ආ දැන් අත ඔසවන්න ,පහල දමන්න ,විරුද්ධ අය ඉන්නවාද නැනේ ,ඒක සම්මතයි හා මගේ සිතේ රටේ අනාගතය ගැන කැකැරෙන අනියත භිය
Posted on October 3rd, 2019

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

අද අධික වර්ෂාපතනයක් ඇතිවුණු දිනයකි , කොළොඹ සිට බස්රථයක නැගී  මා ඇතුළු අනෙකුත් මඟින් නැග ආ බස් රථයේ ‘එෆ් එම් නාලිකාවක් උස් හඬින් දමා’ තිබ්බේය තොර තෝංචියක් නැතිව  විවධ ගීත ඇසුන අතර අප්‍රියා සහාගත අයුරින් නිවේදකයන් තමන් සාහිත්‍යය කරුණු කාරණා  හොඳින් දන්නා බව පෙන්වීමට ලෝකෙවත් නැති උදාහරණ ‘වට්ටක්කා ගෙඩියේ සිට පොල් ගෙඩිය දක්වා ගනිමින් උගත් බව පෙන්වීමට උත්සහා ගන්නා බවක් පෙනිය.  බස් රථයක අධික ඝෝෂා කාරී ශබ්ද සහිතව ගීත හෝ අනිකුත් ශබ්ද දැමීම තහනම් වුවත් ” කන උඩම ඇති ස්පිකර්” පවා නිවා දැමිමට මා ඇතුළු කිහිප දෙනෙක් නොකියා සිටියේ සමහර විට රියදුරු මහතාට ‘ නින්ද ගොස් බසය කොහේ හරි ගසකවත් හැපේදොයි යන අනියත භිය නිසාය. ඒවගේම ” කොන්දොස්තර මල්ලිගේ චුන් එකත්” එකෙන්ම කැඩීමෙන් ඒ අහිංසකයා අසන්තෝෂ වීමෙන් අප සමග ඇතිවිය හැකි ආරවුල් ගැන සිතීමත් . අතේ ඇති තුට්ටුවේ තරමට ලැබෙන ඒ.සි බස් එකේ තරමත් මෙය බැවිනි.

ඉතින් වැහි පිනි කාගෙන ඉදිරියට ඇදෙන බස් එකේ හිටි අඩියේම දමා තිබු රේඩියෝවේ ශබ්දය වැඩිවූ අතර කට ඇරෙගෙන නිදා සිටි මා  ඇතුළු කිහිප දෙනෙක් තරමක් කේන්තියෙන් නැගිට්ටේ ”ඒ පාර දාන චුන් එක මොකක්ද බැලීමටය ‘

නමුත් ඒ ”ප්‍රවෘත්ති විකාශණය ය ” කන් නෙවේ ඇස් පවා උඩ තිබු ස්පිකරය වෙත යොමුකළේ ඉදිරියෙන් අහයපත් කාලගුණය නිසා ගසක් කඩාවැටී හෝ නැත්නම් කොහේ හරි තැනකට ‘ බෝම්බයක් ගසා ඇතිදොයි යන දෛනික මරණ භියෙන් යුක්තවය. මෙම හැඟීම මා තුළ විශේෂයෙන් අවංකව ඇතිවීමට හේතුව විය හැක්කේ සිංහලයන්  පමණක් නොවේ අනෙකුත් වැසියනුත් මෙම බස් රථයේ සිටි බැවින් විය හැකිය ඒ වාගේම ඔවුන් තරුණ නිසා භිය දෙගුණ තෙගුණ වී තිබීමට හේතු වක් වී තිබිය හැක.

නමුත් කිහිපවිටක් මා අසල සිටි ටිකක් වැඩිමහළු ”අනෙකුත් කෙනාට” බලෙන් මෙන් කිහිප විටක් කථා කර බැලුවේ ඔහු කව්රුන්දැයි හඳුනා ගැනීමටත් ඇතිවන සැක, භිය සංකා දුරු කර ගැනීමටත්ය. ඔහු තරමක කාරුණික මිනිසෙකු වූ අතර ‘ මම යන්නේ මාවනැල්ලට කිවේය’.

සිංහලයන්  සැහෙන ප්‍රමාණයක් බස් රථයේ සිටියත් එකිනෙකාගේ කතා බහක් කිරීමක්වත් දක්නට නොලැබුණි. සමහර  විට සිංහලයන් වැඩියෙන් ඉන්න නිසා එක එකාගේ කරමලේ සුදු නිසා වෙන්න ඇති, නැත්නම් බස් රථයේ ඒ වෙනකොට ඇසෙන දේශපාලන හැල හැප්පීම් නිශ්ශබ්ද අසා සිටිමට ඇති අධික ආශාව නිසා විය හැකිය.  මම ඒගැන හොඳින් නොදනමි.

හදිස්සියේම ගොඨභය රාජපක්ෂ මහතාගේ  ද්විත්ව පුරවැසි භාවය ගැන එක දිගට කියාගෙන කියාගෙන ගියේය. මෙම ප්‍රවෘත්තිය හරියට අසා සිටියොත් අපහට සිතෙන්නේ ”ඔහු හොර පදිංචි කාරයෙක් සේ සලකා ඔහුට එරෙහිව හොර එන් .ජි .ඕ හා සිවිල් සංවිධාන නඩ විසින් සකස් කර ඇති බවය. අනාගතයේ යුධ අපරාධ චෝදනා එල්ලේ කිරීමේ ජාත්‍යන්තර බළල් අත් මේ පිටි පස ඇති බව  බැලු බැලමට පෙනේ. අතීතයේ සුද්දා සමග කුලියට ආ  අදත් කල්ලතොනින් ලෙස හදුන්වන පිරිස් හා හා අතීතයේ වෙළදාමට හා මෑතකදී අයි එස් අයි එස් ඉතා ක්‍රියාකාරී රටවල් වලින් පැන ආ කි දෙනෙක් මේ රටේ ඇත්තේද ? ඔවුන් ගැන සෙවීමට නඩු දැමීමට මේ රටින් පැන්නීමට කව්රුත් නැත්ද ? මට අවන්කවම සිතුවේ ‘ මුන්ට එල් ටි ටි එකට කියලා කෙලවන්ට තියලා ගොඨභය රාජපක්ෂ මහාතාට තිබ්බේ ඇමෙරිකාවට වෙලා සැප විදින්න තිබ්බා කියාය. නමුත් ඒ කාරුණික මිනිසා මේ ශ්‍රීලන්කන් කියන ගොන් ජාතිය රැකීමට ගොස් කරදර වලට ලක්වී ඇති බව සිතුනුයේය.

කවදත් සිංහල අපි ඔහුට ගරු කරන්නෙමු ඔහු අපේ වීර වරයෙකි.

ඊළඟ පුවත වුයේ හිටපු යුධ හමුදාවේ නිලධාරයෙකුගේ ජනාධිපති අපේක්ෂකත්වය ගැනය. අපි ඔහු ගැන ඇසුවේ මේ මෑත කාලයකය ඔහු හොඳ හෝ නරක පුද්ගලයෙකු විය හැකිය. අප්‍රේල් විසි එක ශාරන්ගේ බලු වික්‍රමයෙන් පසුව මතුවූ ඔහු අපි හොඳින් හඳුනා ගතිමි. ඔහුගේ පක්ෂය සැදුවෝ කවුරුන්ද කියා අපි නොදන්නා අතර රෙඩ් බානා කාලයේ පටන් රට කන එන ජි ඕ කාරයන් රාශියක් සිටි අතර , අපි හොදින් දන්නා ගරු කරන බුද්ධිමතුන් කිහිප දෙනෙක් එම රැස්වීම් මලාවේ සිට බව අපි දුටුවේය. ඔහුගේ කතාව තත් කාලින වූ අතර, නමුත් මැද භාගයේදී ‘ මම දැක්කා මේ සලියිඩ් එකේ නටබුන් තිබ්බා ඒවත් තියෙන්න ඕනේ නමුත් මේඩ් ඉන් ශ්‍රීලංකා යනුවෙන් හා දිගටම කතා කිරීමෙන් සියල්ලම චප්ප දෝරු වී ගියේයය. එතනදීම සිංහල  බෞද්ධ අපහට ඉතා සිත් රිදවීමක් ඇතිවුයේ ජාතික හැඟීම් ඇතිකිරීමට යොදාගත් එම පින්තුර අපගේ යටගියාව කියා පෑමට තිබෙන එකම සාධක බැවිනි. නටබුන් කතාව පළමු වරට අප අසා තිබෙන්නේ 1971 ජේ .වී පි කැරැල්ල සමයේය ඊට පසු දැන්ය . මම හිතන ආකාරයට ඔහු ජනප්‍රිය වීමට සිතනවානම් අනිවාර්යෙන් ජාතියෙන් ඒ ගැන සමාව බජනය කල යුතුය. ඔහු අලුත් බලබ් එකෙන් ඉල්ලනවා කියා මිනිසුන් කියයි අපි ඒ ගැන නොදනිමු.

දැන් අවසාන පුවතට හැරෙමු !

හදිස්සියේම : මෙසේ තුනක් ගැන සමාවෙන්න කරුණු තුනක් ගැන මෙසේ කියවුනේය…

”ආ දැන් අත් ඕසවන්න, පහල දමන්න ,විරුද්ධ අය ඉන්නවාද නැනේ ,ඒක සම්මතයි ” යනාදියයි.

බසයේ සිටි සමහර මිනිස්සු හිනා වුනු අතර ‘ අනෙකුත් වැසියන් මුහුණින් කිසිවක් නොකිය ඔවුන්ගේ පාර දෙපැත්තේ තිබෙන කෝවිල් හා පල්ලි දෙස බලාගෙන මොනවදෝ මුමුනමින් ගියේය බලය බෙදීම, අලුත් ව්‍යවස්ථා හා අපි ඔක්කම වැසියෝ වගේ අරුත් දෙන සටන්  පාඨ කියාගෙන කියාගෙන ගියේයය.

මගේ ඇඟින් හින් දාඩිය දැම්මේ වෙන කිසිවක් නිසා නොව තව ටික කාලෙකින් ”මේ රට”  ”මගේ මාතෘ භුමිය” අත හැර යාමට සිදුවේ යැයි සිතීමත්, මගේ අසරණ මහළු දෙමවුපියන් නෑදෑ හිත මිත්‍රාදින් අප්‍රේල් විසි එකේදී මතුවූ මරණ මංචකයට භාර දෙන්නේ කෙසේදය යැයි සිතීමත්, මෙවන් උතුම් රටක් ජිවිත පුජාවෙන්  ආරක්ෂා කල රට සම්බුදු සසුනේ චිරස්ථිතිය කුමකින් කුමක් වේදෝයි සිතමින්ය.

බස් රථයේ වායු සමනය කිරීමේ පරිපථය නිවා දැමු රියදුරු ඉතා වේගයෙන් කඩු ගන්නාවේ කන්ද තරණය කල අතර කඩුගන්නාවේ පොලිසිය ලංවෙනවිට බසය ඇතුල රත්වී ඇති බැවින් අනෙකුත්  නිදා සිටි උන්ද ඇහැරුණු අතර කව්දෝ මහනායක හිමි නමක් රටත් සම්බුද්ධ ශාසනයත් රැකීමේ අවසන් අවස්ථාව මේ බවත්  සිංහලයාට යන්ට වෙන රටක් නැති බවත් දේශනා කලයේය. ඒ අතරම අගරදු තුමාගේ පණිවිඩයක් ගිය අතර එතුමන් සදහන් කලේ ඔහුගේ නමින් හෝ ඔහු සම්බන්ද කිසිම වෙබ් තිරයක් නැති බවත් මුහුණු පොතේ ඔහුව උලුප්පා පලවෙන දැ බොරු බවය.

බස් රථයේ වායු සමනය නැවත කඩුගන්නාව නගරය අතුල්වෙනවත් සමගම ළඟ ක්‍රියාත්මක කල අතර රාජකාරියේ දී සිටි පොලිස් නිලධාරීන් දැකීමෙන් භිය තරමක් පහව ගියේ මොවුන් හා හමුදා නිලධරයන් සිටින තාක් කල් අප ආරක්‍ෂිත බව යන හැඟීම ඇතිවූ නිසාය. නමුත් අනාගතය ගැන භියෙන් කළු බණ්ඩාර දෙයියන්,සිද්ධ සුනියම්, පත්තිනි ,හෙන කඳ බිසෝ බණ්ඩාර දේවතාවිය යදිමින්, ගැටබෙ බෝ සමිදුන් වඳිමින්, දළදා වහන්සේ  සිහි කරමින් ඇවිත් මහනුවරින් බැස විගස රාත්‍රී ත්‍රි රෝද රථයක් රැගෙන ගෙදරට අවේ ඒ සිනහා මුසු මුහුණින් මග බලන් සිටින භාර්යාව ඇතුළු පවුලේ සැම දෙනා දැක ගැනීමටයි.

ගෙට ගොඩවී ආ මට සිතෙන්නේ අමාරුවෙන් පන බේරාගෙන ආ  බවක්ය. නමුත් රාත්‍රිය වෙනතුරු නින්ද නොගිය බැවින් මෙම ලිපිය ලියා තැබීමටත් එය සමාජ ගත කිරීමටත්  සිතා ගත්තේ මගේ සිතේ රටේ අනාගතය ගැන කැකැරෙන අනියත භිය දැන් අතොඕසවන්න ,පහල දමන්න ,විරුද්ධ ඉන්නවාද නැනේ , සම්මතයි යැයි කීමෙන් අවසන් නොවන බැවිනි.

ඔබ සැමට බුදුසරණයි !

සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

10/03/2019

2019 අපේ‍්‍රල් 21 වන දින ශ්‍රී ලංකාවේ කොළඹ හා ඒ අවට සිදු වූ පිපිරීම් මාලාවකින් පුද්ගලයින් 321 දෙනෙකු 

මියගොස් 500 ක් තුවාල ලැබූහ. පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ ෂැන්ග්‍රි-ලා සහ කිංස්බරි ඇතුළු හෝටල් තුනක සහ පල්ලි තුනක පිපිරීම් සිදුව ඇති බවයි.

source: https://www.thejakartapostcom

An image grab taken from a press release issued on April 23, 2019 by the Islamic State (IS) group’s propaganda agency Amaq, allegedly shows eight men it said carried out a string of deadly suicide bomb blasts on Easter Sunday in Sri Lanka, lined up at an undisclosed location. The man in the centre is believed to be Zahran Hashim, who was identified by the Sri Lankan police as the leader of the Islamist National Thowheeth Jama’ath (NTJ) group, which Colombo has blamed for the attacks. The Islamic State group claimed a series of bombings on churches and luxury hotels in Sri Lanka that killed more than 320 people on April 21, and released the photo of the men it said were behind the (AFP/ AAMAQ NEWS AGENCY )

2 Responses to “ආ දැන් අත ඔසවන්න ,පහල දමන්න ,විරුද්ධ අය ඉන්නවාද නැනේ ,ඒක සම්මතයි හා මගේ සිතේ රටේ අනාගතය ගැන කැකැරෙන අනියත භිය”

  1. Naram Says:

    Poor man, Ranil has lost his eysight too. Very few raised their hands to support the party’s commitment to change the constitution for power sharing though he claimed victory a minute later. Young pretender Sajith should note that this is nnother indication to suggest UNP still remains in the feudal mode, despite his dad’s attempt to introduce Fascist dynamism.

  2. Ratanapala Says:

    ගූඇන්පී බලල් අත්වන NGO කුක්කන්ගේ තවත් අසාර්ථක ප්‍රයත්නයක් නිශ්ප්‍රභා වෙයි!

    මේ අතර කපටි ආරක්‍ෂකයා පෙරමෙන් තම පක්‍ෂයේ පැහැදිලි පරාජය ඉදිරියේ එම පරාජයයේ කතෲත්වයට තවත් ඔලුව මනාලෙස ඉදිමූනු මැටිමොල මෝඩයෙක් ඉදිරියට දමනවා!

    කතාව හරි සරලයි! රනිල් දන්නවා මේපාර හූඇන්පිය බඩපුරා පරාද වෙනවා කියා.

    රනිල් බොරුවට ජනාධිපති අපේක්ෂකයා වන්න කඹය එක පැත්තකට ඇද්දා. ගජ මිතුරු මලික් සමරවික්‍රමත් සජිත්ගේ පැත්තට දුන්නා. රෝයල් නොවන නිසා තැනක් නැති හූඇන්පි බයියෝ ටිකත් දැන් සජිත්ගේ පැත්තේ තරඟෙට කඹය අදිනවා!

    කපටියා එක පැත්තකට අදිනවා, මෝඩයා අනිත් අතට අදිනවා, හුරේ දමනවා. අන්තිමේදී කපටියා එක පාරටම කඹය අතාරිනවා.

    මෝඩයාගේ පැල්පතක ජීවත්වන මෑණියන් සමඟ ඉදිරියට ඇවිත් කපටියා මෝඩයා ජයගත් බව තම වහලුන්ට පවසනවා. යනවද එනවද නොදන්නා වහලුන් කපටි ආරක්ෂකයාගේ අණට අත් උස්සනවා, අත් පහත දානවා! මෝඩයාට හරහට දිගට කොන්දේසි දමා බැඳතබා ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රකාශ කරනවා.

    මෝඩ සජිත් කඹ ඇදීමේ තරඟයෙන් දිනුම්. ඒත් නොවැම්බර් 16 ජනාධිපතිවරයෙන් පරාජය වෙනවා. රනිල් සුපුරුදු පරිදි විපක්ෂ නායකවරයා වෙනවා. සජිත් ඇතූලු හූඇන්පි බයියෝ ටික බලු කූඩුවට දානවා. කොලඹ හාමුලාට ඒවනවිට ගූඇන්පිය වී ඇති හූඇන්පිය අයිති වෙනවා!

    සජිත්ට මොලය කලඳක්වත් තිබුණානම් ජනාධිපතිවරනයට ඉල්ලන්නේ 2025 හේ.

    කැපුවත් කොල කියන එජාප බයියන් සහ ටොයියන් ඇටිකෙහෙල් කෑව උගුඩුවන් සේ තව ටික කලක් විඳව විඳව සුනිල් පෙරේරාගේ විකාර ජිප්සීස් සිංදු කියයි.

    මේ දුක්බර සංගීත සංදර්ශනය නොවැම්බර් 16 වනදාට අවසානවීමට නියමිතයි!

    අවුරුදු 5ක් රට කාබාසිනියා කල හූඇන්පිය ශ්‍රීලනිපය ජවිපය, ජාතිවාදී ත්‍රස්තවාදී TNA, මූලධර්මවාදී ත්‍රස්තවාදී සියලු කොටස් දේශපාලනිකව අන්ත පරාජයකට පත් කිරීමට සියලු ජාති මාමකයින් එක්සිත්ව එකමුතුව එකාමෙන් ගෝඨාභය සහ මහින්ද මැතිඳුන් ප්‍රමුඛ පොහොට්ටුව දිනවන්න!

    මාගේ මාතෘභූමියට සුභ අනාගතයක්! ඔබ සැමට ජයවේවා!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress