රනිල්ගේ සොහොයුරුට අයත් TNL එකෙන් සජිත්ට ප්‍රහාරයක් – ගෝඨාට ප්‍රශංසා (Video)
Posted on October 2nd, 2019

Courtesy  Lanka Lead News

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකු වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනි සේවය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව කැළණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කාර මණ්ඩල සාමාජික ගාමිණී වියන්ගොඩ විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීම දැඩි ලෙස විවේචනයට ලක් කොට තිබේ.

බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ තිස් වසරක සාපරාධී යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ රජයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවෙකු නොව රණකාමී විරවරයෙකු වන ගෝඨාභය රාජපක්ෂ මහතා බව එම නාලිකාවේ විකාශය විය.

කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු එය අමතක නොකරන බවද එහි සඳහන් වේ.

චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ උසාවි ගොස් ඇත්තේ එවන් උදාරතර රණ කාමියෙකුට විරුද්ධව බවද එහිදී ප්‍රකාශ විය.

ඉදිරිදි ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කල යුත්තේ උපන් බිම රකින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඳවුරද, එසේ නැත්තනම් මුදල් වලට යටපත් වී උපන් බිමට හතුරු වූ රාජ්‍ය නොවන සංවිධාන මුල් කර ගත් කඳවුර දැයි තීරණය කළ යුතු යැයි එහිදී සඳහන් කෙරිණි.

මෙම කරුණු TNL රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.

මෙම කරුණු TNL රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති විකාශය අතරතුර වැඩසටහනකදී විකාශය කළේය.

https://www.facebook.com/watch/?v=758726217894683

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress