මේ ගෙවී යන්නේ රනිල්ගේ මෙන්ම එක්සත් ජාතික පක්ශයේ අවසාන දේශපාලන සති කීපයද?
Posted on September 12th, 2019

සුදත් ගුණසේකර

12.9. 2019.

මරණ තුනක් දැක මිනිසෙක් පැණි කෑය” කියා පැරැණි කියමණක් ඇත. මට ඒ කතාව මතක් උනේ මේ දිනවල රනිල් ඉදිරියේ ඇති දේශපාලන මරණ තුනක් තිබියදීත් ඔහු ඒ කිසිවක් ගණන් නොගෙන අසන්වේදීව සිටින සැටි දුටු විටය.

එනම්  පළමුව ඔහු ජනාධිපති තරඟයට ඉදිරිපත්වීම, දෙවණුව සජිත්ට ජනාධිපති අපේක්ෂ්කත්වය දීම  හෝ තෙවණුව පක්ශය තුලින් හෝ ඊට පිටින් වෙනත් කෙනෙක් ඒ සඳහා නම් කිරීම. මෙයින් වැඩිම සම්භාවිතාව ඇත්තේ පළමුවැන්න සිදුවීමය. මන්ද ඒ රනිල්ගේ ප්රජාතන්ත්රවාදයේ විශේෂ ලන්ක්ශනයක් වන බැවිනි.

එහෙත් මේ තුනෙන් කුමණ තීරණයක් ඔහු ගත්තත් රනිල්ගේ දේශපාලනය මෙන්ම එක්සත් ජාතික පක්ශයේ අවසානයද ඒ සමඟින්ම සිදුවීම නම් අනිවාර්යෙන්ම සිදුවන බව සක්සුදක්සේ දැන් පැහැදිළිය. එමනිසා මෙහිදි පැරණි කියමනට දැන් තවත් එකක් එක්වී එය මරණ හතර දකවා වැඩිවී මරණ හතරක් දැකත් පැනිකෑ රනිල් වගේ’ කියා අලුත්ම කියමණක් අපේ උපහැරණමාලාවට එකතුවනු ඇත.

මන්ද රනිල් ඉදිරිපත් වුවත් ඔහු නිසැකයෙන්ම පරදින නිසාය. ඒ තරමටම මේ රටේ මිනිසුන්ට ඔහු දැන් එපාවී ඇත. එක්සත් ජාතික පක්ශය තුල දැනට පවතින අර්බුධය අනුව ජනාධිපතිවරණයෙන් පසු නිරනණුමානයෙන්ම රනිල්ට පක්ශ  නායකත්වය අහිමි වනු ඇත. දෙවනුව සජිත් ආවත් ඔහුත් පරදිනු ඇත. එහෙත් චන්දයෙන් පසු ඔහු පසුපස සිටින මන්ත්රීවරුන් ඔහු පක්ශ නායකයා වශයෙන් පත්කරගනු ඇත.  එසේ වූ විටද රනිල්ට් නායකකම අහිමි වනු ඇත. සජිත්ට එ ජා ප අපේක්ශකත්වය නොදීම  නිසා ඔහු  වෙනත් පක්ශයකින් හෝ ස්වාධීනව  ආවොත් ගම් මට්ටමේ වැඩි පිරිසක් ඔහුට චන්දය දීමට ඉඩ ඇති නිසා ජනාධිපති තරඟයේදී දෙමළ හා මුස්ලිම් චන්ද සෑහෙන ප්රමානයක් ලබාගැනීමට හැකි වුවද, ගෝටාභයට ගව් ගානක් පසුපසින් සිටින සජිත්ට 2 වන තැන හිමිවනු ඇත. මා දකින අන්දමට මේ දෙදෙනා අතර පරතරය අහසට පොලව වැනි වේ යයි මට සිතේ.  එසේ වුවහොත් රනිල්ට හිමිවනු ඇත්තේ 3 වන තැනය. ඒ නිසාද රනිල්ට නායකත්වය අහිමිවනු ඇත.තුන්වණුව මේ වතාවේ එක්සත් ජාතික පක්ශ කඳවුරෙන් කවුරු ආවත් ඉස්ථිර වශයෙන්ම ඔහු පරදින නිසාද රනිල්ට පක්ශ නායකත්වය අනිවආර්යෙන්ම අහිම්වනු ඇත. රනිල් ආණ්ඩුවේ බටහිර ගැතිකම, රට ජාතිය පාවාදීම, සසුනට හා භිෂූන්ට කෙරෙණ හිරිහැර, දෙමළ මුස්ලිම් දීන භාවයේ ගැතිකම මෙන්ම හොරකම. ධූෂනය, වන්චාව හා බොරුව නිසා ඇන් මේ රටේ බහුතරයට මේ රජය තිත්තෙන්ම තිත්ත වී හමාරය

කිසිදිනක අවසන් නොවෙන රනිල් සජිත් සාකච්චා හරියෙට නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් ඉල්ලූ කථාව මා සිහියට නන්වයි.

මා දකින ආකාරයට නාමයෝජනා භාරදෙන අව්සාන දිනය දක්වාම රනිල් සජිත්ට පක්ශයේ නාම යෝජනා නොදෙනු ඇත. ඒ මේ කෙසේ වුවත් මේ කල් මැරීම නිසා එ, ජා. පාක්ෂිකයින් අතර කළකිරිම හා බෙදිම වැඩිවන බැවින් පසුගිය ප්රාදේශීය චන්දයේදී ලැබුණු චන්ද ලක්ශ 32 ක මේ චන්දයේදී 20 ක් පමණ දක්වා හෝ ඊටත් වඩා  අඩුවීමටද ඉඩ ඇත. ඒ චන්ද  ටිකද රනිල් සහ සජිත් අතර බෙදුණුවිට සිදුවන්නේ කුමක්දැයි දැන් ඔබට සිතාගත හැක.          එ ජා ප යේ මෙම අර්බුධය නිසා කළකිරෙන අයද පක්ශය අත් හැර මේ අවස්ථාවේදී පොදු ජන පෙරමුණට එක්වීමටද බොහෝ ඉඩ ඇත.මේ අනුව ඊලඟ මහමැතිවරණයේදී සිදුවන දේ ගැන දැන් ඔබට සිතාගැනීමට අපහසු නොවනු ඇත. ඇතැම්විට එය මහා දේසපාලන සුනාමියක් වීමටද ඇත

මේ සෑම සිදුවීමකම අවසාන ප්රතිඵලය වනුයේ රනිල්ට එ ජා ප නායකත්වය මෙන්ම ජනාධිපති කමද අහිමිවී වසර 25 ක අසාර්තකවූ හා සුන්වූ බලාපොරුත්තු පොදි බැඳඟෙන දේශපාලනයෙන් සදහටම සමුගැනීම සහ එ.ජා.පක්ශයට 1956 න් පසු ලැබෙන, එසේම ඇතැම්විට  ඊටත් වඩා අන්ත පරාජයක් ලැබෙන බවනම් පැහැදිළිවම කිව හැක.  

“අරලිය ගහ රනිල්ට මෙන්ම එ. ජා. ප. ටද  දේශපාලන වශයෙන් එල්ලුම්ගහක්” වියහැකි බව මා පවසනුයේ මේ නිසාය.

තවදුරටත් එය සිදුවනුයේ මේ අන්දමටය.ජනාධිපති වරණයෙන් පරාජය වීමත් සමඟම පක්ශ නායකත්වයද ඔහුට අහිමිවණු ඇත. ඒ සමඟම දසක ගනනාවක් තිස්සේ අතිශයින්ම ප්රජාතන්තර විරොධීව පවත්වාගෙන ගිය ඔහුගේ කෘතියාධිකාරි  මණ්ඩලයද අවසන් වනු ඇත.ඊට පසු පක්ශයේ නායකත්වයට පාක්ෂික මන්ත්රී වරුන් විසින් සජිත් පත්කරගන්නා නිසා විවස්ථාව අනුව සජිත්ගේ කෘතියාධිකාරි මඬළයක් එනු ඇත. ඉන් පසුව ඔහුට පක්ශය සාර්ථක භාවය කරා මෙහෙයවිය හැකිවේද යන්න වෙනම ප්රස්නයකි. වෙනත් ප්රබල එසේම ජනප්රිය සින්හල බෞද්ධ නායකයකු පක්ශය තුලින් ඉස්මතු නොවූවහොත් සමහරවිට ශ්රී ලන්කා නිදහස් පක්සය මෙන්ම  එ ජා ප ද අතීතයට එක්වීම සිදුවීමට බොහෝ දුරට  ඉඩ ඇත. වර්තමානයේ  එ. ජා. ප. සිටින දෙවන පෙළ පුද්ගලයින් අනුව එවැනි හැකියාවක් ඇති අයකු සිටින බවක්ද නොපෙනේ.ඒ අනුව ඊට පසු ප්රබල නායකයකු පක්ශය තුලින් ඉස්මතු වීමේ ඉඩකඩද අවම මට්ටමක පවතින බැවින් සමහරවිට ශ්රී ලන්කා නිදහස් පක්සය මෙන්ම  එ ජා ප ද ලන්කා දේශපාලන ලෝකයේ අවලඟු කාසියක් බවට පත්වී අතීතයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

වර්තමානයේ එ. ජා. ප. සිටින දෙවන පෙළ පුද්ගලයින් දෙස බලන විට එවැනි හකියාවක් ඇති අයකු සිටින බවක්ද නොපෙනේ. එම නිසා චන්ද්රිකා සහ සිරිසේන යන දෙපළ විසින් 2014 දී ශ්රී ලන්කා නිදහස් පක්ශය මිහිදන් කළ  නිසා ඒ හිඩැස පිරවීම සඳහා ශ්රී ලන්කා පොදුජන පෙරමුණ බිහිවූවා මෙන් මේ හිඩැස පිරවීම සඳහාද නවතම පක්ශයක් ඉස්මතු  වීමටද ඉඩ ඇත. මේ අනුව රටට ,දැයට හා සසුනට හිතැති ශ්‍රි ළන්කා නිදහස් පක්ශය විනාශකිරීමේ සාපය චන්ද්‍රිකා සහ සිරිසේන යුගලට හිමිවන අතර එක්සත් ජාතික පක්ශය විනාශකිරීමෙ ගෞරවය රනිල්ට හිමිවෙයි.ඒ මන්ද සුද්දා විසින් සින්හල ජාතියත්, සම්බුද්ධ  සාශනයත් ඒ වගේම මේ රටත් විනාශකිරීම සඳහා 1948 දී අටවා ගිය මේ රටේ ජාතීන් කීපයක් තිබෙන බවට  පැලකර ගිය මිත්යාව වැරදිමකින් හෝ අවසන් කිරීමට ඔහු කොටස්කාරයකු විම නිසාය.

කෙසේ වුවද විශේෂයෙන්ම පසුගිය අවුරුදු 4 1/2 ක ඊනියා යහපාලන කාලය තුල ඔහුගේ රජය අසීමිතව සිදුකොට ඇති බටහිර රටවලට ගැතිවීම සහ මේ රටට සිදුකොට ඇති වෙනත් අප්රමාන පාවාදීම් සහ බුදුසසුණට හා සින්හල ජාතියට සිදුකොට ඇති අකටයුතුකම් වෙණුවෙන් අනිවාර්යෙන්ම ඔහුට දිට්ඨදම්මවේදනිය කර්මය පළදිය යුතුම නිසා රනිල්ට මෙසේ වීම ගැන කිසිවෙකු කණගාටු නොවණු ඇත.

අරලිය ගහ මන්දිරය රනිල්ට දේශපාලන වශයෙන් එල්ලුම්ගහ මන්දිරයක් ව්ම මෙන්ම එකසත්ජාතික පක්සයේ මෙන්ම සිරිකොත මන්දිරයේ අවසානය වෙණුවෙන්ද දස දහසක් නමකගේ පන්ශකූලයක් දීමට මේ රටේ දේසප්‍රේමී ජනතාව මෙය මහඟු අවස්ථාවක් කරගනු ඇතැයි මම විස්වාශ කරමි.

5 Responses to “මේ ගෙවී යන්නේ රනිල්ගේ මෙන්ම එක්සත් ජාතික පක්ශයේ අවසාන දේශපාලන සති කීපයද?”

  1. Ananda-USA Says:

    Sudath, oba Yamapalanayey pradhana avalakshana mey aakarayen niyamata visthara kara atha:

    “රනිල් ආණ්ඩුවේ බටහිර ගැතිකම, රට ජාතිය පාවාදීම, සසුනට හා භිෂූන්ට කෙරෙණ හිරිහැර, දෙමළ මුස්ලිම් දීන භාවයේ ගැතිකම මෙන්ම හොරකම. ධූෂනය, වන්චාව හා බොරුව නිසා ඇන් මේ රටේ බහුතරයට මේ රජය තිත්තෙන්ම තිත්ත වී හමාරය”

  2. Ananda-USA Says:

    Ou Sudath, mamath vishvasa karanney, mona pimma gahuwath, 1956 Sir John Kothalawalata himiwunu parajayata wada antha parajayak Ranil Wikunanasinghe nuthana Chief Thief Baba of the 40 UNP Thieves 2020 aniwaryayen himiwanu atha.

  3. Dilrook Says:

    No political clan dies unless it chooses to.

    Even defeated unpopular political clans become darlings in 5 to 11 years.

    e.g. Ranil, Rajapaksas

  4. Mario Perera Says:

    And of course political clans NEVER choose to die!

    This great insistence on the sovereignty of the people is a downright LIE. Can they change an IOTA of the existing system? Not in the least.

    This system is conceived to divinize politicians. The system holds the voters captive. The voters are like frogs in a well. They live in dirty stagnant waters and are barricaded within sturdy walls. All they are made to see is the patch of sky visible through the opening of the well.

    Where are the politicians? They inhabit the clouds above that little patch of sky made visible to the voters. They paint and picture that patch of sky according to their whims and fancies which the frogs that the voters are, take for real and true. Such is the case of any politician of this country: Call them GOTA or anything else. They are above that patch of sky visible to the voter-frogs. They enjoy the freedoms, the riches, and the pleasures that are characteristic of their divinized natures.

    That is what this electoral system has made the country to be: ”sovereign” electors as votre-frogs, and divinized beings as politicians. The frogs live in their dirty stagnant well waters.When election time comes, the divinized being do their picturing and painting on the patch of sky visible to the voter-frogs. That is it. That is ALL. After the elections the voter frogs forget the elections and continue with their daily swim in the dirty stagnant well waters. They will not even be looking at the patch of sky above.

    Power, riches and pleasures for the divinized beings. Filth and squalour for the frog-voters in their perpetual well.

    This electoral sytem (the Constitutional system) is the mirror image of CHRISTIAN countries in which the voters are not frogs and do not live in filth and squalour.

    We call ourselves a Buddhist country, the country which the Thrice Blessed Lord made his home. In reality we are slaves in the filthy backyard of the Christian World. So has the Christian world enslaved us in the guise of INDEPENDENCE.

    Mario Perera, Kadawata

  5. Randeniyage Says:

    Frogs have to look after divine flying pigs even after the pigs retire. Only good thing is frogs are in the well even though water is dirty it is not the stuff pigs eat. Pigs are in deep shit after death and frogs have a chance to be divine, although those who make noise for pig will sure to eat the same stuff with the pigs. So, be careful.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress