ඥානය මුල්වුණු ආර්ථිකයක් හරහා රට ඉදිරියට ගෙන යන බව ගෝඨාභය කියයි
Posted on October 3rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ඥානය මුල්වුණු ආර්ථිකයක් හරහා රට ඉදිරියට ගෙන යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඉංජිනේරුවරුන් පිරිසක් සමග ඊයේ පැවැති හමුවකදී.

ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ සම්මේලනය කොළඹදී ඊයේ පස්වරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂල ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

එහිදී විද්වතුන් රැසක් අදහස් පළ කළා.

මේ අතර, හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් ඊයේ පස්වරුවේ විජේරාම නිල නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවුණා.

වවුනියාවල මන්නාරමල මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද මෙම හමුවට එක්ව සිටියා.

විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වන බව ඔවුන් මෙහිදී ප්‍රකාශ කළ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress