බල්ලට ගිය සුද්දගෙ නීතිය – දෙවන කොටස
Posted on October 11th, 2019

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B., Ph.D.

නීතියේ ආධිපත්‍යය යනු එන්ජිිoo කාරයින් පාවිච්චි කරණා සෙප්පඩවිජ්ජාවක් නොවේදැයි මීට පෙර ලියූ ලිපියට දෙවන කොටසක් ලියන්නට සිතුනේ පසුගිය සති කීපය තුල මතුවූ අළුත් උදාහරණ රැසක් නිසාය. හරිහමං නීති නැත්නම්, ඒවා සාධාරණ ලෙස ක්‍රියාවේ යොදවන ආයතන නැත්නම්, යුක්තිය පසිඳලීම නිසින්දමට අපක්‍ෂපාතී ලෙස සිදු නොවේනම් එවැනි රටක, සමාජයක, රූල් ඔෆ් ලෝ  ඉල්ලමින් දුවන්නේ පෙරමුණේ ඉන්නා හොර හිත් ඇති තැරැව්කාරයින්‌ය. පෑගෙන, මිරිකෙන ජනතාවට මේ රූල් ඔෆ් ලෝ කන්නට හෝ බොන්නට නොහැකිය. ඔවුන් දකින්නේ පගාවට, බලයට, ධනයට, නෑකමට, ලිංගික ආශාවට හෝ වංචාවට යටවුන දේශපාලකයින්, නිලධාරීන්, පොලිසි, නීතීඥයින්, දොස්තරලා, ග්‍රාම සේවකලා හා නඩුකාරයින්‌ය.

සමාජයේ ස්ථාවරභාවය සඳහා ඇති නීති රීති පද්ධතිය හරියට ශරීරයේ හම මෙන් සමාජය එකට බැඳ තබයි. කුලියට දේශපාලනය කරණ එන්ජිිoo මුදලාලිලා මේ හම කොනිත්තා හිල් කරන්නට හදන්නේ යම් නීතියක් අර්‍ථ නිරූපණය කිරීමට නඩුකාරයින්ට ඇති වරණය උපයෝගීකර ගෙනය. ඕනෑනම් කබරගොයා තලගොයා කිරීමට උසාවියට ඉඩ ඇත යන න්‍යාය උඩය. උදාහරණයක් වශයෙන් ඩොලර් මුදලාලි පාකියසෝති මහතා (හා එක්නැලිගොඩ නෝනා) විසින් ඥානසාර හිමියන් දිගටම හිරේ සිටීම දැකීමට ඔහුට නීතියෙන් ලබාදී ඇති අයිතිය, නොහොත් ඔහුගේ මූලික අයිතිවාසිකම, නොහොත් නීතියේ ආධිපත්‍යය ජනාධිපති සිරිසේන විසින් බකල් කලා යයි නඩුවක් ගෙනාවේය. ගෝඨාභය පුරවැසියෙක් නොවේයයි ප්‍රංශ පුරවැසි වියන්ගොඩ හා තේනුවර විසින් ගෙනාවේද මෙවැනි නීතියේ ආධිපත්‍ය කයියකි. මෙය නීතිය අවභාවිත කිරීමක් හෙවත් වෙට්ටුදමා, කකුලෙන් ඇද චන්ද දිනාගැනීමේ යුුeන්පී උපායක් ලෙස ජේවීපීකාරයින් සිතයි. මීට කලින් යුුeන්පීකාරයින් විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව ගෙනා නඩුව මෙන් මේ නඩුවේදීද කබරගොයෙක් හෝ තලගොයෙක් කිරීමට නඩුකාරයින්ට ඉඩ තිබුණි. චමල් රාජපක්‍ෂ ඇප බැන්ඳේ ඒ බය, අවදානම නිසාය. ලෝකයේ උසාවි වලට ඇත්තේ පාරිශුද්ධ දේව කාරියකි.

මෙවැනි නඩු ගෙන ඒමට ඇති අයිතිය අයුතුලෙස භාවිතා කිරීමම නීතියේ ආධිපත්‍ය කතාව කෙළසීමකි. මෙය හැඳින්‌විය හැක්කේ එන්ජිිooකාරයින්ගේ උසාවි යාමේ පිස්සුව කියාය. පොලිසියටද දැන් මේ උණ බෝවී ඇත. යම් චෝදනාවක් පොලිසියට ආ හැටියේම තහනම් නියෝග ඉල්ලා උසාවියට යාම ඔවුන්ගේ ඇඟබේරා ගැනීමේ උපක්‍රමයක් වී ඇත. හිටපු හැටියේම ජනාධිපතිවරණය නවත්‌වන්නට උසාවි ගිය පෙත්සම්කරුගේ නීතීඥයාට උසාවිය සමඟ විහිළු නොකරන ලෙස තරයේ අවවාදකලේ මේ සෙල්ලම උසාවියටද කරදරයක් වී ඇති නිසා වියයුතුය. මුළු රටම පක්‍ෂ දේශපාලනය හා එන්ජිිoo විදේශ තැරව්කාරයින් නිසා අන්දමන්දව සිටින කාලයක අතලොස්සක් පමණ පිරිසක් හෝ අ‌වංකව දේශමාමකත්‌වයෙන් කටයුතු කිරීම රටේ වාසනාවකි. උදාහරණයක් වශයෙන් ඇමෙරිකන් තානාපති කාර්‌යාලය විසින් යම් තෝරාගත් නඩුකාරයින් පිරිසක් ඇමෙරිකාවේ සංචාරයක් සඳහා සූදානම් කරද්දී එය රහසින් රෙකෝඩ්කර උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ අතට දීමට ක්‍රියාකල නඩුකාරතුමෙක් ඒ අතර සිටියේය.

ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය, දේශපාලකයා-නිලධාරියා-එන්ජිිooකාරයා, කෙතරම් දරුණු වසංගතයක් වී ඇද්ද යන්න එලිවන්නේ කෝප් කමිටුවේ රැස්වීම් දැන් මහජනයාටද විවෘත කිරීමත් සමඟය. කියුබාවේ, රුසියාවේ, චීනයේ හෝ කොරියාවේ නම් හැම කෝප් රැස්වීමකටම පසුව මොවුන්ට බුරුතුපිටින්ම වෙඩිතබා දමනවා නිසැකය. මේ නීතියේ ආධිපත්‍යය නමැති සුරංගනා කතාව කළුසුද්දන් හා සුද්දන් විසින් මහජනයා රැවටීමට පෙන්වන ඇතුලතින් කුණුවුන බිත්තරයක් නොවේද යන්න පසු ගියදා සක්සුදක්සේ පැහැදිලි විය. එන්ජිිoo කාරයින්ගේ මානව අයිතිවාසිකම් රැකෙන්නේ 2005 දී ගෝඨාභය ලබාගත් ලංකා පුරවැසිකම 2019 අගදී අහෝසි කිරීමෙන්‌ය. ඇමෙරිකාණු පුරවැසිභාවය ලබාගැනීමේදී යම් බොරු තොරතුරක් දුන්නොත් අවුරුදු 90 කට පසුව හෝ එය එලිදරව් වුනොත් ඒ පුද්ගලයා රටින් පිටුවහල් කරනු ලැබේ. නීතියේ අධිපත්‍යය කියන්නේ එයටය.

අල්ලස් කොමසාරිස්ට (ඉයන් වික්‍රමනායක?) විරුද්ධව ඔහු විසින් අල්ලසක් ගැනීම ගැන පරීක්‍ෂණයක් 1960 ගණන්වල සිදුවුනා මට මතකය. නමුත් නොබෝදා එලිදරව්වූ  දිල්‍ර‌ැක්‍ෂි මැතිණිය ඇවන්ගාඩ් හිමිකරු සේනාධිපති මහතාට කිව් කතාව නීතියේ ආධිපත්‍යය බල්ලට ගිය රටක් වශයෙන් ගිනස් වාර්තාවක් වෙනවා නිසැකය. ඉන් පසුව, සොලිසිටර් ජෙනරාල්ව සිටි සුහද ගම්ලත් මහතා විසින් කල ප්‍රකාශය නිතියේ ආධිපත්‍යයට ගැසූ බෝම්බ ප්‍රහාරයක් වන්නේ අධිකරණ ඇමතිනි තලතා කල ප්‍රකාශය නිසාය. ආණ්ඩුවේ දූෂණ එලිකරන අය රැකගැනීමේ (විසිල්බ්ලෝවර්ස්) නීතිය සැදුවේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා විසින් 1862 දීය. මේ නීතිය නිසා දැන් 2019 අග වනවිට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද අමාරුවේ වැටී සිටී.  නමුත් ලංකාවේ තලතා නෝනා කියන්නේ ගම්ලත් කලේ වරදක් නිසා ඔහු රක්‍ෂාවෙන් අස්කල යුතු යනුය. ගම්ලත් විසින් ඇයට කල තර්‍ජනය නම් තවත් රහස් තොරතුරු එලිකරන්නට ඔහු සූදානම් බවය. ලංකාවාසීන් නොදන්නා කරුණක් නම් ඇමෙරිකාවේ මෙම නීතිය ක්‍රියාවේ යෙදෙවීම භාරව සිටියේ ක‌ර්‌නල් ඕල්කොට් යන්නය.

ඇමෙරිකාවේ, ජපානයේ, යුරෝපයේ හා ඉන්දියාවේ පවා සිදුවන්නේ දිල්‍ර‌ැක්‍ෂි හා ගම්ලත් විසින් එලිදරව් කල දේශපාලකයින් ඇමතිකම් වලින් නෙරපා දඬුවම් ලබාදීමය. ගම්ලත්ගේ එලිදරව්ව අනුව හරිනම් චම්පිකගේ ජාතික හෙල උරුමය පක්‍ෂය විසුරුවා හැරිය යුතුය. නීතියේ ආධිපත්‍යය කියන්නේ එයටය. ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුවේ අතිමහත් බහුතරයකගේ දීන හැසිරීම නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඥානසාර හාමුදුරුවන්ව කූට ආකාරයට හිරේ දැම්මා යන නිගමනය තහවුරු කරන්නේය. විදේශ කටයුතු අමාත්‍යංශයද මෙවැනි කළුසුද්දන්ගේ බලකොටුවකි.

නඩුකාරයින් විසින් නඩු පොතෙන් ඔබ්බට ගොස් සෙසු සමාජීය සාධකද තම තීරණ දීමේදී සලකා බැලිය යුතු බව 1954 දී ඇමෙරිකන් සුප්‍රිම් උසාවිය තීරණය කලේය. උදාහරණයක් වශයෙන් ගුරුකන්ද විහාරයේ හාමුදුරුවන්ව පන්සල් භූමියේ ආදාහන නොකරන්නට දෙමළ මහේස්ත්‍රාත් තීරණයක් දුන්නේ ඔහු නීති පොතට පමණක් සීමාවූ පොතේ ගුරෙක් වුන නිසාය. පන්සලේ ඉතිහාසය දැන සිටියා නම් ඔහුට විග්නේශ්වරන්ගේ තවත් ගෝලයෙක් වීමට සිදු නොවේ.  නීතිය හදනවා, නීතිය නවනවා යන කියමනේ නියම තේරුම දේශපාලකයාට කඩේයාම නොව නීතිය රේල් පාරෙන් මහපාරට ගැනීමය.

අයෝධ්‍යාවේ රාමා දේවාලය උඩ 1528-1668 කාලයේදී බැබ්‍රි මස්‌ජිඩ් නමින් ඉස්ලාම් පල්ලියක් ඉදිවිය. මේ බිම හාරද්දී අන්තිමට එලිවුනේ මේ දෙකටම යටින් එහි තිබී ඇත්තේ බෞධ විහාරයක නටබුන් බවය. පොලොන්නරුවේ ශිව දේවාලය යට තිබුනේද පන්සල් හා විහාර නටබුන්‌ය. මක්කම හතරැස් ගල යට තිබිය හැක්කේ බෞද්ධ නටබුන් යයි මතයක් ගොඩනැඟී ඇත්තේ (ඒ ඩී ටී ඊ පෙරේරා, ආදි අරාබියේ හා ඊශ්‍රායලයේ බුද්ධාගම, 2013, මොරටුව) සුනාපරන්තයේ පුන්න තෙරුන්, තපස්සු-බල්ලික වෙළඳ දෙබෑයන් පිළිඹද විස්තර හා අරාබියේ බෞද්ධ නටබුන් සොයා ගැනීමත් නිසාය. මක්කම හෝ අරාබියේ මෙන් නොව ලංකාවේ උතුර-නැඟෙනහිර පුරා වස්තුවලට (දෙවනගල, කුරගල මෙන්ම) විග්නේෂ්වරන්ලා නඩු දමන්නේ නීතියේ ආධිපත්‍යය නම් ත‌ර්‌කයක් ඉදිරියට දමාය. ශිවාජිලිංගම් ජනාධිපති චන්දය ඉල්ලන්නේ දෙමළ නිජ භූමියට ඥානසාර හිමියන් උසාවිය තීරණය නොසලකා ඒම යහපාලනයට පටහැනි යයි කියමින්‌ය.

රනිල්ගේ යහපාලනය, ලිච්චවි ක්‍රමය, දශරාජ ධ‌ර්‌මය, චන්ද්‍රිකා නෝනාගේ නිර්‍වස්ත්‍රම් පරමං සුඛම්, බුදුන්ගේ රස්තියාදුව හෝ සජිත් ප්‍රේමදාසගේ ශ්‍රී මුඛය යනු නීතියේ ආධිපත්‍ය නාමයෙන්, මූලික අයිතිවාසිකම් යටතේ කරණ කියන දේය. මේ කළුසුද්දන් විසින් සුද්දන් විසින් දුන් නීතිය පවා කණපිට පෙරලවා ගෙන පිනුම් ගසමින් සිටී. නීතියේ ආධිපත්‍යයේ හරය ගැන ලෝකයට kiyaa ðunnee ඉංග්‍රීසිකාරයා නොව ක්‍රිස්තු පූර්‍ව හයවන සියවසේදී බුදුරජාණන් වහන්සේය. පසේනදි කොසොල් රජතුමා දුටු සීන දාසැය දැන් ලංකාවේ සැබෑවෙලා යයි කියන්නේ මේ නිසාය. අද ඇති දුෂ්ඨ ත්‍රිකෝණය වෙනුවට ලංකාවේ පැවතියේ ගම-වැව-දාගැබ යන ශිෂ්ටාචාර ත්‍රිකෝණයය. හිරි ඔත්තප්පයෙන් පිරි සමාජයක්‌ය. පස් දෙනෙක් එකඟතාවයකට ආ විට දෙවියන් එතනය යන ගාන්‌ධිගේ පංචයාත් සංකල්පයද එයමය. හොබ්ස්, ලොක්, හා රූසෝ ගැන කතාකරණ, නන් මැජෝරිටේරියන් පාලන විසඳුම් යෝජනා කර රටවල් එකින් එක විනාශකරණ යුරෝපීය මහාචාර්යවරු ලංකාවේ ගම් සභා ත්‍රිත්‌වය හෝ පංචයාත් සභා ක්‍රමය ගැන ලියන්නේ නැත.

මාක්ස්වාදය මෙන්ම අසාර්‍ථකවෙමින් පවතින, මිනිසා විසින් මිනිසා සූරාගෙන කෑම නමැති ධනවාදයට මුක්කු ගසන බොරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ පිරුවටය ලෙස ඉස්සරහට දාන්නේ නීතියට හැමදෙනාම යටත්‌ය යන කරඬුවය. මුහුදේ උඩපාවෙන අයිස් මුදුනේ යටින් ඇති අයිස් කන්ද මෙන් මේ කරඬුව යට ඇත්තේ දුෂ්ටකම, අයුක්තිය, දූෂණ, හොරකම, මැරබලය යනාදී ලෝභ, ද්වේශ, මෝහයෙන් පිරි පංචස්කන්‌ධ වල ක්‍රියාවලීන් නොවේදැයි රටවැසියා අවබෝධ කරගතයුතු කාලය පැමිණ තිබේ. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී කරණ ලද වැරදි ක්‍රියා බොහෝය. ðænagena hoo noðænaගෝඨාභයද ඒවාට හවුල්වී ඇත. එහෙත් ජනාධිපති අපේක්‍ෂකයා වනතුරුම ඔහුට විරුද්ධව නඩුවක් වශයෙන් ස්මාරකයක් සැදීමේදී කල රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ නඩුව ප්‍රමාදවීම හා එය දැන් විභාගයට ගැනීම නීතියේ ආධිපත්‍යයක් නොවේ. මෙය බරපතල ස්ත්‍රී දූෂණ හෝ මිනීමැරුම් නඩුවක් නොවේ. මෙම නඩුව චන්දය අවසාන වනතුරු කල්නොදැමීම එය අසන නඩුකාරයින් තිදෙනා විසින් නීතියේ ආධිපත්‍යයට කරන ලොකුම හානිය වන්නේය

රූල් ඔෆ් ලෝ, බලතල බෙදීමේ න්‍යාය, ස්වාධීන අධිකරණය, ස්වාධීන රාජ්‍ය සේවය යන මේ සියල්ල රජාගෙන් මහජනයාට බලය මාරුවීමේ ඉතිහාසයේ සංකල්පය. ලංකාවේ පැවති ගම-වැව-දාගැබ ත්‍රිත්‌වය, රජු-සංඝයාවහන්සේ-ජනතාව යනුවෙන් ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක විය. රජු මහාසම්මත රජෙක් විය යුතුවිය (බල පිරමිඩය සහ ධර්‌ම චක්‍රය, ඒ ටී ආරියරත්න, 1988, 114 පිටුව). මොන්ටෙස්කි විසින් කියූ බලතල බෙදීමේ න්‍යාය දැන් 2019 ඔක්තෝබර් වනවිට ඇමෙරිකාවේ ජනාධිපති හා ව්‍යවස්ථාදායක සභාව අතර අර්බුදයක් බවට පත්‌වී ඇත. මීට හේතුව මේ පංචස්කන්‌ධ ලොභ-ද්වේශ-මෝහයෙන් පිරී සිටීම පමණක් නොවේ. ආණ්ඩු බලතල වර්‌ග තුන ඉරක් ගැසුවා සේ බෙදන්නට මොන්ටෙස්කි කියා සිටියේ නැත. ඔහුගේ අදහසවූයේ ආණ්ඩු බලය හැකිතරම් කුඩා ඒකක විශාල sákhyaavakata විසුරුවා හැරීමය. මෙම නූතන විග්‍රහය හැඳින්‌වුනේ මොන්ටෙස්කි ඔළුවෙන් හිටගන්නවා යනුවෙනි. ලංකාවේ ගම් සභා සංකල්පය එවැන්නකි. ඇමෙරිකාවේ පහල උසාවිවල නඩුකාරයින් අවුරුදු කීපයකට සැරයක් මහජන චන්දයෙන් පත්‌වෙන්නේද මේ අනුවය. ඔවුන්ට නැවත චන්දය ඉල්ලීමටද පුළුවන. එය ලංකාවේ අනුගමනය නොකලත් ඓතිහාසිකව ගම් සභාවට යම්   අර්‌ධ අධිකරණ බලතල තිබුණේය (යමෙකුට මරණ දඩුවම දියහැකිවූයේ රජුට පමණය).

ලංකාවේ පාර්ලිමේන්තුව නුසුදුස්සගෙන් පිරී ඇත. ඔවුන්ට තේරෙන නීතියක් නැත. බලයේ ඉන්නා අතලොස්ස තමන්ට ඕනෑ දේවල් සම්මත කර ගනී. මේවා වංචනික ලෙසද කර ගනී. අල්ලස් වශයෙන් කාර් පර්මිට්, දීමනා, අරමුදල් ලබා දෙමින් රටම රවටා මන්ත්‍රී චන්ද සපයා ගනී. දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීන්ට දෙන්නේ රටකඩන, රටකන ගනයේ අල්ලස්‌ය. විධායකය ඊට දෙවෙනි නැත. 17 හා 19 සංශොධන වලින් ඇතිකල ස්වාධීන කොම්ෂම් විහිළුවක් වූයේ ඒවාට පත්කලේ තමන්ගේ හෙංචයියලා වීම නිසාය. ලංකාවේ ජනාධිපතිවරු ලංකාව අනාථකලේය. පුද්ගලික ආත්මාර්‌ථකාමී හැසිරීම් නොතිබුණේ විජේතුංග ජනාධිපතිට පමණක් යයි කිව හැකිය.

අධිකරණ අංශය තරම් ලෙඩෙක් තවත් නැත. අධිකරණයට අපහාසකලා යන කඩුව ඉදිරියේ මහජනයා අසරණව සිටී. අධිකරණ ක්‍රමයට උදව්කිරීමට ඇමෙරිකන් ඩොලර් ලබාදීම සැකයට හේතුවක්‌වී තිබේ. ඊට හේතුව යම් රටක යුදහමුදා නිලධාරීන් හා නඩුකාරයින් බා ගැනීමද රටවල් සියුම් ලෙස පාලනයකිරීමේ උපක්‍රමයක් වන නිසාය. චීනයෙන් ඒ කාලයේ ප්‍රේමදාස මහතා ලබාගත්තේ කොලපාට ටෙලිෆෝන් සහිත උසාවි ගොඩනැගිල්ලක් පමණය.

මේ සියල්ල ගැන සිතනවිට රටට ඉතුරුව ඇති එකම දේ නම් රටේ භික්‍ෂූන් එක්සත්‌ව, අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන ගෝඨාභය රාජපක්‍ෂ බලයට ගෙන ඒම හා ඔහු හරහා පරණ සෙල්ලම් නැවත කිරීමට සිතා සිටින කොටස් දමණය කිරීමට දිනපතාම සුදානමින් සිටීමය. ලංකාවේ පමණක් නොව ලෝකයේම ආදර්‍ශමත් නායකයෙක් වීමට තමන්ට තිබූ අනගි අවස්ථාව මහින්ද රාජපක්‍ෂ මහතා අහිමිකරගත්තේ අ‌වංක අධාරකරුවන් වෙනුවට හොරුන් ලංකර ගැනීම නිසාය. ඉතාමත් කලාතුරකින් යමෙකුට ලැබෙන මෙම දෙවන අවස්ථාවේදී රටේ උගතුන්ට, බුද්ධිමතුන්ට නිසි තැන දීමේ ගෝඨාභය ව්‍යාපාරයට mahinða විසින් paraNa දේශපාලනය නොææඳිය යුතුය.

ශිරාණි බණ්ඩාරනායක මැතිණිය විසින් ලියූ උත්තරීතර දෝෂාභියෝගයේ ඇතුලාන්තය (2019 සැප්තැම්බර්) නම් පොත ගැන අශාන් නානායක්කාර (කලම්බු ටෙලිග්‍රාෆ්, ඔක්තෝබර් 7) විසින් ලියූ විග්‍රහයේ ලෝභ-දෝෂ-මෝහයෙන් අවසානවන කර්‍ම විපාක (කල කල දේ පල පල දේ) සටහන් කර ඇත. ඇය තම කතාව 2012 න් ආරම්භ කරන්නේ ඇයි? 2012 ට පෙර කතාව සඟවන්නේ ඇයි? මේ අශාන් අසන ප්‍රශ්ණයි. කොටින්ම කියනවා නම් ශිරානිගේ පැණිවරකා ගහට හෙන වැදුනේ කෙසේද? මහින්ද රාජපක්‍ෂ මහතා 2005 දී දිනුවේ ඉතාමත් ස්වල්ප (ලක්‍ෂ එකහමාරටත් අඩු) චන්ද සංඛ්‍යාවකිනි. සියළු විදේශ බලවේග ඔහුට විරුද්ධව ඩොලර් බෙදුවේය. කොළඹ සරසවියේ ආර්ථික විද්‍යාව ඉගැන්‌වූ ලලිතසිරි ගුණරුවන් රට-ජාතිය-ආගම වෙනුවෙන් මහින්ද චින්තන ප්‍රකාශනය ලිවීමේ සිටම මහින්ද බලවේගය පිටුපස සිටියේය. චම්පික රණවක බැරිමතැන හැමදේම පාවාදී දේවදත්ත සමඟ එක්‌විය. රතන හාමුදුරුවන් anþimeeðii ඒ පවට නොගෑවී ගැලවුනේය. රටට සේවය කල හැකිදැයි සිතා 2011 දී මා ලංකාවට ගියවිට ලලිතසිරි මගෙන් ඇසුවේ ලංකාවට ආවේ මට පිස්සුද කියාය. ඒ වනවිට ඔහු තුල තිබූ කල කිරීම මාස හයක් තුල මටද තහවුරුවී ආපසු ඇමෙරිකාවට ආවේය. ලලිතසිරි වැනි අය දහස් ගණනින් ලංකාවේ සිටී. මේ අය වියත් මඟට හෝ එලියට හෝ නොeනවා වියහැකිය. නමුත් ඔවුන් තම වැඩසටහනට සහභාගී කරගැනීම ගෝඨාගේ යහපතට හේතුවනු නිසැකය.

අ‌වංකව දේශපාලනයට ආ නාගානන්ද කොඩිතුවක්කු නඩුකාරයින්ගේ රැවටීමට අසුවීම නිසා දඬුවමකට අසුවිය. දැන් දෙවන වරට ඔක්කොම වැසියෝ පක්‍ෂයේ අයිතිකාරයා ඔහුව රැවටුවේය. බොදු බල සේනාව අන්තවාදීයයි පාර්ලිමේන්තු පාස්කු කාරක සභාව වාර්‌තා කලොත් ඊට විරුද්ධව නැගීසිටිය යුතුය. කිසිම සුළු ජන වර්‍ගයකට හිංසා කිරීමක් බොදු බල සේනාව විසින් කර නැත. මේ ගැන කොමිෂමක් පත්කරන්නට දේශපාලකයින් කැමති නැත්තේ ඒ නිසාය. හින්දු මිනිසුන් හා විග්නේෂ්වරන්ලා, සුමන්තිරන්ලා අතර ඇති වෙනස නාගානන්දත් ඥානසාර හිමියනුත් රටට පෙන්වා දී ඇත. ඉදිරියේදී නාගානන්ද හා බොදු බල සේනාව එකතුව ගෝඨාභයගේ ආශිර්‍වාදය ඇතිව හෝ නැතිව පාර්ලිමේන්තු චන්දය සඳහා අපේක්‍ෂකයින් ඉදිරිපත් කලයුතුයයි මම සිතමි. ලංකාවේ රේගුව, අධිකරණ ක්‍රමයට අදාල සංවිධාන වැඩපිලිවෙලකදී නාගානන්දවද සම්බන්‌ධ කරගැනීම රටේ තරුණ කොටස් වල සතුටට හේතුවනු නිසැකය.
cwije77@outlook.com

One Response to “බල්ලට ගිය සුද්දගෙ නීතිය – දෙවන කොටස”

  1. Randeniyage Says:

    Not only බල්ලට ගිය සුද්දගෙ නීතිය but also Buddha Dhamma is being used to carryout everything denounced by Lord Buddha.
    1. Huge lies in public total disregard to හිරි ඔත්තප්ප​
    2. Huge criminals visiting holy shrines and getting blessed by monks
    3. ලෝභ-දෝෂ-මෝහ promoted in public

    As a country, samyadushtika gods would run away from us to seclusion at this moment.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress