සතුරන් සමග සංවාසයේ යෙදීම
Posted on September 15th, 2019

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

වර්ෂ 2015දි අපට සතුරෙක් පැහැදිලිවම සිටියහ. ඒ මෛත්‍රිපාල සිරිසේන නම් වූ ජනාධිපති අපේක්ෂකයායි. මුළු මහත් රටත් ජාතියත් රවටා ඔහු ජය ගත්හ. බලයට පත් ඔහු හා පිරිස නිර්දය ලෙස මෙරට ජනතාවට හා ජනතා අපේක්ෂාවන්ට එරෙහිව කටයුතු කරමින් ඉතිහාසයේ, කිසිදු නායකයෙකු නොකළ අකාරයෙන්, මහා බැංකුව කොල්ලකමින්ද, මුළු මහත් රටපුරාම සිදුවෙමින් තිබු සියලුම සංවර්ධන කටයුතු වසර දෙකක් යනතෙක් මුළුමනින්ම නවතාලමින්ද, මහා පරිශ්‍රමයක් දරා ගොඩනැංවූ රාජ්‍ය දේපල විකුණාලමින්ද, මහා දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් මේ රට ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රණවිරුවන්ව සිරගතකරමින්ද, විපක්ෂයේ සියලුම නායකයින් හා ප්‍රබල ක්‍රියාකාරින්ව සිරගත කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින්ද,ජනතාව මත අධික බදුබර පටවමින්ද, ඉදිවෙමින් තිබු මහා හමුදා මුලස්ථානයේ කටයුතු අදාළ කරමින්ද, උතුරේ හා නැගෙනහිර හමුදා කදවුරු ගලවා ඉවත් කරමින්ද, විශාල විදේශීය මුදල වැයකරමින් ලබාගත්, හමුදාව සතුව තිබු  බරඅවි මහා මුහුදට දමමින්ද, විශාලම ආරක්ෂක හමුදාව සතු අවි ගබඩාවන් ගිනිලා විනාශ කරමින්ද, මුළුමහත් රටත් ජාතියත් ඉතිහාසයේ තවත් අඳුරු අගාධයකට තල්ලුකරමින් ගමන් කරනවිට, ඒවාට එරෙහි ජනතාව එකට පෙළ ගැසී සටන් කිරීමට තිබු මධ්‍යස්ථානය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කඩාවැදී එම පක්ෂය, සිය බලයපා තම ආධිපත්‍යට නතුකරගනිමින්, කටයුතු කල මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ජාතිද්‍රෝහී නාඩය, ඉන් නොනැවතී, පසුගිය මහා මැතිවරණයේදී සන්ධානය තුලින් තරග වැදෙමින් ගත හැකි පල නෙලා ගැනීමටත් පෙර සතුරු බලය පන ගැන්වීම සඳහා, “මහින්ද ප්‍රමුඛ සන්ධානය දිනුවත් මම මහින්දට අගමැතිකම දෙන්නේ නැහැ” යන උද්දච්චයේ උපරිමය මානසිකත්වයෙන් ඔද වැඩි, එවන් ප්‍රකාශ කරමින්ද, ඒ උද්දච්ච්ය පෙන්වාලමින්ද, මහා මැතිවරණය පැවැත්වෙන මොහොතේදීම සන්ධානයට කඩාවැදී, එහි ලේකම්ලා එලියට ඇද දමා එහි බලයත් එහි සලකුනවූ බුලත් කොළයත් තමන්ගේ අතට ගත්, අධිරාජ්‍යවාදීන්ට ගැති මෛත්‍රිපාලයන්ට, වර්තමානයේදී ඒ චන්ඩිකම් කිරීමට නොහැකිව, නොන්ඩි ගසමින් සිටින රාජ්‍යනායකයෙකු බවට පත්ව ඇති බැවිනි. ඔහුට මෙවර පොදුජන කාර්යාලයට කඩාපැන යකා නැටීමට වරම් නැත. මේ වෙනවිට බටහිර තානාපතිවරුන්ට නොවිකිණි පවතින එක් ප්‍රබල දේශපාලන මධ්‍යස්ථානයක් බවට පත්ව ඇති පොදු ජන පෙරමුණ හා එහි සලකුණට, එදා අත සලකුණ හා බුලත් කොලය සලකුණ උදුරගත්තාසේ, මෙදා නෙලුම් පොහොට්ටුව උදුරා ගැනීමට නොහැකි බව ජනාධිපති මෛත්‍රිපාල දනී.එබැවින් ජනතාව විසින් විශාල බලපෑමක් කර ගොඩනන්වාගත් පොදුජන පෙරමුණ හා එහි ඇති පුජනිය සලකුණ විනාශ කිරීම සදහා මෛත්රිපාලගේ අලුත්ම උපක්‍රමය වී ඇත්තේ ධර්ම පොතෙන් ඔහුගේ දුෂ්ඨ චේතනාවන් මුදුන්පත් කර ගැනීමයි. මේ උපක්‍රමයට පොදුජන පෙරමුණ හෝ එහි නායකත්වය අසුනොවිය යුතුය.

මෛත්‍රිපාල සිරිසේන බලය ගත්තේ රාජපක්ෂලාට පෙරලා පෙරලා පහර දෙමිනි. බලය ගත මෛත්‍රිපාල සිදුකලේ, රාජපක්‍ෂලා බොරු නඩු වලට පටලවා සිරගත් කරවීමේ මෙහෙයුමයි. ඔහු බැසිල් රාජපක්ෂ, තමන්ගේ දරුවන් මෙන්වූ නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ් යන්නවුන් සිරගත කරවා ලැබූ සතුට අපමණය අප්‍රමාණය. මහින්ද රාජපක්ෂයන්ට උරුම නිල නිවස ආරක්ෂාව නොදී කාලයක් මුළුල්ලේ ඔහු ලැබූ සතුටේ ප්‍රමාණය මහා මෙරක් තරම්ය. ගෝඨාභය රාජපක්ෂයන් සිරගත කරවීමට ඔහු දැරූ වෙහෙස නිසාමදෝ ඔහුට රට වෙනුවෙන් කිසිම දෙයක් කිරීමට නොහැකි විය. මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂයන් ඉලක්ක කරගත් නඩු නිර්මාණය කරමින් ඔහුව සිරගත කිරීමට වෙහෙසෙන්නේ ඔහුගේ විධායකත්වයෙන් යුතුවූ යහපාලන රජයයි. ගෝඨාභය රාජපක්ෂය්න්ව මෙතරම් වෙහෙසක් දරමින් සිරගත කිරීමට වෙහෙසෙන මෛත්‍රිපාල සිරිසේනයන්ගෙන්, ගෝඨාභය රාජපක්ෂයන්ව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා සහයෝගය හා උපකාරය පැතීම, ඒ සම්බන්ධව සාකච්චා කිරීමම පෙන්වා දෙන්නේ පොදුජන පෙරමුණේ අභ්‍යන්තරයේ ඉන්නාවූ සතුරු බල කදවුරේ ප්‍රබලත්වයයි.

අපි අවබෝධ කරගත්යුත්තේ, කුමන පදනමකින් පො ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වුවද, මෛත්රිපාලගේවත්, දයාසිරි ජයසේකරගේවත් දුමින්ද දිසානායගේවත් එම කල්ලියේ කිසිවෙකුගේවත් චන්දය ගෝඨාභය රාජපක්ෂයන් වෙනුවෙන් සලකුණු කිරීමට මොවුන්ගේ මනස ඉඩ නොදෙන වගයි. මේ සාකච්චා කරන්නේ මෙවන් මනසක් ඇතිවුන සමගය. මෙය සතුරන් හා සංවාසයේ යෙදීමට දරන්නාවූ වෑයමකි. මේ වනවිට මොවුන් යෝජනා කරන්නේ, ජනපුජිත සලකුනාවූ “පොහොට්ටුව” අත හැර එන්නේ නම් ඔවුන් සහය දෙන බවයි. ඔවුන්ගේ සතුරා අන් කවරක්වත් නොව නෙලුම් පොහොට්ටුව බව මේ කියමන ප්‍රකාශ කරයි. දයාසිරි ජයසේකරගේ මේ ඉල්ලීමට එකඟ වුවහොත්, මෙවර පොහොට්ටුව පමණක් නොව මුළු බිජුවම අහිමිවීමේ ප්‍රවනතාවයක් ඇතිබව වටහා ගෙන කටයුතු කිරීම ශුභදායකය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress