දේ කවර හේතුවක්දැයි විමසා බලන විට, කනින් කොනින් පැතිරී ගිය ආරංචිය වූයේ, යුද හමුදාපතිවරයා විශ‍්‍රාම යෑමට නියමිත දිනයද එදින හෙයින් සම්ප‍්‍රාදයානුකූලව යුද හමුදාපතිවරයෙකු විශ‍්‍රාම ගැනීම නිමිත්තෙන් පවත්වනු ලබන ආචාර සමාචර පෙළපාලිය සහ රාත‍්‍රී භෝජන සංග‍්‍රහය එදින පැවැත්විය යුතු හෙයින්, ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය කල්දමා ඇති බවය. 

army

තුන්වෙනි දීර්ඝය සඳහා 
 සැරසුණු මහේෂ් 

 සක‍්‍රිය යුද සේවයෙන් සමුගෙන සිටි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යළි යුද හමුදාව සඳහා එක්වන්නේ, යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසු, දේශපාලන පළිගැනීම් ලැයිස්තුවට එකතුවීමෙනි. ඒ සඳහා සුවිශාල දායකත්වයක් දෙනු ලැබුවේ, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසිනි. වැඩි කලක් නොයාම ඔහු හමුදාපති ධුරය සඳහා පත්වූ අතර, තමා නැගි ඉනිමගට මහේෂ් සේනානායක විසින් පයින් ගැසීමත් සමග ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකාගේ දරුණු විවේචනයට මහේෂ් පත්විය. ඒ සමග ඔහුට එරෙහිව විවිධාකාරයේ චෝදනා රාශියක් එල්ල වෙන්නට ද පටන් ගත්තේය. සේවා දීර්ඝ දෙකක් ලබා සිටි යුද හමුදාපතිවරයා විසින් තමන් වැඩ භාර ගන්නා විට ප‍්‍රකාශ කරන ලද ”තව කෙනෙකුට අසාධාරණයක් වන ආකාරයට මම මේ තනතුරේ රැඳෙන්නේ නැහැ” යන්න අසත්‍ය කරමින්, සිය තුන් වෙනි සේවා දීර්ඝය සඳහා ද උත්සාහ දරමින්, යුද හමුදාවේ දක්ෂයන් ගෙදර යැවීම සඳහා කටයුතු සලසන්නට යෙදුනි. වන්නි මානුෂිය මෙහෙයුමේදී විජයග‍්‍රාහී සෙන්පතියෙකු වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මහේෂ් සහ ඔහුගේ ගෝල බාලයන්ගේ මෙසේ ‘ගෙදර යැවීමේ මෙහෙයුම’ සඳහා අසුවන්නට ගොස් අනූ නවයෙන් බේරුනි. 

 එසේ එදා අසීරුවෙන් හමුදාව තුළ කටයුතු කරන ලද මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුව විසින් බිහි කරන ලද පළමු යුද හමුදාපතිවරයා වෙමින් සහ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා බවට පත් වෙමින් පසුගිය සඳුදා උදෑසන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. සිය වාර්ෂික මහා මංගල්‍ය බඳු ගජබා සුපර් ක්‍රොස් තරගය කල් දැමූ නමුත් සිය රෙජිමේන්තු ඉතිහාසයේ නොමැකෙන දවසක් බවට පසුදා පත්කර ගැනීමට ගජබා රෙජිමේන්තුවට මේ නිසා හැකියාව ලැබුණි. 

 ජුලි කලබල අතරේ හමුදාවට 

 1984 මාර්තු පස්වෙනිදා, බඳවා ගැනීම් කාණ්ඩ අංක 19 යටත් ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක්වූ ශවේන්ද්‍ර සිල්වා, ඒ සඳහා ඉල්ලූම් කර තිබුණේ 1983 වර්ෂයේදීය. අසූ තුනේ ඇතිවූ ජුලි කලබල හේතුවෙන් එම බඳවා ගැනීම පමාවීම සිදුවිය. ඊට පෙර ශ‍්‍රී ලංකා යුද හමුදාව මුහුණදී තිබූ අභියෝගය වූයේ, 1971 වර්ෂයේදී ජවිපෙ එල්ල කරන ලද කැරැල්ල පමණය. මේ නිසා අසූ තුන වර්ෂය වන තෙක්ම උත්තමාචාර දක්වන සහ ආපදා සහන සේවා සඳහා දායක වනවා මිස ඊට වැඩි සේවාවක් යුද හමුදාව තුළින් සිදු නොවීය. 1983 වර්ෂය යනු දෙමළ වර්ගවාදය, සිය ත‍්‍රස්තවාදී ශාඛාව විවෘත කරන ලද වසර ලෙස සඳහන් කළ හැකිය. එම වර්ගවාදී ත‍්‍රස්තවාදයට එරෙහි සටන් වැදීම සඳහා, ජාතිය වීරයන් සොයන මොහොතේ ශවේන්ද්‍ර සිල්වා, ශ‍්‍රී ලංකා යුද හමුදාවට එක් විය. යුද්ධයකට මුහුණ දිය යුතු බව දැන දැනම යුද හමුදාවට බැඳුණු ශවේන්ද්‍ර සිල්වා, 1985 වසරේ නොවැම්බර් දහසය වැනිදා අධිකාරි ලබා දෙවැනි ලූතිනන් වරයෙකු ලෙසින් ගජබා රෙජිමේන්තුවට පැමිණියේය.

 එවකට විසුරුවා හරින ලද 1 වන රජරට රයිෆල් භට පිරිස් හා 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් ඒකාබද්ධ කොට 1983 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වන දින ගජබා රෙජිමේන්තුව බිහිවිය. එසේ බිහිවූ ගජබා රෙජිමේන්තුවේ සිටි සියලූ නිලධාරීන් එක්කෝ රජරට රයිෆල් හෝ පළමු වෙනි විජයබා රෙජිමේන්තුවට අයත් පිරිස වූහ. ගජබා රෙජිමේන්තුවටම නිලධාරියෙකු ලෙස මුලින්ම එක් වන්නේ, දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වාය. ඔහු සිය හමුදා නිලධාරී ජීවිතය ආරම්භ කරන්නේම, වාර්තාවක් තබමිනි. එසේ ගජබා රෙජිමේන්තුවට ඉඳුරාම බදවා ගත් හෙවත් ගජබා රෙජිමේන්තුවේ උපන් පළමු නිලධාරියා, පසුගිය සඳුදා ගජබා රෙජිමේන්තුවෙන් බිහිවූ පළමු හමුදාපතිවරයා බවට පත්වීම ද අනභිභවනීය වාර්තාවකි. 

 විමුක්ති මෙහෙයුමට…

 මෙරට බිහිවූ අග‍්‍රගණය හමුදා සෙන්පතියෙකු වූ මේජර් ජෙනරාල් විජය විමලරත්න විසින් දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා, ආර්.ඞී.එස්. නම් වූ විශේෂ ඒකකය සඳහා ඇතුළත් කරන ලද්දේ, ශවේන්ද්‍ර සතු කුසලතා පිළිබඳව පෙර දැක්මක් ඇතිවය. වර්තමානයේ යුද හමුදා විශේෂ බළකායේ ආරම්භය වන්නේ, එදා ගජබා රෙජිමේන්තුව විසින් ආරම්භ කරන ලද මෙම විශේෂ ඒකකය පදනම් කර ගනිමිනි.

 1987 දියත් කරන ලද, ශ‍්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප‍්‍රථම ප‍්‍රධාන මෙහෙයුම වන වඩමාරච්චි මෙහෙයුම නමින් ජනප‍්‍රිය වී ඇති විමුක්ති මෙහෙයුම සඳහා පළවෙනි බල ඇණිය ගජබා හි, කණ්ඩ භාර නිලාධාරියෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. එම ක‍්‍රියාන්විතයේ අවසාන දිනයේ, ත‍්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාරයකින් ශවේන්ද්‍ර සිල්වා දරුණු ලෙස තුවාල ලැබුවේය. එහිදී ශවේන්ද්‍ර සමග සිටි කපිතාන් රාජ් නවරත්න එතැනදීම මිය ගිය අතර රණබිමේ සිටින සිංහලයෙකු නම් පපුවේ වෙඩි සලකුණ ඇත්තා සේ, පපුවට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ශවේන්ද්‍ර සිල්වා, යුද භූමියෙන් ඉවත් කරගන්නා ලද්දේ, වඩමාරච්චි මෙහෙයුම් නියමුවෙකුව සිටි, මේජර් ගෝඨාභය රාජපක්ෂ විසිනි. මාස දෙකකට අධික කාලයක් ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලැබු ශවේන්ද්‍ර සිල්වා, සුවය ලැබීමෙන් පසුව ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරක්ෂක ඒකකය සඳහා ගජබා රෙජිමේන්තුව විසින් පත්කරනු ලැබීය.

 ජනාධිපති ජයවර්ධන සඳහා යුද හමුදා ආරක්ෂක ඛණ්ඩයක් පිහිටුවීමට රජය අදහස් කර තිබූ අතර, ඒ සඳහා නිලධාරීන් තෝරා ගනු ලැබුවේ, රණශූරයන් බිහි කරන ලද ගජබා රෙජිමේන්තුවෙනි. ජනාධිපති ආරක්ෂක මුරය භාරව ලූතිනන් ශාන්ත දිසානායක සහ ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා පත් කරනු ලැබුවේ, රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීමේ වගකීම ජව සම්පන්න තරුණ යුද නිලධාරීන් දෙදෙනකු වෙත භාර කරමිනි. ඒ අනුව ජනාධිපති මන්දිරයේ ඔවුන් ස්ථාන ගත විය. 

 අලිමංකඩ සහ යාපනයේ කොටුව 

 යාපනය කොටුව වටකරමින්, එල්ටීටීඊ ත‍්‍රස්තවාදය විසින් යාපනයෙන් සිටි සමස්ත හමුදාවම යාපනය කොටුව තුළ කොටු කරගෙන සිටින විට, යාපනය කොටුව මුදාගැනීම සඳහා ආරම්භ කරන ලද ‘සුයිසයිඞ් එක්ස්ප‍්‍රස්’ මෙහෙයුම සඳහා ශවේන්ද්‍ර සිල්වා දායකත්වය දෙන ලද්දේ නිලධාරී අණදෙන ලෙසය. මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ප‍්‍රධානත්වයෙන් බි‍්‍රගේඩියර් විජය විමලරත්නගේ සහයෝගයෙන් මෙම මෙහෙයුම ආරම්භ වූ අතර, එය සැලසුම් කරන ලද්දේ මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි විසිනි. එහි දෙවැනි අණදෙන නිලධාරී ලෙස ක‍්‍රියා කරන ලද්දේ, කර්නල් ජයවි ප‍්‍රනාන්දුය. සුමේධ පෙරේරා, උදය පෙරේරා, ගාමිණි ගුණසේකර, බොනිපස් පෙරේරා වැනි පසු කාලයක ශ‍්‍රී ලංකා යුද හමුදාවේ නම ගිය නිලධාරීහු බවට පත්වූ චරිත රැසක් මෙම ක‍්‍රියාන්විතයට එදා දායක වූහ. 

 1991 වර්ෂයේදී එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන් විසින් අලිමංකඩ කඳවුර කොටු කර, එහි සිටි හමුදා නිලාධාරීන් සහ සෙබළුන් විජලනයෙන් පවා ජීවිතක්ෂයට පත්වෙමින් තිබූ මොහොතක, ඔවුන් මුදා ගැනීම සඳහා දියත් කරන ලද, බලවේගය ක‍්‍රියාන්විතය සඳහා කපිතාන් ශවේන්ද්‍ර සිල්වා සිය දායකත්වය ඉදිරියෙන් සිට ලබා දුන්නේය. 

 1991 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා හමුදා ඉතිහාසයේ දෙවන වරට පවත්වන ලද සංග‍්‍රාම භූමියේ උපරිම දක්ෂතා දක්වන ලද රණවිරුවන් වෙත වික‍්‍රමාන්විත පදක්කම් ප‍්‍රදානයේදී, ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදා ඉතිහාසයේම ප‍්‍රථම වරට දෙවැනි ලූතිනන්වරයෙක් හෝ ඒ හා සමාන අනෙකුත් හමුදා නිලය දරන්නෙකු වීර වික‍්‍රම විභූෂණ, රණ වික‍්‍රම, රණශුර යන පදක්කම් තුනම එකවර ලබා ගන්නා ලද්දේය. එම වික‍්‍රමාන්විතය දක්වන ලද්දේ දෙවැනි ලූතිනන් ශවේන්ද්‍ර සිල්වා විසිනි. මේජර් ජෙනරාල් විජය විමලරත්න වැනි අතිශය සූක්ෂම සහ සියලූ අඩුපාඩු, දක්ෂතා මැනවින් සොයා බලනා නිලධාරියෙකු විසින් ශවේන්ද්‍ර සඳහා එම නිර්දේශය ඉදිරිපත් කිරීමත්, මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව විසින් එය නිර්දේශ කිරීමත් නිසා, එම පදක්කම් ත‍්‍රිත්වය, ශවේන්ද්‍ර විසින් හිමි කර ගැනීම සඳහා තවත් අගයක් එකතු වූ බව කිව හැකිය. සිය හමුදා ජීවිතයට වසර හයක් සපිරෙන මොහොතේ එවැනි වික‍්‍රමාන්විත පදක්කම් ලබා 
 ගැනීම අතිශය විරල ගණයේ දක්ෂතාවක් වන්නාසේම මෙතෙක්, එවැනි තනතුරු මට්ටමකදී ත‍්‍රිවිධ හමුදා ඉතිහාසයේම කිසිදු අයෙකු, ශවේන්ද්‍රගේ එම වාර්තාව සම කර නැත. 

 බලවේගය ක‍්‍රියාන්විතයෙන් පසු ගජබා රෙජිමේන්තුව විසින් යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරී ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කළේය. ඒ අනුව පාඨමාලා අංක 37 භාර නිලධාරී ලෙස ශවේන්ද්‍ර සිල්වා පත්විය. මෙහිදී ඔහු වාර්තාවක් තබන්නේ, ශ‍්‍රී ලංකා හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වරට විදේශ නිලධාරීන් පුහුණු කරන ලද පාඨමාලාව සඳහා කෙඩෙට් නිලධාරියා ලෙස පත්වීමෙනි. මාල දිවයින් හමුදා නිලධාරීන් පස් දෙනකු එම පාඨමාලාව සඳහා එවර ඇතුළත් වී තිබුණි. 

 රිවිරැස මෙහෙයුමට…

1995 වසරේදී යාපනය අර්ධද්වීපය ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගැනීම සඳහා ආරම්භ කරන ලද රිවිරැස මෙහෙයුම සඳහා මේජර් ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධ වන්නේ, අටවෙනි බල ඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙසය. ඔහු එහිදී ද වාර්තාවක් පිහිටුවන්නේ, මෙතෙක් ශ‍්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ බිහිවූ ළාබාලම අණදෙන නිලධාරියා බවට පත්වෙමිනි. වසර නවයක හමුදා ජීවිත කාලයක් තුළ එවැනි දක්ෂතාවක් පෙන්වන තරමට ශවේන්ද්‍ර සිල්වාගේ හමුදා සුරුවිරුකම් ඉහළ මට්ටමක තිබුණි. මෙම කාලයේදී උතුරු සහ නැගෙනහිර දෙපළාතේ දියත් කරන ලද සියලූ මෙහෙයුම් සඳහා ශවේන්ද්‍ර සිල්වා සහභාගිවීම ද විශේෂත්වයකි. ජය සිකුරු මෙහෙයුම සඳහා ඔහු සම්බන්ධ වූයේ, ගුවන් සංක‍්‍රමික බල ඇණියක ලෙස, පළවෙනි බල ඇණිය ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමිනි. 

 1999 වර්ෂයේදී ශ‍්‍රී ලංකාවේ සන්ධිස්ථානීය මෙහෙයුමක් වූ වාකරේ ප‍්‍රදේශය ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගැනීම සඳහා සිදු කරන ලද ක‍්‍රියාන්විතයට ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය. අලූයම් කාලයේදී ගුවන් මගින් වාකරේ මුහුදු තීරයට ගුවන් යානා දහයකින් බසිනා ලද ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් පිරිස විසින් එදා වාකරේ ප‍්‍රදේශය ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගනු ලැබීය. එවැනි වික‍්‍රමාන්විත මෙහෙයුමක් ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් සිදු කරන ලද්දේ ප‍්‍රථම වරටය. 

 සාම කාලයේ ත‍්‍රස්තවාදීන්ට 
 අතට අත නොදුන් නිලධාරියා…

 මෙවැනි සුවිශේෂ යුද ජයග‍්‍රහණ රාශියකට දායක වී සිටි ශවේන්ද්‍ර සිල්වා ජනතාව අතර ප‍්‍රචලිත වන්නේ 2001 – 2003 සමයේ පැවති එජාප ආණ්ඩුව විසින් දියත් කරන ලද ‘සාම සාකච්ඡුා’ සමයේදීය. එම සාකච්ඡුා සඳහා යුද හමුදා පාර්ශ්වයෙන් සහභාගි වූ ශවේන්ද්‍ර සිල්වා වෙත, එල්ටීටීඊ නායකයන් අතට අත දීම සඳහා අත් දිගු කරන විට, සිය අත වුවමනාවෙන්ම ත‍්‍රස්ත නායකයන් වෙත ලූතිනන් කර්නල් ශවේන්ද්‍ර සිල්වා ලබා දුන්නේ නැත. මෙම දර්ශනය රුපවාහිනි ඔස්සේ විකාශය වීම නිසා, රටටම එය දැක ගැනීමට හැකිවිය. එදා රට පුරා විරාභිවන්දනයක් ලෙස ශවේන්ද්‍ර සිල්වාගේ නම කියවෙන්නට විය. 

 2006 වසරේ අගෝස්තු 13 වෙනිදා, කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ත‍්‍රස්තවාදීන් විසින් ‘සාම සාකච්ඡුා’ නිම කරමින්, මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ පිහිටා තිබූ හමුදා බංකර් වලින් අඩකට වඩා විනාශ කරමින්, එම ප‍්‍රදේශය අත්පත් කර ගන්නා ලදී. මෙම අවස්ථාවේ ලූතිනන් කර්නල් ශවේන්ද්‍ර සිල්වා සේවය කරමින් සිටියේ, දියතලාවේ පිහිටා තිබූ, යුද හමුදා විද්‍යා පීඨයේ කෙඩෙට් නිලධාරී පුහුණු පාසලේ අණදෙන නිලධාරියා ලෙසය. එවකට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා විසින් දියතලාවේ සිට ශවේන්ද්‍ර සිල්වා, මුහමාලේ වෙත ඍජුවම කැඳවා, ගුවන් සංක‍්‍රමණික බල සේනාධිපති තනතුර ලබාදෙමින් මුහමලේ ඉදිරි ආරක්ෂක වළල්ල යළිත් පිහිටුවීමේ වගකීම ශවේන්ද්‍ර ඇතුළු නිලධාරීහු සඳහා ලබා දුන්හ. හමුදා බංකර් පෙළ නැවත මුදා ගැනීමෙන් අනතුරුව, සැප්තැම්බර් 13 වැනිදා මුහමලේ එල්ටීටීඊ ඉදිරි ආරක්ෂක වළල්ල වෙත, රාත‍්‍රී ප‍්‍රහාරයක් එල්ල කරමින්, වසර හයක් එල්ටීටීඊය ආරක්ෂා කර ගෙන සිටි මායිම බිඳ දමන්නට ලූතිනන් කර්නල් ශවේන්ද්‍රගේ අණදීම යටතේ සිටි බලසේනාවෝ සමත් වූහ. මෙය එල්ටීටීඊයේ සන්ධිස්ථානිය පරාජයක් බවට පත්විය. 

 පනස් අටේ සේනාංකාධිපති

army2

වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භ වීමෙන් පසු, 57 වෙනි සේනාංකයට පසුව ආරම්භ කරන ලද කාර්ය සාධක සේනා 1 හෙවත් පසුව 58 වෙනි සේනාංකය ලෙස හඳුන්වනු ලැබූ, සේනාංකය, ආරම්භ කර දින කිහිපයකින් පසු මන්නාරම ප‍්‍රදේශය සඳහා මෙහෙයුම් දියත් කිරීමට 58 වෙනි සේනාංකාධිපති ලෙස කර්නල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීමට යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා කටයුතු කළේය. පොතේ ඇති ජ්‍යෙෂ්ඨත්වය නොව දක්ෂතා මත යුද හමුදාවේ තනතුරු සහ වගකීම් භාරදීමේ සරත් ෆොන්සේකා ක‍්‍රමවේදය අනුව එදා ශවේන්ද්‍ර සිල්වා වැනි නිලධාරීන්ගේ සේවය උපරිම අයුරින් ජාතියට ලබා ගන්නට හැකිවිය. වන්නි මානුෂිය මෙහෙයුම පුරාම හමුදාපති සරත් ෆොන්සේකා විසින් දියත් කරන ලද මෙම ‘පොතේ ජෙෂ්ඨත්වය නොව දක්ෂතාවය ප‍්‍රමුඛවේ’ යන ක‍්‍රමවේදය අනුව, අවසානයේදී ත‍්‍රස්තවාදය පරාජය කර දේශය නිදහස් කර ගැනීමට හමුදාවෝ සමත් වූහ. ශවේන්ද්‍ර සිල්වා යටතට යුද හමුදාවේ වික‍්‍රමාන්විත බල ඇණිය ලෙස හඳුන්වන කොමාන්ඩෝ රෙජිමේන්තුව ද සරත් ෆොන්සේකා යුද හමුදාපතිවරයා විසින් ලබා දුන්නේ වන්නි මානුෂිය මෙහෙයුමේ වැඩි වගකීමක් ශවේන්ද්‍ර වෙත ලබා දෙමිනි.. 

 වන්නි මානුෂික මෙහෙයුමේදී වැඩිම භූමි ප‍්‍රදේශයක් 

මුදාගැනීම සිදු කරන ලද්දේ ශවේන්ද්‍රගේ නායකත්වය යටතේ 58 වෙනි සේනාංකය විසිනි. බටහිර මුහුදු තීරයේ, මන්නාරමෙන් ආරම්භ කරන ලද එම මෙහෙයුම, සහල් නැලිය, වෙඩිතලතිව්, නාච්චිකුඩා, පුනරින්, පරන්තන්, කිලිනොච්චි, අලිමංකඩ, දේවපුරම්, විශ්වමඩු, පුදුකුඩුඉරිප්පු, පුදුමාතලන්, දක්වා වන නැගෙනහිර මුහුදු තීරය දක්වා වන කිලෝ මීටර් 200 කට අධික භූමියක් පුරා පයින් ඇවිද යමින්, අතිශය බිහිසුණු සටන් සඳහා යොමු වෙමින්, සිංහල ඉතිහාසයේ වැඩිම ජයග‍්‍රහණ අත්පත් කරගත් සේනාංකය බවට ‘පනස් අට’ පතකරමින්, මහාවංශයේ ලියවෙන මෙහෙයුමක් දියත් කරන ලද්දේ, ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේය.

 ලෝකයේ දැවැන්තම මුදාගැනීම 

 ත‍්‍රස්තවාදීන් වැඩිම ප‍්‍රමාණයක් ජීවිතක්ෂයට පත්කිරීම, වැඩිම ත‍්‍රස්තවාදීන් ප‍්‍රමාණයක් නිරුපද්‍රිතව අත්අඩංගුවට ගැනීම, බර අවි, සබ්මැරීන් කාලතුවක්කු, යුද ටැංකි, සබ්මැරින් ඇතුළු ත‍්‍රස්තයන්ගේ වැඩිම අවි ප‍්‍රමාණයක් අත් පත් කර ගන්නා ලද්දේ ද බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේ පැවති 58 වෙනි සේනාංකය විසිනි. එල්ටීටීඊ ත‍්‍රස්තයන් විසින් සිවිල් ජනතාව ප‍්‍රාණ ඇපයට තබා ගනිමින් සිය අන්තිම මොහොතද යුද හමුදාව වෙත අභියෝගයක් බවට පත් කරද්දී, 2009 අපේ‍්‍රල් 21 වෙනිදා සිදු කරන ලද මෙහෙයුමක් මගින් එම අසරණ ජනතාව මුදා ගන්නා ලද්දේ, ශවේන්ද්‍ර සිල්වාගේ අණදීම යටතේය. ශ‍්‍රී ලංකාවේ සේවය කරන ලද, ඉන්දීය සාම සාධක හමුදාව භාරව කටයුතු කළ ජෙනරල් කල්කට් විසින් මෙය හඳුන්වන ලද්දේ, ලෝකයේ දැවැන්තම ප‍්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම ලෙසය. 

 2009 මැයි 18 වෙනිදා සමස්ත ශ‍්‍රී ලංකා භූමිය එක ධජයක් යටතට ගෙන එමින් එය සම්පූර්ණයෙන්ම ත‍්‍රස්ත ග‍්‍රහණයෙන් මුදා ගැනීම සිදුවිය. වන්නි මානුෂිය මෙහෙයුම අවසන් වූ, එම අවස්ථාව වන තෙක් ක‍්‍රියාන්විතයේ සිටියේ, මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් 53 වෙනි සේනාංකය සහ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වෙනි සේනාංකය පමණය. 

 තානාපති තනතුරට පත් 
 එකම සක‍්‍රිය සෙන්පතියා

 යුද ජයග‍්‍රහණයෙන් පසුව, 2010 වසරේදී පැවති රජය විසින් නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කරන ලද අතර කෙටි කාලයක් තුළ ශවේන්ද්‍ර සිල්වා තානාපති නිලය සඳහා රජය විසින් පත් කරන ලද්දේය. ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදා ඉතිහාසයේ සක‍්‍රිය හමුදා නිලධාරියෙකු වෙත තානාපති තනතුරක් ලබාදුන් ප‍්‍රථම අවස්ථාව එය විය. එම අවස්ථාවේදී, සිය සේවය ජාතිය වෙත නැවත වරක් ලබාදෙමින්, චැනල් ෆෝ නාලිකාව විසින් යුද අපරාධ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා හමුදාව වෙත සිදු කරන ලද අසත්‍ය චෝදනා සඳහා සාර්ථව පිළිතුරු දෙමින් අභූත චෝදනා ඔස්සේ ශ‍්‍රී ලංකාව වෙත ලැබීමට තිබූ, ජාත්‍යන්තර අපකීර්තියෙන් දේශය මුදා ගැනීමට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමත්විය. එදා ජාත්‍යන්තර මාධ්‍ය විසින් වට කර ගනිමින්, සැලසුම් සහගතව, ශවේන්ද්‍ර සිල්වා වෙත ප‍්‍රශ්න එල්ල කරද්දී, ඔහු ඒ සඳහා මුහුණ දෙමින් සිය මව්බිම ගලවා ගත් ආකාරය, එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත වීඩියෝ දර්ශන මාර්ගයෙන් පෙන්වා දෙමින්, ජාත්‍යන්තරය ජයගැනීම සහ අභියෝග ජය ගන්නා ආකාරය අමාත්‍යවරුන් වෙත පැහැදිලි කර දුන්නේය.

 ගජබාවෝ දෙවැන්නෝ 

 යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි හෙවත් හමුදාවේ දෙවැනි පුටුව සඳහා පත්වූ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් එම තනතුර දරන ලද තුන්වෙනියා බවට පත්විය. ලෝරන්ස් ප‍්‍රනාන්දු, ජගත් ඩයස් යන ගජබා නිලධාරීහු මීට පෙර යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තනතුර දරා සිටියෝය. එම කඩයිම තරණය කරමින් ගජබා රෙජිමේන්තුව විසින් බිහිකරන ලද ප‍්‍රථම යුද හමුදාපතිවරයා බවට පත් වන්නේ ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාය. ශවේන්ද්‍ර සිල්වා, මාණ්ඩලික ප‍්‍රධානි තනතුර සඳහා පත් කරන විට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ප‍්‍රබල බලපෑම් එල්ලවූ නමුත් එම බලපෑම් නොතකා හරිමින් ජනාධිපතිවරයා විසින් එම තනතුර ශවේන්ද්‍ර සිල්වා වෙත ලබා දුන්නේය. ඊට නොදෙවෙනි බලපෑම් ජනාධිපතිවරයා වෙත එල්ල වන්නට වූයේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදාපති ධුරය සඳහා පත් කරන්නට යන බව සැලවීමත් සමගය. ඒ කිසිදු බලපෑමකට යටත් නොවූ ජනාධිපතිවරයා ශවේන්ද්‍ර සිල්වා වෙත ලූතිනන් ජෙනරාල් නිලය ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ 23 වෙනි යුද හමුදාපතිවරයා බවට ඔහු පත් කළේය.

 හමුදාව යළි පණ ලබයි 

 වත්මන් යහපාලන රජය වෙත රණවිරුවන් සම්බන්ධයෙන් පවතින චෝදනාවලියෙන් යම් පමණකට හෝ නිදහස්වීම සඳහා යුද හමුදාපති තනතුරට, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම ප‍්‍රයෝජනවත් වනු ඇත. තිස් වසරක යුද්ධය නිමා කරන ලද වන්නි මානුෂික මෙහෙයුමේ ප‍්‍රධාන සේනාංකාධිපතිවරයෙක් ලෙස තවම සක‍්‍රීය සේවයේ නියුක්තව සිටින්නේ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පමණය. මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ, මේජර් ජෙනරාල් ප‍්‍රසන්න සිල්වා යන මානුෂික මෙහෙයුමේ ප‍්‍රධාන සේනාධි නායකයන් සියලූ දෙනා මේ වන විට සිටින්නේ විශ‍්‍රාම ගතවය. දැනට සේවයේ නියුක්තව සිටින, විජයග‍්‍රහණයේ සේනාධිනායකයෙකු වන ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත යුද හමුදාපති ධුරය පිරිනැමීම, පසුගිය කාලය පුරාවට අදක්ෂ නායකත්වයක් යටතේ අයාලේ යවන්නට උත්සාහ කරන ලද ශ‍්‍රී ලංකා යුද හමුදාව අළු ගසා දමා නැගිට්ටවීම පිණිස ගනු ලැබූ අනගි තීරණයකි. 

 ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ ක‍්‍රිසී සිල්වා මහතා සහ මාතලේ විද්‍යා විද්‍යාලයේ ඉංග‍්‍රීසි ආචාර්යවරයෙකු ලෙස සේවය කරන ලද නැසීගිය සුමනා බන්දු සිල්වා මහත්මියගේ කනිටු පුත් වූ යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුද්ගලික බැංකුවක ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස වර්තමානයේ කටයුතු කරන ලක්ෂ්මන් සිල්වා සහ වන්නි මානුෂීය මෙහෙයුම සමයේ ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වූ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා යන මහත්වරුන්ගේ බාල සහෝදරයා වේ. නෙරන්ජනී සිලවා මහත්මිය, ශවේන්ද්‍රගේ එකම සොහොයුරිය වන අතර ඔහු දියණියන් දෙදෙනකුගේ පියාණන් ද වේ. අනුරාධපුර ශාන්ත ජෝශප් සහ මාතලේ විද්‍යා විද්‍යාලයෙන් සිය ප‍්‍රාථමික අධ්‍යාපනය හදාරන ලද අභිනව යුද හමුදාපතිවරයා, මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක් වෙයි.

 වැඩිම වර්ණ තීරු සහිත නිලධාරියා 

 ශාන්ත තෝමස් විද්‍යාලයයේ පළමු පෙළ ක‍්‍රිකට් කණ්ඩායම ඔහු නියෝජනය කරන්නේ, වයස අවුරුදු පහළොව සපිරෙන්නටත් පෙරය. විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස සිය මිලටරි අත්දැකීම ආරම්භ කරන ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ යුද හමුදා වීරත්වය කොතෙක්ද යත්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සිය නිල ඇඳුමේ, කමිසයේ, වම් පැත්තේ ඉහළ කෙලවරේ පැළද සිටින වර්ණ තීරු පේලි සංඛ්‍යාව තට්ටු පහක් දක්වා ඇති ශ‍්‍රී ලංකා ත‍්‍රිවිධ හමුදාව විසින් බිහි කරන ලද එකම සම්මානලාභී නිලධාරියා වන්නේ ඔහුය.

4 Responses to “යුද හමුදා ඉතිහාසයේ වාර්තා පිට වාර්තා තැබූ ශවේන්ද්‍ර සිල්වා තවත් වාර්තාවක් පිහිටුවමින් හමුදාපති පදවියට… ලෝකයේ දැවැන්තම ප‍්‍රාණඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුමට අණදුන් නිලධාරියා!”

  1. Dilrook Says:

    Mahinda should have appointed him as the army commander in 2009 instead of administrative officers like Jagath Jayasuriya. When Sirisena finally did so, he had passed his retirement age. According to military internal sources, Indian pressure caused it. There was idiotic talk of military take overs in late 2009 which was an Indian creation.

  2. Randeniyage Says:

    @Dilrook
    Unfortunately fools have been made to think because Ranil & UNP is so bad, they have to choose the least evil. But it is different this time. Ranil did not win with foolish voter’s votes.

  3. Dilrook Says:

    Another very bold decision by Ravi and Sajith to provide electricity to Kuragala Buddhist shrine. Iraj must be thanked too.

    Must be commended no matter who did it. We should also recognize the cowardice of others who came here but avoided addressing issues. If we don’t appreciate good and recognize cowardice, the nation suffers. Ultimately only the patriots are fooled, not the separatists.

  4. Dilrook Says:

    On the other hand Sajith is not enough here in Muhudu Maha Viharaya. Shame!

    “https://www.youtube.com/watch?v=x-lj7ZrKUTA”

    Cyril Matthew’s excellent contribution should be recognized.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2019 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress