මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සමෘද්ධි බැංකු වෙත පරිගණක සහයක තනතුරට බදවා ගැනීම වෙනුවෙන් 19 (අද) පැවැති සම්මුඛ පරීක්ෂණය සම්බන්දව පැමිණිල්ල.
Posted on September 19th, 2019

ජනමාධ්‍ය නිවේදනයයි සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය

සභාපති,
මැතිවරණ මහ ලේකම් කාර්යාලයල
රාජගිරිය.
 
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සමෘද්ධි බැංකු වෙත පරිගණක සහයක තනතුරට බදවා ගැනීම වෙනුවෙන් 19 (අද) පැවැති සම්මුඛ පරීක්ෂණය සම්බන්දව පැමිණිල්ල.


මැතිවරණ කොමසාරිස් විසින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර තිබිය දී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පවතින සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති වෙත පරිගණක සහකාර තනතුරට අළුතින් බදවා ගැනීම සදහා වු සම්මුඛ පරීක්ෂණයක් අද (19) දින සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වීම සම්බන්දව පැමිණීල්ල මෙයින් ඉදිරිපත් කරමු.

02. ඒ අනුව ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතාගේ මුලිකත්වයෙන් පසුගිය දා සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජාමූල බැංකු සමිති වෙත පරිගණක සහකාර තනතුරට 2146 අළුතින් බදවා ගැනීම සදහා සම්මුඛ පරීක්ෂණ කැදවා කොටසකට පත්වීම් ලිපි අමාත්‍යවරයා විසින් ප්‍රධානය කර තිබිණි.

03. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමත තනතුරක් නොවන ඉහත තනතුර සදහා අමාත්‍යවරයාගේ මැදිහත් වීම මත විධිමත් ක්‍රමවේද උල්ලංඝණය කරමින් අදාල බදවා ගැනීම් සිදු කල අතර 2146 ඉතිරි කොටස සදහා පුරප්පාඩු පිරවීමට මෙම සම්මුඛ පරීක්ෂණය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ මැදිහත් වීම මත සිදු කර ඇත.

04. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරමින්ල සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාදාවන අයුරින් මැතිවරණ අල්ලස් දීමට අමාත්‍යවරයා හා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කිරීම හා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කිරීම සම්බන්දව කඩිනම් පර්ක්ෂණයක් සිදු කරන මෙන් කාරුණිකව අප මෙයින් ඉල්ලා සිටින්නෙමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,
චාමර මද්දුමකළුගේල
ප්‍රධාන ලේකම්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress