නෙළුම් කුළුණට ගෙවූ කෝටි 200 චීන EXIM බැංකු වවුචර මෙන්න..
Posted on September 17th, 2019

Anusha Pelpita FB

කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේ එහි අත්තිකාරම් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 15.64 ක මුදලක් ඉදිකිරීම් සමාගමට ගෙවීම සම්බන්ධයෙන් චීනයේ එක්සිම් බැංකුව විසින් නිකුත් කරන ලද ලේඛණයක් එවකට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ප්‍රසිද්ධියට පත්කර ඇත.

ඔහු විසින් සිය ෆේස්බුක් පිටුවේ එය ප‍්‍රසිද්ධ කරමින් මෙසේ සටහනක්ද තබා තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි නෙලූම් කුලූන ව්‍යාපෘතිය 2012 වර්ෂයේ දී ආරම්භ කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරුවන් ලෙස එවකට චීනයේ ශී‍්‍ර ලංකා තානාපති කරුණාතිලක අමුණුගම මහතාගේ නිර්දේශය මත China National Electronics Import and Export Corporation – (CEIEC) සහ Aerospace Long-March International Trade Co. Ltd. (ALIT) යන සමාගම් කොන්ත‍්‍රාත්කරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත තෝරාගනු ලැබුවා.

ව්‍යාපෘතියේ මුල් පිරිවැය ලෙස ටෙන්ඩර් මණ්ඩලය අනුමත කළ මුදල වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 104.3යි. මෙම පිරිවැයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අරමුදල් වලින් ගෙවීමටත් ඉතිරි මුදල වන ඇමරිකානු ඩොලර් මිලියන 88.5ක් චීනයේ එක්සිම් (Exim) බැංකුවේ ණය මුදලක් ලෙස ලබා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබුණා. 2012 ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ දී මුල් අත්තිකාරම ලෙස (Mobilization Advance) ඇමරිකානු ඩොලර් මිලියන 15.45ක මුදලක් එනම් රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් (CEIEC) සමාගමට ගෙවන ලදී. මේ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ද විදුලි සංදේශ නියාමන කොමිසමට ලැබී තිබුණි.

අදාළ මුදල පේ‍්‍රශනය කර ඇත්තේ චීනයේ එක්සිම් (Exim) බැංකුවේ CEIEC සමාගම විසින් පවත්වාගෙන යනු ලැබූ බැංකු ගිණුමටයි. ALIT සමාගමට කිසිදු ගෙවීමක් කවර හෝ අවස්ථාවක සිදු කර නොතිබුණි. මෙම අත්තිකාරම් මුදල සදහා අවලංගු කළ නොහැකි බැදුම්කරයක් (Irrevocable on demand Bank Grantee) ප‍්‍රධාන කොන්ත‍්‍රාත්කරු වූ CEIEC සමාගම විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත ලබා දී තිබුණි.

ව්‍යාපෘතියේ ප‍්‍රගතිය අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන්ගේ නිර්දේශ මත වරින්වර අතුරු ගෙවීම් කිරීමේ දී මුල් අත්තිකාරම් මුදල අයකරගෙන ඇති අතර 2018 වන විට අය කර නොගත් අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක් විය. එක්සිම් (Exim) බැංකුව විසින් ව්‍යාපෘතිය දිගින් දිගටම ප‍්‍රමාද වීම නිසා ණය මුදලේ ඉතිරි ශේෂය ලබා දීම ප‍්‍රතික්ෂේප කර තිබුණි. ඒ වන විට මුළු ණය මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 88.5 මුදලින් අය කර ගෙන තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 67කට ආසන්න මුදලකි. මුල් අත්තිකාරමෙන් පසුව කරන ලද සියලූ අතුරු ගෙවීම් සිදුකර තිබුණේ එක්සිම් (Exim) බැංකුව හරහා CEIEC සමාගමටය.

2018න් පසුව ඉතිරි අතුරු ගෙවීම් සිදුකර ඇත්තේ විදුලි සංදේශ නියාමන කොමිසමේ ප‍්‍රතිපාදන මගිනි. මුල් අත්තිකාරම් මුදලින් 2018 වර්ෂය වන විට අයකර ගෙන නොතිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදල ද විදුලි සංදේශ නියාමන කොමිසම විසින් CEIEC සමාගමට ගෙවන ලද අතුරු ගෙවීම් වලින් අඩුකර ගෙන තිබුණිි. ඒ අනුව මේ වන විට ව්‍යාපෘතිය ආරම්භයේ දී ගෙවන ලද අත්තිකාරම් මුදල වූ ඇමරිකානු ඩොලර් මිලියන 15.45 ක මුදල CEIEC සමාගමෙන් අයකර ගෙන ඇත. නෙළුම් කලූන ඉදිකිරීමේ දී රුපියල් බිලියන දෙකක වංචාවක් සිදු කළ යැයි අතිගරු මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපති තුමා විසින් නෙළුම් කුලූන විවෘත කරන අවස්ථාවේ දී (2019 සැප්තැම්බර් 16) සිදු කළ ප‍්‍රකාශය පදනම් විරහිතය. ALIT සමාගමට කිසිම අවස්ථාවක කිසිදු මුදලක් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් ගෙවා නොමැත.

විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව විසින් 2012 ඔක්තෝම්බර් 09 වන දින එක්සිම් බැංකුව හරහා ඇමරිකානු ඩොලර් මිලියන 15.64ක් මුල් අත්තිකාරම් මුදල ලෙස ගෙවීම සම්බන්ධයෙන් එක්සිම් බැංකුව නිකුත් කළ රිසිට් පතේ පිටපතක් ද මෙහෙි අමුණා ඇත.

– Anusha Pelpita FB

4 Responses to “නෙළුම් කුළුණට ගෙවූ කෝටි 200 චීන EXIM බැංකු වවුචර මෙන්න..”

  1. aloy Says:

    Following questions need answers:

    What was the original construction period;
    When was the commencement;
    When was the first interest payment due;
    And when did TRC started paying the interest.

    Depending on the answers by TRC to these questions, whether prez’s statement that this ‘Kuluna’ was done with our money and not with Chinese money or he was misinformed by his officials will be known.

  2. aloy Says:

    One more question:
    How much have we already paid as interest?.

  3. Dilrook Says:

    Anusha was convicted by court on criminal misappropriation charges.

    First they said ALIT is a valid company. Now they say one government entity didn’t pay ALIT. Sirisena said the then government paid ALIT which was involved in a failed satellite launch for Sri Lanka!

  4. Randeniyage Says:

    “මුල් අත්තිකාරමෙන් පසුව කරන ලද සියලූ අතුරු ගෙවීම් සිදුකර තිබුණේ එක්සිම් (Exim) බැංකුව හරහා CEIEC සමාගමටය.”

    How can this be ? This is not a gift. This is a loan. Even if the bank pays directly to contractor, payment has to be approved by the owner first. Therefore, there is no reason to 2.13 millon USD to remain , without deducting from the advance. “2018 වන විට අය කර නොගත් අත්තිකාරම් මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක් විය” is not right when 65 million is paid.
    How about defect liability period and bank grantees , retention etc. etc. which will protect owners ?

    Below is from Daily News. QUOTE

    The Auditor General’s Department, in a special audit report, highlighted that the continuous construction delay of Colombo Lotus Tower had resulted in a revenue loss of over Rs.5,475 million for the Government.

    The AG’s assessment was based on a financial feasibility report prepared by the Moratuwa University Architecture Faculty Project Consultancy Unit which predicted the project’s income for 15 years. The Colombo Lotus Tower Project commenced on November 12, 2012 and was scheduled to be completed in 912 days (by May 2015).

    The period of construction was extended up to October 2017 on the request of the contractor, but the project remained incomplete even as at the end of last year, the AG’s Department said in its latest report.

    The Cabinet approval had not been obtained for the extension of the contract period.

    The AG turned the spotlight on the constructions of a 350-meter high Multi-Functional Transmission Television and Telecommunication Tower in his special report issued in April this year.

    In the report, the AG observed that recovery of liquidated damages from the contractor in respect of construction delays after May 19, 2018 was questionable as recovery of maximum amount of liquidated damages had been limited to 200 days according to the contract agreement.

    The report also highlighted that a proper feasibility study report relating to the project had not been prepared and only a ‘financial feasibility study report’ had been prepared “with some weaknesses”.

    The project contract was signed among Sri Lanka Telecommunication Regulatory Commission (SLTRC), China National Electronics Import and Export Corporation (CEIEC) and Aerospace Long – March International Trade Corporation Limited (ALIT) in 2012.

    The project was funded by China Export – Import Bank of China (EXIM).

    The report pointed out that the total agreed amount of loan (USD 88,655,000) could not be obtained due to the delay of constructions. The amount of loan disbursed had been limited to USD 67,259,754 by the EXIM Bank.

    “However, commitment fee of Rs 91.8 million had been overpaid due to applying the total amount of loan of USD 88,655,000 for calculating commitment fees at the commencement,” the report observed.

    The report stated that the borrowing cost of the loan agreement between the EXIM bank and the SLTRC had been understated by Rs.502 million and the insurance cost had been understated by Rs 681 million.

    The present value of the budgeted income of the project had been overstated by Rs 2,038million.

    “Due to understatement of borrowing cost and overstatement of present value the prediction of possibility of covering the cost within 15 years was questionable,” the report analyzed.

    “A sum of Rs.141.5 million paid to the EXIM Bank as an additional fee by the SLTRC due to extension of contract period and limitation of loan was an uneconomical transaction” the report added.

    The audit report also questioned the selection of CEIEC for the project, observing that Multi Functional Transmission Tower construction or any other large scale construction contracts had not been included in the business scope of the company as per the company’s business license.

    The AG also revealed that two SLTRC officers had obtained allowances illegally from Moratuwa University for providing services to the Lotus Tower Project. The Director (Project) had obtained allowances totaling to Rs 3.3 million and a Development Officer had obtained allowances totaling to Rs 2.1 million in contrary to the professional ethics as per the Sri Lanka Accounting Standard.

    The AG has recommended taking disciplinary actions against them. The report further recommended recovering Rs 10.9 million payments of allowances made to five officers in the project implementing committee as those were contrary to the provisions of the Management Services Circular. The audit report also highlighted a series of lapses in the awarding of contract for fixing electric lifts and escalators in the tower, observing that this lapse led to further delay of the project.

    “The procurement for selecting a sub-contractor for electric lifts and escalators commenced in August 2013, but the contract was awarded only on March 31, 2016, after a lapse of 2 years and 8 months,” the report said.
    UNQUOTE

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress