වැඩකරණ ජනතාව තවතවත් වහල් භාවයට පත් කරන යෝජිත කම්කරු නීති සංශෝධන වහා හකුලා ගනු
Posted on September 20th, 2019

නව කම්කරු පනතට එරෙහි වෘත්තීය සමිති එකමුතුව

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් පිට දැනට රටේ වැඩ කරණ ජනතාවට බලපාන ප‍්‍රධාන කම්කරු පනත් ගණනාවක් අහෝසිකර නව තනි පනතක් ගෙන ඒමට ආණ්ඩුව විසින් කටයුතු කර ඇත. මෙතෙක් කම්කරු නීති පිළිබඳව කටයුතු කළ කම්කරු අමාත්‍යාංශය වෙනුවට සංවධන උපාය මාග සහ විදේශ වෙළඳාම පිළිබඳ අමාත්‍යාංශය විසින් සකස් කරන ලද සේවා නියුක්ති පනත නමින් කෙටුම්පතක් ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කර ඇත. කම්කරු නීති සංශෝධනය කිරීමේ දී මෙතෙක් කල් අනුගමනය කරන ලද ක‍්‍රියා මාගයන්ට සම්පූණයෙන්ම වෙනස් ආකාරයට කඩිමුඩියේ මෙම කෙටුම්පත සඳහා වෘත්තීය සමිතිවල අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.

යෝජිත කෙටුම්පතින් ලංකාවේ වැඩකරණ ජනතාව ශත වර්ෂයකට ආසන්න කාලයක් පුරා ජීවිත, ලේ, දහදිය කැපකර දිනා ගත්තා වූ අයිතිවාසිකම් බහුතරයක් අහෝසි කෙරේ. මෙමගින් පහත සඳහන් පනත් අහෝසි කිරීමට යෝජනා කර ඇත.

  1. 1954 අංක 32 දරණ සාප්පු හා කාර්යාල පනත
  2. 1941 අංක 27 දරණ පඩිපාලක සභා ආඥා පනත
  3. 1956 අංක 47 දරණ කාන්තාවන් තරුණයන් සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත
  4. 1939 අංක 32 දරණ ප‍්‍රසූතිකාධාර ආඥාපනත.

යෝජිත සමහර සංශෝධනවලින් ඉදිරියටත් ක‍්‍රියාත්මක වනවා යැයි කියන පනත්වල ඇති නීති සම්බන්ධයෙන්ද දැඩි අවුල් සහගත තත්වයක් ඇති වී තිබේ.

මෙසේ යෝජිත නව සංශෝධන නිසා සේවකයන්ට අහිමිවන අයිතිවාසිකම් කිහිපයක් පහතින් දක්වමු.

1.කාන්තාවන්ගෙන් කොන්දේසි විරහිතව රාත‍්‍රි වැඩ ගැනීමට ඉඩ කඩ සලසා ඇත.
2. සේවකයන් ඕනෑම මොහොතක රැුකියාවෙන් ඉවත් කිරීමට හාම්පුතාට ඉඩ දී ඇත.
3. සති අන්ත නිවාඩුවලට වැටුප් ගෙවනු නොලැබේ.
4. අතිකාල නොමැතිව දිනකට පැය 12 ක් අනිවාර්යයෙන්ම වැඩ කිරීමට සිදු වේ. සේවය කරන පරිශ‍්‍රයේම නැවති සිටින අය පැය 14 ක් වැඩ කළ යුතුය.
5. සති අන්ත නිවාඩුවක් නොමැතිව දිගටම වැඩ කිරීමට සිදුවනු ඇත.
6. දැනට පැයට පැය 2 ක් හෝ 3 ක් ලෙස ගෙවන අතිකාල ගෙවීම් පැයට පැය 1 1/2 දක්වා අඩු වේ.
7. ස්ථිර සේවකයන් වෙනුවට මෑන්පවර් සේවකයන් යෙදවීමට පාලකයන්ට ඉඩ සලසන නිසා ඉදිරියේ දී ස්ථිර රැුකියා අහෝසි වනු ඇත.
8. මෑන්පවර් හෝ කොන්ත‍්‍රාත් සේවකයන්ගේ රැුකියා කිසි දා ස්ථිර නොවනු ඇත.
9. විදුලිය ඇනහිටීම, අමු ද්‍රව්‍ය නොමැති වීම ආදි කරුණු නිසා වැඩ නැති වුවහොත් වැටුප් ගෙවනු නොලැබේ.
10.හාම්පුතාට අවශ්‍ය ඕනෑම කොන්දේසියක් සේවකයාට ලබා දෙන සේවා ගිවිසුමට ඇතුළු කළ හැක.
11. රටේ අනෙකුත් නීතිවලට වඩා සේවකයාට ලබා දෙන සේවා ගිවිසුම බලවත් කර ඇත.
12. කළමණාකරුවන්ට සහ ඇමතිවරයා නියම කරන ශ්‍රේණිවල අයට අතිකාල ගෙවනු නොලැබේ.
13. පොහොය දිනක වැඩ කළහොත් ලැබෙන්නේ අමතර දින 1/2 ක වැටුපක් පමණි.
14. භාවිතා නොකරන අසනීප නිවාඩු ඉදිරි වසරට ගෙන යා නොහැක.
15. දැනට සේවකයින්ට වැටුප් සහ අනෙක් අයිතිවාසිකම් ලැබෙන්නේ සාමුහික ගිවිසුමකින් නම් එම ගිවිසුම් අවසන් වී වසරකට පසුව ඉහත සඳහන් නව නීති බලාත්මක වේ.
16. පුහුණුවන්නන්ට තම පුහුණුව අවසානයේ රැුකියාව ස්ථිර කරන බවට තහවුරුවක් නැත.
17. ආයතනයක දුක් ගැනවිලි ක‍්‍රමවේදය අවසන් වන තෙක් කම්කරු දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ නොහැක.

මෙම යෝජනා ක‍්‍රියාත්මක වුවහොත් රටේ වැඩකරණ ජනතාවගේ දෛනික ආදායම විශාල වශයෙන් පහත යාම නිසා එදිනෙදා වියදම් පියවා ගැනීම බරපතල ප‍්‍රශ්ණයක් වනු ඇත. ඔවුන්ගේ පවුල්වල ස්ථාවරත්වය නැතිවනු ඇත. එමනිසා මෙම සංශෝධන පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස කම්කරු ඇමතිවරයාට බල කරමු.

දැනුවත් වෙමුෟ වහාම ක‍්‍රියාත්මක වෙමුෟ භුක්ති විඳින අයිතිවාසිකම් රැුක ගනිිමුෟ

විරෝධතා රැුළිය සැප්තැම්බර් 22 දා උදේ 9.30 ට
නාරාහේන්පිට ශාලිකා ශාලාවේ දී

නව කම්කරු පනතට එරෙහි වෘත්තීය සමිති එකමුතුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress