සජිත් ගිවිසුමකට බැදී ඇති බවට, විපක්ෂයෙන් හෙළිදරව්වක්
Posted on October 14th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ලබාදෙන පොරොන්දු ඉටු කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් වන ප්‍රගති සමාලෝචන රැස්වීමක් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා.

මේ අතර, ජනාධිපති අපේක්ෂක – අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහට ලබාදෙන බවට ගිවිසුමකින් අත්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහනුවර අද පැවති ජන හමුවකට එක්වෙමින් කියා සිටියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress