කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් ලබාදෙන බවට ජනපති අපේක්ෂක ගෝඨාභයගෙන් ප්‍රකාශයක්
Posted on October 14th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

තම රජයක් තුළ කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින්.

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ වත්මන් ආණ්ඩුව යටතේ ජනතාවට කිසිදු සහනයක් නොලැබුණු බවයි.

මේ අතර, කොළඹ ඊයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ හමුවකට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ වසර 30කට පෙර යුද්ධය අවසන් කිරීමට නොහැකි වූයේ එම කාලයේ රට පාලනය කළ නායකයින් නිසි වෙලාවට තීන්දු, තීරණ නොගැනීම හේතුවෙන් බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress