ගුරුකන්ද විහාරය අසල බොරළු කපන්නත් උත්සාහයක්
Posted on October 10th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ආන්දෝලනයට තුඩු දුන් මුලතිව් නයාරු – ගුරුකන්ද රජමහා විහාරස්ථාන සීමාවේ බොරලූ කැපීමට පැමිණි පිරිසක් සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ලබාදී ඇති බව පවසමින් අද උදෑසන මෙම පිරිස ප්‍රදේශයට පැමිණ තිබුණා.  

කෙසේ වෙතත්, විහාරස්ථානයේ, දායක සභාවේ මැදිහත්වීමෙන් මේ පිළිබඳව පොලීසිය දැනුවත් කර තිබෙනවා.

පසුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් පැමිණ බොරලූ කැපීම නතර කරන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

පසුගියදා ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන කටයුතු සම්බන්ධයෙන් ද, අධිකරණ නියෝගයක් ලබාදුන් අතර පසුව, එම නඩු කටයුතු අවසන් කෙරුණා.

මේ අතර, මුලතිව් – කොක්කුතුඩුවායි කුරුළු අභය භූමියට හා කඩොලාන රක්ෂිතයට අයත් අක්කර 500 කට ආසන්න ප්‍රදේශයක් කිසියම් පිරිසක් විසින් ගොඩකරමින් සිටින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් විසින් බැකෝ යොදා ගනිමින් මෙලෙස රක්ෂිතය විනාශ කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

කෙසේ වෙතත්, අද එම ස්ථානයට වනජිවි නිලධාරින් ද පැමිණ සිටි අතර, ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress