සංවර්ධන නිලධාරීන් සැප්. 04 ගම්පෙරළිය, ග‍්‍රාම ශක්ති වැඩසටහන්වලින් ඉවත්වී සංකේත වැඩ වර්ජනයක
Posted on September 2nd, 2019

ජනමාධ්‍ය නිවේදනයයි.සංවර්ධන නිලධාරී සේවා සංගමය

සංවර්ධන නිලධාරී සේවයට අයත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ සේවයේ යෙදෙන සංවර්ධන නිලධාරීන් 16000 කට ආසන්න පිරිසක් සැප්. 04 දින සංවර්ධන නිලධාරී සේවා සංගමයේ වගකීම යටතේ එක්දින වැඩ වර්ජනයකට අවතීර්ණය වීමට තීරණය කර ඇත. අදාල ඉල්ලීම් එදින ලබාදීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් ගම්පෙරළිය වැඩසටහනෙන් හා ග‍්‍රාම ශක්ති වැඩසටහනෙන් මෙන්ම වැඩබැලීමේ රාජකාරීවලින් ඉවත්වීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් දක්වා අවතීර්ණය වීමටද කටයුතු කරන බවද දන්වා සිටිමු.

සංවර්ධන නිලධාරී සේවය යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල 25 හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල 336 ක ඉහත අමාත්‍යාංශය යටතේ 16000 කට ආසන්න සංවර්ධන නිලධාරීන් පිරිසක් රාජකාරියේ යෙදෙති.

වසර 6 ක පමණ කාලයක පුරා නිර්මාණය වුනු මෙම වෘත්තීය ගැටලූවලට අමාත්‍යාංශ බලධාරීන් ඇතුලූ ආණ්ඩුවේ දේශපාලන අධිකාරියෙන් විසඳුම් ඉල්ලා සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුවද අදාල ගැටලූවලට විසඳුමක් නොලැබීම නිසා මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අවතීර්ණය වීමට සිදුව ඇත.

01. 2018 සිට ක‍්‍රියාත්මක ආණ්ඩුවේ ගම්පෙරළිය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේදී එම ව්‍යාපෘති සම්බන්ධයෙන් පූර්ණකාලීන රාජකාරී වගකීම දරණ සංවර්ධන නිලධාරීන්ට අදාල ව්‍යාපෘතියෙන් වෙන්වන පරිපාලන වියදම්වලින් දීමනාවක් ලබා නොදීම.

02. 2018 සිට ක‍්‍රියාත්මක ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මෙහෙයවන ග‍්‍රාම ශක්ති වැඩසටහන වැඩසටහනට අදාල රාජකාරියේ යෙදෙන සංවර්ධන නිලධාරීන්ට ලබාදීමට පොරොන්දු වූ රු. 3000/- ක දීමනාව විධිමත්ව මේ දක්වා ලබානොදීම.

03. 2013 සිට මේ දක්වා පුරප්පාඩු සේවා ස්ථානවල රාජකාරි සිදුකිරීම වෙනුවෙන් සංවර්ධන නිලධාරීන්ට රාජ්‍ය සේවය අනුව හිමිවිය යුතු වැඩබැලීමේ දීමනා මේ දක්වා ලබා නොදීම.

04. 2013 සිට මේ දක්වා මාසික ගමන් වියදම් දීමනාවක් ලබා නොදීම.

05. පිළිගත හැකි සුදුසු ස්ථාන මාරු පටිපාටියක් මෙතෙක් ක‍්‍රියාත්මක නොකිරීම.

06. සංවර්ධන නිලධාරීන්ට ව්‍යවස්ථාව අනුව සංවර්ධන විෂය ඇතුලූ සුදුසු රාජකාරී සහිත රාජකාරී ලැයිස්තුවක් 2013 සිට මෙතෙක් ලබා නොදීම.

ඇතුලූ ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලමින් සැප්. 04 එක්දින වැඩවර්ජනය හා උද්ඝෝෂණය පැවැත්වීමට තීරණය කර ඇත.

ඉහත සඳහන් අදාල ඉල්ලීම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශ විෂයභාර ගරු අමාත්‍යවරයා හා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විසඳුම් ලබා දිය යුතුව ඇත.

කෙසේ වෙතත් සැප්. 04 දින අදාල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුනහොත් ගම්පෙරළිය, ග‍්‍රාම ශක්ති වැඩසටහන්වලින් හා වැඩබැලීමේ රාජකාරි ඇතුලූ රාජකාරිවලින් ඉවත්වීම දක්වා වෘත්තීය ක‍්‍රියාමාර්ග දැඩි කරන බවද අවධාරණය කරමු.

ස්තුතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ලේකම්

සම්බන්ධීකරණය – 0718 178268
Coordinating – 0718 178268


Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress