යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම
Posted on September 9th, 2019

වෘත්තීය සමිති 23 ක්

2019 සැප්තැම්බර් මස 02 වන දින කෙටුම්පතකි

අතිගරු ජනාධිපති
මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ.

අතිගරු ජනාධිපති තුමනි,

යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙස කරනු ලබන ඉල්ලීම

ඉහත සඳහන් කර ඇති යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙස ඔබට, අග‍්‍රමාත්‍යවරයාට සහ අන්තර් ජාතික කම්කරු සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්‍ෂවරියට ද පිටපතක් සහිතව කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාට පුද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති 23 කගේ අත්සනින් ඉදිරිපත් කරන ලද 2019 අගෝස්තු මස 15 වන දින දරණ ලිපිය හා බැඳේ. එම ලිපියේ ඡුායාගත පිටපතක් ඔබගේ පහසුව සඳහා මේ සමග එවන්නෙමු.

එම ලිපිය මගින් යෝජිත සේවා නියුක්ති පනත සකස් කර ඇති ආකාරය මෙවැනි නීති සම්පාදනය කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත්වලට පටහැනි බවත්, යූඑස්ඒඞ් (ඹී්ෂෘ* නමැති ඇමෙරිකානු ආයතනයේ වුවමණාව සහ ආධාර මත එම පනත් කෙටුම් පත සකස් කර ඇති බවත් අප පෙන්වා දී ඇත. තව ද මෙම පනත් කෙටුම් පත නිසා පුද්ගලික අංශයේ ලක්‍ෂ 80 ක් පමණ වන සේවකයින්ට දැන් පවතින කම්කරු නීතිය යටතේ භුක්ති විඳින පැය 8 වැඩ දිනය ඇතු`ඵ අයිතිවාසිකම් බොහොමයක් අහිමිවන බව ද විස්තරාත්මකව පෙන්වා දී ඇත.

මෙම පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා වෙනුවෙන් ඔබතුමා අමාත්‍ය මණ්ඩලයට 2018 ජුනි මස 05 වන දින ඉදිරිපත්කර ඇති අමාත්‍ය මණ්ඩල යෝජනාවේ නව නීති කෙටුම්පත මගින් සේවකයින්ට දැනට පවතින කම්කරු නීතිය යටතේ භුක්ති විඳින අයිතිවාසිකම්වලට අගතියක් නොවිය යුතු බව පැහැදිළිව සඳහන් කර ඇත. එසේ අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව මෙම කෙටුම්පත සකස් කර ඇති බව ගෞරවයෙන් ඔබට පෙන්වා දීමට කැමැත්තෙමු.

එබැවින් මෙම යෝජිත සේවා නියුක්ති පනත ඉල්ලා අස් කර ගන්නා ලෙසට වෘත්තීය සමිති 23 ක් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳව ඔබතුමාට පැහැදිළි කිරීම සඳහා අප වෘත්තීය සමිති නියෝජිතයින් කිහිප දෙනෙකුට ඔබතුමා හමුවී සාකච්ඡුා කිරීමට හැකි දිනයක් සහ වේලාවක් ලබා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට විශ්වාසී,

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress