මාතෘභූමිය හා ජාතික හොරකම
Posted on September 7th, 2019

චන්ද්‍රසේන පණ්ඩිතාගේ විසිනි

හොරකම හා බැදුන දුෂණය, පෝෂණය කිරීම මෙරට රාජ්‍ය ප්‍රතිපත්තියයි. මෙය ව්‍යසනයකි. මේ ව්‍යසණය පෝෂණය කිරීම නවතාලන තෙක්, මෙම දිවයිනට හා එහි වාසය කරන ජනතාවට අපේක්ෂිත සංවර්ධනයක් හෝ විමුක්තියක් ලඟා වෙන්නේම නැත. දුෂණය පුද්ගලයා, පවුල, හෝ සාමුහිකව  ගම යන මට්ටමෙන් ආරම්භව, අනතුරුව නාගරික හා ජාතික මට්ටමේ තත්වයදක්වා ගොඩනැංවිය හැක. මේ වනවිට මෙය ජාතික මට්ටමටත් එහා ගිය ජාත්‍යන්තරය හා අත්වැල් බැදගත් යාන්ත්‍රණයක් බවට පත්ව මෙරට තුල ස්තාපිතව ඇත. මෙය විනාශ කර දැමිය යුතු, විනාශකර දැමිය හැකි පලයකි. 

දුෂණය මේ වනවිට ප්‍රධානම ජාතික සතුරා බවට පත්ව ඇත. බලය ඉල්ලන දේශපාලකයින් දූෂණයට එරෙහිව කතාකරන්නේ, අනාදිමත් කාලයක සිටය. එසේ කතා කිරීම තවත් දේශපාලන මෝස්තරයක් බවට පත්ව තිබේ. දුෂිතයා, දුෂණයට එරෙහිව කරන මුවාවෙන්, සමාජ සංවර්ධනයට හා ජාතික පෝෂණයට එරෙහිව කතාකරන ආකාරය පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී මුළු රටම දුටු කාර්යභාරයකි. මේ අනුව සැබෑ දුෂිතයාට සමාජයේ දේපොළ මංකොල්ල කෑමේ දක්ෂතාවයන්ට අමතරව, ජනමනස බොරුවෙන් මුලා කිරීමේ අපුරු දක්ෂතාවයන්ද ඇත. බොරුවෙන් පෝෂණය වූ ජනමනස මහා සුනාමියක් බවට පත්ව මුළු රටම නටඹුන් ගොඩක් බවට පත්කර ඇති බව, අපි අද ජිවමානවම දකිමින් සිටින්නෙමු. දුෂණය පිටු දකිනවා යයි කතාවන් දෙසුවන්ට එම කතා ඇසු ජනතාව, දුන් අත්පොලසන් නාදයන්ගෙන් මන කුල්මත්කරගත් ඒ දේශක පරපුරේ දේශපාලන නායකයින් බලය ලද විගසම සිදුකලේ, අනුන් පරයා යන මහා පරිමානයේ සොරකම් කිරිම්මය. මේ වනවිට දුෂිතයන්ට එරෙහිව මෙරට ජනතාව සංවිධානාත්මකව පෙළ ගැසී සිටි. ඒ ඉතිහාසයේ පෙර නොවූ අයුරිනි. ජනතාව තමන්ට අවස්තාව ලද සෑම විටකම සිදු කරන්නේ, ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමයි. නමුත් ඉහල තලයේ, දේශපාලකයින් සිදුකරන්නේ, ජනතාව පලවා හරින ඒ දුෂිතයින් සුවද පැනින් නාවා තමන් ලගට ගෙන ජාතික ලයිස්තුවේ ආනුභාවයෙන් පාර්ලිමේන්තුවට යවා මන්ත්‍රීකම පමණක් නොව ඇමතිකම්ද පුදකර තව තවත් දුෂණය පෝෂණය කිරීමයි. ඉතිහාසයේ කිසිදු දිනක නොවූ විරු අයුරින් මෙරට ජනතාව පාර්ලිමේන්තුව, අධිකරණය හා ජනාධිපති යන ආයතන තුනම දුෂිතයි නම් කොට ඉතිහාසයේ කුණු බක්කියට දමා හමාරය. දැන් ජනතාවට අවශ්‍යව ඇත්තේ, උසාවිවල හැසිරෙන කලුකබා හොරුන්ගෙන් හා පාර්ලිමේන්තුවේ හා ජනපති මැදුරේ වැජඹෙන සුදුරෙදි හොරුන්ගෙන් මේ දිවයින ගලවා ගැනීමේ අරගලය දියත් කිරීමයි. ජනතාවට රට ගලවා ගැනීමේ දැඩි උවමනාවක් තිබේ. ඒ සඳහා ජනතාවගේ එකම ඉල්ලීම වුයේ මෙතෙක් දේශපාලන දහරාවේ නොසිටි පුද්ගලයෙක් විය. ඒ පුද්ගලයා මේ වනවිට ජනතාව ඉදිරියේ, ඉදිරියෙන්ම සිටි. ඉදිරියෙන්ම සිටින මේ මිනිසා දුෂිතයින්ට හා පල් හොරුන්ට මහා තර්ජනයක්ව ඇත. මෙතෙක් කල් මානව හිමිකම්, කතා කිරීමේ නිදහස, කාන්තා දේශපාලන නියෝජනය වැඩි කිරීම, තොරතුරු දැනගැනීමේ නිදහස වැනි දහසකුත් දේ මනරම්ව සිතා ගොතා කතා කළවුන්, කරකියා ගත නොහැකිව, මේ නව දිදුලන දේශපාලනයට අවතිර්නාවූ පුද්ගලයාගේ මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමට දැරූ වෙහෙස හා දරමින් සිටින වෙහෙස ඉතා හිරිකිත දන්වනු සුළුය. දුශිතයින්ට එවන් කාර්යයන් සිදුකිරීමට ඕනෑම තත්වයක් යටතේ හැකියාවක් ඇත. ඒ ඔවුන්ගේ සංස්කෘතියයි.

ශ්‍රී ලංකා මහා බැංකුව ඉලක්ක කරගෙන බලය ලබාගෙන, ඒ ඉලක්කය මාසයක් ඇතුලතදී සාර්ථකව නිම කල පාලක හොර නාඩයක්, ඒ සිදුවීම සිදුකර, තවමත් බලයේ රැදී සිටින සමාජයක් තුල අප හොරකම. වංචාව හා දූෂණයට එරෙහිව කථා කිරීම සැබෑ ලෙසම මහා අභියෝගයකි. වසර දෙසීයකට වඩා පැරණි, සාධාරණ යුක්තිය පසිදුලන අධිකරණ පද්ධතිය, වසර 71ක් පැරණි දේශපාලනයේ යෙදෙන වර්තමාන පරපුර කරන හොර මැරකම් දෙස බැලීමට හෝ ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හෝ කිසිදු හැකියාවක් නැති බව අපි දකිමු. අධිකරණ පද්ධතිය කොතරම් හොඳ වුවද, දුෂිතයාට එරෙහිව සමාජය තුල ඇති අවනඩුව විභාග කිරීමට ස්වයංව තීරණය කිරීමට එයට බලයක් නැති බව දකිමු. මේ හිඩැස අපුරුවට පාවිච්චිකරන දුෂිතයා  තම ක්‍රියාවන් අඛණ්ඩව සිදුකරමින් සිටි. නමුත් මෙරට ජනතාවද තවමත් දුෂණයට එරෙහිව ප්‍රබල හඬක් නගමින් අඛණ්ඩවම තම යුතුකම ඉටුකරමින් සිටි.

මෙරට වත්මන් පාලකයින් ජාත්‍යන්තර හොර කණ්ඩායමක් හා බද්ධව මෙරට සම්පත් කොල්ල කෑමේ මහා ජාවාරමක නිරත වෙන බව මහා බැංකු මංකොල්ලය හඬගා කියයි. ඒ රජය බලයට පත්වී මසක් තුලදී ශ්‍රී ලංකා මහා බැංකුව කොල්ල කෑම, සැලසුම කල ආකාරයට නිම කිරීම, අපට පෙන්වා දෙන රුපයයි. ඉන් නොනැවතී මෙරට සියලුම සංවර්ධන ක්‍රියාවලින් වසර දෙකක කාලයක් පුරා නවතා දමා ඒ සඳහා වෙන්කරන ලද සියලුම මුදල් ජාත්‍යන්තර මංකොල්ල කරුවන් පිනවීම සදහා ඔවුනට ලබාදුන් බව මෙරට ජනතාවගේ පිලි ගැනීමයි. ඉන් නොනැවතී, මෙරට ජාතික සම්පත් විකිණීම තුලින් ලද මුදල් සම්භාරයෙන් එකද මුදලක් මෙරට මහා බැංකුවට බැර නොකර හොර පාරෙන්ම විදේශීය හොරුන්ගේ මනදොල පිනවීම සඳහා ලබාදුන් බව ජනතාව තදින්ම විශ්වාස කරයි. එපමණක්ද නොව යහපාලන රජය තුලදී ලබාගත් මහා ණය කන්දරාවෙන් එකද මුදලක් මෙරට මහා බැංකුවට බැර නොකර හොරපාරෙන්ම විදේශීය බැංකු තුල තැන්පත් කර ඇති බව මෙරට ජනතාව තදින්ම විශ්වාස කරන්නේ, මේ රජය කිසිදු පලදායි ව්‍යාපෘතියක් මෙරටට ලබා නොදුන් බැවිනි.

වසර හතර හමාරක පල් හොරුන්ගේ පාලන කාලය තුලදී වසර දෙකක්ම සියලු සංවර්ධන ක්‍රියාවලින් නවතාලු බැවින් මොවුන්ට රටට වැඩ කිරීමට ඉතිරිව තිබුනේ, වසර දෙකහමාරක කාලයකි. තවද මේ පාලන කාලය තුලදී මෙරට ඉතිහාසයේ අධිකම බදු බරින් පෙළීමට මෙරට වාසීන්ට සිදුවිය. ඒ අනුව මේ යහපාලන රජය, මහා මුදල් කන්දරාවක් රැස්කරගෙන ඇත්තේ,
1. මහා බැංකුව මංකොල්ල කෑමෙන්. 2.අනිකුත් සියලුම රාජ්‍ය බැංකු වල ඇති මුදල්ද කොල්ල කෑමෙන්. (මේ දිනවල් කෝප් කමිටුව ඉදිරියේ මේවා දිග හැරෙමින් පවතී) 3. මෙරට වැඩකරන ජනතාවගේ අර්ද්තසාධක අරමුදල් කොල්ල කෑමෙන්. 4. දුප්පත් දරුවන්ගේ අධ්‍යාපනය උදෙසා පිහිටවූ මහා පොළ අරමුදල කොල්ල කෑමෙන්, 5. බලය ලබාගත්දා සිට වසර දෙකක් අඛණ්ඩව සියලුම සංවර්ධන ක්‍රියාවන් නවතා ඒ සදහා වෙන්කර තිබු ඇති විශාල මුදල් කන්දරාව මංකොල්ල කෑමෙන්. 6. මෙරට ජනතාව ගොඩනැංවූ සම්පත් විදේශිකයින්ට විකිණීමෙන් ලද මුදල් මංකොල්ල කෑමෙන්. 7. ඉතිහාසයේ කිසිම රජයක් මෙතරම් කෙටි කාලයක් තුල නොගත් තරමේ මහා ණය කන්දරාවක් ගෙන කිසිදු සංවර්ධන කාර්යක් නොකර ඒ මුදල් මංකොල්ල කෑමෙන්. 8. ඉතිහාසයේ කිසිදු රජයක් සිදු නොකළ ආකාරයට අධික බදුබර ජනතාව මත පටවා, ජනතාව සතු මහා මුදල් කන්දරාවක් ලබාගෙන ඒ මුදල්ද මංකොල්ල කෑමෙන් මේ රටට මහා විනාශයක් සිදුකර ඇත. මෙය විහිළුවක් නොවේ. බරපතල දඩුවම් ලැබිය යුතු දේශද්‍රෝහී ක්‍රියාවලියකි. මෙවන් ක්‍රියා අනාගතයේදී බලයට පත්වෙන කිසිදු රජයකට කල නොහැකි ආකාරයේ මහා විප්ලවීය වෙනසක් සිදු කිරීමට කාලය එළඹ තිබේ. ඒ සදහාම එකාවන්ව ගෝඨාභය රාජපක්ෂ මහතා වටා පෙළ ගැසෙනවා පමණක් නොව මේ දුෂණයන්ට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයන් ගැනීමට එතුමාගේ දෑත ශක්තිමත් කිරීම යුගයේ කාර්යභාරය බවට පත්ව ඇත. මෙය වටහා ගැනීමට මෙරට ජනතාවට බුද්ධිය පහල වේවා! ගෝඨාභය රාජපක්ෂයන්ට මේ රට ගොඩ නැංවීමට වරම් ලැබේවා! රටටත් ජාතියටත් ජනතාවටත් ජයෙන් ජයම ලැබේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress