මධ්යම පලාත් සභාව වසාතිබු මාස නවයට ඉතිරිය රුපියල් කෝටි 30 යි-(ප්‍රවෘතියක්)
Posted on October 8th, 2019

ආචාර්ය සුදත් ගුණසේකර  

මේ කෝටි 30 කියන්නේ මන්ත්‍රිවරුන් සහ ඇමතිවරුන් සඳහා වියදම පමණි.පලාත් සභාව විසුරුවා ඇතත් ආණ්ඩුකාරයා මෙන්ම කාර්යාල සහ නිළධාරීන්ද තවමත් එසේම පවත්වාගෙන යයි.  එබැවින් මේ ආයතන පවත්වාගෙන යාම සහ නිලධාරින් සඳහා යන වියදම්ද මීට එකතු කළ විට තවත් අඩුමගානේ කෝටි 70 වක්වත් මේ ගානට එකතු විය යුතුය.එසේවූ විට මාස 10 ට  මේ පලාත් සභාවෙන් පමණක් දේසපාලකයින් සහ නිලධාරීන් සඳහා යන වියදම පමනක් කෝටි 100ක් වත් ඉතිරිවනු ඇත. එය වසරකට කෝටි 120 කි. මේ අනුව දිවයින පුරා ඇති පලාත් සභා නමයේම එකතුව රුපියල් කෝටි  1080 කි. දේශපාලකයින් හා නිලධාරීන් සඳහා විදේශ සන්චාර, අනවස්ය සම්මන්ත්‍රන සහ නාස්තිකිරීම් මෙන්ම හොරකම් කිරීම් ආදිය සඳහා වැයවන මුදල්ද මීට එකතු විය යුතුය. එවිට පලාත් සභා නඩත්තුව සඳහා පමණක් අඩුම ගණනේ වසකට කෝටි 5000 ක් වත් වැය වනු නොඅනුමානය.මේ සඳහා වැය වන නියම මුදල පලාත්සභා අමාත්යාන්ශයෙන් ලබාගාත් හැක.

මේ රටේ පලාත් සභා නොතිබුණානම් වසරකට මෙම කෝටි 2000 ම රටට ඉතිරිවෙයි. එක් වසරකට කෝටි 2000 ගානේ වසර 32 කක් පුරා රටට හා ජාතියට සිදුවී ඇති විනාශය කොපමණැදැයි ඔබට දැන් සිතා ගත හැක.
මීට අමතරව මෙන්ම පලාත් සභා සඳහා අලුතෙන් සාදා ඇති ගොඩනැගිලි, මිලදිගෙන ඇති යාන වාහන,  උපකරණ සහ වෙනත් කාර්යාල අවස්යතා ආදියද වෙනුවෙන් කෙරෙන වියදම්ද  මීට එකතු කළ විට අඩුගානේ වසරකට කෝටි 5000 ක් වත් ජාතික ධනය විනාශ වනු ඇත.වනු ඇත
.
පසුගිය වසර 32 ක් පුරා පක්ශ දේශපාලනය පවත්වාගෙන යාම සඳහාද, පරපුටු දේශපාලකයින්ට රැකියා සැපයීම ඔවුන්ගේ නෑදෑයින් සහ හෙන්චයින්ට  රැකියා සැපයීම සහ මැතිවරණවලදී චන්ද එකතු කිරීම හැර මේ පලාත් සභාවලින් රටට සිදුවූ සේවය කුමක්ද.
රටේ  පාලනය සම්පූර්ණයෙන්ම අවුල්කොට විනාශකිරීම, දේශපාලන අනාථයින්ට මැති ඇමතිකම් සහ ආණ්ඩුකාරකම් ලබා දී මුලු රටටම මහාබරක් හා හූනියමක් බවත බවට පත්කොට ඇති ඊටත් වඩා මේ රට කොටස්වලට කඩා විනාශකිරීමට ඉන්දියාව විසින් අප හිස මත පැටවූ මෙම හූනියම දන්වත් වහාම අහෝසි නොකරන්නේ ඇයි.
 ඇතම් පලාත් සභා විසුරුවා හැර දැනට වසර දෙකකටත් ආසන්න කාලයක් ගතව ඇත. ඒ නිසා රටේ පාලනයට වාසියක් මිස පාඩුවක් සිදුවී නොමැතිවීමම  මේ සා මහා ධනස්කන්ධයක් තව දුරටත් මාරු කටට නොයවා වහාම වසදැමිය යුතුය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress