ජනාධිපතිවරණය මේ අවස්ථාවේ අත්හිටුවාගත යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට යාම වළක්වා ගැනීමටය.
Posted on October 3rd, 2019

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

ජනාධිපතිවරණය මේ අවස්ථාවේ අත්හිටුවාගත යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශය බෙදුම්වාදීන්ගේ ග්‍රහණයට යාම වළක්වා ගැනීමටය. 

මෛත්‍රී ජනාධිපතිගෙන් පසු ආරක්ෂක ඇමතිධූරය පාර්ලිමේන්තුවට යන බව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පැහැදිලිය. 

වර්තමාන පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ සංයුතිය බැලීමේදී ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට යාම රටේ අනාගතයට අහිතකර වේ. මේ හේතුවෙන් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අලුත් ආණ්ඩුවක් හදා ගැනීමේ අවශ්‍යතාවයක් ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුත්තේ 2020 මැද හරියේ හෙයින් 19 ව්‍යවස්ථා සංශෝධනය අනුව වසර 4 1/2 ඉකුත්වන තෙක් පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට නොහැකිය. 

වර්තමාන පාර්ලිමේන්තුව 2015 අගෝස්තු මැතිවරණයෙන් තේරිපත් වූ හෙයින් 2020 මාර්තු දක්වා විසිරවීමට ජනාධිපතිට නොහැකිය. 

මේ හේතුවෙන් 2020 මාර්තු දක්වා ආරක්ෂක අමාත්‍යාංශය හිමි ජනාධිපතිවරණය ධූරයේ තබා ගැනීම රට වෙනුවෙන් කිරීම වැදගත් වේ.

ඒ සදහා ජනාධිපතිවරයාට 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කතානායකවරයා අත්සන්කළ දිනය පදනම් කර ගනිමින් එදින සිට වසර 05 ක්‍රියාත්මකවිය යුතු නීතිමය තර්කය මත මැතිවරණ කොමිසම කැදවා ඇති ජනාධිපතිවරණය අත්හිටුවා ගැනීමට නීතිමය හැකියාවක් ඇත. 

ජනාධිපතිවරණය කැදවා ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තුව හරහා බෙදුම්වාදින් මගින් පාලනය වන ක්‍රමය පාලනය කැළ හැක්කෙ එසේය.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress