ජනපතිවරණයට ඉදිරිපත්වීම ගැන කරූ ජයසූරියගෙන් නිවේදනයක්
Posted on September 17th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම මුඛ්‍ය අරමුණ කරගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් පිළිබඳ සළකා බැලිය හැකි බව කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් කථානායකවරයා සඳහන් කළේ පාර්ශවයන් රැසක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටින බවයි.     

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානය අතර, සාකච්ඡාවක් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් අමාත්‍ය රාජිත සේනාරත්න එක්වූ අතර, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 14 දෙනාම සහභාගිවී තිබෙනවා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress