මහා බොරුකාරයාගේ ජාත්‍යන්තර බේගලය
Posted on September 20th, 2019

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

නෙලුම් කුලුන විවෘත කිරීමට සපැමිණි ජනාධිපති සිරිසේන ඒ උත්සවය ජාතික අවමගුලක් බවට පත්කොට ජාත්‍යන්තර මට්ටමේ බේගලයක් ඇදබා මුලු රටත් ජාතියන් අපට ආධාර දෙන මහජන චීන ජනරජයත් අවඥාවට ලක් කොට ඉන් පිටව ගියහ.

මුදල් වලට ජාතික මට්ටමෙන් හා ජත්‍යන්තර මට්ටමේ බොරු බේගල් දෙසීම සිරිසේන ජනාධිපති ගේ ව්‍යාපාරයක් වන අතර ඔහු විසින් මෙරට ජනතාව මුලාවට පත්කිරීම සදහා  ඇදබාන ලද බොරුබෙගල් සහිත වීඩියෝ වලින් අන්තර්ජාලයත්, Youtube එකත් පිරි ඉතිරි ඇති තත්වයක් තුල මේ මහා බොරුවද ඇද බාන ලද්දේ කුමන හේතුවක් නිසාදැයි මෙරට ජනතාව ගවේෂණය කොට අවබෝධ කරගත යුතුය.

මුළුමහත් ලෝකය තුල බොරු නිර්මාණය කරන ඒවා ප්‍රචාරය කරන ආයතන හා මුලස්ඨාන ගණනාවක් ඉතා ඉහල මට්ටමෙන් කටයුතු කරමින්, අතිවිශාල මුදල සම්බාරයක් උපයමින් සිටින තත්වයක් තුල, අපේ රටේ නායකයින්ද මේ වනවිට කට අරින විටම බොරුවක් කියා ජනතාව මුලාකොට ජනතාවගේ කාලය ඒ බොරුව සම්බන්ධව සාකච්චා කරන මට්ටමට පත්කොට තමන්ගේ කටයුතු කරගෙන යාම සිදුකරයි. සිරිසේනගේ “නෙලුම් කුළුන ප්‍රකාශය” ඊට එහා ගිය ජාත්‍යන්තර මට්ටමේ බේගලයක් බැවින් ඒ සම්බන්ධව පුළුල්ව කතා කොට නිවැරදි පින්තුරයක් ජන මනස තුල ස්ථාපිත කරගත යුතුය.

නෙලුම් කුලුන යනු නිකම්ම නිකම් කුළුණක් නොවේ. එය අතිමහත් සංවර්ධන ක්‍රියාදාමයක එක පුරුකකි. සංවර්ධන ක්‍රියාදාමය අලියෙක් නම් ඒ අලියාගේ වලිගය වන්වූ මේ නෙළුම කුලුන අතපතගාමින් විවිධ මත පලකරන සමාජයක් අපි දකිමින් සිටින්නෙමු. නෙලුම් කුළුණක් මොකටද? මේ වෙනුවට වකුගඩු රෝගීන්ට පිලියම් කරන උපකරණ ගෙනාවනම් හොදයි නේද ආදී වසයෙන් අදෝනා විවිධ ආකාරයෙන් සමාජ ගත කරන අතරම සිරිසේනගේ රුපියල කොටි 200 බේගලයත් සමගම මේක ණයක්, ජනතාවට පඩි ගෙවන්න තිබුන සල්ලි තමයි මේ යට කරලා තියෙන්නේ, ජනතාවට බෙහෙත් දෙන්න තිබුන සල්ලි තමයි මේ යට කරලා තියෙන්නේ, ළමයින්ට අධ්‍යාපනය දෙන්න තිබුන සල්ලි තමයි මේ යට කරලා තියෙන්නේ යන පරස්පර විරෝධී වචන කන්දරාවක් සමාජ ගත කරණ ලදී.

ජාත්‍යන්තර ද්‍රෝහිත්වයේ දකුණු ආසියාවේ, රූකඩය වන වත්මන් ජනපති; බලයට පැමිණි වහාම සිදුකරන ලද්දේ, මහා වේගයෙන් වැඩකරමින් තිබු රටක් ක්ෂණයෙන්ම නවතා දමා, මුළු රටම අංශභාග  රෝගියෙකුගේ තත්වයට පත් කිරීමයි. ඒ සංවර්ධන අඩාල කිරීම වසර දෙකක් පුරාම මුළු රටටම බලපෑ අතර, එම බලපෑම නෙලුම් කුලුනේ ඉදි කිරීම් ක්‍රියාවලියටද තදින් බලපාන ලදී. නෙලුම් කුලුනේ ඉදිකිරීම් සම්බන්ධව ගිවිසුම්ගතවිම 2012 ජනවාරි මස 3 වෙනිදා සිදුකල අතර ඊට ටික දිනකට පසුව ඉදිකිරීම් ආරම්භ කිරීමෙන් අපට වැටහී යන්නේ එම ව්‍යාපෘතියේ ඇති වැදගත් කමයි. මේ ව්‍යාපෘතියට අනුව මීටර් 350ක උසකින් යුත් කුළුණක් ගොඩනැංවීමට නියමිතව තිබුන අතර ඉතාමත් අසීරු කොටස වූ පාදම නිමකොට මීටර් 125 උසකින්  යුත් කුළුණක් 2014 දෙසැම්බර් මස වන විට නිම කොට තිබුණි., 2015 ජුලි මස වනවිට එය එය මීටර් 225ක මට්ටමට ගෙන ඒමට තරම් හැකියාවක් තිබුනද, ඉන්පසු කොටසවූ ඉතිර මීටර් 125 හා නිමි කටයුතු කිරීමේදී පන නැගී බාධක හේතුවෙන්, වසර 4ක් ගත වුවද, එහි  කටයුතුද නිමවා නැති බව ජනපති ප්‍රකාශයෙන් ගම්‍ය වේ.

නෙලුම් කුලුන යනු වර්ෂ 2030දි ආසියාවේ මහා ව්‍යාපාරික මධ්‍යස්ථානය ලෙස ගොඩනැගෙන ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා බැදුන එක් ව්‍යාපෘතියකි. 2030දි මේ රටේ එහෙම දෙයක් වෙන බව බොහෝ දෙනෙක් දන්නේ නැත. නමුත් අසල්වාසීන් එය දන්නා අතර, ඔවුන් වෙර දරන්නේ, හැකිනම් ඒ සියලුම ව්‍යාපෘතීන් විනාශ කිරීම හෝ විනාශකල නොහැකි නම් එම ව්‍යාපෘතිවලින් එම රටවල් ප්‍රතිලාභ ලබා ගැනීමටය. ඒ සදහා ඔවුන් ලහි ලහියේ සැරසෙමින් සිටි. මේ ව්‍යාපෘතීන් අඩාල කිරීම සදහා ඔවුන් යොදාගන්නේ සිරිසේනගේ මුලිකත්වයෙන් යුත් යහපාලන,රජය වන අතරම, කෙසේ හෝ එම ව්‍යාපෘතිය සාර්ථකව ගොඩනැගුනොත් එහි ප්‍රතිලාභ් එම රටවලට ලබා ගැනීම සදහා එක්ටා හා සිංගප්පුරු ගිවිසුම් ගසා ගෙන මෙහි ලැගීමට කටයුතු සුදානම් කරගන්නෙත් එම රජය තුලින්මය. 

මේ මහා ව්‍යාපෘතිය විනාශ කිරීමේ ක්‍රියාවලියේ එක පියවරක් වන්නේ වසර දෙකක කාලයකට රටේ සම්පුර්ණ සංවර්ධන ක්‍රියාවලිය නවතාලිමයි. ඒ කටයුත්ත කිසිදු සොයා බැලීමකින් තොරව සිරිසේන ඉටුකළ අතර, මේ තුලින් කොළඹ වරාය නගරය, ඉදිකිරිම සම්පුර්ණයෙන්ම වසර දෙකක කාලයකට නවතාලීය., එය පිටුපස සෘජුවම ඉන්දීය රාජ්‍ය බලපෑම තිබුණි. එපමණක්ද නොව ඒ වනවිට ඒ ව්‍යාපෘතියට අදාලව ගොඩනැගී තිබුන සියල්ලක්ම විනාශ කර දැමීමද සිරිසේන රජයට කිරීමට බාරදී තිබුන අතර, මත්තල ගුවන් තොටුපල කිසි වැඩකට නැති ව්‍යාපෘතියක් බව රටට පෙන්වීම සදහා එය වී ගබඩා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කලේය. මේවා අපේ පාලකන්ගේ අවශ්‍යතාවය මත නොව ඔවුනට බලය ලබාදුන් මේ විදේශීය බලපෑම මත සිදුවුන දේවල්ය, ඔවුන්ගේ උපදෙස්ම පිළිපැදීම හැර වෙනත් දෙයක් කිරීමට සිරිසේන රජයට නොහැකි බව සත්‍ය වුවද, රට විනාශ කරමින් එවන් පහත් තත්වයකට ආණ්ඩුවක් පත්වීමට ඉඩදිම නොකළ යුතුව තිබුණි. මත්තල ගුවන් තොටුපල ඉන්දියාවටදී, හම්බන්තොට වරාය සිංගප්පුරුවට  විකුණා දමා, කොළොඹ වරාය එක පර්යන්තයක් ඉන්දියාවටද ජපානයටද  දී වර්ෂ 2030දි නිමකිරීමට අපේක්ෂිත ඒ මහා සංවර්ධනය අච්චාරුවක් කිරීම සිරිසේන ප්‍රමුඛ යහපාලනයට බාරව තිබුන ප්‍රධාන කටයුත්තක් විය. අපේම දේවල් ඉන්දියාවට හා ජපානයට විකුනා දැමුවද, සෘජුවම චීන ආධාර මත ගොඩනැගු දේවල් ඔවුන් අපේක්ෂා කල ආකාරයට ඒ රටවලට විකුණා දැමීම හිතු තරම් පහසු කටයුත්තක් නොවිය.. එබැවින් ඔවුන් අපේක්ෂා කල ආකාරයට මත්තලගුවන්තොටුපළ ඉන්දියාවට විකුණා දැමීමට නොහැකිවිය. තවද හම්බන්තොට වරාය සිංගප්පුරුවට විකුණා එය විනාශ කිරීමටද ඔවුනට කලනොහැකි විය. හම්බන්තොට වරාය චිනයටම විකිනීමට සිදුවීම ජාත්‍යන්තරයේ විශාල පරාජයක් විය

මෙවන් මහා විනාශකාරී ජාත්‍යන්තර කර්තව්‍යක් සිදුකරන සිරිසේන හදිසියේම ඉදිකිරීම් කටයුතු නිමවා නැති නෙලුම් කුලුන විවෘත කිරීමට ඉදිරිපත්වීම මෙරට ඉතිහාසයේ සිරිසේන විසින් සිදුකරන ලද මහා අපරාධකන්දරාවේ අවසාන අපරාධයට අත ගැසීමක් සේ දිස්විය. වැඩනිම නොකළ ව්‍යාපෘතියක් විවෘත කිරීමට තරම් මානසිකත්වයකට ජනාධිපතිවරයෙක් පත්කළ හේතුව කුමක්ද යන්න අප අවබෝධකරගත යුතුමය. මේ යන තත්වය යටතේ නෙලුම් කුලුන නිමවන්නේ සිරිසේන යුගයෙන් පසුවය. සිය හාම්පුතුන් අපේක්ෂා කරන කාර්යය කිරීමට නම් විවෘත කරන දිනය වර්තමානයේදී සිදුකර සිය හාම්පුතුන්ගේ මනදොල පිනවීමට ඔහුට සිදුව තිබුණි. එබැවින් සිරිසේනට මෙම ව්‍යාපෘතිය විවෘත කර එදිනයේදී, මේ ව්‍යාපෘතියට එරෙහිව සිය  හාම්පුතුන් විසින් පවරන ලද කාර්යයද ඉටුකළහ. ඒ අනුව ඔහු චීනයට පහරදුන්නේ මෙය පරිත්‍යාගයක් නොව මහා ණයක් ලෙස ප්‍රකාශ කරමිනි. මොරගහකන්ද ජලාශය විවෘත කිරීමේදී, එම ජලාශය පෙන්වා මෙයත් චීනය දුන් මහා ණයක් නොකිව් කට නෙලුම් පොකුණ පෙන්නා මහා ණයක් ලෙස ප්‍රකාශ කලේ තමන්ට දෙන ලද තිර පිටපතට අනුව යමිනි. ඕනෑම මිනිහෙක්ගේ කතා කරන භාෂාවට අමතරව ශරීරයද කතා කරන අතර මේ දිනයේදී ඔහුගේ බොඩි ලන්වේජ් එක ඔහුගේ කතාවට එකග තාවයක් දක්වුයේම නැත. සිරිසේනගේ මුහුණ සිනාවකින් තොරව මේ මහා බේගලය ඇදබාන සිරිසේනට දැඩි අප්‍රසාදයක් පල කල අතර, ඔහුගේ ශරිරාන්ගයන් ඔහුටම පාලනය කරගත නොහැකි, නොසන්සුන්තාවයකට පත්ව තිබුණි. මේ කතාව සිරිසේන එසේ මෙසේ පචයෙක් නොව ජාත්‍යන්තර පචයෙක් බව ලොවටම හෙළි දරව් කල අතර මේ වනවිට ඔහු ගලේ පහරු බල්ලෙක් සේ සිටි. ජාත්‍යන්තරයට සිරිසේනගේ ගෞරවය එතරම් වැදගත් නොවේ. සිරිසේන යනු ඔවුන්ගේ නිර්මාණිත පච වපුරන මෝලක් පමණක් වන අතර මෙරට ජනතාව නොවැම්බර් මස 16 වෙනිදා වනතෙක් බලා සිටින අතර සිරිසේන මේ ජනාධිපතිවරණය කඩාකප්පල් කරන්නේ කෙසේදැයි සිතමින් දිරාපත් වෙමින් පසුවේ. ජනතාවට හා මාතෘභූමියට ජයවේවායි අපි පතමු. ඒ සදහා අපි ගෝඨාභය රාජපක්ෂයන් හා අත්වැල් බැදගනිමු.

16 Responses to “මහා බොරුකාරයාගේ ජාත්‍යන්තර බේගලය”

  1. DR M D P DISSANAYAKE Says:

    Whether we like it or not, we still have to tolerate President Sirisena for couple of weeks more. Even during this period, he will continue to behave like a bull in a China Shop. Why he is so mad and why he is behaving like this?

    Sirisena legally can contest again for Presidency. He is angry that he cannot contest and win. Sirisena planned this last year, when he made Mahinda as PM, with the intention to secure the support of Mahinda for him to become Presidential candidate. Things misfired.

    Ranil, Sajith, JVP will never give a place for Sirisena. MR will be smarter.

  2. jay-ran Says:

    Dear readers, here is the reply of alit co;
    China’s ALIT rejects Sri Lanka leader’s graft allegation
    3 MIN READ

    COLOMBO, Sept 20 (Reuters) – China’s state-run Aerospace Long-March International Trade Co (ALIT) on Friday rejected Sri Lanka President Maithripala Sirisena’s allegation of misappropriating 2 billion rupees ($11 million) in a deal to work on the construction of South Asia’s tallest tower.

    Sirisena made the allegation at the inauguration on Monday of the 356-meter Lotus Tower, which overlooks Beira Lake in Colombo, sparking a political row in the country, which has relied heavily on China for project finance. A parliamentary panel will investigate the allegation.

    The $104.3 million project was 80% funded by Exim Bank of China, with China National Electronics Import & Export Corporation (CEIEC) and ALIT recommended as the main contractors by Chinese government.

    Sirisena alleged ALIT in 2016 had vanished, misappropriating some 2 billion rupees deposited with it by Sri Lanka’s state-run Telecommunication Regulatory Commission (TRC).

    ALIT in a statement said it had left the consortium in August 2015, entrusting its partner CEIEC to act solely on its behalf to fulfil the contract with the TRC.

    It also said the TRC, according to the contract, paid $15.6 million (2 billion rupees) into CEIEC’s account in Exim Bank in October 2012, the same amount to which Sirisena referred to as misappropriated.

    ADVERTISEMENT

    “This sum had been used for the project purpose solely,” ALIT said in a statement, without elaborating how and when the money was spent.

    Sirisena’s predecessor, Mahinda Rajapaksa, who was in power when the alleged incident took place in 2012, has denied any corruption in the deal.

    Sri Lanka’s Committee On Public Enterprises (COPE) said on Wednesday it will probe the allegation.

    ADVERTISEMENT

    After coming to power in 2015, Sirisena suspended most Chinese-backed infrastructure projects started under Rajapaksa, citing allegations of corruption and the flouting of rules.

    Sirisena’s Lotus Tower allegation comes ahead of a presidential election set for Nov. 16, which Rajapaksa’s brother Gotabaya Rajapaksa is expected to contest.

    Political sources close to Sirisena and Rajapaksa have said talks between the president’s center-left Sri Lanka Freedom Party (SLFP) and Rajapaksa’s Sri Lanka Podujana Peramuna (SLPP) for a coalition deal have broken down. ($1 = 181.1000 Sri Lankan rupees) (Reporting by Shihar Aneez, editing by Louise Heavens)

    Our Standards:The Thomson Reuters Trust Principles.
    MORE FROM REUTERS

  3. jay-ran Says:

    Grama Sevaka SIRISENAYO!!!
    MEETA PASU HONDATA HITHALA,KARUNU DENAGENA MEVENI CHODANA KARANTA IGENA GANING,THOTA LEJJAWAK THIBEY NAM!!!
    “WAHAAMA,30s AVURUDU LTTE,TAMIL YUDDAYA AVURUDU 2 1/2 KING IVARA KALA GARU MAHINDA RAJAPAKSA UTHTHAMAYATA SAMAVA ILLA DHANA GAHALA VENDAPANG,ASEELACHARA JADA HARAKO!!!

  4. Randeniyage Says:

    Mr. Panditage,
    You are kind enough to answer us regularly. Please answer this question, if you can.

    Why go after Sirisena, Ranil etc. who are useless Bank Robbers and මහා බොරුකාරයාs ? No point bashing them.

    Why not those who spent billions on NELUM KULUNA spent a bit of that money to pay salary of poor soldiers who lost their, arms, legs, eyes, ears, minds ?

    It is 10 years after war now. Why are they suffering in front of Fort Railway Station asking for lifelong pay ? If those BIG NAMES are patriots the should be receiving double the pay for life, without asking.

  5. chandrasena Pandithage Says:

    Dear Randeniyage,
    First I would like to thank you all contribute your time to read, think, comment and question on my articles. We are time travelers from birth to death. Our traveling time has three periods call past, present, and future. We cannot do anything to correct our past, always our past help us to create a super benefited society. now we are living in 2019 and you could see the highlighted problems in your comment. Lotus tower project is a part of the creation of a super benefited society in Sri Lanka. It was started in January 2012. If you can travel to that period, you do not see the highlighted problem in that society. How do you think that society to solve nowadays bank robbers created problems?

  6. Randeniyage Says:

    Dear Chandrasena Pandithage,
    I am sorry you did not get my question at all.

    This has nothing to do with Bank Robbery, because this was 2009. These soliders did not become disable in 2010. Some of them long time ago , like 2000s. What I am asking is why with all the money left at that time ( enabling to pay advance payment to Nelum Kuluna) they did not approve paying these soldiers full pay until death. That proves the then government gave more priority to useless Nelum Kuluna ( It is $100 million loan these ex-soldiers pay taxes to pay interest).
    You have no choice here, it is fact you, as a gentleman have to agree.
    I am saying all of them are බොරුකාරයාs, good actors.

  7. chandrasena Pandithage Says:

    Dear Mr. Randeniya I answered your question right way but you did not get my point. I would like to explain to you another way to understand reality. Yes, you are correct the disable army soldiers and officers were at that period, in the year 2012 at the starting days of Lotus tower. Disable army soldiers and officers there but the nowaday problem was not there. Why not the problem here those days? Because that government allocates enough money to maintain the whole forces including past army soldiers and officers giving full benefits to them. you can see the school for army officers and soldiers children still it stands proudly tells how past government treats to war heroes including their family members. At that period that government starts housing schemes for war heroes islandwide not only that that government allocates a huge amount of money to buildup a grand scale army head office too. Once these bank robbers become to power the first thing was grabbing the allocated money for army head office. at the same time, all the allocated money for the future were in the central bank. Not only that the company call Avanguard established to help war heroes too. Once the central bank looted new problems arise in the country. The problem you highlighted were not here those days, because the money was allocated to solve all problems. That is why this problem was not in this society those days. I think this is fair enough to understand this issue. 1912 disable army soldiers and officers were here but the problem was not here.

  8. Randeniyage Says:

    Dear Chandrasena Pandithage,

    Thanks for the reply but of no use.
    Let me put it to you this way.

    Government servants get pension after working until 55 years of age. MPs just after 5 years. They don’t need to fight for it. Right ?

    Similarly, if the then government passed whatever necessary bills to pay the soldiers their last pay ( actually in my view, should double it) until their death, they don’t have to fight now.

    THEY DID NOT DO IT. Period.

  9. chandrasena Pandithage Says:

    Dear Mr. Randeniyage

    Thank you very much for your time contribution. There is a passed bill for the Provincial Council elections. Are you getting the voting power as it is? No. Why not? If you think wisely you can find the answer. Robbers are robbers. Central bank robbers can do any third-grade works anywhere in the world. the rob central bank money and the people’s voting power too. Once again thank you for open for discussion. feel free to read and open discussion on my articles. Thank you again.

  10. Randeniyage Says:

    Dear Chandrasena,
    Let us not talk about Provincial Council elections. That has nothing to do with this. ( Personally I am happy if PCs are sacked forever)

    I beleive there is no bill passed ( from 2005-2014) to pay our ACTUAL war heroes (who were disabled fighting for territorial integrity of the country) lifetime salary. If I am wrong I appreciate if you could give me the bill details. If there was one, did the Robber and Borukaraya passed another bill to cancel it ? I am not aware of such incident. But if they did that that is a heinous crime.
    We have a parliament. If such cancelling bill was taken up, where were the PATRIOTS ?

  11. chandrasena Pandithage Says:

    Dear Mr. Randeniyage,

    My point is not the Provincial Councial. The point is the law and the passed bills. You think the passed bill got power to stand and work on it’s own way. Our pro LTTE government punished war heroes lots and they are in the prison without trials for long time. This pro LTTE government oppresse more and more our war heroes, that is their policy. The law and passed bill stand faraway from them till patriatic government establish here..

  12. chandrasena Pandithage Says:

    Dear Mr. Randeniyage,

    My point is not the Provincial Councial. The point is the law and the passed bills. You think the passed bill got power to stand and work on its own way. Our pro-LTTE government punished war heroes lots and they are in prison without trials for a long time. This pro-LTTE government oppressed more and more our war heroes, that is their policy. The law and passed bill stand far away from them till patriotic government establishes here.

  13. Randeniyage Says:

    Mr. Panditage
    Actually I listened to Sirisena today, although he speaks untruth mostly, even the falsehood he put forward logically. You are unable to do even that. This is my last reply. Readers will notice it. People are not fools.

    It is previous government that destroyed LTTE. They did that by conducting a war. It is not the pro-LTTE government that hurt these soldiers. It is anti-LTTE government who destroyed lives of these young people. While we appreciate that government for ending the war, I insist it is their duty to make sure they get all the help (that is to make sure they get their last pay as a minimum for their life) , especially knowing any future pro-LTTE future governments could neglect them.

    I will give you an example. Assume you are the father of a family and you have two sons who never get along well. Suppose you ask your elder son to do an important duty. While carrying out your duty he lost his legs. Will you not make sure you do everything to make sure he gets the best care even after your death ? Are you going leave him at the mercy of the other son ?

  14. chandrasena Pandithage Says:

    Dear Mr. Randeniyage,

    I fully agree with you on this comment. Yes, the previous government destroy LTTE and started all developments projects including Lotus tower. Thank you again.

  15. Ananda-USA Says:

    The Pana-Nathi Janapathi Palwatte Gamaralage Maithripala Yapa Sirisena and the Para-Gathi Agamathi Chief-Thief Ranil Wikunanasinghe have both entered a NERVOUS EMOTIONAL STATE resulting in INCOORDINATION of their EXTREMITIES due to EXCESSIVE ANXIETY!

    Why?

    1. The Pana-Nathi Janapathi is worried not so much about whether someone else will become President, but that he will FOREVER be BLAMED & REVILED by his SINHALA COUNTRYMEN for having SINGLE-HANDEDLY DESTROYED the SLFP, the party that protected the rights of the Sinhala people since its inception until he became President!

    2. The Para-Gathi Agamathi is worried not so much about his TOTAL INABILITY to become President even in his WETEST DREAMS, but by the IMPENDING LOSS of his UNP Leadership that would DESTROY his DISMALLY CHEQUERED and TREACHEROUS political career, and the LOOMING PROSPECT of having to go to PRISON for ROBBING the CENTRAL BANK!

    That is what happens to men who forget that they are elected to SERVE OTHERS but not SELF-SERVE!
    When God wishes to DESTROY sinners, he first drives them MAD!

  16. Randeniyage Says:

    @Panditage
    After your son become crippled because of you , instead of making a secure future for him, you go and buy a BMW on 80% finance ?
    (This is in response to you mentioning “development”. I did not say what you approved, you made it up to suit you)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress