ඇමති හකීම් අත්අඩංගුවට ගන්නයි පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
Posted on October 18th, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අමාත්‍ය රවුෆ් හකීම් මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් පුරවැසියන් පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා

ඒ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවන අමාත්‍ය රවුෆ් හකීම් මහතා සහ අප්‍රේල් 21 ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් නැමැත්තා අතර සිදු වූ සාකච්ඡාවක් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කරමින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිෆ්ලාන් මව්ලවිතුමන් සහ රිෂාම් මරුස් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අනතුරුව ඔවුන් එම ස්ථානයේදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවකද නිරත වුණා.

කෙසේ වෙතත් අදාළ පිරිස පැමිණිලි ඉදිරිපත් කර යළි නිවසට පැමිණෙන අවස්ථාවේ මිෆ්ලාන් මවුලවිතුමන්ගේ මාලිගාවත්තේ පිහිටි නිවස මාලිගාවත්ත<br />පොලිසිය විසින් සෝදිසියට ලක්කර තිබුණා.

ඒ, අදාළ මවුලවිවරයාගේ නිවසේ පත්‍රිකා තොගයක් ඇති බවට ලද තොරතුරක් අනුවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress