බුදුන් වහන්සේ මිනී මස් කෑ බව කී අබ්දුල් රාෂික්ගේ සහාය ගෝටාභයටද.. අතේ පත්තු කුමන්ත‍්‍රණය මෙන්න..
Posted on October 13th, 2019

ඩලස්අලහප්පෙරුම මාධ්‍යප‍්‍රකාශක ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැතිවරණ ප‍්‍රචාරණඅංශය

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ඇතැම් පුද්ගලයන් විසින් ජනාධිපතිවරණයේ ජාතික අපේක්‍ෂකයා පිළිබ`ද සිදුකරනු ලබන ප‍්‍රකාශ පාදකකොට ගනිමින් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අදීන පෞරුෂය සහ දේශජ ප‍්‍රතිපත්තීන් පිළිබ`ද වැරදි අර්ථකථන ලබා දීමට ඇතැම් විසකුරු බලවේග කටයුතු කරමින් සිටින බව පෙනේ. මෙය පසමිතුරු බලවේගයන්ගේ අවසාන උත්සාහය වී ඇති බවද නිසැකය.

”ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙෂ ඉදිරිපත්වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වාසියක් ගෙන දීමේ අරමුණිනි….. බුදුරජානන්වහන්සේ පිළිබ`ද අශිෂ්ට ප‍්‍රකාශයක් සිදුකළ රාසික් නැමැත්තෙකු ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට බර තබමින් සිටී.”

උක්ත ප‍්‍රකාශ ද්විත්වයම අප විසින් දැඩිව ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ එකී අර්ථ ශූන්‍ය උත්සාහයන්ටම උරුමවූ පිළිකුලිනි.

ශිෂ්ඨ සම්පන්නබව, වගකීම් සහගත බව මෙන්ම නූතන මතවාදයන්ට මුල්තැන දෙමින් අවෛරී දේශපාලන සංස්කෘතියට නැවුම් ආකෘතියක් හ`දුන්වාදී ඇති ගෝඨාභය රාජපක්‍ෂ මැතුතුමා ප‍්‍රශ්න කළයුත්තේ ඔහුගේමතවාදයන් ප‍්‍රශ්න කිරීමෙන් විනා අශිෂ්ට මාධ්‍ය ප‍්‍රයෝග වලින් නොවන බව අපි නැවතත් අවධාරණය කරන්නෙමු.”

ඩලස්අලහප්පෙරුම
මාධ්‍යප‍්‍රකාශක
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ මැතිවරණ ප‍්‍රචාරණඅංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress