සජිත් ප්‍රේමදාස ශ්‍රී මුඛය කථාවට සමාව අයදී
Posted on October 10th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළ ජනරැලි මාලාවේ පළමුවැන්න කොළඹ ගාලූ මුවදොර පිටියෙන් අද ආරම්භ වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම, එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් ද, ඊට එක්ව සිටියා.  

රැලිය ඇමතූ ජනාධිපති ධූර අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පසුගියදා ඔහු සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව සමාව අයැද සිටියා.

අමාත්‍යවරයා පසුගිය දිනෙක පැවති ජනහමුවකට එක්වෙමින් තමාගේ ශ්‍රී මුඛය යන වචනය භාවිත කළ අතර, එම ප්‍රකාශයට භික්ෂූණ් වහන්සේලා ඇතුළු දේශපාලන නියෝජිතයින් විරෝධය එල්ල කළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress