අපරාදේ රටේ සල්ලි…
Posted on September 19th, 2019

කතුවැකිය උපුටා ගැන්ම දිවයින

වංචා, දූෂණ, අක‍්‍රමිකතා, අල්ලස් ගැනීම් එළිපිටම හා ප‍්‍රසිද්ධියේම සිදුවන මෙවන් රටක් මේ මිහිපිට තවත් තිබේ දැයි ප‍්‍රශ්නයකි. එවන් හොර මැරකම්, වංචා, දූෂණ සිදුකළා යැයි කියන ආණ්ඩුවල වැරදි සොයා චූදිතයන් ‘අල්ලා සක්වල ගලේ ගසන්නට’ ආ යහපාලන ආණ්ඩු ද දැන් තිබුණාටත් වඩා වංචා, දූෂණ අක‍්‍රමිකතා නම්  ගොහොරුවේ මේ රට හෙළා තිබේ. ඉදින්, රටට ජනතාවට තවත් කාගේ නම් පිහිටක්ද?

 දූෂණ, අක‍්‍රමිකතා හෙළිදරව් කරන්නට කතා කරන යහපාලන රජයෙන් එවන් එකම හෙළිදරව්වක් හෝ සිදුකර නොමැති අතර චූදිතයෝ අදත් නිදැල්ලේ පසුවෙති.

 එවන් විටෙක යහපාලන රජය තුළම සිදුව ඇති දුෂණ, අක‍්‍රමිකතා පිළිබඳව තවත් මොනයම් කතා ද?

 රටක් බලා හිඳින මේ රජයේ දැවැන්තම අක‍්‍රමිකතාව මහ බැංකු කොල්ලයයි. ජනාධිපතිතුමන්ගේ බැඳුම්කර කොමිසම නොවන්නට එවන් අක‍්‍රමිකතාවක් කිසි ලෙසකින්වත් හෙළිදරව් වීමට (සවිස්තරාත්මකව* ඉඩ නොතිබිණි. එසේ හෙයින් ජනාධිපතිවරයාගේ ඉදිරිපත්වීමට ජනතාවගේ ස්තුතිය නොව ගෞරවය පුද කළ යුතුව ඇත.

 මෙහිදී බැඳුම්කර සොරුන් පමණක් නොව, සාපරාධී පරිහරණය කළ අති විශාල ධනස්කන්ධය පිළිබඳව ද හෙළිදරව් වූ අතර, බිලියන දහසක් පමණ වන එම මුදල ද සමඟ අතුරුදන් වූ සොර දෙටු අර්ජුන මහේන්‍ද්‍රන්, මහ බැංකු අධිපතිවරයා අදටත් සිටින්නේ සැඟවීය. නොහොත් සඟවා ය. මෙම මහ බැංකු සොරකම පිළිබඳ ජනාධිපති කොමිසමෙන් නම් කියැවුණු තවත් බොහෝ ආණ්ඩු ප‍්‍රධානීන් සහ රාජ්‍ය ප‍්‍රධානීන් රැුසක් ඇති බවද, ගෙවී යන යහපාලන රජයෙන් ඔවුන්ට දඬුවම් නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලි බව ද පසක් කළ යුත්තකි.

 එසේ හෙයින් බලයට පත්වන (තවත්* යහපත් පාලනයක් හා එවන් ‘පාලකයෙක්’ යටතේ මහ බැංකු සොර මුළ ඇදගෙනැවිත් උන් හොරා කෑ මුදල් ජනතා අයිතියට ගෙන (මේ සොර දෙටුවන්* ‘පරසක්වල’ ගසනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 මහ බැංකු සොරකම යහපාලන රජයේ ‘එකම’ (දැවැන්ත* දූෂණ, අක‍්‍රමිකතාව නොවේ. මේ දිනවල අගමැති වික‍්‍රමසිංහ මහතා සාක්‍ෂි දීමට පැමිණෙන, බත්තරමුල්ලේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන ඞී. පී. ජයසිංහ ගොඩනැඟිල්ලේ ගනුදෙනුව තවත් එවන් සුවිසල් අක‍්‍රමිකතාවකි.

 රුපියල් බිලියන 2.1 ක් රජයේ මුදල් අනිසි භාවිතයට වැයකර, තවත් රුපියල් මිලියන 21 බැගින් මාස්පතා කුලිය ගෙවමින් වසර 5 ක බදු පදනමට ලබාගෙන ඇති මෙම (අනවසර ඉදිකිරීමකි* ගොඩනැඟිල්ලට එම අමාත්‍යාංශය ගෙනයෑම තනිකරම හිතුමතේ කළ දෙයක් බවට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති රාජ්‍ය ආයතනවල දූෂණ අක‍්‍රමිකතා සොයා බලන කොමිසම හමුවේ හෙළිදරව් වී ඇත.

 එබැවින් ජනාධිපතිවරයාගේ මෙම කොමිසමට හා මිහින් ලංකා – ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම් හි දූෂණ අක‍්‍රමිකතා සෙවූ ජනාධිපති කොමිසමට ද කෘතඥතාව පුද කළ යුතුය.

 යහපාලන රජයේ දූෂණ අක‍්‍රමිකතා සොයා බලන මෙම කොමිසම හමුවේ ද හොඳ හොඳ දෑ හෙළිදරව් වී තිබේ.

 ඒ අතරින් ඞී. පී. ජේ. ගොඩනැඟිල්ල කුලියට ගැනීම කැපී පෙනෙන්නකි

 කෘෂිකර්ම අමාත්‍යාංශයේ බත්තරමුල්ල පිහිටි නිත්‍ය ගොඩනැඟිල්ල වෙනත් කටයුත්තකට පවරා දෙනු ලබන බව පවසා (එහෙත් තවමත් ඒ පැවරීම ද කර නැත* ඞී.පී.ජේ. ගොඩනැඟිල්ලට ගෙන යන්නේ දුමින්ද දිසානායක මහතා කෘෂිකර්ම ඇමැති හා ශ‍්‍රීලනිප මහ ලේකම්ව සිටියදීය.

 මාධ්‍ය මගින් හා පාර්ලිමේන්තුවේදී ද මේ දූෂිත 

 ගනුදෙනුව ගැන කොතෙක් කතා කළත්, ඊට එදා පිළිවදන් නොදුන් දුමින්ද දිසානායක, කොමිෂන් සභාව හමුවේ දැන් කියන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කැබිනට් තීන්දුවක් මත ගොඩනැඟිල්ල මිල දි ගත් බවයි.

 එනමුත් අගමැතිවරයා ප‍්‍රකාශ කරන්නේ තෝරාගත් ගොඩනැඟිලි තුනක් අතරින් දුමින්ද මෙම ගොඩනැඟිල්ල තෝරාගත් බවයි. එසේම ගොඩනැඟිල්ලට රුපියල් බිලියන 2.1 ක විශාල වියදමක් යනු ඇතැයි තමා නොසිතූ බවත් ය.

 එහෙත් අරුමය නම්, සොරකම් කළ එකාට ‘හොරා’ යැයි කීම වර්තමානයේ (සොරාට* ආශිර්වාදයක් වීමය. ‘සොරා’ යන්න දැන් ගරු නම්බුනාමයක් බවට පත්ව තිබේ. එසේ හෙයින් දෝ බොහෝ දේශපාලනඥයෝ එම නම්බුනාමයට කැමැත්තක් දක්වනු පෙනේ. සොරකම ජනතාකරණය කර තිබේ. එයින් ගැලවී සිටින්නේ අතලොස්සක් දෙනා පමණි.

 රටේ දූෂණ අක‍්‍රමිකතා ගැන කියැවෙන අලූත්ම කතාව ජනාධිපතිවරයා කීවේ දකුණු ආසියාවේ උසම 

 ගොඩනැඟිල්ල නොහොත් නෙළුම් පොහොට්ටුව මත සිටය. ඒ රටට ලෝකයට හොඳින් ඇසෙන නිසා විය යුතුය.

 එනම් 2012 වසරේදී නෙළුම් කුලූන තැනීමේ කාර්යය ආරම්භයේදී ඇතිකර ගත් ගිවිසුම් පරිදි චීනයේ ‘ඇලිට්’ :්ඛෂඔ* සමාගමට ලබාදුන් ශ‍්‍රී ලංකා රජයේ රුපියල් බිලියන 2 ක් අතුරුදන් වී ඇති බවය.

 ජනාධිපතිවරයා වසර හතරක් තිස්සේ සඟවාගෙන සිට, නෙළුම් කුලූන විවෘත කිරීම වැනි ‘වැදගත් සභාවක්’ ඉදිරියේ නඟන චෝදනාවෙන් ඔහු නොකියා කියන්නේ මහින්ද රාජපක්‍ෂ යුගයේදී සිදුකළ අක‍්‍රමිකතාවක් පිළිබඳව බව අපගේ හැඟීමයි.

 නමුත් හිටපු ටී. ආර්. සී. ප‍්‍රධානියා, අනුෂ පැල්පිට මහතා මෙය ප‍්‍රතික්‍ෂේප කරන අතර, ජනාධිපතිවරයා නොමඟ ගොස් ඇතැයි ඔහු පවසයි.

 කෙසේ හෝ මෙවන් දූෂණ, අල්ලස්, අක‍්‍රමිකතා දැන් අපේ කනට අප‍්‍රසන්නය. ඒ අප‍්‍රසන්න කතා ගොඩට මුදල් ඇමැති මංගල සමරවීර මහතාට හොරෙන් යූ.එන්.පී.ය හොර සුරා බලපත් 84 ක් ලබා දීමේ කතාවද ඇතුළත්ය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress