දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන යන්ට හදන්නේ වැරදි මගක.
Posted on August 31st, 2019

චාර්ලස් එස් පෙරේරා  විසින්

1. මුලාරම්භය.

එදා  බන්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුවෙ කලබලයෙන් නොවේ නමුත් හොඳට හිතාබලා ලංකාවෙ ඒ දවස්වල පැවතුන  සාමාන්‍ය දේශපාලන වාතාවරණයට අණුකුලවය..   ඔහු එම පක්ෂය හැදුවේ දේශපාලන බල ලෝභයෙන් නොවේ. එතුමා හොඳ අධ්‍යාපනයක් ලැබූ ප්‍රඥාවන්ත පුද්ගලයෙක්. ඔහුට පටු ජාතිවාදී ආත්මාර්ථකාමී දේශපාලන දැක්මක් තිබුනේ නැ.

බණ්ඩාරනායක මැතිතුමාට  උවමනාකලේ ලංකාව බ්‍රතාන්‍යා යටත්වාදයෙන් සම්පුර්ණයෙන් ඉවත්කොට ලංකාවට නැතිවී ගිය අතීත සංස්කෘතික දේශීය  අබිමානය පුනරුත්තාපනය කොට සමාජවාදයට නැඹුරු අලුත්  නිදහස් ලංකාවක්  නිර්මානයකිරීමයි. ඒ සඳහා ඔහු එදා  ලංකාවේ සිටි  වාමාංශික දේශපාලන නායකයින්ගේ සහයෝගය ලබාගත්තා.

එහි විශේෂත්වය වුයේ සඟ ගුරු වේද ගොවි කම්කරු පංච මහා බලවේගයන්  බලගන්වා සියලු ජාතීන්ගේ ගෞරවය රැකගනිමින් එක භාෂාවක් කතාකරන එක ධජයක් යට  එක ජාතික ගීයක් ගයන බලවත් බෞද්ධ සිංහල  රාජ්‍යයක් නිර්මානයකිරීමයි. එවැනි රජයකින් ඔහු බලාපොරෝත්තු උනේ ලංකාවත් ලෝකයේ අනිත් ජාතීන්ට සමාන ජාතියක් ලෝකයට හඳුන්වාදීමයි.  ඔහු ජාති වාදියෙක්  වශයෙන් නොවේ එම කර්තව්‍යට  අවතීර්ණ උනෙ සිංහල, දෙමල,  මුස්ලිම් ජනතාව එක ජාතියක් වශයෙන් එක්රැස්කර මහාජතියක් වශයෙන් එක්සත් කර වීමක්   මිස  ජාතිවාදයක් ගැන කිසිම හැඟීමක් ඔහු තුල නොවීය.

නමුත් ඒ ජාතිභේද  ප්‍රශ්නය එදා මතුකලේ දෙමල දේශපාලකයින් හා විශේෂයෙන් මැලේශියාවේ සිට පැමිණි ලංකාවගැන කිසිම හැගීමක් නොතිබුණු චෙල්වනායගම් විසින්. මොවුන් නිසයි එදා ජාතිභේද ප්‍රශ්නයකට බණ්ඩාරනායක මැතිතුමාට මුහුණදෙන්නට සිදුවුයේ. ඒ දෙමල ජාතිවාදියෝ අදවෙන කොට සිංහලයෝ  දෙමල සංහාරයක් ආරම්භාකලායයි  නින්දිත ප්‍රකාශ පවා කිරීම නිසා ලංකාවේ ජාතික එකමුතුවට බලවත් හානියක් සිදුවී තියෙනවා.

අනවශ්‍ය ජාතිභේද ප්‍රශ්නය මතුකර ලංකාවෙ ජාතික එකමුතුවකට  මහත් භාදක පමුණුවන්නේ මේ අන්තවාදී සුමන්දිරම්.විග්නෙශ්වරම්, සම්බන්දන්, සිවාජිලිංගම්  ආදී දෙමල දේශපාලකයොයි. මොවුන් රටේ නියම ජාතික සමගිය හා රටේ දියුණුව සඳහා  සිරගතකළ යුතුයි.

අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන දැක්ම  බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන දැක්මට හාත්පසින්ම වෙනස්.  එදා 2015 ජන්වාරි  අටවනදා මෛත්‍රීපාල සිරසෙන මැතිතුමා කිසිම බලාපොරුත්තුවක් නොමැතිව  කල ජනාධිපති  තරඟයකින් ලැබූ ජයග්‍රහනයෙන්, එතුමා ජනාධිපති තානාන්තර බලයෙන් අන්දවී සිටියදී කල බොහෝ දේ ගැන අද ඔහුම  කලකිරී සිටිනවා. එදා ඔහුට රනිල් වික්ර්මසිංහ ට වඩා  හිතවත්  විශ්වෂදායක කිසිවෙක් සිටියෙනැ.

රනිල් කිවූ හැමදෙයක්ම ජනාධිපති තුමා  ප්‍රශ්න විරහිතව කළා. ව්‍යවස්තාවට පටහැනිව හිටපු  අග්‍රවිනිචකාර මොහාන් පීරිස් අස්කර නැවත ශිරානි බණ්ඩාරනායක අග්‍රවිනිශ්ච්කාර වරිය ලෙස පත්කලා,  අග්‍රාමාත්යවරයෙක් සිටියදී රනිල් වික්‍රමසිංහ  අග්‍රාමාත්‍ය ධුරයට පත් කරලා ඔහුට මහාබැන්කුව භාර අමාත්යාන්සය පවරා ගැනීමට  ඉඩ දී ඔහුගේ මිත්‍රයෙක් වූ ලංකාවේ පුරවැසියෙක්වත් නොවූ අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකුවේ ආණ්ඩුකාර ධුරයට පත්කලා. මහබැංකුවේ හොරකමෙන්  රනිල් වික්‍රමසිංහ ගලවාගන්න ඩිව් ගුණසේකරගේ  කොපේ වාර්තාව පාරලිමේන්තුවට ඉදිරිපත්කල දවසේ පරලිමේන්තුව විසුරුවා හැරියා.

මෙවැනි වාර්තාවරනයකදී යි  මහින්ඳ රාජපක්ස මහතා  මෛත්‍රීපාල සිරසෙන මැතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරදුන්නේ.  මෛත්‍රීපාල සිරසෙන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම භාරගෙන එහි හිටපු ලෙකම් වරයා අස්කර අලුත් ලේකම්වරු පත්කර ගෙනගියේ එක්සත් ජාතික පක්ෂක්ග්රාහී වැඩපිලිවෙලක්.

එදා බණ්ඩාරනායක මැතිතුමන් 1951 ආරම්භකළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිශ්ප්‍රභා උනා නැති උනා සම්පුර්ණයෙන් වෙනස් උනා. නැවත හඳුනාගැනීමට   බැරි තරමක දේශපාලන පරිවර්තනයකට භාජනය උනා.

කොතෙක් වෙහෙසක් ගත්තත් බන්ඩාරනායක මහතාගේ දේශපාලන දැක්මෙන් පෝෂණය වූ  ඒ මහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩගන්න කිසිවෙකුට බැ. දැන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා  තිබු පක්ෂයේ සේවනැල්ලක්වත් නොවේ.

බන්ඩාරනායක මහතාගේ දේශපාලන දැක්ම අද  ගැබ්ව තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමූනේයැයි කීම අතිශයෝක්තියක් නො වන්නේ එම පක්ෂයෙ නිර්මානය කර තිබෙන්නේ එදා  බන්ඩාරනායක මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න  උදව් කල ඔහුගේ මිත්‍ර ඩී ඒ රාජපක්ෂ මහතාගේ ඒ දේශපාලන දැක්ම අනුමතකරන දරුවන් විසින් නිසාය. 

2. එක්සත් ජාතික පක්ෂයේ ස්පර්ශයෙන් කිලිටිවී ගිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපහසු ප්‍රනරුත්තානය.

2015 ජනවාරි මාසයේ දේශපාලන මහාමාරියට ගොදුරුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නවජීවනයක්දීමට නොහැකි බව මෛත්‍රීපාල සිරසෙන ජනාධිපතිතුමාට නොපෙනෙනවා නොවේ. නමුත් දයාසිරි ජයසේකර ඇතුළු කිහිපදෙනුකුගේ දේශපාලන බල ලෝභය නිසා යම්තම් හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔසවා තබාගැනීමෙන් යම් කිසි දේශපාලන තනතුරු සඳහා බලපෑම් කලහැකිය යන අදහසින්දෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනට අභියෝගයක්  කිරීමේ  ප්‍රයත්නයක යෙදී සිටන බවක් පෙනේ. 

අවුරුදු හතරහමාරක යහපාලනයට පසුව අද ජනාධිපති මෛත්‍රීපාල සිරසෙන මැතිතුමා  එදාට වැඩිය අද  මුහුකුරාගිය දේශපාලන චරිතයක් බව පෙනෙන්නේ ඔහු රනිල් වික්‍රමසිංහ  අගමැතිවරයාගේ අකර්මිකතා හඳුනාගෙන පෙරමෙන් රනිල්ට ඔනවිධියෙ රටට අවැඩදායක කටයුතුවලට ඉඩනොදෙන දේශ ද්‍රෝහී  රනිල්ගේ කපටි ක්‍රියා පර්පාටිය හඳුනාගෙන  දේශපාලන තීරණ  ගන්නා බවක් පෙනේ.  ඒ විධියට බලද්දී  පෙනෙන්නේ  දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් හැටියට ගෙන යන වැඩ පිලිවෙල මෛත්‍රීපාල සිරසෙන මැතිතුමා දැන් ගන්න මුහුකුරාගිය දේශපාලන තීරණයන්ට හාත් පසින්ම වෙනස්බවක්.

අද  මෛත්‍රීපාල සිරසෙන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ  ඇතුළු එක්සත් ජාතිකපක්ෂ ආණ්ඩුව ගන්න තීරණවලට ඒකඟ නොවී සමාජවාදී දේශපාලන පිළිවෙතක් ගන්නේ රටට වෙන්න යන විපත හඳුනාගෙන සිටින නිසාය. ඒ සඳහා  ජනාධිපතිතුමාට ශක්තියක් බලාපොරෝත්තු විය හැක්කේ ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයෙන් බව එතුමා දනී.  අද රටවැටී තිබෙන  ප්‍රපාතයෙන්  රට ගොඩගැනීමට  ඔහුගේ  උපකාරයට  ඔහුසමග  පෙළගැසෙන්න සුදානම් වෙන කිසි පක්ෂයක් හෝ කෙනෙක් නොමැති බැව් එතුමා දන්නේය. 

3. කලයුත්තේ කුමක්ද ?

රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ අනුගාමිකයන්  ලංකාව විනාශය කරා ගෙනයන ක්‍රියාමාර්ගයෙන් රට බේරාගැනීමට  ජනාධිතුමා හා මහින්ද රාජපක්ෂ පිල අනිවාර්යයෙන්ම එකමුතූවිය යුතුය.  ඒ බව  දයාසිරි ජයසේකරට නොදැනෙන්නේ ඔහු ඔහුගේම ආත්මාර්ථකාමී වැඩපිළිවෙලක් අනුගමනය කරන නිසා ය. අපේ රට මුහුනපා සිටින අනතුරුදායක තත්වය ගැන ඔහුට අල්ප මාත්‍රයක හෝ දැනුමක් නොමැති බවක් දයාසිරි ජයසේකරගේ කියුම් කෙරුම්  වලින් පෙනේ.    

ගොටාභය රාජපක්ෂ මහින්ද  රාජපක්ෂ ප්‍රධාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටද උවමනා  රනිල් වික්‍රමසිංහ හා ඔහුගේ අනුගාමිකයන්  විසින් සිරකරගෙන තිබෙන  අපෙ රට උන්ගෙන් බේරාගෙන ඒ හතර අවුරුද්ධක අඳුරු යුගයෙන් රට බේරාගැනීමයි. එයයි පළමුවෙන් කලයුත්තේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ්යේ ඉතිරිවී සිටින චන්දදායකයින්  ඔවුන්ගේ අනන්‍යතාවය රැකගෙන ශ්‍රී ලංකා පොදුජන් පෙරමුණ සමග එක්වීම වෙනුවට නොයෙක් කොන්දේසි දමමින් ඒ සමාජවාදී පිලේ එක් රැස් වීමට බාධා පමුනුවන්නේ දයාසිරි ජයසේකර හා මහින්ද අමරවීර දෙදෙනා නොවේද ?  

තවතවත් ඇමෙරිකානු ඇතුළු විදේශීය බලපෑම්වලට අහුනොවන්නට ජනාධිපති  තුමා තනිනොකර ඔහුට ඔහුගේ බලය විදේශික හතුරුබලවෙග වලට පෙන්වාදීම සඳහා තවතවත් කොන්දේසි දමමින් සාකච්චා පැවැත්වීම නවාතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමූන සමග එක්වීමට ජනාධිපති තුමා තීරණයක් ගන්නා තෙක්  රටේ ජනතාව  බලාසිටින්නොය.  

ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම්  හෝ කෘත්යාදිකාර්ය  මණ්ඩලය  කොන්දෙසි දම දමා කල් යව යවා  සාකච්චා  කරන්නේ නිලලොභය  නිසා ඉදිරි ආණ්ඩුවකදී ඔවුන්ගේ  තනතුරු වෙන්කරගැනීමටද ?  එය එසේ නොවිය යුතුයි. අපේ ලංකාව පත්වී සිටින අසරණ තත්වයෙන් ගොඩගැනීමට දේශප්‍රේමී සැවොම ආත්මාර්ථ කාමියන් නොවී එක්සත් විය යුත්තේ නොවේද ?

තවතවත් ඇමෙරිකානු ඇතුළු විදේශීය බලපෑම්වලට අහුනොවන්නට ජනාධිපති  තුමා තනිනොකර ඔහුට ඔහුගේ බලය විදේශික හතුරුබලවෙග වලට පෙන්වාදීම සඳහා තවතවත් කොන්දේසි දමමින් සාකච්චා පැවැත්වීම නවාතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමූන සමග එක්වීමට ජනාධිපති තුමා තීරණයක් ගන්නා තෙක්  රටේ ජනතාව  බලාසිටින්නොය. 

One Response to “දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන යන්ට හදන්නේ වැරදි මගක.”

  1. jay-ran Says:

    Mema kaalakanni දයාසිරි ජයසේකර kiyana kalakanniyage OLUWA HONDATAMA IDIMILA PISSU VETILA INNAY DENG!Mema kaalakanniyata UNP ekeng yanta uneth ugay thiyana uddachchakama nisaya.Mona gong thadiyek moota SLFP ekay thanathurak dunnu HUNG GORAKA kawda?Mema kaalakanniya hithagena innay thama SIYALLA DATH PANDITHAYEK KIYAYA!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress