ඇමති සජිත්ගේ අමාත්‍යංශයට අනුමත සේවක සංඛ්‍යාවට වඩා බඳවාගෙන ඇතැයි හෙළිදරව්වක්
Posted on August 29th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය භාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු එම අධිකාරියේ අනුමත සේවක සංඛ්‍යාව ඉක්මවා සේවකයින් 2300කට වැඩි පිරිසක් බඳවාගෙන ඇති බව එම අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනිය පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ රජයේ ආයතනවල සිදූ වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ ආයතනික රෙගුලාසි උල්ලංඝනය කර ජාතික නිවාස සංවර්ධන අධිකාරියට සේවකයින් බඳවාගෙන ඇති බවට එම ආයතනයේ ප්‍රගතිශීලී සේවක සංගමය පසුගිය පෙබරවාරි මාසයේදී ජනාධිපති කොමිෂන් සභාවට පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව එම පැමිණිල්ල ප්‍රථම වරට විභාග කිරීම ඊයේ ආරම්භ කළා.

එහි සාක්ෂි ලබාදීම සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනි එල්.එච්.ටී ප්‍රියා පෙරේරා මහත්මිය කැඳවා තිබුණා.

ඇය සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ සිය ආයතනයේ දිස්ත්‍රික් කාර්යාල 25 ට අනුමත සේවක සංඛ්‍යාව 2164ක් වුවත් මේ වනවිට සේවකයින් 4500 කට වඩා වැඩි පිරිසක් සිටින බවයි.

එම අතිරික්ත සේවකයින් 2300 කට වැඩි සංඛ්‍යාවෙන් 95‍% ක් ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් බඳවාගෙන ඇති බවද ඇය එහිදී සඳහන් කර තිබෙනවා.

තවද, සිය ආයතනයේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයට අනුමත සේවක සංඛ්‍යාව 77 දෙනෙකු වුවත්, එහි සේවකයින් 1400 කට වැඩි පිරිසක් සේවය කරන බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනිය සාක්ෂි ලබාදෙමින් වැඩිදුරටත් සඳහන් කළා.

ඇය පෙන්වා දී ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි සේවකයින් 31 දෙනෙකු ද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතු ඇති බවයි.

එවැනි පුද්ගලයින් බඳවා ගන්නේ නම් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් මෙම බඳවාගැනීම් සිදු කිරීමේදී එවැනි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් ඇය ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

හිටපු පරිපාලන නිලධාරිනිය සාක්ෂි දෙමින් කියා සිටියේ උදාගම්මාන සඳහා දේශපාලනික වශයෙන් උපකාර කළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ බොහෝ සේවකයින්ට සහ පිටස්තර පුද්ගලයින්ට චක්‍රලේඛනවලට පටහැනිව උසස්වීම්ල වැටුප් වර්ධක හා විශේෂ වාසි ලබා දී ඇති බවයි.

අයථා ලෙස සේවකයින් බඳවා ගැනීම හා ආයතනය දේශපාලනීකරණය වීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුට පැවරෙන බවද එම අධිකාරියේ හිටපු පරිපාලන නිලධාරිනිය සාක්ෂි ලබා දෙමින් වැඩිදුරටත්පැවසුවා.

ඇය එහිදී සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතා යටතේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය කිසිඳු නීති රීතියක්  අනුගමනය නොකරන දේශපාලනීකරණය වූ ආයතනයක් බවට පත්ව ඇති බවයි.

මේ අතර, මෙම සාක්ෂි විමසීමේ අවස්ථාවට සහභාගී වූ අදාළ පැමිණිල්ල සිදුකළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රගතිශීලී සේවක සංගමයේ සාමාජිකයින් අදහස් පළකළා.

මේ අතර, සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ ප්‍රේමනාත් සී. දොළවත්ත මහතා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට විරුද්ධව අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසමට හා මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි දෙකක් ගොනු කළා.

ඒ, අමාත්‍යවරයා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර රාජ්‍ය දේපළ අවභාවිත කරන බව පවසමින්.

මේ අතර දේශපාලනමය ප්‍රචාරන කටයුතු සඳහා රජයේ සේවකයන්, වාහන හා උපකරණ යොදා ගැනීම සම්බන්ධයෙන් සහ මහජන මුදල් විශාල වශයෙන් වැය කර දැන්වීම් ප්‍රචාරණය කිරීම හා එමගින් නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියකට ඇති කරනු ලබන බලපෑම යන මැයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදන දෙකක් යොමු කර තිබෙනවා.

කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අදාළ නිවේදන යොමු කර ඇත්තේ සියලු අමාත්‍යංශල පළාත් සභා, දිස්ත්‍රික්, පළාත් ආණ්ඩුකාර, පළාත් සභා අමාත්‍යංශ ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන්, පාළාත් පාලන ආයතන

ප්‍රධානීන් සහ කොමසාරිස්වරුන් වෙතයි.

රජයේ සංවර්ධන කාර්යයන් පිළිබඳව විද්යුත් හා මුද්‍රිත මාධ්‍යවල දැන්වීම් පළ කිරීමෙන්ල පුවරුල බැනර්ල ධජ හා පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තුලින් අනියම් ආකාරයේ ප්‍රචාරණ කටයුතු සිදු කරනු ලබන බවත් එමගින් අදාළ සංවර්ධන කටයුතු හෝ ව්‍යාපෘති පිළිබඳව කෙරෙන දැනුවත් කිරීමට වඩා වැඩි අවධානයක් දක්වන්නේ ඒ හා සම්බන්ධිත දේශපාලඥයින්ගේ ප්‍රතිරූපය ඔසවා තැබීම පිණිස බවට සිය කොමිසමට ලැබී ඇති පැමිණිලි බැහැර කළ නොහැකි බව මැතිවරණ කොමිසම පවසනවා.

දේශපාලන ප්‍රචාරන රැළි වෙනුවෙන් ප්‍රචාරන හා සැරසිලි කටයුතු සඳහා රජයේ සේවකයන්, වාහන සහ  උපකරණ යොදා ගන්නා බවට ලැබී ඇති පැමිණිලි වල සමහර කරුණුද සත්‍ය බව කොමිසම පෙන්වා දෙනවා.

මැතිවරණ උණුසුම පැතිරණ යන මෙම කාලසීමාව තුල මෙවැනි අනීතික ක්‍රියාවලට කිසිදු ආකාරයක දායකත්වයක් ලබා දීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය බව රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත මැතිවරණ කොමිසම සිය නිවේදනයෙන් දන්වා සිටිනවා.

ඉන් වැඩිදුරටත් සඳන් කරන්නේ දේශපාලනමය කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

One Response to “ඇමති සජිත්ගේ අමාත්‍යංශයට අනුමත සේවක සංඛ්‍යාවට වඩා බඳවාගෙන ඇතැයි හෙළිදරව්වක්”

  1. jay-ran Says:

    HORA SALLI ACHCHU GAHAPU JARAA EKEK UNA SAJITH RESWEEM WALA KATHA KARANNE RAHATH UNA KENEK LESAI.MEKA METHAKADEE RESWEEMAKADEE KEEWA ‘ JANA DUKA DENENA NAALAYAK MOOTA THIYENA BAWA”.MEKA MONA THARAM BORU KIYANAWAADA? EMA NAALAYA UGE KAKUL DEKA MXXXA THIYENNE???????????????????????????????????????????????????

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress