නුතන තාක්ෂණික විප්ලවයට නායකත්වය දිය හැකි, රාජ්‍ය නායකයකු බලයට පත් කරමු.
Posted on September 12th, 2019

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි 

මවුකුස පිළිසිඳ ගැනීම යනු, විශ්වය හරහා පැයකට කිලෝ මීටර් 928,000ක් වේගයෙන් ගමන් කරමින් තිබෙන සෞරග්‍රහ මණ්ඩලය නම්වූ විශ්වීය පියාසර යාන්ත්‍රණයට ගොඩ වැදීමයි. මේ යාන්ත්‍රණයට ගොඩ වදින මිනිසා, උපරිම වශයෙන් වසර 100ක කාලයක් ජීවත්වීම සඳහා වරම් ලබන අතර, එය ස්වභාවය විසින් උරුම කරයි. ජීවත්වීමට අවැසි ධනය  කාලය වන අතර, සියලුම මිනිසුන්ට එක සමානව එම ධනය උරුම කරදීම ස්වභාවයේ රිද්මයයි. මේ උරුම කරන කාලය හරහා ගමනේ යෙදෙන මිනිසා සිය ජිවිත කාලය තුලදී, උපරිම වශයෙන් කිලෝ මීටර 928,000 x 24 x 365 x 100ක ගමනක් විශ්වය හරහා ගමන් කිරීමෙන් පසු සිය දිවිය නිම කරයි. වර්තමාන මිනිසා, අතීත පරපුරත්, අනාගතයේදී, මේ යාන්ත්‍රණයට ඇතුළුවීමට සිටින පරපුරත් අතර මැදි පුරුකේ සාමාජිකයින්ය. වර්තමාන මිනිස් පරපුරට උරුම කාර්යය වන්නේ, අතීතයෙන් උරුමවූ හොද දෑ වඩ වඩා පෝෂණය කිරීමත්,  නුගුණ දෑ ඉවත් කර හොද සමාජයක් අනාගත පරපුර උදෙසා ගොඩනැංවීමයි. මේ කාර්යය ඉටු කිරීමට නම් මුළු මිනිස් සමාජයටම අතීතය සම්බන්ධවත්, වර්තමානය සම්බන්ධවත්, නිර්මාණය විය යුතු අනාගතය සම්බන්ධවත් නිසි අවබෝධයක් තිබිය යුතුය.

මහා දිගු ගමනක් යාමට මේ පියාසර යානයට ගොඩවූ මිනිසුන්ගේ පැවැත්ම රදාපවතින්නේ තමන් උපත ලද, පෘතුවිය නම් වූ ග්‍රහයා මත නොව, තමන් විශ්වය හරහා මහා ගමනක නිරතවෙන මේ සෞර්යග්‍රහ මණ්ඩලය මත බව අවබෝධ කරගත යුතුය. ඒ අනුව, මේ යානයේ බලවත් උපාංග වූ හිරු, බුධ සිකුරු, පෘතුවිය, සදු, අඟහරු, බ්‍රහස්පති, නෙප්චුන්, ප්ලුටෝ යන තරු, ග්‍රහයන් හා උපග්‍රහයන්ගේ ක්‍රියාවන්ගේ බලපෑමට යටත්ව සිය ගමන යාමට සිදුව තිබේ. අනිවාර්යෙන්ම මේ සියලුම ග්‍රහයන්ගේ බලපෑම මෙහි උපදින සියලුම ජිවින්ට හා අජිවින්ටද එකසේ බලපායි.

වර්තමාන මිනිසාගේ ඇති අතිවිශේෂත්වය වන්නේ කතා කිරීමට ලිවීමට හා සිය අදහස් ප්‍රකාශ කිරීමට ඇති හැකියාවයි. මෙය සත්වයකුගේ ඉතාම දියුණු අවධියක් වුවද මේ නිසාම මුළු මිනිස් සමාජයම මහා ව්‍යසනයකට ගොදුරුව ඇත. හැමටම උරුමව ඇති මේ වචන එහාට මෙහාට දමා ගැසීම හා පාකර හැරීමේ බලය නිසා, ගෙවල් වල අඩදබර වීම වලින් ආරම්බව, ගම මට්ටමින් කල කෝලහාල හා ලෝක මට්ටමින් ලෝක යුද්ධයන් පවා නිර්මාණයව තිබේ. අතීත මිනිසා කතා කල නොහැකි අනිකුත් සත්වයින් මෙන්ම ජීවත්වූ සතෙකි. කතා නොකලද නිරන්තරයෙන්ම සිතමින් කාලය ගත කල මේ මිනිසා අපුරු දේවල් මනසින් අවබෝධ කරගත් අතර, ඒ අවබෝධ කරගත් හා ග්‍රහණය කරගත් දැනුම් කන්දරාව තම සිත තුල රදවාගෙන සිටීමේ උපරිමය ඉක්මවූ පසු ඒවා අන්‍යන් හා හුවමාරු කර ගැනීමට මහා පරිශ්‍රමනයක් දැරීමේ පලයක් වශයෙන්, කතා කිරීම සදහා භාෂාවන් නිර්මාණය විණි. භාෂාවේ උපත මහා විප්ලවයක් විය. කතා කරන මිනිහා සිතන මිනිහාගෙන් වෙන්වූ අතර, මිනිසුන් අතර කැපී පෙනෙන්නා බවටද පත්විය. සමාජය පරිනාමය වෙමින් ඉදිරියටම ගමන් කල අතර, ඊට පසු විවිධ ආකාරයේ සමාජයන් හා සමාජ ක්‍රමයන් පසුකර ආ මිනිසා වර්ෂ 1750 අවදියේදී නව මාවතකට පිවිසිණි. එය අප විසින් කාර්මික විප්ලවය නමින් හදුන්වනු ලැබේ.මේ කාර්මික විප්ලවය මුළු ලොවම උඩු යටි කරමින්, ධනවාදය නම්වූ දේශපාලන දහරාව සමස්ත පෘතුවි තලය තුලම ස්ථාපිත කරනු ලැබූහ. එම විප්ලවීය ක්‍රියාදාමයේ, හොද හා නරක මුළු මහත් ලෝකයම වෙලාගෙන ඇති තත්වයක් ඉන් වසර 200කත පසු, එනම් වර්ෂ 1950 ගණන් වලදී නවයුගයක ආරම්භය ක්‍රම ක්‍රමයෙන් මෝදු වන්නට විය. මෙසේ ආරම්භවූ අභිනව යුගය, මේ වන විට එම යුගයේ ළමා අවධියට අවතීර්ණව සිටි. ළමා අවධියේදීම මහා විශ්කම් දක්වමින් සිටින ආකාරයත්, සෑම තප්පරයක් පාසාම ධනවාදය විසින් ස්ථාපිත කර ඇති යදම් බිද දමමින්, ඉදිරියටම ගමන් කරන ආකාරය දකිමින් නරඹමින් සිටින්නෙමු. මේ ආශ්වාදනීය යුගය, නුතන තාක්ෂණික යුගය යයි හැඳින්වේ.

ශ්‍රී ලාංකීය ජනතාව මානස තලය පෝෂණය කර ගැනීම සඳහා අවැසි සෑම සියලු දෙයින්ම පරිපුර්ණ ජාතියකි. ඒ සඳහා අවැසි දාර්ශනික මෙවලම් ඇති තරම් අප භුමිය සතුව ඇත. බුද්ධ දර්ශනය, හින්දු දර්ශනය,  කිතුනු දහම හා දේශපාලනය හා තදින්ම බැදුන මාක්ස්වාදී දර්ශනයද මේ භූමියේ වසන ජනතාව හා නිතරම ස්පර්ශ වෙමින් පවතී. කාර්මික විප්ලවය විසින් ස්ථාපිත කල යුගය නිම වෙමින්, නව තාකෂණික යුගයට පිවිසීමේ අවස්තාව උදාව ඇත. එය විසින් ජනතාවට සෘජුවම අතිමහත් ධනපල රාශියක් උදාකරදීමට නියමිත වුවද, පිරිහුණ ධනවාදය මේ බිම අතහැරදා යාමට ඇති අකමැත්ත හේතුවෙන් නුතන තාක්ෂණයේ පල මෙරට ජනතාවට ලබා ගැනීමේ දුෂ්කරතාවයන් රාශියක් ඉස්මතුව පවතී.  නමුත් මෙරට ජනතාවගෙන් අති බහුතරයක් කාර්මික විප්ලවයවත්, උදා වෙමින් පවතින තාක්ෂණික යුගය සම්බන්ධවත් කිසිදු අවබෝධයක් නැත්තෝ බව මෙරට ජනතාව, වත්මන් පාර්ලිමේන්තුවත්, විධායකය හා අධිකරණය යන මධ්‍යස්තානයන්ගේ ක්‍රියාකාරිත්වය තුලින් මනාව දකී. කුඩා අවධියේදී අපයෝජනයට ලක්වෙන් දියණියකගේ නඩු තීන්දුව ඇය විවාහවී මවක තත්වයේ සිටින විට නිකුත්කරන  බඩගාමි අධිකරණ සංස්කෘතියක් උරුම ජාතියකට නුතන තාක්ෂයේ අධිබල ප්‍රවේගකාරිත්වය ඉතාම අත්‍යවශ්‍ය වන්නේ, මේ බඩගාමි දුෂිත රාජ්‍ය යාන්ත්‍රණයට තදුරටත් මෙරට ජනතාවගේ ප්‍රශ්න විසදීමට කිසිදු මාවතක් විවරව නැති බැවිනි. වර්තමානයේදී පවතින රාජ්‍ය යාන්ත්‍රණයම නුතන තාක්ෂණයට එරෙහි බලවේගයක් සේ නැගී සිටින්නේ මහලු දුෂිත ධනවාදය චප්ප කරන ගල් රෝල නුතන තාක්ෂනය බව අවබෝධකරගෙන සිටින බැවිනි.

පිඩාවට පත්ව  සිටින ජනතාව තමන්ගේ ගැටළු විසදීමට නුතන තාක්ෂණයට කල හැකි කාර්යයන් මොනවාදැයි දැනගත යුතුය. නුතන තාක්ෂණයට කල හැකි කාර්යයන් ගණන පොත් ගණනාවකින් ලියා නිමකළ නොහැකි බැවින්, ජනතාවට මේ වනවිට බලපාන කරුණු කීපයක් පමණක් සදහන් කරාමු.

1. ලංකාවේ සිටින දක්ෂම ගුරුවරයාට එකවරම මුළු රටේ දරුවන්ට ඉගැන්වීම මේ තාක්ෂණයට කල හැක. මේ තින් විශාල පරිවර්තනයක් අධ්‍යාපන ක්ෂේස්ත්‍රය තුල සිදු කල හැක.

2. ඒ උගන්වපු විෂය තමන්ට අවැසි වෙලාවට, අවැසි වාරගණනක් නරඹා අවබෝධකර ගැනීමේ හැකියාව තාක්ෂණයට මේ වනවිටත් උරුම කරදි ඇති අතර අපට කිරීමට ඇත්තේ එය මේ රටට හදුන්වාදීමයි.

3. විශ්ව විද්‍යාල සිසුවාට ගෙදර සිට තමාට දේශනා වලට සහභාගිවීමේ වරම් පුදකරමින් විශ්ව විද්‍යාල වරම් ලබන සියල්ලටම විශ්ව විද්‍යාල වරම් ලබාදිය හැක. අවැසි වෙලාවට තාක්ෂණය හරහාම තම කථිකාචාර්ය වරුන් හා සම්බන්ධවීම තාක්ෂනය හරහාම කල හැක.

4. විදුලිබල උත්පාදනය හා පරිභෝජනය ඒ ඒ නිවැසියන්ට ලබාදී තම විදුලි බිල ඉතා පහල මට්ටමකට ඇද දැමීමට මේ තාක්ෂණයට හැක.

5. මුදල් නෝට්ටු භාවිතාව අවම කර හැමදෙනාවම ඉලෙක්ට්‍රොනික් මුදල් භාවිතාවට හුරු කිරීමෙන් කිසිවෙකුගේ මුදල් කිසිවෙකුට හොරකම් කිරීමේ හැකියාව නැති කල හැකිය. මේ තුලින් පගාදීමේ සමාජය අහෝසි කල හැකිය. මෙය අනාගත ලෝකය තුල ස්ථාපිත වෙන මුදල් සංසරණ ක්‍රියාවලියයි.

මේ ස්වල්ප කරුණු තුල ඇති දෑ කිරීමෙන් වුවද මහා සමාජ පරිවර්තනයක් සිදුකල හැකි අතර ඒ සදහා ඊට උචිත නායකත්වයක් මේ රට තුල ස්ථාපනය කල යුතුව තිබේ. මෙවන් කාර්යයක් කිරීමට තරම් ඉහල මානසිකත්වයක් ඇති අයෙක් කිසිදාක බලය ලබා ගැනීම උදෙසා අනිකුත් අයට ගරහමින් කාලය කා දමන්නේද නැත. එවැනි අපේක්ෂකයෙක්  මේ රටේ රාජ්‍ය නායකත්වය සදහා බලයට පත් කරගත යුතුය. මේ අවස්ථාවේදී රාජ්‍ය බාධක මධ්‍යයේ, අන්තර්ජාලය තුල තම මත පළකරමින් අන්තර්ජාලීය පාර්ලිමේන්තුවක් නිර්මානයව ඇත. දැන් ජනතාව සෘජුවම රාජ්‍යනායක්ත්වය සමග හොදින් වචන හුවමාරු කර ගනිමින් සිටි.එය නුතන තාක්ෂය ජනතාවට පුදන ලද අගනාම් තාග්‍ය මෙයයි.  මෙය තව තවත් සංවිධානාත්මකව පෝෂණය කිරීම සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයා මුළු රටම එකිනෙකා හදුනන ජාලයක් නිර්මාණය කල යුතුව ඇත. ඒ සදහා සුදුසුම නායකයා තම හැකියාවන් පෙන්වා ඇති නායකයාද වන්නේ ගෝඨාභය රාජපක්ෂයන්ය. එබැවින් අපි සියලු දෙනාම එකාවන්ව එතුමාගේ ජග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසී සටන්වදිමු. ඒ අපට පැවරී ඇති යුගයේ කාර්යභාරයයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress