එජාපයේ ජනපති අපේක්ෂකයාට විපක්ෂ නායකගෙන් චෝදනා
Posted on September 26th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

පාතාලය, දූෂණය හා කප්පම්වලින් තොර සමාජයක් බිහි කිරීම තම ප්‍රමුඛ අභිප්‍රාය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ව්‍යාපාරික ජාතික සම්මේලනය අද කොළඹදී පැවති අවස්ථාවේ ඔහු මේ අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත ව්‍යාපාරික ජාතික සම්මේලනය අද පැවැත්වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර ශාන්තිකර්මවේදීන්ගේ ජාතික හමුව පැවැත්වුණේද ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress