පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ… දැන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 5ක් ලංකාවේ….
Posted on October 3rd, 2019

මාධ්‍ය නිවේදන – Ministry of Transport & Civil Aviation.

පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ. ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාවට  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වීමෙනි. ප්‍රාදේශීය ගුවන් තොටුපොළක් ලෙසට පැවැති යාපනය පලාලි ගුවන්තොටුපොළ කලාපීය සහ ජාත්‍යන්තර තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීම ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජූලි මස පස්වැනිදායි. එම සංවර්ධන කටයුතු මේ මස දහවැනිදා වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආශිර්වාදයෙන් ලබන 17 වැනිදා හෝ ඊට ආසන්න දිනක සිදු කිරීමට අපේක්ෂා කෙරේ

පියවර තුනකින් සංවර්ධනය කෙරෙන යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය (ICAO CODE) වන්නේ VCCJ වෙයි. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය (IATA) වන්නේ JAF වෙයි. මෙම නම් කිරීමට සමගාමීව මඩකලපුව ගුවන් තොටුපොළ මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද රත්මලාන ගුවන්තොටුපොළ කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසද නම් කෙරේ. මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය  VCCB ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය BTC ද වෙයි. කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ සංකේත අංකය  VCCC ද ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ සංකේත අංකය RML ද වෙයි. මෙම නම් කිරීමත් සමඟ ලංකාවේ දැනට ඇති ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගණන පහ දක්වා ඉහළ යයි. ඒ කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කොළඹ රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසිනි.  

3 Responses to “පලාලි ගුවන්තොටුපොළ යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලෙසට නම් කෙරේ… දැන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 5ක් ලංකාවේ….”

  1. Ratanapala Says:

    UNP promises International Airports for all major cities in Sri Lanka, towns and villages to promote tourism. Soon International tourists will land directly at Angunakolapalessa! All voters take note and vote for the UNP for this progressive action!

  2. Dilrook Says:

    No matter who wins the presidential election (Gota or Sajith), SOFA and MCC will be signed. A very unfortunate situation.

    But then the best of a bad situation is how to minimize the damage.

    Now that Palali is an international airport, the land corridor connecting logistics hubs can be between Palali and Trinco. That is the least damaging option. It does not affect Sinhala people, splitting the island and other nasty consequences.

    (Of course the best is not to sign SOFA, MCC and cancel ACSA. But that is never going to happen.)

  3. Randeniyage Says:

    @Dilrook
    There are signs that it is already signed. Both camps are pretending. Every significant incident reported indicates that, however, insignificant incidents are created to distract public. Even Mahesh could be pretending (not sure).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress