වෘත්තීය ක‍්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීම.
Posted on October 2nd, 2019

ජනමාධ්‍ය නිවේදනයයි.සමස්ත ලංකා සුවසේවා සංගමය

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන ගැටළු 10ක් මුල් කරගනිමින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 60000ක් නියෝජනය කරන වෘත්තීන් 84 කට ආසන්න කාර්ය මණ්ඩල සාමාජිකයින් 2019.10.02 සහ 03 යන දිනයන්හි රටපුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන්හි ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක‍්‍රියාමාර්ග සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරන ලදි.

2018 වර්ෂයේ සිට ඉහත ගැටළු වලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය ඇමතිවරයා හා වගකිව යුතු පාර්ශවයන්ට දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරමින් අප සංගමය කටයුතු කළ අතර ඒ සදහා නිසි පිළිතුරක් නොලද බැවින් එම ඉල්ලීම් දිනා ගැනීම සදහා පසුගිය 2019.09.10 දින රටපුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනයන් තුල කාර්යය මණ්ඩල පනස්දහසකට ආසන්න පිරිසක් වෘත්තීය ක‍්‍රියාමාර්ග වල නිරත වුවද ඒ සදහා සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු නොකල අතර එම හේතුවෙන් ඉහත ගැටළු දිනාගැනීම සදහා 2019.10.02 සහ 03 යන දිනයන් හි රටපුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල හැට දහසකට ආසන්න කාර්ය මණ්ඩල සාමාජිකයින් වෘත්තීය ක‍්‍රියාමාර්ග වල නිරතවීමට තීරණය කර තිබූ අතර එම කාර්ය මණ්ඩලයට බලපාන ගැටළු සදහා විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ලේකම්තුමිය විසින් 2019.10.01 දින සවස 2.30ට අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ලිපියක් මගින් දන්වා සිටීමට අනුව අප සංගමය නියෝජිතයින් 05 දෙනෙක් සහ රජයේ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිතයෙක් ඒ සදහා සහභාගී වූ අතර එම
සාකච්ඡුාෙවි දී සෞඛ්‍ය ලේකම්තුමිය එම ගැටළු විසදාලීම සදහා එකඟත්වය පලකිරීම හේතුවෙන් 2019/10/02,03 යන දිනයන් හි ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වෘත්තීය ක‍්‍රියාමාර්ගය අත්හිටුවීමට අප සංගමය තීරණය කරන ලදි.

එබැවින් සෞඛ්‍ය ලේකම්තුමියගේ එකඟත්වය අනුව ක‍්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කලද එම ඉල්ලීම් සදහා නියමිත කාලවකවානු වලදී නොලැබෙන්නේ නම් එම ගැටළු සදහා විසඳුම් ලබාගැනීම සදහා ඉදිරියේ දී අඛණ්ඩ වෘත්තීය ක‍්‍රියාමාර්ගයන් වෙත එළඹීමට සිදුවන බවද තවදුරටත් දන්වා සිටිමු.

සතූතියි.

මෙයට,
මහින්ද ගුරුගේ,
ප‍්‍රධාන ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress